Search Header Logo
commerce grade 10 paper 2

commerce grade 10 paper 2

Assessment

Presentation

History

10th Grade

Practice Problem

Medium

Created by

Nandana Wijesuriya

Used 5+ times

FREE Resource

1 Slide • 21 Questions

1

By Nandana Wijesuriya

media

WELCOME TO COMMERCE ONLINE PAPER 2
BY NANDANA WIJESURIYA

2

Fill in the Blanks

නිරූපිකා නිවාස සැලසුම් ශිල්පය සම්බන්ධ පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන ඇත. ලංකාවෙන් දැනුම අත්දැකීම් ලබාගෙන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු යැයි සිතූ නගරයේ කාමරයක් මිලදීගෙන "නිරූපිකා සැලසුම් ශිල්පයේ" නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.


මෙහි සිද්ධියේ සඳහන් "නිරූපිකා සැලසුම් ශිල්පයේ" ව්‍යාපාරය සපුරාලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාව කුමක්ද?

(1) ආහාර

(2) ඇඳුම්

(3) නිවාස

(4) ආරක්ෂාව

3

Fill in the Blanks

ව්‍යාපාරික පරිමානය අනුව වර්ග කිරීමේදී යොදා ගනු ලබන නිර්ණායකයක් නොවන්නේ ?

(1) ව්‍යාපාරයේ ප්‍රාග්දන ප්‍රමානය

(2) සේවක සංඛ්‍යාව

(3) භාවිතා කරන බලශක්ති ප්‍රමාණය

(4) සේවක කැපවීම

4

Fill in the Blanks

වගකීම තමා මිලිදීගත් කොටස් වලට පමනක් සීමාවන ව්‍යාපාර සංවිධානය වන්නේ,

(1) තනි ව්‍යාපාර

(2) හවුල් ව්‍යාපාර

(3) සංස්ථාපිත සමාගම්

(4) සමුපකාර

5

Fill in the Blanks

හවුල් ව්‍යාපාරයක සිටින අවම හා උපරිම සාමජික සංඛ්‍යාව සඳහන් වන පනත කුමක්ද?

(1) 1918 අංක 6 දරණ ව්‍යාපාර නාම පනත

(2) 2007 අංක 7 දරණ සමාගම් පනත

(3) 1840 වංචා වැලක්වීමේ ආඥා පනත

(4) 1972 සමුපකාර පනත

6

Fill in the Blanks

නිරූපිකා නිවාස සැලසුම් ශිල්පය සම්බන්ධ පාඨමාලාවක් හදාරා ඒ පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබාගෙන ඇත. ලංකාවෙන් දැනුම අත්දැකීම් ලබාගෙන ව්‍යාපාරයක් ආරම්භ කළ යුතු යැයි සිතූ නගරයේ කාමරයක් මිලදීගෙන "නිරූපිකා සැලසුම් ශිල්පයේ" නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී.

ඉහත සිද්ධියේ සඳහන් ව්‍යාපාරයේ ශක්තියක් වන්නේ,

(1) ව්‍යාපාරය නගරයේ පිහිටා තිබීම

(2) ව්‍යාපාරයට අදාළ ඉල්ලුමක් පැවතීම

(3) නගරය තුළ වෙනත් තරඟකාරී ව්‍යාපාර පැවතීම

(4) නිරූපිකා සැලසුම් පාඨමාලාවක් හදාරා පුහුණුවක් ලබා තිබීම

7

Fill in the Blanks

සමුපකාර ව්‍යාපාරවල දැකිය හැකි සුවිශේෂී ලක්ෂණයක් වන්නේ?

(1) ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් තිබීම

(2) අඛන්ඩ පැවත්මක් තිබීම

(3) නෛතික පුද්ගලත්වයක් තිබීම

(4) කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස් කරන හැකි වීම

8

Fill in the Blanks

පහත දක්වෙන ව්‍යාපාර අතරින් භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් නොවන්නේ,

(1) මෝටර් රථ නිෂ්පාදන ව්‍යාපාරයකි.

(2) පරිගණක නිෂ්පාදන ව්‍යාපාරයකි.

(3) සිල්ලර වෙළෙඳ ආයතනයකි.

(4) යෝගට් නිෂ්පාදන ආයතනයකි.

9

Fill in the Blanks

media image

මෙම ආයතනය නිවරදිව දක්වා ඇත්තේ?

(01) ලාභ අරමුනු කරගත් රාජ්‍ය සංස්ථාව

(02) ලාභ අරමුනු කරගත් රාජ්‍ය සමාගමකි

(03) ලාභ අරමුනු කරනොගත් රාජ්‍ය සංස්ථාව

(04)ලාභ අරමුනු කරනොගත් රාජ්‍ය දෙපාර්තමේන්තුව

10

Fill in the Blanks

ලාභ අපේක්ෂිත ව්‍යාපාරවල පොදුවේ දැකිය නොහැකි අරමුණක් වන්නේ,

(1) ලාභ ඉපැයීම

(2) පාරිභෝගික තෘප්තිය ලබාදීම

(3) සමාජ සුභසාධනය

(4) රැකියා උත්පාදනය

11

Fill in the Blanks

ගෝලීය පරිසරයෙන් දේශීය ව්‍යාපාර සඳහා සිදුවන හිතකර බලපෑම කුමක්ද?

(1) වැඩි තරගකාරීත්වයකට මුහුණ දීමට සිදුවීම

(2) දේශීය පුහුණු ශ්‍රමය විදේශීය රටවලට ඇදී යාම

(3) නවීන තාක්ෂණය ලබාගත හැකි වීම

(4) දේශීය ව්‍යාපාරවල පැවැත්ම අස්ථාවර වීම

12

Fill in the Blanks

මූල්‍ය ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේදි සලකා බලන කරුණක් නොවන්නේ,

(1) ව්‍යාපාරයේ අරමුණ

(2) ව්‍යාපාරයේ පරිමාණය

(3) සේවක සංඛ්‍යා

(4) කළමනාකරණ කටයුතු සිදු කරන්නේ කවුරුන් ද යන්න ව

13

Fill in the Blanks

ව්‍යාපාරික හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය නිවැරදිව දැක්වෙන්නේ,

(1) වත්කම් - වගකීම්

(2) ආදායම් - වියදම්

(3) වත්කම් + වගකීම්

(4) ජංගම වත්කම් + ජංගම වගකීම්

14

Fill in the Blanks

ගිණුම්කරණයේ දී සැලකිල්ලට නොගන්නා ගනුදෙනුවක් විය හැක්කේ,

(1) රු. 2 500 විදුලි ගාස්තු ගෙවීම

(2) රු. 4 000 ක් වටිනා භාණ්ඩ තොගයක් ගැනීම

(3) රු. 15 000 ක බැංකු ණයට ගැනීම

(4) සේවකයන් 3 දෙනෙකු බඳවා ගැනීමට තීරණය කිරීම

15

Fill in the Blanks

ගිණුම්කරණයේ මූලික අරමුණ වන්නේ,

(1) නීතිමය අවශ්‍යතා ඉටු කිරීමට . .

(2) ව්‍යාපාරික ගනුදෙනු වාර්තා කිරීම.

(3) ගනුදෙනු ගිණුම් පොතට සටහන් කිරීම.

(4) ඇල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු සැපයීම.

16

Fill in the Blanks

පහත සඳහන් ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කරන්

අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වීම,

ව්‍යාපාරයේ පාලනයට යටත් වීම,

අ නාගතයේ දී ව්‍යාපාරයට ආර්ථික ප්‍රතිලාභ ගලා ඒම

ඉහත සඳහන් ලක්ෂණ හැකි වන්නේ,

(1) වියදම් වලට.

(2) වත්කම් වලට.

(3) ආදායම් වලට.

(4) වගකීම් වලට.

17

Fill in the Blanks

සිරිදාසගේ ව්‍යාපාරයට රු. 18 000 ක් වටිනා භාණ්ඩ තොගයක් මිලදී ගැනීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන,

(1) භාණ්ඩ තොග ගිණුම හර රු. 18 000

ණයහිමි ගිණුම බැර රු. 18 000

(2) ගැනුම් ගිණුම හර රු. 18 000

මුදල් ගිණුම බැර රු. 18 000

(3) භාණ්ඩ තොග ගිණුම හර රු. 18 000

මුදල් ගිණුම බැර රු. 18 000

(4) ගැනුම් ගිණුම හර රු. 18 000

ණයහිමි ගිණුම බැර රු. 18 000

18

Fill in the Blanks

උපුල්සිරිගේ ව්‍යාපාරයේ 2018.12.31 දිනෙන් අවසන් වර්ෂයේ තොරතුරු කිහිපයක් පහත සඳහන් වේ.

ප්‍රාග්ධනය: රු. 300 000,

වර්ෂයේ වියදම්: රු. 40 000,

අමතර ප්‍රාග්ධනය: රු. 30 000,

ගැනිලි : රු. 5 000,

වර්ෂයේ ආදායම්: රු. 70 000.

2018.12.31 දිනට උපුල්සිරිගේ හිමිකම වන්නේ,

(1) රු. 285 000

(2) රු. 290 000

(3) රු. 350 000

(4) රු. 355 000

19

Fill in the Blanks

ණයගැතියෙකුගෙන් රු. 15 000 ක චෙක්පතක් ලැබීමට අදාළ නිවැරදි ද්විත්ව සටහන වන්නේ,

(1) බැංකු ගිණුම හර රු. 15 000

ණයගැති ගිණුම බැර රු. 15 000,

(2) ණයගැති ගිණුම හර රු. 15 000

බැංකු ගිණුම බැර රු. 15 000,

(3) මුදල් ගිණුම හර රු. 15 000

ණයගැති ගිණුම බැර රු. 15 000,

(4) ණයගැති ගිණුම හර රු. 15 000

මුදල් ගිණුම බැර රු. 15 000,

20

Fill in the Blanks

සඳලිගේ ව්‍යාපාරයේ මුදල් ශේෂය රු. 75 000 කි. පසුව පහත සඳහන් ගනුදෙනු සිදු වූ අතර එම ගනුදෙනු සිදුවීමෙන් පසු මුදල් ශේෂය වන්නේ,

විදුලි ගාස්තු ගෙවීම: රු. 5 000,

සමන්ට භාණ්ඩ විකිණීම: රු. 15 000,

පොලී ආදායම් ලැබුණ: රු. 10 000,

භාණ්ඩ ගැනිලි: රු. 3 000,

(1) රු. 80 000

(2) රු. 85 000

(3) රු. 92 000

(4) රු. 95 000

21

Fill in the Blanks

X තීරුවේ මූලික සටහන් පොත් දක්වා ඇති අතර Y තීරුවේ මූල්‍ය ලේඛණ දක්වා ඇත.

1. මුදල් ගිණුම A. ජර්නල් වවුචර්

2. බැංකු ගිණුම B. විකුණුම් ඉන්වොයිසිය

3. විකුණුම් ජර්නලය C. ලදු පත

4. පොදු ජර්නලය D. තැන්පත් කිරීමේ කුවිතාන්සිය


X තීරුවේ සටහන් පොත් Y තීරුවේ මූල්‍ය ලේඛණ සමඟ අනුපිළිවෙලට ගැළපූ විට,

i. CDAB

ii. CDBA

iii. ADCB

iv. BADC

22

Fill in the Blanks

ව්‍යාපාරයකට රු.7,300,000 වටිනා ලී බඩු උපකරණ ව්‍යාපාරයේ ප්‍රයෝජනය සඳහා ණයගැනීම සටහන් කිරීමට අදාළ මූලික සටහන් පොත වන්නේ

(01) මුදල් පොත

(02) විකුණුම් ඉන්වොයිසිය

(03) ගැනුම් ඉන්වොයිසිය

(04) පොදු ජර්නලය



Type answer...

pattern-tertiary

By Nandana Wijesuriya

media

WELCOME TO COMMERCE ONLINE PAPER 2
BY NANDANA WIJESURIYA

Show answer

Auto Play

Slide 1 / 22

SLIDE