NEW
Font size
Worksheetsවිද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 01
Total questions: 40
Worksheet time: 1hrs 20mins
නියුක්ලෙයික් අම්ල වල තැනුම් ඒකකය කුමක් ද?
මොනොසැකරයිඩ
නියුක්ලියෝටයිඩ
මේද අම්ල
ග්ලිසරෝල්
පරම්භණුවක න්‍යෂ්ටියෙහි පවතින්නේ.
ප්‍රෝටෝන පමණී.
ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන ය,
ප්‍රෝටෝන හා නියුට්‍රෝන ය.
ප්‍රෝටෝන, නියුරෝන හා ඉලෙක්ට්‍රෝන ය.
උභයගුණික ඔක්සයිඩයක් වන්නේ පහත ඒවායින් කුමක් ද?
Al2O3
Na2O
SO2
CaO
වතුවක බර මැනීමේ සම්මත ඒකකය කුමක් ද?
g
Kg
N
Nm
සත්ව දේහ තුළ තැන්පත්ව ඇති පොලිසැකරයිඩයක් වන්නේ,
සුක්රෝස් ය.
සෙලියුලෝස් ය.
ග්ලයිකොජන් ය.
පිෂ්ටය ය.
රූපයේ දැක්වෙන ඉන්ද්‍රියිකාව කුමක් ද?
මයිට්රොකොන්ඩ්රියා
ගොල්ගි සංකීර්ණය
හරිතලව
අත්ලාස්මය ජාලිකා
නියුක්ලෙයික් අම්ලවල අඩංගු වන නමුත් ලිපිඩවල අඩංගු නොවන මූලද්‍රව්‍ය කුමක් ද?
C
O
H
N
ආවර්තිතා වගුවේ තුන්වන ආවරිතය දෙවන කාණ්ඩයේ ඇති මූලද්‍රව්‍යය කුමක් ද?
Mg
B
Ca
Al
ජලයේ ද්‍රව්‍ය හා මේදයේ ද්‍රාව්‍ය විටමිනයක් බැගින් පිළිවෙලින් දැක් වූ විට,
A හා B වේ.
B හා C වේ.
C හා D වේ.
D හා E වේ.
ඝර්ෂණ බලය වැඩි කර ගැනීම සඳහා යොදනු ලබන උපක්‍රමයක් නොවන්නේ,
යතුරු පැදියෙහි පා තබන තැන් සඳහා රබර් ආවරණ යෙදීම.
වාහනවල පිටුපස ටයර යුගල් යොදා ගැනීම
රබර් සෙරප්පුවල කට්ටා කැපීම.
වාහන ටයර් වල කටටා කැපීම,
ප්‍රභාසංස්ලේෂණය හා ශ්වසනය සිදුවන ඉන්ද්‍රියිකා පිළිවෙලින් දැක් වූ විට,
සෛල බිත්තිය හා රයිබොසෝම වේ.
රයිබසෝම හා හරිතලව වේ.
හරිතලව හා මයිටොකොන්ඩ්‍රියා වේ.
මයිටොකොන්ඩ්‍රියා හා ගොල්ගි සංකීර්ණය වේ.
වායමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කර වායුමය ඒක ධන අයනයක් සැදීමට සැපයිය යුතු අවම ශක්තිය හඳුන්වනු ලබන්,
සංයුජතාවය ලෙසිනි
පළමු යනීකරණ ශක්තිය ලෙසිනි
විද්‍යුත් සෘණතාවය ලෙසිනි
සමස්ථානික ලෙසිනි
6 kg වස්තුවකට 3 ms-2 ක ත්වරණයක් අත්කර දීමට අවශ්‍ය වත බලය කොපමණ ද?
0.5 N
2 N
8 N
18 N
දේහ උෂ්ණත්ව යාමනයට දායක වන න ජලය සතු ගුණය කුමක් ද?
ද්‍රාවක ගුණය
සිසිලන කාරක ගුණ
ගලායාමේ ගුණය
විශිෂ්ට තාප ධාරිතාව අඩුවීම
සෛලයේ හෝ දේහයේ රසායනික ප්‍රතික්‍රියා ප්‍රේරණය කරන ප්‍රෝටීන වන්නේ,
එන්සයිම ය.
හෝමෝන ය.
ජෛව අණුය,
විටමින් ය.
පහත මූලද්‍රව්‍ය අතුරින් සංයුජතාවය 02 වන මූලද්‍රව්‍ය පමණක් අඩංගු වරණය කුමක් ද?
Li, Be, B හා O
Mg, Ca. Be හා O
Na , Al, F, C
Na, Mg, Al හා Si
A හා B මගින් වෙන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කරන ලද ජීවී සෛල දෙකකි. එම සෛල
සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය කුමක් ද?
A ශාක සෛලයක් වන අතර B සත්ව සෛලය කි.
A සත්ත්ව සෛලයක් වන අතර B ශාක සෛලය කි.
A හා B සෛල දෙකම සත්ත්ව සෛල වේ.
A හා B සෛල දෙකම ශාක සෛල වේ.
සර්ෂණය සම්බන්ධයෙන් නිවැරදි වරණය කුමක් ද?
නිශ්චල වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක නොවේ.
සැම විටම චලිතයට බාධා පමුණුවයි
සීමාකාරී ඝර්ෂණ බලයට වඩා ගතික ඝර්ෂණ බලය වැඩිය.
පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට එරෙහිව සිදුවේ.
ඌනන විභාජනයේ වැදගත්කමක් ලෙස සැලකිය හැකි ප්‍රකාශය කුමක් ද?
බහු සෛලික ජීවියෙකුගේ දේහය වර්ධනය වීම
අලිංගික ප්‍රජනන ක්‍රමයක් ලෙස ක්‍රියා කිරීම
මැරුණ සෛල වෙනුවට නව සෛල සෑදීම
ප්‍රභේදන හට ගැනීමෙන් පරිණාමය සිදුවීම
පෝෂණ ඌනතාවයෙන් පෙලුන ළමයකුගේ වැලමිට, දණහිස ආදීයේ කටු වැනි බිබිලි මතුවීමක් සිදුවිය. ඊට හේතු
වන්නේ කුමන විටමින් ඌනතාවයක් නිසා ද?
A
B
C
E
සිසුන් තිදෙනෙකු පරමාණුක ආකෘති තුනක් සකස් කළේය. එම පරමාණුක ආකෘති පිළිබදව වෙනත් සිසුවෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ.
A - එකම පරමාණුවක සමස්ථානික තුනකි.
B - පරමාණු තුනක ආකෘති තුනකි.
C - P හා R ආකෘති වැරදි වන අතර Q ආකෘතිය පමණක් නිවැරදි වේ.
මෙම ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ.
A පමණි
B පමණි
C පමණි
A හා C පමණි
ජීවී සෛල සතු ඉන්ද්‍රියිකා හතරක් පහත දැක්වේ.
A. හරිතලව
B. මයිටොකොන්ඩියා
C. මධ්‍ය රික්තය
D. රළු අන්තංප්ලාස්මීය ජාලිකා
මේවායින් සත්ත්ව සෛලවල පමණක් අඩංගු වන්නේ,
A හා B
B හා C
A හා C
B හා D
Na+ අයනයේ ඇති ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා පිළිවෙලින් කොපමණ ද?
10.15 හා 12 වේ.
11, 12 හා 11 වේ.
11, 12 හා 10 වේ.
11, 23 හා 10 වේ.
ළමයෙකු රූපයේ ආකාරයට ඒකාකාර පෘෂ්ඨයක් මත තබා ඇති මේසයක් තල්ලු කිරිමට 500 N බලයක් යොදයි.
මේසය මගින් ඇති කෙරෙන ඝර්ෂණ බලය 450 N වේ නම්,
මේසය චලිත වේ.
මේසය චලනය නොවේ
මේසය යන්තමින් චලනය ආරම්භ කරයි.
මේසය ටික දුරක් චලිත වී නිශ්චලතාවයට පත්වේ.
නියුක්ලෙයික් අම්ලවල වැදගත්කම සම්බන්ධයෙන් සිසුන් සිව් දෙනෙකු ඉදිරිපත් කළ අදහස් පහත දැක්වේ.
A. සෛලයේ ජීවී ක්‍රියා පාලනය සඳහා වැදගත් වේ.
B. ප්‍රවේණික තොරතුරු පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කරයි.
C. DNA හා RNA යනු නියුක්ලෙයික් අම්ල පවත්නා ආකාර දෙකකි.
D. මේද අම්ල හා ඇමයිනෝ අම්ල වල තැනුම් ඒකකය වේ.
එම ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ.
A හා B පමණි
B හා C පමණි.
A, B හා C පමණි.
A, B හා D පමණි,
දර්ශීය සෛලයක් ලෙස හඳුන්වන්නේ,
සියලු සෛල ඉන්ද්‍රියිකා අඩංගු වනසේ නිර්මිත සෛලය කි.
ඒක සෛලික ජීවින්ගේ දේහයට අයත් සෙලය කි.
බහු සෛලික ජීවිගේ දේහයට අයත්වන සෛලය කි.
අන්වීක්ෂ භාවිතයෙන් නිරීක්ෂණය කළ හැකි සෛලය කි.
ප්‍රවේගය සහ ත්වරණය මැනීමේ සම්මත ඒකක පිළිවෙලින් දැක්වූ විට.
ms-1 / ms-2
ms-2 / ms-1
ms-1 / Kgms-1
ms-2 / Kgms-1
ආවර්තිතා වගුවේ පළමු මූලද්‍රව්‍ය දහ අටෙහි පළමු අයනීකරණ ශක්තිය විචලනය වන ආකාරය ඉහත ප්‍රස්තාරික
නිරූපණයෙන් දැක්වේ
පළමු අයනීකරණ ශක්තිය උපරිම මූලද්‍රව්‍ය වන්නේ,
Q
R
S
T
පළමු අයනීකරණ ශක්තිය ආරෝහණය වන ලෙස ලියා ඇති
මූලද්‍රව්‍ය තුන කුමක ද?
T < Q < R
R < T < Q
Q < R < T
R < T < U
R හා T අර මගින් නිරූපණය කර ඇති සැබෑ මූලද්‍රව් පිළිවෙලින් දැක්වූ විට,
Li හා Be
Li හා Na
Na හා Ar
Li හා Ne
සෝඩියම් ලෝහය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අදහස් කිහිපයක් පහත දැක්වේ.
A) පිහියකින් කැපිය හැකි තරම් මෘදු ලෝහය කි,
B) සාමාන්‍ය ජලය සමග සීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කර ඔක්සිජන් වායුව පිටකරයි.
C) ජලයට වඩා ඝනත්වය අඩු බැවින් ජලයට දැමූ විට ජලය මත පාවේ.
ඒවායින් නිවැරදි වන,
A හා B පමණි
C හා B පමණි
A, B හා C සියල්ල.
A හා C පමණි
ගසකින් ගෙඩියක් වැටීම් දී සිදුවන චලිතය නිරූපණය කෙරෙන විස්ථාපන කාල ප්‍රස්තාරය මින් කුමක් ද?
1
2
3
4
ගමන් කරමින් තිබූ මෝටර් රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් අසල වූ තාප්පයක හැප්පෙයි. ගැටීමෙන් සිදුවන
හානිය සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ සලකන්නේ.
A) වේගය නියතව තිබියදී මෝටර් රථයේ ස්කන්ධය වැඩිවන විට හානිය වැඩිවේ.
B) ස්කන්ධය නියතව තිබියදී මෝටර් රථයේ වේගය වැඩින විට හානිය වැඩිවේ.
C) චලිතය ඒකාකාර වේගයක් නම් හානියක් සිදුවන්නේ නැත.
ඒවායින් නිවැරදි වන්නේ,
A හා B ය.
A හා C ය.
B හා C ය.
A,B හා C ය.
විද්‍යුත් ඍණතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පහත වගන්ති සලකන්න.
A. විද්‍යුත් ඍණතාවය ආවර්තයක් දීගේ දකුණට යන විට ක්‍රමයෙන් වැඩි වේ.
B. viii / 0 කාණ්ඩයේ මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාව ප්‍රකාශ නොකෙරේ.
C. යම් ආවරියක vi කාණ්ඩයේ මූලද්‍රව්‍යවල විද්‍යුත් ඍණතාවය උපරිම අගයක් පෙන්වයි.
ඒවායින් නිවැරදි වන්නේ,.
A හා B ය.
A හා C ය.
B හා C ය.
A, B හා C ය.
ළමයෙකු 40 ms-1 ප්‍රවේගන් ජල රොකට්ටුවක් සිරස්ව ඉහළට යවයි. ජල රොකට්ටුවේ ඉහළ නගින උපරිම උසෙහි දී අත් කර ගන්නා ප්‍රවේගය කොපමණ ද ?
0 ms-1
4 ms-1
40 ms-1
60 ms-1
චලිතය නිරුපණය කිරීමට අඳිනු ලබන ප්‍රස්තාර සම්බන්ධයෙන් පහත දැවෙන ප්‍රකාශ දෙක සලකන්න.
A) විස්ථාපත - කාල ප්‍රස්තාරයක වක්‍රයේ අනුක්‍රමනයෙන් ප්‍රවේගය ගනනය කළ හැකි ය.
B) ප්‍රවේග කාල ප්‍රස්තාරයක වක්‍රය හා කාල අක්ෂය අතර ආවරණය කරන වර්ගඵලයෙන් විස්ථාපනය ගණනය
කළ හැකිය.
මෙම ප්‍රකාශ දෙක අතුරිත්,
B සත්‍ය වන අතර A අසත්‍ය වේ.
A හා B ප්‍රකාශ දෙකම සත්‍ය වේ.
A හා B ප්‍රකාශ දෙකම අසත්‍ය වේ.
A සත්‍ය වන අතර B අසත්‍ය වේ.
චලිතවන වස්තුවක් සිදුකරන විස්ථාපනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන
A. චලිතය ඉදිරි දිශාවට විස්ථාපනය ධන අගයක් ගන්නා අතර ආපසු දිශාවට විස්ථාපනය සාණ අගයක් ගනියි.
B. යම් ස්ථානයක සිට ඉදිරියට ගමන් කර ආපසු එම ස්ථානයට පැමිණි විට විස්ථාපනය ශූන්‍ය වේ.
C. විස්ථාපනය වෙනස්විමේ ශීඝ්‍රතාවය ත්වරණය ලෙසින් හඳුන්වයි.
D. විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම නිශ්චිත දිශාවක් ද ඇත.
A, B, C හා D අතුරිත් නිවැරදි ප්‍රකාශ වන්නේ,
A හා B ය.
B හා C ය.
A හා D ය.
A , B හා D ය.
ජීවී සෛලය සම්බන්ධයෙන් සිසුන් කිහිප දෙනෙකු ප්‍රකාශ කළ පහත කරුණු සලකන්න.
A) ජීවී දේහයේ ව්‍යුහමය හා කෘත්‍යමය ඒකකය යි.
B) සියලු ජීවින් සෛල එකකින් හෝ කිහිපයකින් නිර්මාණය වී ඇත.
C) නව සෛල ඇති වෙන්නත් කලින් පැවති සෛලවලින්ම ය.
ඒවායින් නිවැරදි වන්නේ,
A හා B ය.
C හා B ය.
A හා C ය.
A,C හා B ය.
නිව්ටන් නියම සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය කුමක් ද?
පළමු නියමයෙන් කියැවෙන්නේ වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන බාහිර බල පිළිබඳව ය.
දෙන නියමයෙන් වස්තුවක් කෙරෙහි ක්‍රියාත්මක වන අසංතුලිත බල පිළිබදව විමසා බලයි.
එකිනෙක වස්තු දෙකක් අතර ක්‍රියාත්මක වන අනෝන්‍ය බල පිළිබඳව තුන්වන නියමයෙන් කියවේ.
පළමු, දෙවන හා තෙවන නියම මගින් වස්තු දෙකක් මත ක්‍රියාකරන සමතුලිත බල පිළිබඳව විස්තර කෙරෙයි.
අධිවේගී මාර්ගයේ ගමන් ගත්තා මෝටර් රථයක උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමට රියදුරෙකු විසින් යෝජනා කර ඇති පහත අදහස් විමසා බලන්න.
A. හැකි සෑම විටම මාර්ගයේ ඒකාකාර ප්‍රවේගයෙන් ධාවනය කිරිම.
B. තිරිංග භාවිතයට වඩා ත්වරකය භාවිතයෙන් වාහනයේ වේගය පාලනය කිරීම.
C. වාහනයේ රෝද සඳහා පළලින් වැඩි ටයර යොදා ගැනීම.
A, B හා C ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ,
A හා B පමණි.
A හා C පමණි.
C හා B පමණි.
A, B හා C සියල්ලමය.
