wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Transport 2

Total questions: 12

Worksheet time: 4mins

Name
Class
Date
1.

පහත දැක්වෙන පිරිවැය අතුරින් ප්‍රවාහනයේ පෞද්ගලික පිරිවැයක් නොවන්නේ කුමක් ද?

a)

ඉන්ධන වියදම්

b)

රක්ෂණ ගාස්තු

c)

රියදුරු වැටුප්

d)

පරිසර දූෂණය

e)

නඩත්තු වියදම්

2.

පහත X සහ Y තීරු නිවැරදිව ගළපා ඇති පිළිතුර තෝරන්න.

a)

A-1, B-2, C-3, D-4

b)

A-4, B-1, C-3, D-2

c)

A-4, B-3, C-2, D-1

d)

A-4, B-2, C-1, D-3

e)

A-2, B-3, C-4, D-1

3.

A හඳුනා ගැනීම

B නිවැරදි බව තහවුරු කිරීම

C ගුණත්වය ආරක්ෂා කිරීම

D තොග ලැබීම

E නිකුත් කිරීම සඳහා නැවත ලබාගැනීම

F පරික්ෂා කිරීම

G ඉවත් කිරීම


ඉහත ගබඩාකරණයේ පියවර පිළිවලින් දැක්වෙන පිළිතුර වන්නේ,

a)

DAFBCGE

b)

AFCGCBE

c)

ADGFBCE

d)

DAFBGCE

e)

DABGCFE

4.

ගබඩාවක් ස්ථානගත කිරීමේදී සලකා බැලිය යුතු කරුණක් නොවන්නේ,

a)

ගොඩනැගිල්ලේ පිරියත සැලැස්ම හා ඉඩකඩ

b)

සේවක සංඛ්‍යාව

c)

ප්‍රධාන සම්බන්ධතා වලට ආසන්න බව

d)

පිරිවැය

e)

ගබඩා කරන භාණ්ඩයේ ස්වභාවය

5.

නිෂ්පාදන ආයතනයක් රඳවා ගත යුතු තොග මට්ටම තීරණය කිරීමේදී සලකා බලනු ලබන සාධකයක් නොවන්නේ,

a)

නිෂ්පාදන ප්‍රමාණය

b)

ගබඩාවල ධාරිතාව

c)

පොරොත්තු කාලය

d)

තොගවල ස්වභාවය

e)

සේවක සංඛ්‍යාව

6.

තොග අතිරික්තයක් නිසා ව්‍යාපාරයකට අත්වන අවාසියක් නොවන්නේ,

a)

තොගවල සිර වී ඇති මුදල් වල ආවස්ථික පිරිවැය.

b)

ගබඩාවේ ඉඩකඩ අනවශ්‍ය ලෙස ඇසිරීම.

c)

හදිසි ඇණවුම් පිරිවැය ඉහළ යාම.

d)

තොග රක්ෂණ පිරිවැය ඉහළ යාම.

e)

තොග පාලනය සම්බන්ධයෙන් වන පිරිවැය ඉහළ යාම.

7.

තොග ඌනතාවයක් නිසා ව්‍යාපාරයකට අත්වන අවාසියක් නොවන්නේ,

a)

හදිසි ඇණවුම් සම්පූර්ණ කළ නොහැකි වීම.

b)

නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වීම.

c)

වෙළඳපොළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දිය නොහැකි වීම.

d)

යල් පැනීම්, ගිනි ගැනීම් නිසා හානි සිදු වීම.

e)

හදිසි ඇණවුම් පිරිවැය ඉහළ යාම.

8.

පහසු හා ලාභදායී භාණ්ඩ ඇසිරීමේ ක්‍රමය වන්නේ,

a)

තට්ටු ඇසුරුම් ක්‍රමය

b)

භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම

c)

එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු

d)

පසුපසට තල්ලු කරන රාක්ක

e)

ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය

9.

සහල්, සීනි වැනි ද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා යෝග්‍ය ක්‍රමය වන්නේ,

a)

තට්ටු ඇසුරුම් ක්‍රමය

b)

භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම

c)

එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු

d)

පසුපසට තල්ලු කරන රාක්ක

e)

ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය

10.

ශීතාගාර සහිත ගබඩාවල භාණ්ඩ ඇසිරීම සඳහා යෝග්‍ය ඇසුරුම් ක්‍රමය වන්නේ,

a)

තට්ටු ඇසුරුම් ක්‍රමය

b)

භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම

c)

එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු

d)

පසුපසට තල්ලු කරන රාක්ක

e)

ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය

11.

පොත්පත් හා ලිපි ලේඛන ගබඩා කරන ලේඛනාගාරයක අදාළ අයිතම ඇසිරීම සඳහා යෝග්‍ය ක්‍රමය වන්නේ,

a)

තට්ටු ඇසුරුම් ක්‍රමය

b)

භාණ්ඩ ගොඩවල් වශයෙන් ඇසිරීම

c)

එහා මෙහා කළ හැකි තට්ටු සහිත රාමු

d)

පසුපසට තල්ලු කරන රාක්ක

e)

ස්වයංක්‍රීය ඇසුරුම් ක්‍රමය

12.

විධිමත් ගබඩාකරණයකින් ලබාගත හැකි වාසියක් නොවන්නේ,

a)

ගබඩාව වඩාත් සංවිධානාත්මක වීම.

b)

අසුරන ලද නිෂ්පාදනවලට හා සේවකයන්ට ආරක්ෂාකාරී වීම.

c)

දැරිය යුතු පරිශ්‍රමය හා කාලය ඉතිරි වීම.

d)

ගබඩාවේ ඉඩකඩ ඉතිරි වීම.

e)

සේවක සංඛ්‍යාව අඩු කර ගත හැකි වීම.