wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 03)

Total questions: 25

Worksheet time: 26mins

Name
Class
Date
1.

නිවාස 21කින් යුත් වීදියක එක් එක් නිවසෙහි පදිංචි නිවැසියන් සංඛ්‍යාව පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් දත්ත පහත පරිදිය.

2, 3, 4, 3, 3, 3, 3, 3, 4, 4, 8, 7, 8, 8, 5, 4, 7, 6, 6, 7, 7

මෙහි හරි මැද පිහිටි නිවසෙහි සිටින නිවැසියන් ගණන කොපමණද?

a)

4

 

b)

5

c)

4.5

d)

  6

2.

මීටර් 100ක් දිග පාලමකින් ගමන් කළ වාහන 4ක වේගය පැයට කිලෝමීටර්වලින් (kmph1)\left(kmph^{-1}\right)  පහත පරිදිය.

30, 60, 20, 50

සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් (kmph1)\left(kmph^{-1}\right)   කොපමණදැයි හරාත්මක මධ්‍යන්‍යය භාවිතයෙන් සොයන්න.

a)

33.33  

b)

34.33

c)

  35.33

d)

36.33

3.

බෑගයක් තුළ එකම වර්ගයේ එකම ප්‍රමාණයේ සදොස් බල්බ 4ක්ද නිදොස් බල්බ 6ක්ද ඇති විට සසම්භාවීව තෝරා ගනු ලබන බල්බයක් සදොස් බල්බයක් වීමේ සම්භාවිතාව සොයන්න.

a)

210\frac{2}{10}  

b)

25\frac{2}{5}  

c)

35\frac{3}{5}  

d)

310\frac{3}{10}  

4.

කේන්ද්‍රික ප්‍රවණතාවය යනු,

a)

විවෘත පන්ති සහිත ව්‍යාප්තියක මිනුම ගණනය කිරීමයි.

b)

   ගුණාත්මක දත්තයන්හි සාමාන්‍ය දැක්වීමයි.

c)

ප්‍රරුපීය මිනුම් ලබා ගැනීමයි.

d)

  යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණයයි.

5.

   කිසියම් ව්‍යාප්තියක් සඳහා කෙලී කුටිකතා සංගුණකය 0.2 වන අතර P10=60P_{10}=60    ද මධ්‍යස්ථය =80=80    ද වේ. P90P_{90}   ව්‍යාප්තියේ අගය කුමක්ද?

a)

100

b)

110

c)

130

d)

140

6.

එක්තරා ජාතික පාසලක 2014, 2015, 2016 යන වර්ෂයන්හි උසස්පෙළ පන්තියට ඇතුළත් වූ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ සිසුන් සංඛ්‍යාවට අදාළ දත්ත දී ඇත්නම්, එම දත්ත නිරූපණය කිරීමට වඩාත් යෝග්‍ය ප්‍රස්තාර සටහන වන්නේ,

a)

  අපගමන තීරු සටහන

b)

වෘත්ත ප්‍රස්තාර

c)

  බහුගුණ තීරු සටහන

d)

සිතිලිය සටහන

7.

ධන කුටිකතාවයකින් යුක්ත ව්‍යාප්තියක,

a)

මාතයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල වේ.

b)

මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මාතය විශාල වේ.

c)

මාතයට වඩා මධ්‍යන්‍යය විශාල වන අතර මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වේ.

d)

මධ්‍යන්‍යයට වඩා මාතය විශාල වන අතර මාතයට වඩා මධ්‍යස්ථය විශාල වේ.

8.

සමාගමක නිෂ්පාදන කළමනාකරුවන් 5දෙනෙකු සහ අලෙවි කළමනාකරුවන් 3දෙනෙකු සේවය කරති. මොවුන්ගෙන් ඕනෑම කළමනාකරුවන් 3දෙනෙක් අධ්‍යක්ෂකවරු ලෙස පත් කළ යුතුව ඇත. එම අධ්‍යක්ෂක මණ්ඩලයට නිෂ්පාදන කළමනාකරුවන් 2දෙනෙකු පත්වීමේ සම්භාවිතාව සොයන්න.

a)

3056\frac{30}{56}  

b)

2036\frac{20}{36}  

c)

3064\frac{30}{64}  

d)

2064\frac{20}{64}   

9.

පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය/න් තෝරන්න.

A-යම් ලාක්ෂණිකයක් සඳහා එක් සංඛ්‍යාත්මක අගයකට වඩා වැඩි අගය ප්‍රමාණයක් ගත නොහැකි නම් එය විචල්‍යයක් වේ.

B- යම් ලාක්ෂණිකයකට එක්  සංඛ්‍යාත්මක අගයක් පමණක් ගත හැකි නම් එය නියතයක් වේ.

C- ලාක්ෂණිකයක් හෝ ලාක්ෂණිකයක් සම්බන්ධයෙන් ලබා ගන්නා මිනුම් තොරතුරු (Information) ලෙස හඳුන්වයි.

D- සංඛ්‍යා අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන්නේ ප්‍රමාණාත්මක දත්ත පමණි.

a)

                               

A පමණක් සත්‍ය වේ.

b)

C  පමණක් සත්‍ය වේ.

c)

A හා D සත්‍ය වේ.

d)

B හා D සත්‍ය වේ.

10.

පහත සඳහන් කුටිකතාවය හා සම්බන්ධ ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,

a)

දත්ත සමමිතිකව ව්‍යාප්ත නොවන අවස්ථා කුටික ව්‍යාප්ති ලෙස හඳුන්වයි.

b)

දකුණට දික්වූ වල්ගයක් සහිත වීම එය දකුණට කුටික හෙවත් ධන කුටික ව්‍යාප්තියක් ලෙස දක්වයි.

c)

ධන කුටික ව්‍යාප්තියක මාතය, මධ්‍යස්ථයට වඩා විශාල අගයක් ගන්නා අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල අගයක් ගනියි.

d)

ධන කුටික ව්‍යාප්තියක අගයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මධ්‍යන්‍ය අගයට වඩා අඩු අගයක් වේ.

11.

කිසියම් ප්‍රදේශයක පුද්ගලයන්ගෙන් 50%ක් කිසියම් සංවර්ධන යෝජනාවකට පක්ෂපාතී බව දක්වයි. මෙම ප්‍රදේශයෙන් තෝරාගත් පුද්ගලයන් 100ක් සසම්භාවී නියැදියක යටත් පිරිසෙන් 55දෙනෙකු යෝජනාවට පක්ෂපාතී වීමේ ආසන්න සම්භාවිතාව කුමක්ද?

a)

0.1587

b)

    0.1841

c)

0.3159

d)

    0.3413

12.

"'ස්ත්‍රී පුරුෂභාවය, භාණ්ඩයක් සඳහා පාරිභෝගික රුචිය, කොළඹ නගරයේ උෂ්ණත්වය, පුද්ගලයෙකුගේ වයස" යන විචල්‍යයන්  සඳහා සංඛ්‍යාත්මක  අගයන් පැවරෙන ආකාරය අනුව වර්ගීකරණය කළ විට පිළිවෙලින් එය,

a)

නාමික පරිමාණය, තරා පරිමාණය, අනුපාත පරිමාණය, ප්‍රාන්තර පරිමාණය

b)

නාමික පරිමාණය, තරා පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය

c)

තරා පරිමාණය, නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය

d)

තරා පරිමාණය, නාමික පරිමාණය, ප්‍රාන්තර පරිමාණය, අනුපාත පරිමාණය

13.

පහත දැක්වෙන දත්ත කාණ්ඩයෙහි මධ්‍යන්‍යය ගණනය කරන්න.

a)

3.925

b)

3.435

c)

3.509

d)

3.909

14.

සිසුන් 50දෙනෙකුගේ ඇගයීම් ලකුණු පහත අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මගින් ඉදිරිපත් කර ඇත. මෙම දත්ත භාවිතයෙන් ගණනය කරන ලද 50වන ප්‍රතිශතකය වන්නේ,

a)

4

b)

5

c)

6

d)

7

15.

පූර්ණ වශයෙන් චිපිට වක්‍රීම ව්‍යාප්තියක් සඳහා ........................... නියතයට සුදුසු පිළිතුර වන්නේ,

a)

  k=0.5k=0.5  ට ආසන්න වේ.

b)

kk  ශූන්‍යයට ආසන්න වේ.

c)

k=0.263k=0.263  ලෙස සැලකේ.

d)

k=0.5k=0.5  ලෙස සැලකේ.

16.

  ශ්‍රී ලංකාවේ ලාබාලතම ගුවන් නියමුවරිය කවුද?

a)

අනුෂා මොහොමඩ්

b)

සාරා ප්‍රනාන්දු

c)

නිශානි සෙනෙවිරත්න

d)

සත්නාරා ප්‍රනාන්දු

17.

  2021 ටෝකියෝ පැරා ඔලිම්පික් හි, අවානි ලේඛාර කුමන ඉසව්වේ දී රන් පදක්කම දිනා ගත්තාද?

a)

කවපෙත්ත විසි කිරීම

b)

හෙල්ල විසිකිරීම

c)

උස පැනීම

d)

වෙඩි තැබීම

18.

  G -7 සමුළුව 2022 වසරේදී පවත්වනු ලබන රට කුමක් ද?

a)

රුසියාව

b)

ජර්මනිය

c)

පකිස්ථානය

d)

ඉන්දියාව

19.

  ‘අනාගතයේ ලෝහය’ ලෙස හඳුන්වන්නේ  කුමක් ද?

a)

ඇලුමිනියම්

 

b)

ටයිටේනියම්

c)

ප්ලැටිනම්

d)

රසදිය

20.

  2022 තායිලන්ත විවෘත ජාත්‍යන්තර බොක්සිං තරඟාවලියේදී ඉන්දියාව දිනාගත් පදක්කම් ගණන කීයද?

a)

12

b)

13

c)

10

d)

11

21.

පාසලක සිටි පිරිමි හා ගැහැණු ගුරුවරුන්ගේ අනුපාතය 5:3 ක් විය. පිරිමි ගුරුවරුන්ගෙන් 35\frac{3}{5}    ක් හා ගැහැණු ගුරුවරුන්ගෙන් 26\frac{2}{6}  ක් උපාධිධාරීන් විය. සෙසු ගුරුවරුන් විද්‍යාපීඨ පුහුණුලාභීන් විය. පාසලේ විද්‍යාපීඨ ගුරුවරුන් හා උපාධිධාරී ගුරුවරුන් අතර අනුපාතය සොයන්න.

a)

2:2

 

b)

1:1

c)

2:3

d)

3:2

22.

එක් දුරකථන සමාගමක් හඳුන්වාදෙනු ලැබූ තම පැකේජයේ පළමු මිනිත්තු 15 වෙනුවෙන් රුපියල් 75 ක් , ඉන්පසු සෑම මිනිත්තුවක් වෙනුවෙන් ශත 25ක් , අයකරනු ලබයි නම්, විනාඩි 38 දුරකථන ඇමතුමක් ලබා ගත් අයෙකුට ගෙවීමට සිදුවන  දුරකථන ගාස්තුව කොපමණද?

a)

රු.80.00

b)

    රු.80.45

c)

රු.75.80

d)

රු.80.75

23.

කසුනිගේ වයසට අවුරුදු 11ක් එකතු කළ ඇය මධුරිට වඩා අවුරුදු 5ක් බාලය. මධුරිගේ වයස අවුරුදු 38ක් නම් කසුනිගේ වයස සොයන්න.

 

a)

22

     

b)

32

c)

24

d)

20

24.

හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,

a)

4

b)

1

c)

2

d)

6

25.

මගේ මව මගේ පියා තරම් උස නැත. මම මගේ පියා තරම් උස නැති මුත් මගේ මවට වඩා තරමක් උස ය. මගේ මල්ලි මම තරම් නැති මුත් මගේ නැගණියට වඩා උසය. නැගෙණිය ඇගේ සොයුරන් තරම් උස නැති මුත් මවට වඩා තරමක් උස ය. පවුලේ මිටිම පුද්ගලයා කවුරුන්ද?

       

a)

මව

     

b)

   පියා

c)

නැගණිය

d)

සොහොයුරා