Font size
WorksheetsGrade 11 SM - වෙළදාම හා උපකාරක සේවා
Total questions: 20
Worksheet time: 23mins
භාණ්ඩ විකිණීමේදී බොහෝ විට ලකුණු කළ මිලටම විකිණීම .....(1).... දක්නට ලැබෙන අතර වෙළඳ වට්ටම් ලබා දීම .....(2).... බහුලව දක්නට ලැබේ.
ඉහත (1) සහ (2) හිස්තැනට අදාළ නිවැරදි පිළිතුර පිලිවෙලින් දැක්වෙනුයේ,
තොග වෙළෙදාමේදී, සිල්ලර වෙළෙදාමේදී
සිල්ලර වෙළෙදාමේදී, ආනයන වෙළෙදාමේදී
සිල්ලර වෙළෙදාමේදී, තොග වෙළෙදාමේදී
තොග වෙළෙදාමේදී, ආනයන වෙළෙදාමේදී
සිල්ලර වෙළදාම හා තොග වෙළදාම අතර වෙන්කර හඳුනා ගන්නා ප්‍රධානතම නිර්ණායකය වන්නේ,
භාණ්ඩ ප්‍රවාහනය
මිල මට්ටමයි
ගැනුම්කරුවන්ගේ චේතනාවයි
වට්ටම් ප්‍රමාණයයි
වාණිජ බැංකුවක විශේෂ ලක්ෂණය වන්නේ,
ණය සැපයීම හා ඉතිරි කිරීමේ ගිණුම් මත තැන්පතු භාර ගැනීමයි
ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු මත තැන්පතු භාර ගැනීමයි
ජංගම ගිනුම් හා අනෙකුත් තැන්පතු මත තැන්පතු බාර ගැනීමයි
විශාල ව්‍යාපෘති සඳහා අදාල ව්‍යාපෘති ණය සැපයීමයි
රුවන්වැල්ල ලංකා බැංකුවේ ජංගම ගිණුමක් හිමි අසංග, අවිස්සාවේල්ල සෙලාන් බැංකුවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යන සිවනාදන්ගෙන් තම ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍රයක් මිලදී ගත් අතර ඒ සඳහා චෙක්පතකින් මුදල් ගෙවා ඇත.
ඉහත සිද්ධියට අදාළ චෙක්පතේ අණකරු අණලද හා ආදායකයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න
අසංග, ලංකා බැංකුව - රුවන්වැල්ල, සිවනාදන්
සිවනාදන්, සෙලාන් බැංකුව - අවිස්සාවේල්ල, අසංග
අසංග, සෙලාන් බැංකුව - අවිස්සාවේල්ල, සිවනාදන්
සිවනාදන්, ලංකා බැංකුව - රුවන්වැල්ල, අසංග
වසන්තම ව්‍යාපාරික ගනුදෙනු පහසු කර ගැනීමේ අරමුණින් චෙක්පත් මගින් ගණුදෙනු කිරීම සඳහා ජංගම ගිණුමක් ආරම්භ කිරීමට අදහස් කළේය. ඒ සඳහා වූ යායුතු බැංකුව/බංකු වන්නේ,
ජාතික ඉතිරිකිරීමේ බැංකුව
සී / ස හැටන් නැෂනල් බැංකුව
මහජන බැංකුව
ශ්‍රී ලංකා මහා බැංකුව
පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න
ස්ථාවර තැන්පතුවක පොලිය සඳහා ලබාගත හැක්කේ තැන්පතුව කල් පිරුණු පසු පමණි.
සාමාන්‍ය රේඛනයේ දී චෙක්පතේ මුහුණත සමාන්තර රේඛා දෙකක් ඇඳීම හා විශේෂ රේඛනයේ දී බැංකුවක නමක් ලිවිම පමණක් ප්‍රමාණවත් වේ
"ගනුදෙනු කළ නොහැක" යන රේඛනයෙන් අදහස් වන්නේ එම චෙක්පත ගනුදෙනු සඳහා යොදාගත නොහැකි බවයි
චෙක්පත පිටසන් කිරීම යනු චෙක්මපත මත පිටුපස අත්සන් කිරීමයි
නිවැරදි ගැලපීම පිලිවෙලින් ඇතුලත් පිළිතුර තෝරන්න
A, B, C, D
D, B, A, C
C, A, D, B
B, A, D, C
හර කාඩ්පතක් සම්බන්ධ පහත් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න
හර කාඩ්පත ණය පදනම මත නිකුත් කරයි
හර කාඩ්පතක් ලබා ගැනීමට බැංකු ගිණුමක් අවශ්‍ය නොවේ
හර කාඩ්පතකින් කරනු ලබන ගෙවීම් සඳහා පොලියක් අය කෙරේ
හර කාඩ්පතක් ගනුදෙනුකරුගේ තැන්පතු වටිනාකම මත නිකුත් කරයි
චෙක්පතක් රේඛනය කිරීම හා සම්බන්ධ පහත් ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය තෝරන්න
චෙක්පතක මුහුණත හරහා සමාන්තර රේඛා දෙකක් ඇඳීම විශේෂ රේඛනය වේ.
චෙක්පතක් රේඛනය කළ හැක්කේ අණකරු ට පමණි
රේඛිත චෙක්පතක් ලබා ගන්නා පුද්ගලයාට එය පවරනු ලබන පුද්ගලයාට වඩා වැඩි හිමිකමක් ලැබේ
රේඛනය කල චෙක්පතකට බැංකු කවුන්ටරයෙන් මුදල් ලබාගත නොහැකිය
මරදාන ලංකා බැංකු ශාඛාවේ ජංගම ගිණුමක් පවත්වාගෙන යන නිලූෂ සිය මිතුරෙකු වන රේණුකට රු 30 000 ක චෙක්පතක් ලියා දී රු 30 000 ක මුදල් ලබා ගත්තේය. රේණුක එම චෙක්පත අනුශ්කට ගෙවීමට තිබූ මුදලක් සඳහා පිරිනමන ලදී. මෙම චෙක්පතට බැංකු කවුළුවෙන් මුදල් ලබාගත නොහැකි නිසා අනුෂ්ක එම චෙක්පත සම්පත් බැංකුවේ තම ජංගම ගිනුමේ තැන්පත් කළේය.
මෙම චෙක්පතට අණලදු වන්නේ, සහ මෙම චෙක්පතට බැංකු කවුළුවෙන් මුදල් ලබාගැනීමට නොහැකි වූයේ,
රේණුක, එම චෙක්පතේ පැවැති දෝෂයක් නිසා ය.
සම්පත් බැංකුව, අනුෂ්කගේ නම චෙක්පතේ ආදායකයා ලෙස සඳහන් නොවීම නිසාය.
ලංකා බැංකුව, එම චෙක්පත රේඛනය කරන ලද චෙක්පතක් නිසාය.
නිලූෂ, ගිණුම් හිමියා(නිලූෂ) විසින් එම චෙක්පත බැංකුවට ඉදිරිපත් නොකළ නිසාය.
ණය කාඩ්පතක් ලෙස සැලකෙන්නේ,
ලංකා බැංකුවේ CEY NET
මහජන බැංකුවේ PET කාඩ්පත්
ලංකා බැංකුවේ ceybank වීසා
කොමර්ෂල් බැංකුවේ CAT SUPER කාඩ්පත්
A - සුනිමල් තම මෝටර් රථය රු 500 000 රක්ෂණයක කර ඇත. මෝටර් රථයේ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරක් සිදුවීමෙන් රු 350 000 ක අලාභයක් සිදු වීම නිසා, රක්ෂණ ආයතනය එම අලාභය ගෙවීමට ඉදිරිපත් විය. මෙම සිදුවීමට අදාල මූලධර්මය වන්නේ,
B "ශ්‍රී ලංකාව තුල ඛනිජ තෙල් මිල වැඩිවීම නිසා ජනතාව ඉමහත් අපහසුතාවයට පත්ව ඇත” ප්‍රකාශය තුළ ගම්‍ය වන ප්‍රවාහන මූලිකාංගය වන්නේ,-
ඉහත A සහ B ප්‍රශ්ණ සඳහා නිවැරදි පිළිතුරු පිලිවෙලින් ඇති පිළිතුර තෝරන්න
A -රක්ෂණ හිමිකම, B-මාධ්‍ය
A -හානිපූර්ණය, B-බලය
A -උපරිම විශ්වාසය, B-මාර්ග
A -දායකත්වය, B-පර්යන්ත
ඉහත X තීරුවේ දැක්වෙන සන්නිවේදන මාධ්‍යයන්ට නිදසුන් Y තීරුවෙන් නිවැරදිව ගැළපූ විට,
D, C, B, A
D, C, A, B
A, C, B, D
B, C, A, D
ගුවන් මාර්ග ප්‍රවාහනයේ ය.
ජළ මාර්ග ප්‍රවාහනයේ ය.
මහා මාර්ග ප්‍රවාහනයේ ය.
දුම්රිය මාර්ග ප්‍රවාහනයේ ය.
කුමාරසිරි සිය වෙළෙඳ ව්‍යාපාරයට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් ගිනි රක්ෂණ ඔප්පුවක් ලබා ගන්නා ලදී. පසුව සී/ස ලිට්රෝ ගෑස් සමාගමේ නියෝජිතයෙක් ලෙස ගෑස් බෙදාහැරීමේ කටයුතු එම ව්‍යාපාරය ස්ථානයේදීම ආරම්භ කරන ලදි. නමුත් ඒ බව රක්ෂණ සමාගමට දැනුම් දී නොතිබිනි. ගෑස් කාන්දුවකින් ව්‍යාපාරයේ ගින්නක් හටගත් අතර ඉන් ඇති වූ අලාභය සඳහා වන්දි ඉල්ලූ විට රක්ෂණ සමාගම එය ප්‍රතික්ෂේප කරන ලදී. මෙහි සඳහන් රක්ෂකයා හා රක්ෂිතයා පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න
කුමාරසිරි හා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා කුමාරසිරි.
සී/ස ලිට්රෝ ගෑස් සමාගම හා කුමාරසිරි.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා සී/ස ලිට්රෝ ගෑස් සමාගම
ප්‍රවාහනය සම්බන්ධයෙන් පහත ප්‍රකාශ අතුරින් එක්ඟ විය නොහැකි ප්‍රකාශය වන්නේ,
විශාල වශයෙන් මගීන් හා භාණ්ඩ ප්‍රමාණයක් එකවර ප්‍රවාහනය කළ හැකි වීම ජල පරිවහනය වාසියකි
ව්‍යාපාර කටයුතු කාර්යක්ෂමව කිරීම සඳහා ප්‍රවාහනය දායක වේ.
ප්‍රවාහන වියදම් ඉහළ යාම භාණ්ඩ මිල ඉහළ යාමට හේතු වේ.
බොහෝ විට ගමනාන්තය දක්වාම ප්‍රවාහනය කළ හැකිවීම දුම්රිය ප්‍රවාහනයේ වාසියකි
වර්තමානයේ සන්නිවේදන ආයතන බහුලව දක්නට ලැබේ. මෙම සියලුම ආයතන පාලනය කරනු ලබන ආයතන වනුයේ,
තැපැල් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය
විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාව
සී/ස මොබිටෙල් සමාගම
පහත සඳහන් ප්‍රකාශ සත්‍ය සහ අසත්‍යද යන්න පිලිවෙලින් ඇතුලත් නිවැරදි පිළිතුර තෝරන්න
A - අයිතිකරුවන් හා කළමනාකරුවන් ව්‍යාපාරයක බාහිර සන්නිවේදනයට අදාල පාර්ශවයන් වේ
B - ආයතනයක අභ්‍යන්තර සන්නිවේදනයට සාපේක්ෂව බාහිර සන්නිවේදනය සිදුවන වාර ගණන අඩුවේ. C - රැස්වීම්, සාකච්ඡා හා වැඩමුළු ලිඛිත සන්නිවේදන ස්වරූපයට අයත් මාධ්‍යන්වලට නිදසුන් ලෙස ගත හැකිය
D - සුදුසු සන්නිවේදන මාධ්‍යයක් තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු ලෙස සුදුසුබව, පිරිවැය, වේගවත් බව හා භාවිතයේ පහසුව යන කරුණු ප්‍රධාන වේ.
A - අසත්‍යයි, B-අසත්‍යයි, C-අසත්‍යය, D- සත්‍යයි
A - සත්‍යයි, B-සත්‍යයි, C-අසත්‍යය, D- සත්‍යයි
A - අසත්‍යයි, B-සත්‍යයි, C-අසත්‍යය, D- සත්‍යයි
A - අසත්‍යයි, B-සත්‍යයි, C-අසත්‍යය, D- අසත්‍යයි
ගයාන් තම ගුවන් ටිකට්පත මිලදී ගෙන ලංකා බැංකු හරපතකින් ගෙවීම් කරන ලදී. මෙම ගනුදෙනුව සිදු කිරීමට ගයාන් සතුව, ලංකා බැංකුවේ
ණය පතක් තිබිය යුතුය
කිසිදු ගිණුමක් තිබිය යුතු නැත
වියදම් කළ ශේෂයට සමාන ශේෂයක් සහිත ස්ථාවර තැන්පතුවක් තිබිය යුතුය
වියදම් කළ ශේෂයට සමාන ශේෂයක් සහිත ඉතිරි කිරීමේ ගිණුමක් තිබිය යුතුය
ඉහත දී ඇති ප්‍රවාහන මුලිකාංග අනුපිලිවෙල අනුව, නිදසුන් නිවැරදිව ගලපන ලද පිළිතුර තෝරන්න
B,D,A,C
B,D,C,A
D,B,A,C
D,C,A,B
