WorksheetsEconomics TEST- 01 2023 A/L by Bandara K Dissanayake
Total questions: 26
Worksheet time: 26mins
සමාජයීය විද්‍යාවක් නොවන්නේ?
ආර්ථික විද්‍යාව
මනෝ විද්‍යාව
දේශපාලන විද්‍යාව
සමාජ විද්‍යාව
ජීව විද්‍යාව
යථානුරූපී ප්‍රකාශයක ලක්ෂණයක් නොවන්නේ ?
කුමක්ද ? කුමක් වනු ඇද්ද ? වැනි ප්‍රශ්න හා බැදුනු පිළිතුරු ප්‍රකාශ වේ.
කිසියම් විචල්‍යයන් කිහිපයක් අතර පවත්නා සම්බන්ධතාවය පෙන්වන ප්‍රකාශ වේ.
එබදු ප්‍රකාශ හරි හෝ වැරදි විය හැක
කුමක් විය යුතුද? යන ප්‍රශ්නයට දෙනු ලබන පිළිතුර හා බැදුනු ප්‍රකාශ වේ.
විද්‍යත්මක ස්වරූපයක් ගන්නා ප්‍රකාශ වේ.
සූක්ෂම ආර්ථික විචල්‍යයක් නොවන්නේ?
තනි ඉල්ලුම්කරුවකුගේ ඉල්ලුම
තනි සැපයුම කරුවකුගේ සැපයුම
රටේ දේශීය නිමැවුම
කිසියම් තනි භාණ්ඩයක මිල තීරණය වන ආකාරය
තනි නිෂ්පාදන සාධකයක මිල තීරණය වන ආකාරය
අවශ්‍යතාවය ආහාර නම් වුවමනාවක් වන්නේ?
කලිසම්
කිරිබත්
බස් රථ
දුම්රිය ප්‍රවාහන
ජංගම දුරකථන
නීච භාණ්ඩයක් වන්නේ?
අපිරිසිදු වාතය
සපත්තු
සෙරෙප්පු
පාන්
ගුවන් යානා
වුවමනාවන්ගේ ලක්ෂණයක් නොවන්නේ?
සම්ප්‍රදායන් සිරිත් විරිත සමග බැදී පවතී.
කාලයත් සමග වෙනස් වේ
සීමිත වේ
අසීමිත වේ
ප්‍රචාරණය තුලින් වැඩි වේ.
නිෂ්පාදනයේදී ආවස්ථික පිරිවැයක් හට ගන්නා භාණ්ඩයක් නොවන්නේ?
පාසල් ළමුන්ට රජයෙන් ලබා දෙන නිල ඇදුම්
හිරු එළිය
සූර්‍යා ලෝකයෙන් උත්පාදනය කර ගන්නා විදුලිය
දියඇලි භාවිතයෙන් ජනනය කර ගන්නා විදුලි බලය
යුධ උපකරණ
භූමිය යන්නට ඇතුලත් නොවන්නේ?
වැවක්
ඛනිජ නිධියක්
වර්ෂාව
මහා මුහුදේ මත්ස්‍ය සම්පත
යාල වනයේ සිටින අලි රංචුවක්
"ජාතීන්ගේ ධනය" යන ග්‍රන්ථය ලියන ලද්දේ?
ඩේවිඩ් රිකාඩෝ
ඇඩම් ස්මිත්
ඇල්ෆ්‍රඩ් මාර්ෂල්
ජේ.එම් කේන්ස්
රොබට් නොක්ස්
ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය ලෙස නොසලකන්නේ?
වැවක්
කුඹුරක්
කර්මාන්ත ශාලාවක්
අමුද්‍රව්‍ය තොගයක්
ව්‍යාපාර කොටස්
ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි සම්පතක් නොවන්නේ ?
සාගරයේ මත්ස්‍ය සම්පත්
ඛනිජ තෙල්
යපස්
මිනිරන්
ස්වාභාවික ගෑස්
ආර්ථික පොදුකාර්‍ය පිරිවැය ප්‍රාග්ධනයක් නොවන්නේ?
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය
මත්තල ගුවන් තොටුපළ
කොළඹ මහ රෝහල
කොළඹ වරාය
ලක්ෂපාන විදුලි බලාගාරය
ව්‍යවසායකයාගේ කාර්‍යයක් නොවන්නේ?
භාණ්ඩයක් නිපදවීමට ආරම්භකව ක්‍රියා කිරීම
නව්‍යතා හදුන්වා දීම
අවධානම් දැරීම
විකුණුම් උපරිම කිරීම
ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීම
ව්‍යවසායකයකුගේ පුද්ගල ගති ලක්ෂණයක් නොවන්නේ?
ස්ව ශක්තිය පිළිබඳ විශ්වාසය
සේවකයින් විශ්වාස කිරීම
නායකත්ව ගුණාංග
අභියෝග වලට මුහුණ දීම
අනාගතය පිළිබඳ දැක්ම
ශ්‍රමයේ ඵලදායීතාවය ඉහල යාම කෙරෙහි බල නොපාන්නේ?
භෞතික ප්‍රාග්ධනය
මානව ප්‍රාග්ධනය
ස්වාභාවික සම්පත්
සමාජ ප්‍රාග්ධනය
රටේ ජනගහනය
සමාජ ප්‍රාග්ධනය යන්නට අයත් නොවන්නේ?
පාසල් ගොඩනැගිලි
විස්තෘත පවුල් ඒකක
මරණාධාර සමිති
කුලගන සමිති
ආගමික සංවිධාන(තාවතිංස යාත්‍රා)
ස්ථාවර ප්‍රාග්ධනයේ සංරචකයක් නොවන්නේ?
උදලු
පරිගණක
අමුද්‍රව්‍ය
කාලතුවක්කු
තේ වගා කල ඉඩමක්
ස්පර්ශ කල නොහැකි ද්‍රව්‍යමය වස්තුවක් නොවන්නේ?
භෞතික ප්‍රාග්ධනය
මානව ප්‍රාග්ධනය
ස්වාභාවික ප්‍රාග්ධනය
අමුද්‍රව්‍ය
ස්වාභාවික සම්පත්
නොමිල භාණ්ඩයක් ලෙස නොසලකන්නේ පහත කවරක්ද?
හිරු එළිය
වර්ෂා ජලය
සඳ එළිය
වාතය
ඔබට මිතුරකුගේ නිවසින් නොමිලේ ලැබෙන දිවා ආහාරය
කළමනාකරුවන් සාධක ඵලදායීතාවය ඉහළ නංවන්නේ?
ඉහළ වැටුප් ලබා ගැනීම මගිනි.
ව්‍යවසායකයා ඉක්මවා නිෂ්පාදන තීරණ ක්‍රියාත්මක කිරීම මගිනි.
නාස්තිය වැලැක්වීම මගිනි
අකාර්යක්ෂම සේවකයින් රැකියාවෙන් පහ කිරීම මගිනි
පවතින රජයට පක්ෂග්‍රාහී ව කටයුතු කිරීම මගිනි.
මේ අතුරින් නිෂ්පාදන සාධකයක් නොවන්නේ?
ස්වාභාවික සම්පත්
මානව සම්පත්
ප්‍රාග්ධනය
රුපියල් 5000 නෝට්ටුවක්
ව්‍යවසායකත්වය
හිඟකම පිළිබඳ ප්‍රශ්නය,
පවතින්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පමණි.
පවතින්නේ වෙළදපල ආර්ථික වල පමණි
පවතින්නේ භාණ්ඩ හා සේවා වල මිල ගණන් ඉතා අධික බැවිනි
දැනට පැවතියත් ආර්ථිකය වර්ධනය වන විට එය බැහැරව යන බැවිනි.
පවතිනුයේ සම්පත් සීමා සහිත වන බැවිනි
ආර්ථික විද්‍යාවේදී හදාරනු ලබන්නේ?
සම්පත් හිඟකම හා පූර්ණ සේවා නියුක්තිය පිලිබදවය
සම්පත් හිඟකම හා නිෂ්පාදනය පිලිබදවය
සම්පත් හිඟකම හා තෝරා ගැනීම පිලිබදවය
සම්පත් හිඟකම හා කාර්‍යක්ශමතාවය පිලිබදවය
සම්පත් හිඟකම හා ආදේශකතාවය පිලිබදවය
සෑම රටකටම පොදු මූලික ආර්ථික ප්‍රශ්නය වන්නේ?
විශාල මුදල් ප්‍රමාණයක් සීමිත භාණ්ද ප්‍රමාණයක් පසුපස හඹා යාමය
හිග ස්වාභාවික සම්පත් අධික ලෙස ප්‍රයෝජනයට ගැනීමය
පරිසරය දූෂණය වීමය
අසීමිත වුවමනාවන් සපුරා ගැනීමට සම්පත් හිඟකම බාධාවක් වීමය
දුප්පත්කම වැඩිවීමය
පහත සදහන් දෑ අතුරින් හිග සම්පතක් වන්නේ කුමක්ද ?
ගල් අගුරු
ජලය
පුහුණු ශ්‍රමය
කාලය
ඉහත සදහන් සියල්ලම
Jjhjkjgjjklkk
Hjjh
Jjj
Hjji
Hjjji
