wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ආර්ථික විද්‍යාව

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය නිර්මාණය කිරීමේදී යොදා ගනු ලබන උපකල්පනන් තුළට ඇතුළත් නොවන උපකල්පනයකි.

a)

භාණ්ඩ වර්ග 2ක් පමණක් නිපදවීම

b)

ආර්ථිකය සතු සම්පත් සම්භාරය ස්තාවර වීම

c)

තාක්ෂණය නොවෙනස්ව පැවතීම

d)

සම්පත් පූර්ණ හා උපරිම ලෙස උපයෝජනය වීම

e)

ආර්ථිකය සතු සම්පත් සම්භාරය හා සාධක ඵලදායීතාව පිළිබද නිරන්තර අවධානය යොමු කිරීම.

2.

පරිමාණානුකූල පිරිමැසුම්,

a)

සෑම විටම නිශ්ප්‍රාමාණික ලාභ වැඩි වීමට හේතු වේ.

b)

සාමාන්‍ය පිරිවැය වැඩි වීමට හේතු වේ.

c)

බහුජාතික සමාගම්වලට ප්‍රතිලාභ ගෙනදීමට හේතු වේ.

d)

දිගුකාලීන සාමාන්‍ය පිරිවැය පහළ වැටීමට හේතු වේ.

e)

නිමැවුමේ සමානුපාතික වැඩිවීමට හේතු වේ.

3.

යම් දෙන ලද කාලයකදී මිල ගනුවකු වශයෙන් ක්‍රියාකරන නිශ්පාදන ආයතනයක් නිමවුම් ඒකක 20ක් නිශ්පාදය කරනු ලැබේ යැයි සලකන්න. නිමැවුම් ඒකකයක වෙළෙඳපොළ මිල රු. 50ක් වන අතර නිමැවුම් ඒකක 20කදී ආයතනයේ සාමාන්‍ය මුලු පිරිවැය රු.60 ක්ද, සාමාන්‍ය විචලය පිරිවැය රු.40ක්ද වේ.ආයතනයේ මුලු ස්ථාවර පිරිවැය කීයද?

a)

රු.300

b)

රු.400

c)

රු.1200

d)

රු.500

e)

රු.800

4.

පූර්ණ තරගය හා ඒකාධිකාරී තරගය අතර වෙනසක් පවතින්නේ ,

a)

භාණ්ඩ ප්‍රචාරණය මගින්

b)

අබාධ ප්‍රවේශය මගින්

c)

දිගුකාලයේ ප්‍රාමාණික ලාභ ලැබීම මගින්

d)

ආයතන විශාල සංක්‍යාවක් සිටීම මගින්

e)

අනෙයෝන්‍ය රැදියාව මගින්

5.

මුදල් ඉල්ලුම තීරණය කරන සාධකයක් වන්නේ,

a)

බැංකු ක්‍රමයේ ශුද්ධ විදේශ වත්කම්

b)

මහජනයාගේ ණය ඉල්ලුම අඩු වීම

c)

බැංකු ක්‍රමය සතු ශුද්ධ දේශීය වත්කම්

d)

මහජනතාව ජංගම ගිනුම් වලින් මුදල් ආපසු ලබාගැනීම

e)

මූර්ත ආදායම

6.

සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයට නිදසුනක් වන්නේ,

a)

ජර්මනිය

b)

කැනඩාව

c)

චීනය

d)

ඇමරිකාව

e)

පෝලන්තය

7.

ජාතික ආදායම සමතුලිත මට්ටමක පවතින ආර්ථිකයට අදාල සාර්ව ආර්ථික දත්ත පහත වේ.

පරිභෝජන වියදම් - 6000

බදු අයභාරය - 200

ආනයන - 1000

අපනයන - 900

වෙළෙඳපොළ මිල යටතේ ද.දේ.නි. - 8000

ආණ්ඩුවේ මිලදීගැනීම් - 1400

a)

500

b)

900

c)

700

d)

800

e)

600

8.

X භාණ්ඩය සදහා ඇති සැපයුම් වක්‍රය පහත දැක්වෙන සමීකරණයෙන් පෙන්නුම් කෙරේ.

Qx = 6Px

මෙහි Qx යනු භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වන අතර Px යනු X භාණ්ඩයේ මිලය.X භාණ්ඩයේ සැපයුම් මිල නම්‍යතාව පිළිබඳ මෙම සමීකරණයෙන් නිගමනය කළ හැක්කේ කුමක්ද ?

a)

සැපයුම් මිල නම්‍යතාව 6.0

b)

සැපයුම් මිල නම්‍යතාව 1.0

c)

සැපයුම් මිල නම්‍යතාව 0.1

d)

සැපයුම් මිල නම්‍යතාව 0.0

e)

සැපයුම් මිල නම්‍යතාව 0.6

9.

පූර්ණ තරගකාරී කර්මාන්තය ක කටයුතු කරන ආයතනයක් කෙටිකාලයේදී පහත තත්ත්වයට මුහුණ පා ඇත.

වර්තමාන නිමැවුම් මට්ටම - ඒකක 500

වෙළෙඳපොළ මිල - ඒකකයක් රු.6

මුලු පිරිවැය - රු.5000

මුලු ස්ථාවර පිරිවැය - රු.1000

ආන්තික පිරිවැය - රු.6


ලාභ උපරිම කිරීමේ අරමුණින් කටයුතු කරන මෙම ආයතනය,

a)

නිමැවුම් ප්‍රමාණය අඩු කොට නිශ්පාදනයේ යෙදී සිටිය යුතුය

b)

අලෙවි මිල ඉහළ දැමිය යුතුය

c)

නිමැවුම් ප්‍රමාණය නොවෙනස්ව තබා ගතයුතුය.

d)

නිමැවුම් ප්‍රමාණය ශුන්‍ය දක්වා අඩු කළයුතුය.

e)

නිමැවුම් ප්‍රමාණය ඉහළ දමා , මිල නොවෙනස්ව තබාගත යුතුය

10.

ආර්ථිකයක සමාහාර වියදමේ අඩුවීමක් හටගතහැක්කේ පහත සදහන් කවරක වැඩිවීමක් නිසාද?

a)

පරිභෝජන වියදම

b)

ආණ්ඩුවේ මිලදීගැනීම්

c)

ආයෝජන වියදම

d)

විදේශ ප්‍රේශණ ගලාඒම

e)

ආනයන වියදම