wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ආහාර ජීර්ණය.

Total questions: 20

Worksheet time: 15mins

Name
Class
Date
1.

කාබෝහයිඩ්‍රේට ජීර්ණය ආරම්භ වනුයේ,

a)

මුඛයේදී.

b)

ආමාශයේදී.

c)

ග්‍රහණියේදි.

d)

අන්ත්‍රයේදි

2.

ආහාර ස්වසන මාර්ගයට ඇතුළුවීම වැළක්වීම සදහා දායක වනුයේ,

a)

ස්වරාලය.

b)

අපිජිහ්විකාව.

c)

ශ්වාස නාලය.

d)

ග්‍රසණිකාව.

3.

ළදරුවන්ගේ කිරි කැටි ගැසීම සදහා දායක වන එන්සයිමය,

a)

පෙප්සීන්

b)

ඇමයිලේස්

c)

ට්‍රිප්සීන්.

d)

රෙනින්.

4.

ආහාරයේ ඇති ප්‍රෝටීන වල රසායනික ජීර්ණය ආරම්භ වනුයේ,

a)

මුඛයේදි

b)

අන්නස්‍රෝතයේදි

c)

ආමාශයේදි

d)

ග්‍රහණියේදි

5.

ට්‍රිප්සීන් එන්සයිම සහ පෙප්සීන් එන්සයිම ක්‍රියා කරන්නේ,ආහාර ජීරණ පද්දතියේ කවර කොටසේද? පිළිවෙලින්,

a)

ග්‍රහණියේදී හා ආමාශයේදී

b)

ආමාශයේදී හා ග්‍රහණියේදී

c)

මුඛයේදි හා ආමාශයේදී

d)

ආමාශයේදී හා අන්නස්‍රෝතයේදි

6.

පෙප්සීන් සක්‍රිය කරනු ලබන්නේ,

a)

ඛේඨය මගිනි

b)

පිත මගිනි.

c)

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගිනි.

d)

එන්සයිම මගිනි.

7.

පිත නිපදවනු ලබන්නේ

a)

අග්න්‍යාශයේ

b)

ග්‍රහණියේ

c)

පිත්තාශයේ

d)

අක්මාවේ.

8.

කාබෝහයිඩ්‍රේට ජීර්ණයේ අන්තඵලය වනුයේ,

a)

ග්ලූකෝස්

b)

මොනොසැකරයිඩ.

c)

පෘක්ටෝස්

d)

ගැලක්ටෝස්.

9.

අග්න්‍යාශයික යුෂයේ අඩංගු එන්සයිමයක් නොවන්නේ,

a)

ඇමයිලේස්

b)

මෝල්ටේස්

c)

ලයිපේස්

d)

ට්‍රිප්සීන්

10.

ජීර්ණය වූ ආහාර අවශෝෂණය සිදු වන්නේ,

a)

ආමාශයේදි

b)

අක්මාවේදි

c)

මහාන්ත්‍රයේදී

d)

ක්ෂුද්‍රාන්ත්‍රයේදි

11.

පයෝලස නාලිකාව වැදගත් වනුයේ කවර ජීර්ණ ඵල අවශෝෂණය සදහාද?

a)

ඇමයිනෝ අම්ල.

b)

ග්ලූකෝස්

c)

මේද අම්ල .හා ග්ලිසරෝල්

d)

විටමින්.

12.

අක්මාවට හානි වුවහොත් , එය බලපාන්නේ කවර ආහාරයක ජීර්ණ ක්‍රියාවලියටද?

a)

ප්‍රෝටීන

b)

ලිපිඩ

c)

කාබෝහයිඩ්‍රේට

d)

විටමින්

13.

මහාන්ත්‍රයේ මූලික කාර්යය වන්නේ,පහත කවරක් අවශෝෂණය කිරීමද?

a)

සෙලියුලෝස්

b)

විටමින්

c)

ඛනිජ ලවණ

d)

ජලය

14.

ආන්ත්‍රික යුෂයේ අඩංගු එන්සයිමයක් නොවන්නේ,

a)

ලයිපේස්

b)

මෝල්ටේස්

c)

සුක්‍රේස්

d)

පෙප්ටිඩේස්

15.

ලිපිඩ ජීර්ණය සදහා දායක වන එන්සයයිමය,

a)

ලැක්ටේස්.

b)

සුක්‍රේස්.

c)

ගැලැක්ටේස්

d)

ලයිපේස්

16.

ලිපිඩ තෛලෝදකරණය සිදු කරන්නේ,

a)

ඛේඨය මගින්

b)

ආමාශයික යුෂ මගින්

c)

පිත මගින්

d)

ආන්ත්‍රික යුෂ මගින්.

17.

මිනිසාගේ ස්වසන පෘෂ්ඨය වනුයේ,

a)

පෙනහැලි

b)

ස්වාස නාලය

c)

ගර්ත බිත්තිය

d)

ස්වරාලය

18.

නාස් කුහරය තුලින් වාත ගමන් කරන විට සිදු වන වෙනස්කමක් නොවන්නේ,

a)

ආශ්වාස වාතය තෙත් වීම

b)

ාඅශ්වාස වාතයේ උෂ්ණත්වය ශරීර උෂ්ණත්වයට පැමිණීම.

c)

ආශ්වාස වාතයේ අපද්‍රව්‍ය ආගන්තුක අංශු ඉවත් වීම.

d)

ආශ්වාස වාතයේ ඇති ඔක්සිජන් හිමොග්ලොබින් සමග බැදීම.

19.

ආශ්වාසයේදි සිදු වන්නේ පෙනහැලි තුලට වාතය ඇතුළු වීමයි.එහිදී,

a)

අන්තර් පර්ශුක පේශි සහ මහා ප්‍රාචීරයේ පේශි සංකෝචනය වේ.

b)

අන්තර් පර්ශුක පේශි සංකෝචනය වන අතර මහා ප්‍රාචීරයේ පේශි ඉහිල්වේ.

c)

අන්තර් පර්ශුක පේශි සහ මහා ප්‍රාචීරයේ පේශි ඉහිල්වේ.

d)

පේශි වල කිසිවක් සිදු නොවේ.

20.

සතුන්ගේ සෛල තුල සිදු වන නිර්වායු ස්වසනයේදී ,සෑදෙන ඵලයක් වනුයේ,

a)

එතිල් ඇල්කොහොල්

b)

ලැක්ටික් අම්ලය.

c)

ජලය

d)

ඔක්සිජන්