WorksheetsScience Quiz - assighment base
Total questions: 14
Worksheet time: 12mins
ශාක පත්‍රවල ප්‍රභාසංලේෂණදී සෑදෙන ග්ලූකෝස් ශාකයේ මුල දක්වා ගෙන යනු ලබන්නේ, පහත සදහන් කුමන පටකයෙන් ද?
ශෛලමය
කැම්බියම
ප්ලෝයම
මජ්ජාව
කොස් ගසක වර්ධනයත් සමග එහි කදේ විශ්කම්භය වැඩි වේ.එයට හේතු වන්නේ පහත සදහන් කුමන පටකයේ ක්‍රියාකාරීත්වය ද?
ශෛලමය
කැම්බියම
ප්ලෝමය
මජ්ජාව
මිනිසාගේ උඩ බාහුවේ ඇති ද්වී ශීර්ෂ පේෂිය ......
කංකාල පේෂියකි
සිනිදු පේෂියකි
නිර්විල්චිත පේෂියකි
අනිච්ඡානුගත පේෂියකි
න්‍යෂ්ටි කිහිපයක් ඇති සෛලයක් වන්නේ..
සුදු රුධිරානුව
රතු රුධිරානුව
ස්නායු සෛල
කංකාල.පේෂි සෛල
දර්ශීය සෛල යනු,
ජීවයේ ව්‍යූහය සහ කෘත්‍යවය ඒකකයි
විභාජනයට ලක්වන සෛලයි
සියලූම ඉන්ද්‍රයිකා අඩංගු නිර්වික සෛලයි
කිසියම් සෛලයකට සථභවය ලබා දෙන සෛලයි
ප්‍රවේගය මනින සම්මත ඒකකය වන්නේ,
ms⁻²
ms⁻¹
m⁻¹s
m⁻²s
බෝලයක චලිතයට අදාල විස්තාපන කාල ප්‍රස්තාරය මෙහි දැක්වේ.
මෙම ප්‍රස්තාරයට අනුව බෝලයේ වේගය වන්නේ
0.5 ms⁻¹
18 ms⁻¹
9 ms⁻¹
2 ms⁻¹
ආරම්භක ප්‍රවේගය 6 ms⁻¹ ක ප්‍රවේගයකින් සිරස්ව පහලට වැටෙන ගලක අවසාන ප්‍රවේගය 36 ms⁻¹ වේ. එම ගල වැටීම සදහා ගතවූ කාලය වන්නේ.( g = ms⁻¹)
3S
3.6S
3.5S
10S
පොළොවේ සිට 40ms⁻¹ ක ආරම්භක ප්‍රවේගයකින් සිරස්ව ඉහළට යවන වස්තුවක් එහි උපරිම උසට ලගාවී නැවත පොළව මත පතිත වීමට ගතවන කාලය වන්නේ,
4S
8S
2S
16S
දෛශික රාශි පමණක් අන්තර්ගත පිළිතුර වන්නේ,
වේගය සහ ප්‍රවේගය
ප්‍රවේගය සහ ත්වරණය
ත්වරණය සහ ස්කන්ධය
පීඩනය සහ කාලය
පහත සදහන් පදාර්ථ අතරින් මමූලද්‍රව්‍යයක් වන්නේ,
ජලය
කොපර් සල්ෆේට්
පොටෑසියම්
සෝඩියම් ක්ලෝරයිඩ්
Mg²⁺ අයනය අන්තර්ගත ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට සමාන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් ඇති අයන වන්නේ,
a) Cl ⁻ b) O²⁻ c) Na⁺¹ d) K⁺¹
a සහ b
b සහ c
C සහ් d
a සහ d
පහත සදහන් ඔක්සයිඩ් අතරින් උභයගුණී ඔක්සයිඩයකට උදාහරණයක් වන්නේ,
Mgo
Cl₂O₇
SO₂
Al₂O₃
විද්‍යුත් සෘණතාව වැඩිම මූලද්‍රව්‍ය වන්නේ,
Cl
I
F
Na
