NEW
Font size
WorksheetsTransport Part 01
Total questions: 20
Worksheet time: 7mins
එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට විවිධ මාධ්‍ය යොදා ගනිමින් භාණ්ඩ හා මගීන් රැගෙන යාමේ ක්‍රියාවලිය හඳුන්වන්නේ කවර නමකින්ද?
සන්නිවේදනය
ප්‍රවාහනය
සංසරණය
රක්ෂණය
බැංකු සේවා
ප්‍රවාහනය සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න.
ප්‍රවාහන මගින් භාණ්ඩ හා මගීන් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යයි.
ප්‍රවාහනය යනු හුදෙක් මාධ්‍යයක්ම පමණක් නොවේ.
ප්‍රවාහනය යනු අත්‍යාවශ්‍ය උපකාරක සේවාවකි.
ප්‍රවාහනයේ තුලිත සංවර්ධනය යනු ප්‍රවාහන මාධ්‍යයේ සිදුවන වර්ධනයයි.
ප්‍රවාහනය මුලිකාංග හතරක සමබර එකතුවකි.
වෙළදාමේ ව්‍යාප්තියට සෘජුව බලපානු ලබන සාධකය තෝරන්න.
සන්නිවේදනය
ජනගහන ඝනත්වය
විදේශ වෙළඳපළ සබඳතා
ප්‍රවාහනය
අන්තර්ජාලය
පහත දැක්වෙන වැදගත්කම් අතුරින් ප්‍රවාහනය තුළින් ව්‍යාපාරිකයාට අත්වන ප්‍රතිලාභයක් නොවන්නේ කුමක් ද?
සේවා නියුක්තිය වර්ධනය වීම
අමුද්‍රව්‍ය කලට වේලාවට සපයා ගැනීම
සේවකයන් නියමිත වේලාවට ගෙන්වා ගැනීම
ව්‍යාපාරික සබඳතා පැවැත්වීම
වෙළඳපළ ව්‍යාප්තිය
පහත දැක්වෙන්නේ ප්‍රවාහනයේ වැදගත්කම් කිහිපයකි.
A විනෝදාස්වාදය සඳහා
B ආර්ථික වර්ධනයට
C විදේශ වෙළදාමේ වර්ධනයට
D රැකී රක්ෂා, සංචරණය සඳහා
E සමාජ සබඳතා ඇති කර ගැනීමට
ඉහත වැදගත්කම් අතුරින් පුද්ගලයන්ට වන වැදගත්කම් පමණක් අන්තර්ගත පිළිතුර තෝරන්න.
B හා C පමණි
A,B හා C පමණි
A,D හා E පමණි
C,D හා E පමණි
C හා E පමණි
පහත කරුණු අතරෙන් ප්‍රවාහනයේ මූලිකාංගයක් නොවන්නේ කුමක්ද?
බලය
මාර්ගය
මාධ්‍යය
ධාරිතාව
පර්යන්තය
පහත X සහ Y තීරු නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න.
A-1, B-2, C-3, D-4
A-2, B-1, C-4, D-3
A-4, B-3, C-2, D-1
A-4, B-1, C-2, D-3
A-4, B-3, C-1, D-2
පහත දැක්වෙන ගුණාංග අතරින් හොඳ ප්‍රවාහන ක්‍රමයක ගුණාංගයක් නොවන්නේ මේ අතරින් කුමක්ද?
දුර ප්‍රමාණය
පිරිවැය අවම වීම
නීතිමය බලපෑම
සුරක්ෂිත බව
වේගය
රටක ප්‍රවාහනයේ සමබර සංවර්ධනයක් සිදු විය යුතුය. ඒ සඳහා ගත හැකි වඩාත්ම සුදුසු ක්‍රියාමාර්ගය වන්නේ,
රටේ මහා මාර්ග, අභ්‍යන්තර ඇළ මාර්ග, දුම්රිය මාර්ග දියුණු කිරීමය.
බස් හා දුම්රිය නැවතුම්පොළවල්, වරාය, ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමය.
ප්‍රවාහන කටයුතු සඳහා බස් රථ වැඩි වැඩියෙන් යෙදවීම ය.
වඩාත් වේගවත් ප්‍රවාහන ක්‍රම හඳුන්වා දීමය.
රටේ සමස්ත ප්‍රවාහන පද්ධති සංවර්ධනය කිරීමය.
පහත වගුවේ දැක්වෙන්නේ ප්‍රවාහනයේ මූලිකාංග සහ මූලිකාංගවලට අදාළ නිදසුන් කිහිපයකි.
මූලිකාංග නිදසුන් සමග යා කළ විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න.
A-1/2, B-3/4, C-5/6, D-7/8
A-2/4, B-1/5, C-6/8. D-3/7
A-2/6. B-1/5, C-4/7, D-3/8
A-2/6, B-1/5, C-4/8, D-3/7
A-2/6, B-1/3, C-4/8, D-5/7
ප්‍රවාහන පද්ධතියක් යනු,
මාර්ගයන් ය
මාධ්‍යයන් ය
බලයන් ය
පර්යන්තයන් ය
ඉහත සියල්ලම
පහත කරුණු අතරින් මහා මාර්ග ප්‍රවාහනයේ වාසියක් නොවන්නේ කුමක්ද?
අවශ්‍යතාවයට ගැළපෙන මාධ්‍යයක් තෝරා ගත හැකි වීම.
මහා මාර්ග නඩත්තු පිරිවැය අධික වීම.
රට පුරා ව්‍යාප්තව පැවතීම.
අවශ්‍ය ඕනෑම විටක භාවිතා කළ හැකි වීම.
බොහෝ විට ගමනාන්තය දක්වා භාවිතා කළ හැකි වීම.
මෝටර් රථ ප්‍රවාහනයේ දී රියදුරු සතු වන නීතිමය අවශ්‍යතාවක් නොවන්නේ මේ අතරින් කවරක් ද?
ආදායම් බලපත්‍රය
රියදුරු බලපත්‍රය
රක්ෂණ සහතිකය
උප්පැන්න සහතිකය
වායු විමෝචන සහතිකය
පහත දැක්වෙන්නේ ගුවන් ප්‍රවාහනය සම්බන්ධ කරුණු කිහිපයකි.
A ඕනෑම රටක් සඳහා යොදා ගත හැකි වීම.
B වැඩි කාලයක් ගත වීම.
C අනතුරු වීමට ඇති ප්‍රවණතාවය වැඩි වීම.
ඉහත කරුණු අතරින් ගුවන් ප්‍රවාහනයේ වාසි පමණක් අන්තර්ගත වන පිළිතුර තෝරන්න.
A හා B පමණි
B හා C පමණි
A පමණි
B පමණි
A හා C පමණි
කොළඹ වරායේ සිට සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානය වෙත ඉන්ධන ප්‍රවාහනය කිරීමට වඩාත් සුදුසු පරිවහන මාධ්‍යයන් වන්නේ,
ට්‍රක් රථ, උමං මාර්ග සහ දුම්රිය
නැව්, දුම්රිය සහ ට්‍රක් රථ
දුම්රිය, නැව් සහ කුඩා අහස් යානා
නල මාර්ග, දුම්රිය සහ බවුසර්
නල මාර්ග, බවුසර් සහ කුඩා අහස් යානා
ශ්‍රී ලංකාවේ මහා මාර්ග ප්‍රවාහනයට සාපේක්ෂව දුම්රිය ප්‍රවාහනයේ ඇති ප්‍රධාන අවාසිය බැඳී පවතිනුයේ,
වේගය සමඟ ය
පිරිවැය සමඟ ය
සුලභත්වය සමඟ ය
ආරක්ෂාව සමඟ ය
ධාරිතාව සමඟ ය
පහත කරුණු අතුරින් ගැළපෙන ප්‍රවාහන මාධ්‍යයක් තෝරා ගැනීමේ දී සැලකිලිමත් විය යුතු කරුණක් නොවන්නේ කුමක් ද?
පිරිවැය
වේගය
සුලභතාවය
ධාරිතාවය
දුර ප්‍රමාණය
නුවරඑළියේ සිට කොළඹට ස්වභාවික මල් දෛනිකව ගෙනැවිත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පාලිත එම මල් ප්‍රවාහනය සඳහා සුදුසු මාධ්‍යයක් තෝරා ගැනීම සම්බන්ධයෙන් දෙගිඩියාවෙන් සිටි. ඔබ සිතන අන්දමට ඔහු එහි දී අවධානය යොමු කළ යුතු වනුයේ,
ආරක්ෂාව ගැන ය.
වේගය ගැන ය.
ධාරිතාව ගැන ය.
පිරිවැය ගැන ය.
ඉහත සියල්ලම ය.
මගී ප්‍රවාහනයේ දී සැලකිය යුතු වඩාත්ම වැදගත් සාධකය වනුයේ,
වේගය
ගාස්තුව
සුවපහසුව
ආරක්ෂාව
සුලභතාවය
X හා Y තීරු නිවැරදිව ගලපා ඇති පිළිතුර තෝරන්න.
A-1,2/ B-3,4
A-2,3/ B-1,4
A-3,4/ B-1,2
A-1,4/ B-2,3
A-1,3/ B-2,4
