Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Road to 9As - Science day 02

Total questions: 19

Worksheet time: 38mins

Name
Class
Date
1.

1. CH3OH 48 g තුළ

(C – 12, O – 16, H – 1)

a)

CH3OH මවුල 2ක් අඩංගු යේ

b)

CH3OH අණු 12.044 × 1023 ක් අඩංගු යේ.

c)

H පරමාණු මවුල 6ක් අඩංගු යේ.

d)

O පරමාණු 24.088 × 1023 ක් අඩංගු යේ

2.

1. පහත සඳහන් ප්‍රකාශ සළකන්න.

A. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට ඒකක නැත.

B. CO2 44 g ක පරමාණු මවුල 1ක් ඇත.

C. H2 2 g හා Cl2 71 g වල අඩංගු පරමාණු සංඛ්‍යා සමාන වේ.

D. NH3 2 mol නියැදියක් හා H2O2 1 mol නියැදියක් සැලකූ විට ඒවායේ ස්කන්ධ සමාන වේ.

(C – 12, O – 16, H – 1, N – 14, Cl – 35.5)


මේවා අතරින් සත්‍ය වන්නේ,

a)

A, B පමණි

b)

C, D පමණි

c)

A, B, D පමණි.

d)

A, C, D පමණි

3.

පහත ප්‍රකාශවලින් අසත්‍ය වන්නේ,

a)

මවුලික ස්කන්ධය යනු ඕනෑම ද්‍රව්‍යයක මවුලයක ස්කන්ධයයි.

b)

සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට, සාපේක්ෂ අණුක ස්කන්ධයට හා මවුලික ස්කන්ධයට ඒකක නොමැත.

c)

ඕනෑම ද්‍රව්‍යයක ප්‍රමාණයක ස්කන්ධය එම ද්‍රව්‍යයේ මවුලික ස්කන්ධයෙන් බෙදූ විට එහි අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය (මවුල ප්‍රමාණය) ලබාගත හැක

d)

යම් ද්‍රව්‍යයක මවුලයක අන්තර්ගත මූලික ඒකක සංඛ්‍යාව නියතයකි.

4.

1. පහත සං‍යෝගවල 1 g තුළ වැඩිම ඔක්සිජන් පරමාණු මවුල ගණනක් අඩංගු වන්නේ,

(C – 12, O – 16, H – 1, N – 14, Ca – 14)

a)

(1) NO2

b)

(2) CO2

c)

(3) H2O

d)

(4) CaCO3

5.

සෝඩියම් පරමාණුවක ස්කන්ධය 3.819 × 10-23 g වේ. පරමාණුක ස්කන්ධ ඒකකයේ අගය 1.67 × 10-24 g වේ. සෝඩියම්වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය වන්නේ,

a)

1.67 × 10−24 g /3.819 × 10−23 g

b)

3.819 × 10−23 g /1.67 × 10−24 g

c)

1.67 × 10−24 g /3.819 × 10−23 g × 1/ 12

d)

3.819 × 10−23 g 1.67 × 10−24 g×1 /12

6.

ඔක්සිජන් මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය 16 කි. මෙයින් අදහස් වන්නේ,

a)

ඔක්සිජන් පරමාණු 16 ක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයට සමාන බවයි

b)

ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණු 16ක ස්කන්ධයට සමාන බවයි.

c)

ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් ක ස්කන්ධයට සමාන බවයි.

d)

ඔක්සිජන් පරමාණුවක ස්කන්ධය 12C පරමාණුවක ස්කන්ධයෙන් ක මෙන් 16 ගුණයකට සමාන බවයි.

7.

CaCO3 250 g ක ඇති මුළු පරමාණු සංඛ්‍යාව කීයද?

a)

15.055 × 1023

b)

75.275 × 1023

c)

60.220 × 1023

d)

45.165 × 1023

8.

අන්තර්ජාතික ඒකක ක්‍රමයේ දී ද්‍රව්‍ය ප්‍රමාණය මැනීම සඳහා යොදා ගන්නා ඒකකය වන්නේ

a)

(1) ග්‍රෑම් ය.

b)

2) කිලෝග්‍රෑම් ය.

c)

(3) පරමාණුක ස්කන්ධ ඒකකය ය.

d)

(4) මවුලය ය.

9.

ඇවගාඩ්රෝ නියතය යන්න වඩාත් හොඳින් පැහැදිලි වන්නේ පහත කවර වගන්තියේ ද?

(H – 1, C – 12, O – 16, Ag – 108)

a)

(1) සිල්වර් 108 g ක අඩංගු පරමාණු සංඛ්‍යාව

b)

(2) කාබන්ඩයොක්සයිඩ් 44 g ක අඩංගු පරමාණු සංඛ්‍යාව

c)

(3) ග්ලූකෝස් 90 g ක අඩංගු පරමාණු සංඛ්‍යාව

d)

(4)ඇමෝනියා 34 g ක අඩංගු පරමාණු සංඛ්‍යාව

10.

අඩුම සාපේක්ෂ අණුක ස්කන්ධයක් සහිත සං‍යෝගය මින් කවරක් ද?

(H – 1, C – 12, O – 16, Al – 27, S – 32, Pb – 207)

a)

(1) PbO2

b)

(2) C6H12O6

c)

(3) C2H3OH

d)

4) Al2(SO4)3

11.

ජල අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය 18 කි. මේ අනුව පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය කුමක්ද?

a)

(1) ජල අණු මවුලයක ස්කන්ධය 18 g වේ.

b)

(2) ජලය මවුලයක ජල පරමාණු 18ක් අන්තර්ගත වේ.

c)

(3) ජලය 1 g ක් තුළ ජල අණු 6.022 × 1023 ක් අන්තර්ගත වේ.

d)

4) ජලය මවුල 1 ක් තුළ ඔක්සිජන් හා හයිඩ්‍රජන් මවුල 18 බැගින් අන්තර්ගත වන

බවයි.

12.

NaOH 10 g තුළ අඩංගු අණු සංඛ්‍යාවට සමාන අණු සංඛ්‍යාවක් අඩංගු වනුයේ,

(H – 1, Na – 23, O – 16, Mg – 24, Ca – 40)

a)

MgO 56 g තුළ ය.

b)

CO2 22 g තුළ ය.

c)

CaO 28 g තුළ ය.

d)

CaCO3 25 g තුළ

13.

C6H12O6 (ග්ලූකෝස්) මවුල 1ක් තුළ පවතින ඔක්සිජන් පරමාණු මවුල ගණන වන්නේ

a)

(1) 1 කි.

b)

(2) 6 කි.

c)

(3) 6.022 × 1023 කි.

d)

(4) නිශ්චිතව කිව නොහැක.

14.

යම් මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය සමස්ථානිකයේ පරමාණුවක ස්කන්ධය මෙන් දෙගුණයක් නම්, එම මූලද්‍රව්‍යයේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කොපමණද?

a)

(1) 12 කි.

b)

2) 24 කි.

c)

(3) 48 කි.

d)

(4) 96 කි.

15.

මැග්නීසියම් ග්‍රෑම් 6ක අඩංගු මැග්නීසියම් පරමාණු ගණන කොපමණ ද? (Mg – 24)

a)

1.505 × 1023

b)

3.011 × 1023

c)

6.022 × 1023

d)

2.4088 × 1023

16.

ජලය පිළිබද නිවැරදි වගන්තිය තෝරන්න. (O – 16, H – 1)

a)

(1) ජලය මවුලයක ස්කන්ධය 9 g කි.

b)

(2) ජලය මවුලයක අඩංගු හයිඩ්‍රජන් පරමාණු ගණන ඔක්සිජන් පරමාණු ගණනට සමාන ය.

c)

(3) ජලය මවුලයක අඩංගු ඔක්සිජන් පරමාණු ගණන මවුල 1කි.

d)

(4) ජලය මවුලයක අඩංගු ජල අණු ගණන 3.011 × 1023 කි.

17.

හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වියෝජනය සිදුවන ආකාරය පහත තුලිත සමීකරණයෙන් දැක්වේ. (O – 16)

2H2O2 = 2H2O (l) + O2 (g)


ඒ අනුව H2O2 (l) මවුලයකින් නිපදවෙන O2 ස්කන්ධය කොපමණ ද?

a)

8 g

b)

16 g

c)

32 g

d)

64 g

18.

අසත්‍ය ප්‍රකාශය තෝරන්න.

a)

(1) ඕනෑම මූලද්‍රව්‍ය මවුලයක ඇති පරමාණු සංඛ්‍යාව නියතයකි.

b)

(2) ඕනෑම මූලද්‍රව්‍යයක මවුලික ස්කන්ධය සමාන ය.

c)

(3) ඕනෑම අණුවක, එහි සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ස්කන්ධයක් ගත් විට එහි අණු සංඛ්‍යාව ඇවගාඩ්රෝ නියතයට සමානය.

d)

(4) CO2 හි සා.අ.ස් = C හි සා.ප.ස් + (2 × O හි සා.අ.ස්)

19.

1. සංශුද්ධ නොවන ඝන K2O සාම්පලයක අඩංගු K2O ස්කන්ධය සෙවීම සඳහා එහි වූ පොටෑසියම්, ජලයේ අද්‍රාව්‍ය පොටෑසියම්

ටෙට්රාෆීනයිල්බෝරේට් (KB(C6H5)4) ලෙස අවක්ෂේප කරවන ලදි. එලෙස ලද එම අවක්ෂේපයේ ස්කන්ධය 1.57 × 103 mg

නම් ආරම්භක මිශ්‍රණයේ තිබූ K2O ස්කන්ධය ගණනය කරන්න. (H = 1 ; B = 11 ; C = 12 ; O = 16 ; K = 39)

a)

(1) 0.412 g

b)

(2) 2.452 g

c)

(3) 0.206 g

d)

4) 0.824 g