wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 4 Muthugala Sir Online Test

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

ජනවාරි මස පළවෙනිදා සදුදා දවසක් නම් එම මාසයේ බදාදා දවස් කීයක් තිබේද ?

a)

4

b)

5

c)

6

2.

තාත්තාගේත් පුතාගෙත් වයස්වල එකතුව අවුරුදු 67 කි .පුතාට වඩා තාත්තා අවුරුදු විසි 25ක් වැඩිමහල්ය.තාත්තාගේ වයස කීයද ?

a)

46

b)

44

c)

45

3.

තාත්තාගේත් පුතාගෙත් වයස්වල එකතුව අවුරුදු 67 කි .පුතාට වඩා තාත්තා අවුරුදු විසි 25ක් වැඩිමහල්ය. පුතාගෙ වයස කීයද ?

a)

23

b)

22

c)

21

4.

මා ළඟ රුපියල් දෙකේ කාසියක් හා පහේ කාසිවලින් රුපියල් 25 ක් ඇත. මා ළඟ තිබිය හැකි වැඩිම පහේ කාසි ගණන කීයද ?

a)

5

b)

4

c)

3

5.

මීටර් 50 දුර දිවීමේ තරඟයකදී අමර තත්පර 12ක් ද නිමල් තත්පර 13 ක් ද සුනිල් තත්පර 10 ක් ද ඉසුරු තත්පර 14 ක් ද ගත කර ඇත.මෙම තරගයේ පළමුව ස්ථානය ගත්තේ කවුද ?

a)

ඉසුරු

b)

සුනිල්

c)

අමර

6.

මීටර් 50 දුර දිවීමේ තරඟයකදී අමර තත්පර 12ක් ද නිමල් තත්පර 13 ක් ද සුනිල් තත්පර 10 ක් ද ඉසුරු තත්පර 14 ක් ද ගත කර ඇත.

මෙම තරගය නිම වීමට ගත වූ කාලය කොපමණද ?

a)

තත්පර 49

b)

තත්පර 10

c)

තත්පර 14

7.

පහත අකුරු දෙස බලා ඊළඟට ආයුතු වචනය තෝරන්න.

සාගර → රාත්‍රිය→ යානය...

a)

යතුර

b)

යාත්‍රාව

c)

යාපනය

8.

අමල් වඩා කමල් උස නමුත් විමල්ට වඩා මිටියි .

මිටිම තැනැත්තා කවුද ?

a)

අමල්

b)

කමල්

c)

විමල්

9.

අමල් වඩා කමල් උස නමුත් විමල්ට වඩා මිටියි .

උසම තැනැත්තා කවුද ?

a)

අමල්

b)

කමල්

c)

විමල්

10.

පෙරේදා සිකුරාදා දවසක් නම් අනිද්දා කවදාද?

a)

අඟහරුවාදා

b)

සදුදා

c)

ඉරිදා

11.

ගසක උඩ ඇත්තේ මෙන් දෙගුණයක් යටතේ කුරුල්ලෝ සිටිති. යටින් දෙකක් උඩට ගියහොත් අතු දෙකේම කුරුල්ලො ගණන සමාන වෙයි .කුරුල්ලන් ගණන කීයද?

a)

9

b)

15

c)

12

12.

අපේ මිදුලෙ කාර් හා ත්‍රීරෝද රථ 7ක් නවතා ඇත. ඒවායෙ මුළු රෝද ගණන 25 කි. එහි තිබෙන කාර් ගණන කීයද

a)

5

b)

4

c)

6

13.

ඉටිපන්දමක් විනාඩි පහළොවක් දැල්විය හැකිය. ඉටිපන්දම් හතරක් එක වර දැල් වූ විට නිවෙන්නට ගත්වන කාලය කොපමණද?

a)

විනාඩි 60

b)

විනාඩි 75

c)

විනාඩි 15

14.

පහත රූපයේ සමචතුරශ්‍ර ගණන කීයද ?

a)

6

b)

8

c)

10

15.

ඉහත රූ රූපයේ දක්නට ලැබෙන චතුර්ශ්‍ර ගණන කීයද?

a)

10

b)

15

c)

18

16.

මා උදෑසන පාසල් යන විට මගේ හෙවණැල්ල මාගේ වම් අත පැත්තට වැටුණේ නම් මා ගමන් කරන දිශාව වන්නේ,

a)

උතුර

b)

දකුන

c)

නැගෙනහිර

17.

ඔරලෝසුවක වෙලාව 2:30 ලෙස පෙනේ. මූණ බලන කණ්ණාඩියකින් බැලූ විට පෙනෙන වෙලාවක් කීයද ?

a)

10:30

b)

8:30

c)

9:30

18.

පහත ඉලක්කම් පිහිටා ඇති ආකාරය බලා ඊළඟට ආ යුතු සංඛ්‍යාව කීයද?

456 , 564 , 645

a)

564

b)

654

c)

456

19.

පහත රූප වලින් සමමිතික රේඛා වැඩිම රූපය වන්නේ,

a)

සෘජුකෝණාස්‍රය

b)

සමචතුරස්‍රය

c)

වෘත්තය

20.

ඝනවස්තුවක් නොවන්නේ,

a)

සිලින්ඩරය

b)

ඝනකය

c)

ත්‍රිකෝණය