wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Basic Electrical

Total questions: 25

Worksheet time: 25mins

Name
Class
Date
1.

කිලෝ වොට් පැය වලින් මනිනු ලබන්නේ

a)

විභව අන්තරය

b)

විදුලි ක්ෂමතාවය

c)

විදුලි ශක්තිය

d)

විදුලි ආරෝපණය

2.

Ferro චුම්බක හරයන්

a)

හොද පරිවරකය

b)

හොද සන්නායකය

c)

Diamagnetic මුලද්‍රව්‍ය වලට සමානය

d)

චුම්බක සමග හොදින් ආකර්ෂණය වේ

3.

පරිණාමකයක් ක්‍රියා කරන්නේ

a)

ස්වයං ප්‍රේරණය මගිනි

b)

අන්‍යෝන්‍ය ප්‍රේරණය මගිනි

c)

මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය අනුවය

d)

ලෙන්ස් නියමය අනුවය

4.

Conservator යනු

a)

පරිනාමකයේ ප්‍රධාන ටැංකිය වේ

b)

පරිනාමකය ආරක්ෂාවට යොදා ඇති උපකරණයක් වේ.

c)

පරිනාමකය භූගත කිරීමට යොදා ඇති උපකරණයක් වේ

d)

පරිනාමකයේ පරිවරණ මුලද්‍රව්‍ය වේ

5.

විදුලි පරිනාමකයක තෙල් මගින් සිදු කරන්නේ

a)

සිසිලනය සහ පරිවරනයයි

b)

සිසිලනය පමණි

c)

පරිවරණය පමණි

d)

ලිස්සා යාමට සැලසීම

6.

DC ජෙනරේටරයක නිපදවෙන විද්‍යුත්ගාමක බලය (EMF) ප්‍රත්‍යාවර්ථ නම් එය සරල ධාරාවක් බවට පත්කරන්නේ

a)

Slipring

b)

Commulator

c)

Carbon Brush

d)

Yoke

7.

DC මෝටරයක ශේණිගත ක්ෂේත්‍ර (Series Field) දගරය සම්බන්ද නිවැරදි ප්‍රකාශන වන්නේ

a)

සිහින් සන්නායක යොදා ගනී

b)

මහත සන්නායක යොදාගනී

c)

වැඩි පොට ගණනක් ඇත

d)

මහත සන්නායක හා අඩු පොට ගණනක් ඇත

8.

Shunt මෝටරයක වේගය පාලනයට සුදුසු වන්නේ

a)

Field Control

b)

Armature Control

c)

Tapped Field Control

d)

Field and Armature Control

9.

RPM 1500/50Hz/400V ලෙස සදහන් synchronus මෝටරයක තිබිය යුතු චුම්භක Pole ගණන වන්නේ

a)

2

b)

6

c)

4

d)

8

10.

3Hp මෝටරයක KW ගණන ආසන්න වන්නේ

a)

0.746 KW

b)

746 KW

c)

2.238 KW

d)

3 KW

11.

එකලා AC මෝටර් වර්ගයක් නොවන්නේ

a)

Repulsion Motors

b)

Split Phase Motors

c)

Capacitor Run Motor

d)

Shunt motor

12.

එකලා මොටෝරයක stator එකෙහි winding වලට එකලා AC සැපයුමක් ලබා දුන් විට ඇති වන ශ්‍රාවය වන්නේ

a)

නියත චුම්භක ශ්‍රාවයකි

b)

ප්‍රත්‍යාවාර්තා චුම්භක ශ්‍රාවයකි

c)

කරකැවෙන චුම්භක ශ්‍රාවයකි

d)

ඉහත කිසිවක් නොවේ

13.

එකලා මොටරයකට ස්වයං ආරම්භයක් සාදා ගත හැක්කේ

a)

Voltage සැපයුම වැඩි කිරීම මගිනි

b)

Load එක වැඩි කිරීම මගිනි

c)

line current එක වැඩි කිරීම මගිනි

d)

split phase (කලාව වෙනස් කිරීමෙන්)

14.

එකලා මොටරයේ ආරම්භක දගරය සමග සම්බන්ධ කර ඇති centrifugal switch එක වීවෘත්ත වන්නේ වේගය

a)

100% වූ විටය

b)

1/3% වූ විටය

c)

75%-80% වූ විටය

d)

50% වූ විටය

15.

IET රෙගුලාසීන් වලට අනුව තෙකලා විදුලි පද්දතියක නව සම්මත වර්ණ වන්නේ

a)

කළු,දුබුරු,අළු

b)

කළු,කොළ,රතු

c)

නිල්,කහ ,රතු

d)

රතු,කළු,දුබුරු

16.

සිවිලින් විදුලි පංකාවක කරකැවෙන දිශාව වෙනස් කිරීමට කල යුත්තේ

a)

විදුලි සැපයුමේ අග්‍ර මාරු කිරීම

b)

ධාරිත්‍රකයේ අග්‍ර ,දගර දෙකේ අග්‍ර සමග මාරු කිරීමෙන්

c)

වැඩි අගයකින් යුත් ධාරිත්‍රකයක් යොදා ගැනීමෙන්

d)

දගර දෙක එකිනෙක සම්බන්ද කිරීමෙන්

17.

තෙකලා විදුලි මෝටරයක කරකැවෙන දිශාව වැරදි නම් එය නිවැරදි කරගත හැක්කේ ?

a)

මෝටර් ආමෙචරයේ වයර් මාරු කිරීමෙන්

b)

මෝටරයට විදුලිය සපයන සන්ධි කරන කලා දෙකක් මාරු කිරීමෙන්

c)

විදුලි පරිපථයේ කලා දෙකක් මාරු කිරීමෙන්

d)

මෝටරයේ රෝටර් දිශාව වෙනස් කිරීමෙන්

18.

සමාන ප්‍රතිරෝධක තුනක් ශේණි ගතව සම්බන්ද කලවිට සමක ප්‍රතිරෝධය 90 OHM වේ එම ප්‍රතිරෝධක තුන එකිනෙකට සමාන්තරව සම්බන්ද කල විට සමක ප්‍රතිරෝධය

a)

90 OHM

b)

30 OHM

c)

10 OHM

d)

60 ඕහම්

19.

නැවත ආරෝපණය කල හැකි ආම්ලික කෝෂයක් පරික්ෂා කිරීමේදී ලබා ගන්නා ප්‍රදානම මිනුම් දෙක වනුයේ

a)

විශිෂ්ට ගුරුත්වය හා ධාරාව

b)

විශිෂ්ට ගුරුත්වය හා විබවය

c)

විශිෂ්ට ගුරුත්වය හා ප්‍රතිරෝධය

d)

ධාරාව හා ප්‍රතිරෝධය

20.

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි සැපයුම 230 V,50 HZ වේ,මෙයට 2.3 Kw විදුලි උදුනක් සම්බන්ද කල විට ලබා ගන්නා ධාරාව වනුයේ

a)

5 A

b)

8 A

c)

15 A

d)

10 A

21.

වතුර මෝටරයක ආරම්භකදගරය (Starting Winding) හා ධාවන දගරයට (Running Winding) පිලිවෙලින් 60 MFD හා 40 MFD ධාරිත්‍රක සම්බන්ද කර ඇත්නම් මෝටරයේ සමක ධාරිතාවය සොයන්න ?

a)

20 MFD

b)

40 MFD

c)

60 MFD

d)

100 MFD

22.

ස්ථාන තුනක් මගින් එක් විදුලි පහනක් ක්‍රියා කිරීමට යොදාගත හැකි සුසුසුම විසදුම වන්නේ ?

a)

දෙමන් වහරු(Tow Way Switch) තුනක් මගින්

b)

දෙමන් වහරුවක්(Tow Way Switch) හා අතරමැදි වහරුවක්(Intermediate switch) මගින්

c)

දෙමන් වහරු(Tow Way Switch) දෙකක් හා අතරමැදි වහරුවක්(Intermediate switch)මගින්

d)

අතරමැදි වහරු (Intermediate switch) තුනක් මගින්

23.

IET රෙගුලාසීන් වලට අනුව වහරුවක් (Switch) සවි කිරීමේදී පොලවේ සිට තිබිය යුතු උපරිම උස වන්නේ

a)

1200 mm

b)

1000 mm

c)

2500 mm

d)

450 mm

24.

විදුලි කාර්මික ශිල්පියෙකු ක්‍ෂේත්‍රයේදී සිදු නොකළ යුතු පරීක්ෂාවක් වන්නේ

a)

අකණ්ඩතාවය (Continuity Test)

b)

ධ්‍රැවියතාවය (Polarity Test)

c)

ශුන්‍යතාවය (Zero Measurement Test)

d)

පරිවාරකතාවය (Insulation Test)

25.

මුදු පරිපථයක් (Ring Circuit) සදහා සුදුසුම සිගිති පරිපථ බිදිනය MCB වන්නේ ?

a)

C 16

b)

C 32

c)

E 16

d)

B 10