wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 - ICT

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

පහත සඳහන් කුමක් අතුරින් පරිග‍නක සකසු තාක්‍‍‍‍‍‍‍‍ෂ‍ණයේ පරිණාමයට අදාල නිවැරදි පටිපාටිය දැක්වේ ද?

a)

ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිප‍‍ථ, රික්තක නළ

b)

ට්‍රාන්සිස්ටර්, රික්තක නළ, අනුකලිත පරිප‍‍ථ,ක්ෂද්‍ර පරිපථ

c)

රික්තක නළ , අනුකලිත පරිප‍‍ථ , ට්‍රාන්සිස්ටර්

d)

රික්තක නළ, ට්‍රාන්සිස්ටර් , අනුකලිත පරිප‍‍ථ

2.

පහත දෑ සලකන්න.

A - ශිෂ්‍යයෙකු ගණිත විෂයය සඳහා ලබාගත් ලකුණු

B - පන්තියේ සියලු ශිෂ්‍යයින්ගේ ගණිත විෂයයෙහි සාමාන්‍ය ලකුණු

ඉහත A හා B ට අදාළව පහත සඳහන් දෑ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?

a)

A හා B දෙකම දත්ත නිරූපණය කරයි.

b)

A හා B දෙකම තොරතුරු නිරූපණය කරයි.

c)

A දත්ත නිරූපණය කරන අතර B තොරතුරු නිරූපණය කරයි

d)

B දත්ත නිරූපණය කරන අතර A තොරතුරු නිරූපණය කරයි

3.

දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තනය සලකන්න.

දත්තය X තොරතුරු

ඉහත X සඳහා පහත කුමක් වඩාත් උචිත වේ ද?

a)

සංදර්ශනය කිරීම(displaying)

b)

සැකසුම(processing)

c)

ක්‍රමලේඛනය(programming)

d)

පරීක්ෂා කිරීම(testing(

4.

මධ්‍යම සැකසුම් ඒකකයෙහි රික්ත නාල ට්‍රාන්සිස්ටර් මගින් ද, ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ මගින් ද ප්‍රතිස්‍තාපනය වීමේ ප්‍රති‍ඵලය වූයේ කුමක් ද?

a)

සැකසුම් බලය සහ විදුලිබල පරිභෝජනය යන දෙක ම ඉහළ යාම

b)

සැකසුම් බලය ඉහළ යාම සහ විදුලිබල පරි‍භෝජනය පහළ බැසීම

c)

සැකසුම් බලය පහළ බැසීම සහ විදුලිබල පරිභෝජනය ඉහළ යාම

d)

සැකසුම් බලය සහ විදුලිබල පරිභෝජනය යන දෙකම පහළ බැසීම

5.

පරිගණක පරිනාමය පිළිබඳව සලකා බැලීමේ දී රික්තක නළය (vacuum tube) ට්‍රාන්සිස්ටරය මගින් ප්‍රතිස්ථාපනය වූ අතර ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටරය, අනුකලිත පරිපථ‍ (IC) මගින් ප්‍රතිස්ථාපනය විය. මෙහිදී පරිගණකයේ ..... A ...... වැඩි වූ අතර .....B..... අඩු විය.

A හා B සඳහා යෝග්‍ය පද වන්නේ පිළිවෙලින්,

a)

කාර්යක්ෂමතාව, භෞතික ප්‍රමාණය

b)

කාර්යක්ෂමතාව, විශ්වස්‍යතාව (reliability)

c)

භෞතික ප්‍රමාණය, කාර්යක්ෂමතාව

d)

භෞතික ප්‍රමාණය, පිරිවැය

6.

තාක්ෂණයේ දියුණුවත් සමඟ ම රික්තක බට (vacuum tubes) ට්‍රාන්සිස්ටර් මගින් ආදේශ විය. එයට අදාළ ව පරිගණකයේ ඇති වූ වෙනස්කම් නිවැරදි ව දැක්වෙන්නේ පහත සඳහන් කුමන පිළිතුරෙන් ද ?

a)

වේගය අඩු විය, විදුලිය භාවිතය වැඩි විය, විශාලත්වය අඩු විය.

b)

වේගය අඩු විය, විදුලිය භාවිතය වැඩි විය, විශාලත්වය වැඩි විය

c)

වේගය වැඩි විය, විදුලිය භාවිතය අඩු විය, විශාලත්වය අඩු විය

d)

වේගය වැඩි විය, විදුලිය භාවිතය අඩු විය, විශාලත්වය වැඩි විය

7.

සිසුවෙකු වාර්තාවක් සකස් කර එය පරිගණකය තුල ඇති ස්ථිර ආචයන (Permanent Storage)උපක්‍රමය (උපක්‍රම 1) තුල සුරකිනු ලබයි. ඔහු මෙම වාර්තාව මිතුරෙකුට ලබා දීම සදහා සුවහනීය ආචයනය(Portable Storage) උපක්‍රමයට(උපක්‍රම 2) පිටපත් කරනු ලබයි. උපක්‍රම 1 හා 2 පිළිවෙලින් නිරෑපණය කිරීම සදහා වඩාත් සුදුසු වන්නේ පහත සදහන් කවරක්ද?

a)

ප්‍රධාන මතකය (Main Memory) හා සැනෙලි මතකය (Flash Memory)

b)

දෘඩ ඩිස්කය(Hard Disk) හා සුසංහිත ඩිස්කය(CD)

c)

ප්‍රධාන මතකය(Main Memory) හා සුසංහිත ඩිස්කය(CD)

d)

දෘඩ ඩිස්කය(Hard Disk) හා ප්‍රධාන මතකය (Main Memory)

8.

අංකිත කැමරා භාවිතයෙන් පුද්ගලයෙකු ඡායාරුපයක් ගනී.අනතුරුව ඔහු කැමරාවේ ඇති සංදර්ශකය භාවිතයෙන් එම ඡායාරුපය ඔහු‍ගේ මිතුරෙකුට පෙන්වයි. මෙම සිද්ධියේදී කැමරාවේ කාර්ය වන්නේ

a)

ආදාන උපක්‍රමයක් ලෙස පමණි

b)

ප්‍රතිදාන උපක්‍රමයක් ලෙස පමණි

c)

සන්නිවේදන උපක්‍රමයක් ලෙස පමණි

d)

ආදාන ප්‍රතිදාන උපක්‍රම ලෙසය.

9.

A හා B නම් වු පරිගණක දෙකෙහි මතක ධාරිතා(Memory Capacity) පිළිවෙලින් 1GB හා 1024MB ක් වේ. ඒවායේ මතක ධාරිතා සම්බන්ධයෙන් නිවැරදි වගන්ති වන්නේ කුමක්ද?

a)

B පරිගණකයට වඩා වැඩි මතක ධාරිතාවක් A පරිගණකයට තිබේ.

b)

A පරිගණකයට වඩා වැඩි මතක ධාරිතාවක් B පරිගණකයට තිබේ

c)

පරිගණක දෙකෙහි ම මතක ධාරිතා සමාන වේ.

d)

විවිධ මිනුම් ඒකක භාවිතා කර ඇති බැවින් පරිගණක දෙකෙහි මතක ධාරිතා සැසදිය නොහැකිය.

10.

පහත දක්වා ඇති නූතන ආචයන මාධ්‍ය ධාරිතාව වැඩිවන අනුපිළිවෙලට දැක්වෙන්නේ පහත කුමකින්ද?

a)

සංයුක්ත තැටි (CD), සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD), දෘඩ ඩිස්කය (Hard Disk)

b)

සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD) , සංයුක්ත තැටි (CD), දෘඩ ඩිස්කය (Hard Disk)

c)

සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD), දෘඩ ඩිස්කය (Hard Disk) , සංයුක්ත තැටි (CD)

d)

දෘඩ ඩිස්කය (Hard Disk) , සංයුක්ත තැටි (CD), සංඛ්‍යාංක බහුවිධ තැටි(DVD)

11.

පරිගණකයක සසම්භාවී පිවිසුම් මතක(RAM) ධාරිතාව 4GB වේ. එම මතක ධාරිතාව සමාන වන්නේ පහත කුමකටද?

a)

4096 bytes

b)

4096 KB

c)

4096 MB

d)

4096 TB

12.

මෘදුකාංගයක් ක්‍රියාත්මක වන විට එහි උපදෙස්(instructions) හා දත්ත(data) ............... සිට වාරක මතක (Cache memory)හරහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත සෘජුවම ගෙන එනු ලැබේ. ඉහත වැකියේ හිස්තැන පිරවීම සදහා සුදුසු කුමක්ද?

a)

සංයුක්ත තැටියේ

b)

දෘඩ ඩිස්කයේ

c)

ප්‍රධාන මතකයේ

d)

පරිගණක ජාලයේ

13.

පරිගණක ජාල සම්බන්ධයෙන් පහත දෑ අතරින් කුමක් නිවරදිද?

A- ජාලය කැඩී හෝ අවහිර වී ඇත්නම් සම්පත් හවුලේ භාවිතය අසීරු විය හැකිය.

B-පරිගණක ජාලයක් සැකසීමේදී පරිගණක 2 ක් හෝ වැඩි සංඛ්‍යාවක් සැමවිටම රැහැන් මගින් සම්බන්ධ කල යුතුය.

C-පරිගණක ජාල මගින් මෘදුකාංග මධ්‍යගතව කළමණාකරණය කල හැකිය

a)

A සහ B පමණි

b)

A සහ C පමණි

c)

B සහ C පමණි

d)

A ,B, C යන සියල්ලම

14.

පහත දැක්වෙන උපක්‍රම සලකා බලන්න

A - අංකිත කැමරාව

B -ස්පීකරය

C- දෘඩ තැටිය

පරිගණක ප්‍රතිදාන උපක්‍රමයක් / උපක්‍රම ලෙස සාමාන්‍යෙයන් භාවිතා කරනු ලබන්නේ ඉහත සදහන් කවරක්ද?

a)

A පමණි

b)

B පමණි

c)

A සහ Bපමණි

d)

B සහ C පමණි

15.

මධ්‍ය සැකසුම් ඒකකයේදී(CPU) ක්‍රමලේඛනයක් (Program)ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් පහත සදහන් කවරක් නිවැරදි වන්නේද?

a)

උපදෙස් හා දත්ත ප්‍රධාන මතකයෙන්(Main Memory) රැගෙන එනු ලබයි.

b)

උපදෙස් ප්‍රධාන මතකයෙන් රැගෙන එනු ලබන අතර දත්ත ද්වීතීයික ආචයනයෙන් (Secondary Storage)රැගෙන එනු ලබයි

c)

උපදෙස් ද්විතීයික ආචයනයෙන් ගෙන එනු ලබන අතර දත්ත ප්‍රධාන මතකයෙන් රැගෙන එනු ලබයි.

d)

උපදෙස් හා දත්ත ද්විතීයික ආචයනයෙන් රැගෙන එනු ලබයි.

16.

මහනුවර වාසය කරන කසුන් ඔහුගේ පරිගණකය මගින් සංඛ්‍යාංක චිත්‍රයක්(Digital Art) සකසනු ලබන්නේ ප්‍රතිබිම්බ ගොනුවක්(Image File) ලෙසය. කොළඹ යාපනය ඉන්දියාවේ හා ජපානයේ වෙසෙන ඔහුගේ මිතුරන් සතරදෙනෙකුට මෙම චිත්‍රය දැක බලා ගැනීමට සැලැස්වීමට(Share) කසුන්ට අවශ්‍යව තිබේ. මේ සදහා යෝග්‍ය ක්‍රමය/ක්‍රම වන්නේ පහත සදහන් දෑ අතුරෙන් කවරක්ද?

A - යහලුවන්ගේ පරිගණක වලට මෙම ගොනුව යැවීම සදහා ස්ථානීය ප්‍රදේශ ජාලයක්(LAN) හරහා ගොනු තැන්මාරු (File transfer) මෘදුකාංගයක් භාවිතා කිරීමයි

B- විද්‍යුත් තැපෑල(E-mail) භාවිතය

C -අදාල ගොනුව USB සැනෙලි මතකය(Flash memory) ධාවක 4 කට පිටපත් කර ඒවා සාමාන්‍ය තැපෑලෙන් මිතුරන් වෙත යැවීමයි.

a)

A පමණි

b)

B පමණි

c)

A සහ Bපමණි

d)

A සහ C පමණි

17.

අන්තර්ජාලයට සම්බන්ධිත පරිගණක ජාලයක් මගින් ලැබෙන වාසියක් නොවන්නේ පහත සදහන් දෑ අතුරෙන් කවරක්ද?

a)

අන්තර්ජාලයට සම්බන්ධිත වෙනත් පරිගණක ජාලයක පිහිටි ගොනු සේවා දායකයක් (file server)වෙත ගොනු උපස්ථ කිරීම

b)

වයිරස හා ද්වේශ සහගත මෘදුකාංග(malware) අවදානම අඞු වීම

c)

ජාලය තුල ඇති සම්පත් හවුලේ භාවිතය

d)

වෙබ් භාවිතය

18.

පරිගණක මධ්‍ය සැකසුම් ඒකකය(CPU) පහත දක්වා ඇති කවරකින් සමන්විත වේද?

a)

අංක ගණිතමය හා තාර්කික ඒකකය(ALU), පාලන ඒකකය(CU), සංදර්ශකය(Display Unit)

b)

අංක ගණිතමය හා තාර්කික ඒකකය(ALU), පාලන ඒකකය(CU), ආදාන ප්‍රතිදාන උපක්‍රම

c)

අංක ගණිතමය හා තාර්කික ඒකකය(ALU), පාලන ඒකකය(CU), මතක රෙජිස්තරය

d)

අංක ගණිතමය හා තාර්කික ඒකකය(ALU), පාලන ඒකකය(CU), ද්විතියීක ආචයනය

19.

පහත දී ඇති උපක්‍රම සලකන්න

A - මූසිකය

B- ස්පර්ශ තිරය

C -ලිවිය හැකි බාහිරDVD ධාවකය

ඉහත කුමන උපක්‍රම අදාන හා ප්‍රතිදාන යන දෙකම සදහා භාවිතා කල හැකිද?

a)

A සහ B පමණි

b)

A සහ C පමණි

c)

B සහ C පමණි

d)

A ,B, C යන සියල්ලම

20.

පහත ඒවායින් කුඩාම මතකය වන්නේ

a)

RAM

b)

Register

c)

ROM

d)

CD