
Unit 1 - Information and Communication Technology
Authored by Dilhani Millawitiya
Computers
10th Grade
Used 7+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
25 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
"තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට” ඇතුළත් වන්නේ කුමක්ද?
මාර්ගගත ඉගෙනීම.
අධ්‍යාපන මෘදුකාංග භාවිතයෙන් ඉගෙනීම.
වෙබ් පාදක ඉගෙනීම.
ඉහත සියල්ල ම.
2.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත ප්‍රකාශ අතරින් පරිගණකය අර්ථ දැක්වීම සඳහා සුදුසුම ප්‍රකාශය තෝරන්න.
පරිගණකය යනු, තොරතුරු සැකසීමේ උපාංගයකි.
පරිගණකය යනු, ප්‍රමාණාත්මක දත්ත පමණක් සැකසීමේ, ගබඩා කිරීමේ හා ඉක්මනින් නැවත ලබා ගැනීමේ හැකියාව සහිත උපකරණයකි.
පරිගණකය යනු, ප්‍රමාණාත්මක තොරතුරු ඉතා ඉක්මනින් සැකසීමේ හා ගබඩා කිරීමේ උපකරණයකි.
පරිගණකය යනු, ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක තොරතුරු ඉක්මනින් සැකසීමේ, ගබඩා කිරීමේ හා නැවත ලබා දීමේ උපකරණයකි.
3.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත ප්‍රකාශ අතරින් තොරතුරු තාක්ෂණය පිළිබඳ "නිසි" අර්ථ දැක්වීම කුමක්ද?
තොරතුරු තාක්ෂණය යනු තොරතුරු සකස් කිරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීමයි.
තොරතුරු තාක්ෂණය යනු ප්‍රයෝජනවත් තොරතුරු සැකසීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීමයි.
තොරතුරු තාක්ෂණය යනු විවිධ වර්ගයේ තොරතුරු බෙදා හැරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීම යි.
තොරතුරු තාක්ෂණය යනු විවිධ වර්ගයේ තොරතුරු ප්‍රයෝජනවත් ලෙස සැකසීම, ගබඩා කිරීම, නැවත ලබා ගැනීම හා බෙදාහැරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීමයි.
4.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පහත ප්‍රකාශ අතරින් සාවද්‍ය වන්නේ කුමක් ද?
පරිගණකය සතු ව තිබෙන්නේ සංඛ්‍යාංක සංඥා (digital signal) සැකසීමේ හැකියාව පමණි.
දත්ත සැකසීම සඳහා ඊට සුදුසු මෘදුකාංග අවශ්‍ය කෙර්.
පරිගණකයක සතු ව සංඛ්‍යාංක සංඥා (digital signal) මෙන්ම ප්‍රතිසම සංඥා (analog signals) ද සැකසීමේ හැකියාව තිබේ.
පරිගණකය සතු ව ප්‍රමාණාත්මක (quantitative) හා ගුණාත්මක (qualitative) දත්ත සැකසීමේ හැකියාව පමණි.
5.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පරිගණකය සතු ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
පරිගණකයට ස්වායත්ත ව සිතීමේ හැකියාවක් නැත.
පරිගණකය යනු විද්‍යුත් යන්ත්‍රයකි.
පරිගණකය විසින් යම් කාර්යයක් දෝෂ රහිත ව ක්‍රියාවට නංවයි.
පරිගණකය සතු ව ඕනෑ ම කාලයක් දත්ත රඳවා ගෙන සිටීමේ හැකියාව තිබේ.
6.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පරිගණකයේ දෘඪ තැටි අකර්මන්‍යවීම්වලින් දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත සඳහන් කවරක්ද?
ගිණි පවුරක් (firewall) ස්ථාපනය කිරීම
ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම
කාලීනව උපස්ථ (backups) ලබා ගැනීම
ප්‍රබල මුරපදයක් භාවිත කිරීම
7.
MULTIPLE CHOICE QUESTION
1 min • 1 pt
පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද?
අනුකලිත පරිපථ (IC) හඳුන්වා දෙනු ලැබුයේ පළමු වන පරම්පරාවේ පරිගණකවල ය.
රික්තක නළ (vacuum tubes) හඳුන්වා දෙනු ලැබුයේ දෙවන පරම්පරාවේ පරිගණකවල ය.
ට්‍රාන්සිස්ටර් හඳුන්වා දෙනු ලැබුයේ තුන්වන පරම්පරාවේ පරිගණකවලය.
අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ (VLSI) හඳුන්වා දෙනු ලැබුයේ සිව්වන පරම්පරාවේ පරිගණකවල ය.
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Classlink

Continue with Clever
or continue with

Microsoft
%20(1).png)
Apple
Others
Already have an account?