NEW
Font size
WorksheetsInter School Quiz (Sinhala Medium) Paper 05
Total questions: 25
Worksheet time: 14mins
පොදු තත්වයක් සමඟ යම් විශේෂිත තත්වයක් සන්සන්දනය කිරීම සඳහා පොදු වක්‍රයත් විශේෂිත වක්‍රයත් යන දෙකම එකම සටහනක නිර්මාණය කිරීමෙන් දත්ත නිරූපනය කරනු ලබන්නේ,
සිතිල සටහන
පැතිකඩ සටහන
වට ප්‍රස්තාරය
Z සටහන
ස්වායත්ත විචල්‍ය සඳහා දී ඇති අගය පරාසයට පිටතින් පිහිටන අගයක් ආදේශ කිරීමෙන් පරායත්ත විචල්‍යයේ අගය ඇස්තමේන්තු කිරීම හඳුන්වන්නේ කුමන නමකින්ද?
බහිර්නිවේශනය
අන්තර්නිවේශනය
නිර්ණන සංගුණකය
සහසම්බන්ධතාවය
නිරීක්ෂණ 5කින් යුතු එක්තරා දත්ත ශ්‍රේණියක් සාරාංශගත කළ විට
ΣX2=1450 සහ ΣX=80 ලෙස ලැබුණි නම් දත්ත ශ්‍රේණියේ විචලතාව වන්නේ;54
46
28
34
18, 14, 6, 9, 7, 20, 12 යන නිරීක්ෂණ සමූහයේ මධ්‍යස්ථය වන්නේ,
14
9
12
20
ප්‍රමත ව්‍යාප්තියක ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?
ඝණ්ඨාර හැඩයක් ගනී.
ඒක මාත ව්‍යාප්තියකි.
මධ්‍යන්‍ය වටා සමමිතික නොවන ව්‍යාප්තියකි.
සම වක්‍රීමයක් සහ ශූන්‍ය කුටිකතාවයක් ඇත.
නියැදියක සියලුම නිරීක්ෂණ අධ්‍යයනය කිරීමෙන් ලබා ගත් නිගමන වලට අනුව නියැදිය තෝරා ගත් සංගහනය පිළිබඳව නිගමනයන් ඉදිරිපත් කිරීම .................................. සිදු කෙරේ.
විස්තරාත්මක සංඛ්‍යානයේදී
අනුමිතික සංඛ්‍යානයේදී
සංඛ්‍යාන නිමානයේදී
සංඛ්‍යාත ව්‍යාප්තියේදී
σ=npq යන ගණිතමය සමීකරණය භාවිතා කරනු ලබන්නේ;
පොයිසෝන් ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට
ප්‍රමත ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට
ද්විපද ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට
අධිජ්‍යාමිතික ව්‍යාප්තියේ සම්මත අපගමනය සෙවීමට
ඕනෑම සංඛ්‍යාවක එකස්ථානීය අගය සහ අනෙක් ස්ථානීය අගයන් වෙන් වෙන්ව ඉදිරිපත් කරන අමුදත්ත සංවිධානය කිරීමේ පිළිවෙල ............................. ලෙස හැඳින්වේ.
සිතිල සටහන
පැතිකඩ සටහන
වෘන්තපත්‍ර සටහන
ලෝරන්ස් වක්‍රය
ඉහත වෙන් රූපසටහනේ පාට කළ ප්‍රදේශය මගින් ඉදිරිපත් කරනු ලබන කුලක සම්බන්ධතාවය වනුයේ,
(A′)
(B′)
(A∩B)
(A′∩B)
රියදුරෙක් A සිට B දක්වා පැයට සැතපුම් 20 ක වේගයෙන් ගමන් කොට B සිට A දක්වා ආපසු ගමනේ පැයට සැතපුම් 60 ක වේගයෙන් ගමන් කරයි නම් මුළු ගමන සඳහා රියදුරාගේ සාමාන්‍ය වේගය වන්නේ,
පැයට සැතපුම් 60
පැයට සැතපුම් 80
පැයට සැතපුම් 30
පැයට සැතපුම් 20
26.5, 27.8, 29.5, 30.1, 30.3, 12.1, 20.2, 15.3, 19.0 යන නිරීක්ෂණ සමූහයේ මාතය වනුයේ;
27.8
29.5 සහ 27.8
30.1
මාතයක් නොමැත
මධ්‍යන්‍යය හා සම්මත අපගමනය එක සමාන වන ව්‍යාප්තිය කුමක්ද?
ප්‍රමත ව්‍යාප්තිය
පොයිසෝන් ව්‍යාප්තිය
ද්විපද ව්‍යාප්තිය
ඉහත කිසිවක් නොවේ
සිසුවෙක් ගණිත විෂය සමත්වීමේ සම්භාවිතාව 2/3 වන අතර ඉංග්‍රීසි විෂය සමත්වීමේ සම්භාවිතාව 2/5 වේ. විෂයන් දෙකම සමත් විමේ සම්භාවිතාවය 1/3 ක් වේ නම් සසම්භාවීව තෝරාගත් සිසුවෙකු අඩු වශයෙන් එක් විෂයකින් හෝ සමත් වීමේ සම්භාවිතාවය කියද?
1/15
4/15
11/15
5/15
අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර අතරමැදි අගයන් පවතින දත්ත .......................................... ලෙස හැඳින්වේ.
විවික්ත දත්ත
සන්තතික දත්ත
පරායත්ත දත්ත
ස්වායත්ත දත්ත
සංගහනයෙන් සසම්භාවීව නියැදි තේරීමේදී නියැදියෙන් නියැදියට සිදු වන විචලතාවය නිසා සිදුවන දෝෂය හඳුන්වන නාමය වන්නේ කුමක්ද?
නියැදුම් දෝෂය
සම්මත දෝෂය
නොනියදුම් දෝෂය
සමූහන දෝෂය
ඇෆ්ගනිස්ථානයේ වත්මන් ජනාධිපති කවුද?
තකහිකෝ නකාඕ (Takahito Nakao)
අෂ්රොෆ් ඝානි (Ashraf Ghani)
ෂින්ෂෝ අබේ (Shinzo Abe)
අබ්දුල් හෂාන් (Absul Hazan)
ඇමෙරිකානු ප්‍රහාරයකින් මිය ගිය නායක “කසීම් අල් රයිමී” කුමන ත්‍රස්ත සංවිධානයකට අයත්ද පුද්ගලයෙක්ද?
බොකො හරාම්
අල්කයිඩා
අල් ෂබාබ්
මසුරි
මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ කුමන දිස්ත්‍රික්කයක් කේන්ද්‍ර කරගෙනද?
රත්නපුර
මහනුවර
මාතලේ
මොණරාගල
මුහුදු ජීවින්ට හා කොරල්පරවලට සිදුවන හානිය වළැක්වීම සඳහා හිරුරැස් ආලේපනය තහනම් කළ ශාන්තිකර සාගරයේ පිහිටි දූපත කුමක්ද?
හවායි දූපත (Hawaii)
මොරියා දූපත (Mo'orea)
මලයිටා දූපත (Malaita)
පලාවූ දූපත (Palau)
චීනයෙන් පිටත ප්‍රථම කොරෝනා ආසාධිතයා වාර්තා වූ රට කුමක්ද?
පිලිපීනය
තායිලන්තය
ඉතාලිය
ප්‍රංශය
හිස්තැනට සුදුසු සංඛ්‍යාව වන්නේ,
5
6
9
7
අංක 2, 4, 5 සහ 6 යන සංඛ්‍යා යොදා ගනිමින් එකිනෙකට වෙනස් ඉලක්කම් හතරේ සංඛ්‍යා කීයක් නිර්මාණය කළ හැකිද?
12
4
8
24
MOTHER යන්න MTOHRE නම් GROUND යන්න කෙසේ ලිවිය හැකිද?
GORUDN
OUDGRN
DURGON
ROUDGN
ත්‍රිකෝණාකාර කිරිබත් කැබැල්ලක් 50g බර වන අතර එමෙන් තුන් ගුණයක් විශාල කිරිබත් කැබැල්ලක බර කීයද?
1550 g
1450 g
1350 g
1500 g
රතු, නිල්, කහ යන වර්ණවලින් ඕනෑම වර්ණ දෙකක් මිශ්‍ර කර තවත් වර්ණයක් සාදයි නම් සාදාගත හැකි වර්ණ ගණන කීයද?
1
3
2
6
