NEW
Font size
WorksheetsECONOMICS ONLINE TEST - BANDARA K DISSANAYAKE
Total questions: 50
Worksheet time: 2hrs 40mins
පහත කවර ප්‍රකාශයට මෙම රූප සටහන අනුව ඔබට එකග විය හැකිද?
ආර්ථිකයේ නිෂ්පාදන කාර්‍යක්ශමතාවය පවතී නම් පමණක් නිපදවන බව A ලක්ශ්‍යයෙන් කියවේ.
සම්පත් බෙදී යාමේ කාර්‍යක්ශමතාවය C ලක්ශ්‍යයෙන් පෙන්වේ.
ආර්ථික විරැකියාවක් පවතින බව B මගින් පෙන්වේ.
D ලක්ශ්‍යයෙන් සේවා වියුක්තිය දක්වයි.
ඇතැම් විට E ලක්ශ්‍යය මගින් පූර්ණ සේවා නියුක්තිය තිබුණද සම්පත් කාර්‍යක්ශමව බෙදී ගොස් නොමැති බව පෙන්වයි.
ආවස්ථික පිරිවැයක් දැරීමට සිදු නොවන්නේ?
විශ්ව විද්‍යාල සිසුවකුට මහපොළ ශිෂ්‍යාධාරය රු. 5000ක් ලැබීම.
රජය සුරා බද්ද වැඩි කිරීම.
ජනපති වෙනුවෙන් මිලට ගැනීමට නියමිත අධි සුඛෝපභෝගී මෝටර් රථය මිලදී ගැනීම අත් හිටුවීම.
දුම්රිය මාර්ගයක් තැනීමට චීනයෙන් ණයක් ලබා ගැනීම.
විදුලි බලාගාරයකින් විදුලිය උත්පාදනය කිරීම.
ආර්ථික විද්‍යාවේ ප්‍රාග්ධනය යන්නට ඇතුලත් වන්නේ?
හම්බන්තොට වරායට යාබදව පිහිටි සාගරය
මත්තල ගුවන් තොටුපල ඉදි කිරීමට ගිය වියදම්
"ඩයලොග්" සමාගම කන්දක් මුදුනක ඉදි කර ඇති සිග්නල් කුලුණක්
"ඩයලොග්" සමාගමේ ව්‍යාපාර කොටස්
ට්‍රැක්ටරයකින් සීසාන ගොවියකුගේ වෙහෙස.
X හා Y යන භාණ්ඩ 2 පමණක් නිපදවන "ඉකොනොලන්තය" නම් ආර්ථිකයේ හැකියා මායිම,
Y = 100-2X මගින් දෙනු ලබයි.
මෙම ආර්ථිකය පිළිබදව ඔබ පහත කවර ප්‍රකාශය හා එකග නොවන්නේද?
වැඩෙන ආවස්ථික පිරිවැය පවතී
X නිපදවීමට යොදා ඇති සම්පත් Y නිපදවීමට ඒ ආකාරයෙන්ම යෝග්‍ය වේ.
X ඒකක 1ක ආවස්ථික පිරිවැය Y ඒකක වලින් මැන දැක්වූ විට ස්ථාවරය.
X කර්මාන්තයේ ශ්‍රමිකයකු X නිපදවීමට මෙන්ම Y නිපදවීමටද එකසේ කාර්‍යක්ෂම වේ.
හැකියා මායිම ස්ථාවර බෑවුමකින් යුක්ත වේ.
"ඇමරිකාව" ප්‍රබලව ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකය ක්‍රියාත්මක වන රටකි.එම රටේ ඔබට දැකගත නොහැකි ලක්ෂණය වන්නේ?
පෞද්ගලික දේපළ හිමිකම
මිල යාන්ත්‍රණය
රජයට පොදු භාණ්ඩ සැපයීමට සිදු වීම
පෞද්ගලික අංශය ලාභය මත තීරණ ගැනීම
සැලසුම් සම්පාදනය මගින් සියලුම හිග සම්පත් බෙදා හැරීම
සම්පත් හිඟකම යන්නට නිදසුනක් නොවන්නේ?
ලංකාණ්ඩුව රජයේ ගුරුවරයකුට රු.5000 කින් වැඩිකළ වැටුප ලබා දීමට අවශ්‍ය මුදල් සොයා ගැනීම පිලිබදව ගැටළුවකට මුහුණ දීම.
විශාල නිවසක හිමිකරු VAT බද්ද ගෙවීම පිලිබදව ගැටළුවකට මුහුණ දීම
පාසල් ගුරුවරයකු 'මරුති' කාරයක් මිලට ගැනීමට සැලසුම් කිරීම.
ලංකාණ්ඩුව අයවැය හිගය පියවා ගැනීමට අවශ්‍ය සම්පත් පිලිබදව ගැටළුවකට මුහුණ දීම
ආර්ථිකයේ කාර්‍යක්ශමතාවය යන්නට අයත් නොවන්නේ?
ලංකාණ්ඩුව වැඩි දෙනෙකුගේ කැමැත්ත මත රජයේ අනවශ්‍ය වියදම් කපා හැර ඒවා අත්‍යාවශ්‍ය කටයුතු වල යෙදවීම.
රජය සේවා වියුක්ත සියලුම පුද්ගලයින්ට රැකියා ලබා දීම.
රජය පාසල් ගුරුවරුන්ගේ වැටුප් වැඩි කල පසු උපරිම කාර්‍යක්ශමතාවයකින් ඔවුන්ගේ සේවය ලබා ගැනීමට සැලසුම් කිරීම.
රජය කොට්ටාව සිට පැල්මඩුල්ල දක්වා නව අධිවේගී මාර්ගයක් ඉදි කිරීමට සැලසුම් කිරීම.
ආර්ථිකයේ සියලුම වෙළදපලවල් පූර්ණ තරගකාරී වෙළදපලවල් බවට පත්වීම
සමාජවාදී සැලසුම් ආර්ථිකවල ඌණතාවයක් නොවන්නේ ?
පොදු භාණ්ඩ නොසැපයීම.
පාරිභෝගික වරණය සීමා වීම
පාරිසරික හායනය
නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා
භාණ්ඩ හිග නිසා බිහිවන පෝලිම්
ආවස්ථික පිරිවැය ධන අගයක් ගන්නා අවස්ථාව හදුනා ගන්න.
ලංකාවට වර්ෂය පුරාම ප්‍රමාණවත්ව ලැබෙන හිරුඑළිය
ඇතැම් සම්පත් බොහෝමයක් නිෂ්පාදන කටයුතු වලට නොයොදා තිබීම.
විදුලි බලාගාරයක්
දුම්රිය මාර්ගයක්
ඔබගේ නිවසට "හයිබ්‍රිඩ්" කාරයක් මිලදී ගැනීම
සාමාන්‍ය පෙල සමත් වූ විගසම ශිෂ්‍යයෙක් උසස් පෙලට කලා,වාණිජ, විද්‍යා, තාක්ෂණ යනාදියෙන් කවර විෂය ධාරාව හදාරනවාදැයි කල්පනා කරයි. මෙය නිදසුනක් වන්නේ,
ආර්ථික පද්ධති
හිඟකම
විකල්ප ප්‍රයෝජන
තෝරා ගැනීම
ආවස්ථික පිරිවැය
සාමාන්‍ය භාණ්ඩයක ඉල්ලුම් රේඛාව Qd = 40 - 2P වේ. මෙම ඉල්ලුම් රේඛාව Qd = 30 - 2P ලෙසට වෙනස් විය.ඊට බලපෑ හේතුව?
නිෂ්පාදන පිරිවැය ඉහළ යාම.
තාක්ෂණික දියුණුව
මිළ වැඩිවීම
පාරිභෝගික ආදායම ඉහල යාම.
පාරිභෝගික ආදායම පහළ යාම.
එකතරා හාණ්ඩයක ඉල්ලුම් රේඛාව මතු දැක්වේ. මෙම භාණ්ඩය පිලිබදව පහත කවර ප්‍රකාශය හා ඔබ එකග නොවන්නේද?
බාල භාණ්ඩයක් විය හැක.
ධන මිල ඉල්ලුම් නම්‍යතාවක් පවතී.
ආදේශන හා ආදායම් ප්‍රතිවිපාක ප්‍රතිවිරුද්ධ පැති වලට ක්‍රියා කරයි.
අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විය හැක.
ගිෆන් භාණ්ඩයක් විය හැක.
තරගකාරී වෙලදපලක අලෙවිවන භාණ්ඩයක ඉල්ලුම් රේඛාව මතු දැක්වේ. ඉල්ලුම් ලක්ශ්‍යය A සිට B දක්වා වෙනස් වීම මගින් පෙන්වන්නේ,
මිල වැඩිවීමකි
ආදේශක භාණ්ඩ මිල වැඩි වීමකි.
ඉල්ලුම් ප්‍රසාරණයකි.
ඉල්ලුම් සංකෝචනයකි.
ඉල්ලුම වැඩි වීමකි.
මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය (-0.3 ) වන භාණ්ඩයක් පිලිබදව ඔබ එළඹෙන නිගමනය කුමක්ද?
අනම්‍ය ඉල්ලුමක් පවතී
ආදේශන බහුලව පවතින භාණ්ඩයකි
ගිෆන් භාණ්ඩයකි
නිසැකවම සුඛෝපභෝගි භාණ්ඩයකි.
ප්‍රයෝජන රාශියක් පවතින භාණ්ඩයකි
එක්තරා භාණ්ඩයක ඉල්ලුම් රේඛාව මතු දැක්වේ. A ලක්ශ්‍යයෙදී මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය.
0
(-0.3)
(-1.5)
( - 1 )
අනන්තයයි
X නම් භාණ්ඩයේ ඉල්ලුම් රේඛාවේ සමීකරණය Qd = 90 - 3P වේ. මිල රු.10 දි මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය
( -0.5 )
- 1.5
- 2
-3
- 3.5
එක්තරා භාණ්ඩයක ඉල්ලුම් රේඛාව මතු දැක්වේ. පහත ප්‍රකාශ වලින් නිවැරදි වන්නේ,
නිසැකවම ඉල්ලුම් නීතියට පටහැනි භාණ්ඩයකි.
අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයකි.
අති සුඛෝපභෝගී භාණ්ඩයකි.
ඒකීය මිල ඉල්ලුම් නම්‍යතාවක් සහිතය.
මෙම භාණ්ඩයේ මිල 15% කින් වැඩි කල විට නිෂ්පාදකයින්ගේ ආදායම 15% කින් වැඩි වේ.
මෙම සියලුම භාණ්ඩ වල පනවා තිබූ බදු අඩු කිරීම නිසා නිෂ්පාදකයන්ට සියලුම භාණ්ඩවල මිල අඩු කිරීමට සිදු විය. එසේ නම් පහත කවරක් සිදුවිය හැකිද?
රතු ඇපල් අලෙවිය අඩු වීම
කහ පැපොල් නිෂ්පාදකයන්ගේ ආදායම අඩු වීම.
ගිනිපෙට්ටි නිෂ්පාදනය නවතා දැමීම.
සීනි නිෂ්පාදකයන්ගේ ආදායම අඩු වීම.
සීනි නිෂ්පාදකයන්ගේ ආදායම වැඩි වීම.
වෙළෙඳපොළේ අලෙවිවන භාණ්ඩ කිහිපයක් පිලිබදව විස්තර මතු දැක්වේ.
* R භාණ්ඩයකට ආදේශන විශාල වශයෙන් ඇත.
* M භාණ්ඩයේ මිල අඩු කිරීම නිසා නිෂ්පාදකයන්ගේ ආදායම වැඩි වී ඇත.
* Z භාණ්ඩය ප්‍රයෝජන රාශියක් ඇති භාණ්ඩයකි.
පහත කවර ප්‍රකාශය හා ඔබ එකග වන්නේද?
R භාණ්ඩයට අනම්‍ය ඉල්ලුමක් පවතී.
සියලුම භාණ්ඩ වලට අනම්‍ය ඉල්ලුමක් පවතී.
M අත්‍යාවශ්‍ය භාණ්ඩයකි.
Z භාණ්ඩයේ ඉල්ලුම පූර්ණ අනම්‍ය වේ
සියලුම භාණ්ඩ වලට නම්‍ය ඉල්ලුමක් පවතී.
PASTRA නැමැති බාල භාණ්ඩයක ඉල්ලුම් වක්‍රය D සිට D1 ලෙසට වෙනස් විය. මෙයට බලපෑ හේතුව,
මිල අඩු වීම
රජය බදු සහන ලබාදීම
පාරිභෝගික ආදායම වැඩිවීම.
අනාගතයේ මෙහි මිල අඩු වේ යැයි පාරිභෝගිකයන් අපේක්ෂා කිරීම.
පාරිභෝගික ආදායම අඩුවීම
එක්තරා භාණ්ඩයක ඉල්ලුම් රේඛාව D මගින් දැක්වේ. මෙම භාණ්ඩයේ සම්ප්‍රදායික ඉල්ලුම් රේඛාවේ සමීකරණය.
Qd = 30 - 3 P
Qd = 60 - 0.5P
Qd = 30 - 0.5 P
Qd = 20 - 3 P
Qd = 60 - 3 P
පහත කවර භාණ්ඩයට වඩාත් නම්‍ය ඉල්ලුමක් පවතීද?
සුවද විලවුන්
කාන්තා ඇදුම්
කාන්තා ආභරණ
ආහාර
ඉදි ආප්ප
"ZXY" භාණ්ඩය නිෂ්පාදකයා දිගින් දිගටම එම භාණ්ඩයේ මිල අඩු කරමින් අලෙවි කලද ඔහුගේ ආදායම වෙනස් නොවුනි. පහත කවරක් ඒ සදහා බලපෑවේද?
පාරිභෝගිකයන්ට එය අත්‍යවශ්‍ය භාණ්ඩයකි.
මෙම භාන්ඩයේ වටිනාකම් පිලිබදව පාරිභෝගිකයන්ට අඩු දැනුමක් ඇත.
මෙම භාණ්ඩයේ ඉල්ලුම් වක්‍රය සෘජුකෝණාස්‍රාකාර බහුවලයකි.
ආදායම් ඉල්ලුම් නම්‍ය්තාවය ශූන්‍ය වන භාණ්ඩයකි.
මිල ඉල්ලුම් නම්‍ය්තාවය ශූන්‍ය වන භාණ්ඩයකි.
මින් කවර භාණ්ඩය නිශ්චිතවම ගිෆන් භාණ්ඩයක් වේද?
A
B
C
D
E
X හා Y භාණ්ඩ අතර පවතින හරස් මිල ඉල්ලුම් නම්‍යතා අගය - 3 වේ. මේ භාණ්ඩ යුගලය සදහා නිදසුනක් වන්නේ?
රූපවාහිනිය හා විදුලි බලය
රූපවාහිනී හා රේඩියෝ
පාන් පිටි හා පාන්
පාන් හා ඉදි ආප්ප
විදුලි බුබුළු හා විදුලි උපකරණ
එක්තරා භාණ්ඩයක සැපයුම් රේඛාව මතු දැක්වේ. මෙම භාණ්ඩයට නිදසුනක් විය හැක්කේ.?
ඉදි ආප්ප පිටි
සපත්තු
පොල්
රතු සීනි
මෝටර් රථ
මෙම භාණ්ඩයේ මිල රු.40 දී සැපයුම් ප්‍රමාණය?
40
30
ඉල්ලුම් ප්‍රමාණයට වඩා වැඩිය
ඉල්ලුම් ප්‍රමාණයට සමාන වේ.
ඉල්ලුම් ප්‍රමාණයට වඩා අඩුය.
එක් භාණ්ඩයක ඉල්ලුම් රේඛාව D මගින් දැක්වේ. එම භාණ්ඩය සම්බන්ධයෙන් ඔබ පහත කවර නිගමනයකට එලබෙන්නේද?
පූර්ණ නම්‍ය සැපයුමක් පවතී
ආදේශන ඉතා අඩුය.
සුඛෝපභෝගි භාණ්ඩයකි.
මිල P1 ට වඩා වැඩි කල විට විකුණුම් ශූන්‍ය වේ.
මිල P1 ට වඩා වැඩි කල විට විකුනුම් අපරිමිතව වැඩි වේ.
එක්තරා භාණ්ඩයක සපයුම් රේඛාවේ සමීකරණය Qs = -30 + 5 P වේ . ඒ සදහා නිදසුනක් නොවන්නේ?
පරිගණක
ගුවන් යානා
තක්කාලි
කාන්තා අත්බෑග්
බෝතල් කල ඇපල් යුෂ
යම්කිසි භාණ්ඩයකට ඒකීය සැපයුම් නම්‍යතාවයක් පැවතීමට නම්,
ඉල්ලුම් වක්‍රය සෘජුකෝණාස්‍රාකාර බහුවලයක් විය යුතුය.
සැපයුම් වක්‍රය මූල ලක්ෂය හරහා ගමන් කල යුතුය
සැපයුම් වක්‍රය මිල අක්ෂයට සමාන්තර විය යුතුය.
සැපයුම් වක්‍රය ප්‍රමාණ අක්ෂයට සමාන්තර විය යුතුය.
සැපයුම් වක්‍රය සෘණ් බෑවුමක් පැවතිය යුතුය .
සැපයුම් රේඛා අතුරින් "මයික්‍රෝ කාර්" වල සැපයුම් රේඛාව ලෙස සැලකිය හැක්කේ?
S1
S2
S3
S4
S5
X භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍ය්තාවය (-0.2) කි. Y භාණ්ඩයේ (- 3.2 ). Y මිල හා X ඉල්ලුම් ප්‍රමාණය සදහා හරස් මිල ඉල්ලුම් නම්‍ය්තාවය 2.2කි. එසේ නම් පහත කවරක් සත්‍ය වේද?
X = වාහන, Y = ඉන්ධන
X = පරිගණක , Y = විදුලි බලය
X = රතු කැකුලු හාල් , Y = බාසුමතී හාල්
X = බටර් , Y = මාජරින්
X = බාසුමතී හාල්, Y = රතු කැකුලු හාල්.
X භාණ්ඩයේ මිල නම්‍යතාවය (-0.2) , ආදායම් ඉල්ලුම් නම්‍යතාවය 0.2 . Y භාණ්ඩයේ මිල ඉල්ලුම් නම්‍යතාවය 2.2 , ආදායම් ඉල්ලුම් නම්‍යතාවය (-2.2) කි. එසේ නම් පහත කවර ප්‍රකාශය සත්‍ය වේද?
X = සුඛෝපභෝගී භාණ්ඩයකි. Y = සුඛෝපභෝගි භාණ්ඩයකි.
X = අත්‍යාවශ්‍ය භාණ්ඩයකි, Y = අත්‍යවශ්‍ය භාණ්ඩයකි
X = බාල භාණ්ඩයකි , Y = අත්‍යාවශ්‍ය භාණ්ඩයකි.
X = බාල භාණ්ඩයකි , Y = ගිෆන් භාණ්ඩයකි
X = අත්‍යාවශ්‍ය භාණ්ඩයකි , Y = ගිෆන් භාණ්ඩයකි
Qd = 60 - 2P
Qs = -30 + 3P
අධි ඉල්ලුම ශූන්‍ය වන මිල?
60
30
24
18
10
Qd = 12 - 1/3 P
Qs = -3 + 2/3 P
සමතුලිතයේදී පාරිභෝගික මුලු පැහැදම කොපමණද?
7
15
105
36
මිල රු.2 දී අධි ඉල්ලුම
4
8
0
-8
9
එක්තරා භාණ්ඩයක අධි ඉල්ලුම් රේඛාව මතු දැක්වේ. එම භාණ්ඩයේ සැපයුම් රේඛාවේ සමීකරණය Qs = -20 + 6P වේ. එසේ නම් මෙම භාන්ඩයේ සමතුලිත ප්‍රමාණය වන්නේ?
70
120
100
60
15
මිල රු. 20 දී සමස්ථ අතිරික්තය?
450
150
80
800
600
එක්තරා භාණ්ඩයක මිල රු. 10 දී අධි ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වේ. එහි සැපයුම් රේඛාවේ සමීකරණය Qs = -10 + 5 P වේ. එම භාණ්ඩයේ සමතුලිත මිලේදී නිෂ්පාදන අතිරික්තය කොපමණද ?
160
100
80
180
දී ඇති දත්ත ප්‍රමාණවත් නොමැත.
මෙම භාණ්ඩයේ සැපයුම් රේඛාවේ සමීකරණය ?
Qs = 40 + 3P
Qs = -40 + 3P
Qs = 3P
Qs = 40 + 2P
Qs = 30 + 3P
පාරිභෝගික අතිරික්තය උපරිම වන්නේ මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය කවර අගයක් ගන්නා විටකද?
0
-0.2
-1
- 1.5
අනන්තය
ව්‍යවසායකයකුගේ කාර්යක් නොවන්නේ?
අවධානම් දැරීම
නව්‍යතා බිහි කිරීම
ව්‍යාපාරයේ මූලික ප්‍රතිපත්තිමය තීරණ ගැනීම
විකුනුම් උපරිම කිරීම
භාණ්ඩයක් නිපදවීමට ආරම්භකව ක්‍රියා කිරීම
එක්තරා භාණ්ඩයක සමතුලිත මිල රු.6 වන අතර සමතුලිත ප්‍රමාණය ඒකක 12 වේ. සමතුලිතයේ මිල ඉල්ලුම් නම්‍යතා සංගුණකය -0.5 වන අතර සැපයුම් නම්‍යතා සංගුණකය 1.5 වේ. මෙම භාණ්ඩයේ මිල රු. 2 දී,
ඒකක 16ක අධි ඉල්ලුමක් පවතී.
ඒකක 16ක අධි සැපයුමක් හට නොගනී.
ඉල්ලුම් ප්‍රමාණය ශූන්‍ය වේ.
සැපයුම් ප්‍රමාණය ඒකක 16ක් වේ.
ඒකක 12 ක අධි ඉල්ලුමක් පවතී.
ඉහත සමතුලිතයේදී ආර්ථික අතිරික්තය කොපමණද ?
60
600
45
450
150
එක්තරා භාණ්ඩයක මිල 5දී සැපයුම ශූන්‍ය වේ. සමතුලිත මිලේදී ඒකක 10ක් සැපයුම් කරයි. ආර්ථික අතිරික්තය රු. 75 කි. එසේ නම් උපරිම ඉල්ලුම් මිල විය යුත්තේ?
රු. 20
රු.5
රු. 30
රු .10
රු. 60
භාණ්ඩයක වෙලදපල ඉල්ලුම් රේඛාව සමීකරණය Qd = 50-4P වේ. වෙලදපල සමතුලිතයක් බිහි වීමට නම්, සැපයුම් රේඛාවේ සමීකරණය විය යුත්තේ පහත කවරක්ද?
Qs = 80+ P
Qs = 70+ P
Qs = 60 + P
Qs = 50 + P
Qs = 40 + P
එක්තරා භාණ්ඩයක ඉල්ලුම් රේඛාවේ සමීකරණය Qd = 90 - 5 P වේ. මිල රු.10 දී පාරිභෝගික අතිරික්තය ?
40
160
80
1600
800
පාරිභෝගික අතිරික්තයක් නොමැති වෙළදපලක ,
ඉල්ලුමක් හට නොගනී
සැපයුම් හට නොගනී.
අධි සැපයුම ශූන්‍ය වේ
ඉල්ලුම පූර්ණ නම්‍ය වේ
සැපයුම පූර්ණ නම්‍ය වේ.
රජය ඉන්ධන මිල අඩු කිරීම නිසා,
වාහන අලෙවිය අඩු වී ඇත.
වාහන අමතර කොටස් අලෙවිය අඩුවී ඇත.
පෞද්ගලික මෝටර් රථ හිමියන්ගේ පාරිභෝගික අතිරික්තය වැඩි වී ඇත.
නිෂ්පාදකයන්ට පමණක් වාසි අත් වී තිබේ
වාහන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන අතිරික්තය පමණක් ඉහළ ගොස් ඇත.
උපරිම මිල පාලනයක ප්‍රතිවිපාකයක් වන්නේ?
වෙළෙඳපොළේ සමතුලිතක් බිහි වීම
රජයට අධි සැපයුම මිලට ගැනීමට සිදු වීම
එම භාණ්ඩය නිපදවන කර්මාන්තයට ආයෝජන ගලා ඒම.
අධි සැපයුමක් බිහි වීම
අතිරික්ත ඉල්ලුමක් බිහි වීම.
