wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Speedo meter challenge

Total questions: 10

Worksheet time: 4mins

Name
Class
Date
1.

පහත සඳහන් සාධක අතරින් දේශපාලන පරිසරය සඳහා නිදසුනක් වන්නේ

a)

පොලී අනුපාතික ඉහළ යාම

b)

බදු ප්‍රතිශතය ඉහළ දැමීම

c)

අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීම

d)

රැකියා උත්පාදනය

2.

ව්‍යාපාරයකට පාලනය කළ හැකි ව්‍යාපාර පරිසරය කුමක් ද?

a)

දේශපාලන පරිසරය

b)

ස්වභාවික පරිසරය

c)

අභ්‍යන්තර පරිසරය

d)

බාහිර පරිසරය

3.

ව්‍යාපාරයකට වැදගත්ම පාර්ශවය වන්නේ,

a)

ගනුදෙනුකරු

b)

තරඟකරු

c)

සේවකයෝ

d)

රජය

4.

ජයන්ත විසින් තම ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා රු 500,000ක් වටිනා බැංකු ණයක් 10%ක පොලියට ලබාගන්නා ලදී..මෙහි එන බැංකුණය පොලිය අයත් ව්‍යාපාර පරිසරය කුමක් ද?

a)

දේශපාලන පරිසරය

b)

තාක්ෂණික පරිසරය

c)

ආර්ථික පරිසරය

d)

නෛතික පරිසරය

5.

ජයදාස වසර 10ක් පමණ ජනප්‍රිය කිරි නිෂ්පාදන ආයතනයක සේවය කිරීමෙන් අනතුරුව ඉන් ඉවත්වී යෝගට් නිෂ්පාදන ව්‍යාපාරයක් ආරම්භ කලේය. ප්‍රදේශයේ සිටින කිරි ගොවීන්ගෙන් කිරි මිලදි ගෙන යෝගට් නිෂ්පාදනය කරන මොහු ගමේ වෙළෙන්දන්ට ඒවා අලෙවි කරයි.

ජයදාසගේ ව්‍යාපාරයේ එන අභ්‍යන්තර හා බාහිර පරිසර සාධකයක් පිළිවෙලින් වන්නේ

a)

ජයදාස - සේවකයන්

b)

රජය - කිරි ගොවීන්

c)

ජයදාස - කිරි ගොවීන්

d)

වෙළෙන්ඳන් - ජයදාස

6.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝගය මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ ඩෙංගු මර්ධන ඒකකය හා එක්ව ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂක විසින් විධිමත් වැඩපිළිවෙලක් පවත්වාගෙන යයි.

ඉහත සිද්දියේ සඳහන් ව්‍යාපාර පරිසරය කුමක් ද?

a)

ආර්ථීක පරිසරය

b)

නෛතික පරිසරය

c)

දේශපානලන පරිසරය

d)

තාක්ෂණික පරිසරය

7.

ලෝකයේ රටවල් අතර ආර්ථික , සාමාජීය හා සංස්කෘතික වශයෙන් ඇතිවන අනෝන්‍ය බැඳීම හඳුන්වන්නේ,

a)

අන්තර්ජාතික සබඳතා ලෙසයි

b)

ලෝක සහජීවනය ලෙසයි

c)

ගෝලීයකරණය ලෙසයි

d)

විද්‍යුත් වානිජ්‍ය

8.

ව්‍යාපාරයක අභ්‍යන්තර පරිසරයට අයත් සාධක පමණක් ඇතුලත් පිළිතුර වන්නෙ,

a)

අයිතිකරුවෝ, සැපයුම්කරුවෝ, සේවකයෝ

b)

අයිතිකරුවෝ, තරඟකරුවෝ, කළමණාකරුවෝ

c)

අයිතිකරුවෝ, කළමණාකරුවෝ, සේවකයෝ

d)

කළමණාකරුවෝ, ගනුදෙනුකරුවෝ, සේවකයෝ

9.

දේශීය ව්‍යාපාර සඳහා ගෝලීය පරිසරයේ සිදුවන හිතකර බලපෑමක් නොවන්නේ,

a)

නවීන තාක්ෂණය ලබාගත හැකි වීම්

b)

දේශීය පුහූණු ශ්‍රමය විදේශීය රටවලට ඇදීයාම

c)

ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබාගත හැකිවීම

d)

විදේශීය ප්‍රාග්ධනය රටතුලට ගලා ඒම

10.

ව්‍යාපාර අභ්‍යන්තර පරිසරයේ දැකිය හැකි ශක්තියක් හා බාහිර පරිසරයේ දැකිය හැකි අවස්ථාවක් අනුපිලිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ,

a)

ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම හා දක්ෂ කළමනාකරුවන් සිටීම

b)

ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම හා නව නගර නිර්මාණය

c)

අධිවේගී මාර්ග ඉදිවීම හා සේවකයන්ගේ විශේෂ කුසලතා

d)

කළමනාකරුගේ අත්දැකීම් හා ව්‍යාපාර සඳහා බදු සහන ලැබීම