Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

7 පුරවැසි

Total questions: 20

Worksheet time: 35mins

Name
Class
Date
1.

ඔබේ පාසලේ ඉතිහාසය පිළිබඳ තොරතුරු සොයා සොයා ගැනීමට උපකාරී වන මුලාශ්‍රයක් නොවන්නේ

a)

පාසලේ විවිධ ස්ථාන වල ඇති සමරු

b)

ගමේ හෝ නගරයේ පුස්තකාල වල පැරණි ලිපි ලේඛන

c)

විශ්‍රාමික විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ගෙන් ලබාගත හැකි තොරතුරු

d)

පුරා ලේඛනවලින්

2.

පාසලේ සංවිධාන ව්‍යුහය ට අයත් නොවන්නේ

a)

ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති

b)

ශිය නායක නායිකා

c)

අංශභාර ගුරුවරුන්

d)

විදුහල්පතිවරුන්

3.

විදුහල්පතිගේ කාර්ය භාරයක් නොවන්නේ

a)

අධ්‍යාපන කටයුතු වල නියමුවා ලෙස ක්‍රියා කිරීම

b)

ඉගැන්වීම් කටයුතු අධීක්ෂණය කිරීම

c)

ඔබට දඬුවම් කිරීම

d)

ගුරු ඇගයීම් කටයුතු

4.

පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කටයුත්තක් නොවන්නේ

a)

දිනපතා පාසල් පැමිනීම

b)

හොඳින් ඉගෙනීම් කටයුතුවල යෙදවීම

c)

පාසලේ විනය නීති රීති සම්ප්‍රදායන් ආරක්ෂා කිරීම

d)

පහල ශ්‍රේණිවල සිසුන් නියාමනය කිරීම

5.

පාසල් සංවිධාන ව්‍යුහය තුළ ඇති කමිටුවක් නොවන්නේ

a)

පාසල් කළමනාකරණ කමිටුව

b)

ක්‍රීඩා කමිටුව

c)

සුබසාධන කමිටුව

d)

අන්තර් කමිටුව

6.

ඔබ සතු විය යුතු හොඳ ගති ලක්ෂණ නොවන්නේ

a)

සරල වීම

b)

ඉවසිලිවන්ත වීම

c)

අවංක වීම

d)

කපටි වීම

7.

ඔබ සතු විය හැකි දුර්වලතාවයක් වන්නේ

a)

ඉවසීම නැතිකම

b)

අහිංසක වීම

c)

අවංක වීම

d)

නිර්ව්‍යාජ වීම

8.

තමාගේ සංවර්ධන සඳහා පාසල ලැබෙන අවස්ථාවක් නොවන්නේ

a)

ක්‍රීඩා සඳහා තෝරා ගැනීම

b)

සංගීත වැඩසටහන් මෙහෙයවීමට අවස්ථාව ලබා දීම

c)

පන්ති නායක කම ලබා දීම

d)

ඔබ පන්තිය තුළ සමච්චලයට ලක් කිරීම

9.

ඔබේ ඉලක්ක ජය ගැනීම සඳහා මෙන්ම සංවර්ධනය කර ගැනීම සඳහා අවස්ථා සම්පාදනය කර ගැනීමට ඔබට ගත හැකි ක්‍රියාමාර්ග

a)

විෂයන්ට අදාල අතිරේක පොත පත කියවීම

b)

අධ්‍යාපන වැඩසටහන් ඇරඹීම

c)

අන් අය තලා පෙලා තම අරමුණ වෙනුවෙන් වෙහෙසී වැඩ කිරීම

d)

දැනුම අත්දැකීම් හුවමාරු කර ගැනීම

10.

සැලසුම්කරණය හා සංවිධානය කිිිිරිම තුළින් තුලින් අත්වන වාසියක් නොවන්නේ

a)

ආත්ම විශ්වාසය ඇති වීම

b)

සතුටක් ඇති කරයි

c)

සිතේ පීඩාකාරී ස්වභාවය අඩු කරයි

d)

කාලය වැය වෙයි

11.

පන්ති කාමරය තුළ පන්ති කාමර අලංකරණය කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කරන්න

4 lines
12.

ඔබේ හැකියා හා දක්ෂතා සංවර්ධනය කර ගැනීමට පාසලෙන් ඔබට සැපයු දායකත්වය විස්තර කරන්න

4 lines
13.

ඔබේ දුර්වලතා හඳුනා ගන්නා ආකාරය පැහැදිලි කරන්න

4 lines
14.

ඔබේ හැකියා සංවර්ධනය කර ගැනීමට ඔබ කල යුතු ක්‍රියාමාර්ග මොනවාද

4 lines
15.

ආචාර්ය සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා පිළිබඳ ඔබ දන්නා කරුණු කිහිපයක් දක්වන්න

4 lines
16.

ඔබ සතු හොඳ ලක්ෂණ වලින් ඔබ ඔබ සමාජයට කරපු සේවාවක් පැහැදිලි කරන්න

4 lines
17.

ඔබේ පාසලේ ඉතිහාසය පිළිබඳ ඔබ දත් කරුණු කිහිපයක් දක්වන්න

4 lines
18.

ඔබේ පාසලේ පාසල් කොඩිය අඳින්න

4 lines
19.

ඔබ පාසලේ සාමාජිකයෙකු ලෙස ඔබ සතු යුතු වගකීම් හා යුතුකම් කිහිපයක් ලියන්න

4 lines
20.

ඔබ පිළිබඳ ඔබ දන්නා අයුරින් විස්තරයක් ලියන්න

4 lines