
Networking විභාග ප්‍රශ්න 2018 -2021
Authored by Prasad Karunarathna
Education
12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
දත්ත සම්ප්‍රේෂණයෙහිදී භාවිත වන නියමු මාධ්‍ය (guided media) සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේ ද?
A - දත්ත සම්ප්‍රේෂණයට භෞතික පථයක් භාවිත වේ.
B - සංඥාව වායුගෝලය හරහා විකාශය වේ.
C - උදා: ගුවන් විදුලි තරංග
A පමණි
B සහ C පමණි
A සහ B පමණි
A, B සහ C සියල්ලම
A සහ C පමණි
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
ප්‍රතිසම (analog) සංඥා, අංකිත (digital) ලෙස නිරූපණය කිරීමට පහත කවරක් භාවිත කළ හැකි ද?
වැහැරීම (attenuation)
විකේතනය (decoding)
විකෘතිය (distortion)
ස්පන්දන කේත මූර්ඡනය (pulse code modulation)
සමමුහුර්තකරණය (synchronization)
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
ජාලයක් හරහා උපාංගවලින් දත්ත යැවීම හා ලැබීම සිදුවන විට, යවන්නාගේ අතුරු මුහුණත අනන්‍යව හඳුනා ගැනීමට හා ග්‍රාහකයාගේ අතුරුමුහුණතට නිවැරදිව දත්ත ළඟාකරවීමට නියමාවලියක් (protocol) යොදාගැනේ.
ඉහත වගන්තියේ රචකයා අදහස් කරන නියමාවලිය කුමක්ද?
FTP
HTTP
MAC
TCP
UDP
4.
MULTIPLE SELECT QUESTION
2 mins • 5 pts
පහත ඒවායින් UDP නියමාවලියෙහි ලක්ෂණ වන්නේ මොනවාද?
ඉහළ විශ්වාසනීයත්වයක් සහ සම්ප්‍රේෂණ කාලය එතරම් වැදගත් නොවන යෙදුම් සඳහා ඉතා යෝග්‍ය වේ.
වේගවත් සහ අඩු සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වේ.
කිසිදු පොදියක් (packet) නැති නොවන බවට සහතික වේ.
පොදි අනුපිළිවෙළට නොලැබීමට ඉඩ ඇත.
අන්තර්ජාලය හරහා කටහඬ සන්නිවේදනයට භාවිත වේ.
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
සේවායෝජක - සේවාදායක (Client-Server) ආකෘතියේ භාවිතය සඳහා උදාහරණ වන්නේ මොනවාද?
A - තම පරිගණකයට සම්බන්ධ කර ඇති මුද්‍රකයක් මගින් පරිශීලකයකු ලේඛනයක් මුද්‍රණය කිරීම
B - බැංකු ගනුදෙනුකරුවකු වෙබ් අතරික්සුවක් හරහා මාර්ගගත බැංකු සේවාවන් වෙත පිවිසීම
C - සාප්පුවක මුදල් අයකැමි (cashier) විසින් ණයපත් මගින් කරන ගෙවීම් භාරගැනීම
A පමණි
B පමණි
C පමණි
A සහ C පමණි
B සහ C පමණි
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
HELLO යන පණිවුඩය B වෙත යැවීමට Aට අවශ්‍ය ය. එම පණිවුඩය යැවීමට පෙර එය IFMMP බවට හරවනු ලැබේ. මෙම අවස්ථාවට අදාළව පහත කවරක් නිවැරදි ද?
A - HELLO සරල පෙළ (plaintext) වන අතර IFMMP කේතික පෙළ (ciphertext) වේ.
B IFMMP යනු HELLO මත ASCII කේතය යෙද වූ විට ලැබෙන ප්‍රතිඵලයයි.
C - කේතන යතුර (encryption key) +1 වන අතර විකේතන යතුර (decryption key) -1 වේ.
A පමණි
A සහ B පමණි
A සහ C පමණි
B සහ C පමණි
A, B සහ C සියල්ලම
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
කාර්යාලයක පරිගණක කිහිපයක් ඇති විට, එම එක් එක් පරිගණකයට පෞද්ගලික IP යොමුවක් (address) දිය හැක. කාර්යාලයේ මං හසුරුවට (router)..... A ...... IP යොමුවක් ලැබෙන අතර, නියමු/නියමු නොවන මාධ්‍ය හරහා එම මං හසුරුවට සම්බන්ධ අනෙකුත් එක් එක් පරිගණකයට ,....... B....... වෙතින් .......C...... නියමාවලිය හරහා පෞද්ගලික IP යොමුවක් ලබා දේ.
A - පෞද්ගලික (private)
B - ගොනු සේවාදායකය (file server)
C - HTTP
A - පෞද්ගලික
B - අන්තර්ජාලය
C - DHCP
A - පෞද්ගලික
B - මං හසුරුව
C - FTP
A - පොදු (public)
B – ගොනු සේවාදායකය
C - FTP
A - පොදු
B - මං හසුරුව
C - DHCP
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?