Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

තිසර ඒකනායක විද්‍යා පදනම - 8 ග්‍රේණිය - පලමු වාරය | THISARA |

Total questions: 23

Worksheet time: 23mins

Name
Class
Date
1.

පහත දැක්වෙන ලක්ෂණ අතරින් ක්ෂුද්‍ර ජීවීන්ට පොදු ලක්ෂණය කුමක්ද ?

a)

ක්‍ෂුද්‍ර ජීවීන් නිරික්‍ෂණයට අත් කාචය යොදාගත හැක.

b)

ක්‍ෂුද්‍ර ජීවීන්ට ඇත්තේ එක සෛලයකි.

c)

මෙම ජීවීන් තනිව ගත් කළ පියවි ඇසට නොපෙනේ.

d)

සියලු ක්‍ෂුද්‍ර ජීවීන ් මිනිසාට රෝග සාදයි .

2.

ක්‍ෂුද්‍ර ජීවීන් වර්ධනය සඳහා බලපෑමක් ඇති නොකරන සාධකය වන්නේ,

a)

උෂ්ණත්වය

b)

තෙතමනය

c)

pH අගය

d)

පීඩනය

3.

පහත දැක්වෙන්නේ ක්‍ෂුද්‍ර ජීවීන් හා ඔවුන් ඇති කරන රෝග කීපයකි. ක්‍ෂුද්‍ර ජීවියා හා රෝගය ගැළපෙන

අවස්ථාව තෝරන්න .

a)

අළුහම් - දිලීර

b)

පෝලියෝ - බැක්ටීරියා

c)

ලාදුරු - වෛරස

d)

ක්‍ෂය රෝගය - ප්‍රෝටොසෝවා

4.

එක්තරා ජීවියෙකුගේ සම කොරළ සහිතය. වියළිය. සමහරුන්ට පාද නැත. බිත්තර මගින් ප්‍රජනනය කරයි.

මෙම ජීවියා අයත්වන කාණ්ඩය,

a)

ආවේස්

b)

ඇම්ෆිබියා

c)

රෙප්ටිලියා

d)

මැමේලියා

5.

අපෘෂ්ඨවංශි ජීවීන් පමණක් ඇතුළත් පිලිතුර තෝරන්න.

a)

කූඩැල්ලා, ගොලුබෙල්ලා, බත්කූරා , ගැඩවිලා

b)

කුකුලා , බල්ලා , නයා , වවුලා

c)

මකුළුවා, මුහුදු මල, බත්කූරා , පිඹූරා

d)

වවුලා, කුරුමිණීයා , මුහුදු මල , සමනලයා

6.

ජීවියා හා අයත් වන කාණ්ඩය ගැළපෙන අවස්ථාව කුමක්ද ?

a)

සලමන්දරා - රෙප්ටිලියා

b)

ඩොල්ෆින් - පිස්කේස්

c)

උණහපුළුවා - මැමේලියා

d)

ඉබ්බා - ඇම්ෆිබියා

7.

රූපාන්තරණය සහිත පෘෂ්ඨවංශි කාණ්ඩය වන්නේ,

a)

ඇම්ෆිබියා

b)

ආත්‍රපෝඩා

c)

මොලුස්කා

d)

ආවේස්

8.

ප්‍රභාසංස්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍ය‍යක් වන්නේ කුමක්ද?

a)

ඔක්සිජන් වායුව - O2

b)

ජලය - H2O

c)

හිරු එළිය

d)

ග්ලුකෝස්

9.

පහත දැක්වෙන වගන්ති අතරින් ශාක පත්‍ර පිලිබදව නිවැරදි වගන්තිය කුමක්ද?

a)

ශාක පත්‍ර වල දාර වල ස්වභාවය පත්‍ර වින්‍යාසය නම් වේ.

b)

ශාක පත්‍ර ශාක කඳට සම්බන්ධ වී ඇති රටාව පත්‍ර වින්‍යාසය නම් වේ.

c)

ශාක පත්‍ර වලට අවශ්‍ය ජලය ලබා ගන්නේ පුටිකා තුලිනි.

d)

පේර ශාකයේ පත්‍ර කඳ වටා සර්පිලාකාරව පිහිටයි.

10.

උත්ස්වේදනය වැළැක්වීමට ශාක පත්‍ර වල ඇති අනුවර්තනයක් නොවන්නේ,

a)

පත්‍ර තලය විශාලව පිහිටිම

b)

පත්‍ර කටු බවට පත් වීම

c)

පත්‍ර සිහින් විම

d)

ඝනකම් ඉටි උච්චර්මයක් පිහිටිම

11.

ප්‍රභාසංශ්ලේෂී කඳක් දැකිය හැකි ශාකය වන්නේ,

a)

අර්තාපල්

b)

ගොයම්

c)

දළුක්

d)

නිදිකුම්බා

12.

රූපයේ දක්වා ඇති මුල් වර්ගය හා එයට උදාහරණ ශාකය තෝරන්න ,

a)

වායුධර මුල් - ඕකිඩ්

b)

වායව මුල් - ගම්මිරිස්

c)

කයිරු මුල් - බුලත්

d)

ආරෝහක මුල් - ගම්මිරිස්

13.

විද්‍යාගාරයේ ඇති කහ වර්ණ ඝනයක් ලෙස අපට හමුවන රසායන ද්‍රව්‍යය කුමක්ද?

a)

කැල්සියම් කාබනේට්

b)

සල්ෆර්

c)

කොපර් සල්ෆේට්

d)

කොන්ඩිස්

14.

රූපයේ දැක්වෙන පරිදි ජල බඳුනකට කොන්ඩිස් කැටයක් දමා ටික

වේලාවක් තැබූ විට ලැබෙන නිරික්‍ෂණය අනුව වැරදි වගන්තිය තෝරන්න.

a)

ජලය තුළ කොන්ඩිස් වල වර්ණය පැතිරේ.

b)

මෙහිදී ජල අංශු තුළට කොන්ඩිස් අංශු ගමන් කරයි

c)

මෙහිදී ජල අංශු අතරට කොන්ඩිස් අංශු ගමන් කරයි

d)

මෙම ක්‍රියාකාරකමින් පදාර්ථයේ අංශුමය ස්වභාවය තහවුරු කළ හැකිය.

15.

රන්, ඇලුමිනියම්, ජලය, රසදිය යන ද්‍රව්‍යවල ඝනත්වය ආරෝහණ පිලිවෙලින් සකස් කළ විට ලැබෙන

ආකාරය වන්නේ ,

a)

රන් < රසදිය < ඇලුමිණියම් < ජලය

b)

ජලය < ඇලුමිණියම් < රසදිය < රන්

c)

රසදිය < ඇලුමිණියම් < රන් < ජලය

d)

ඇලුමිණියම් < ජලය < රන් < රසදිය

16.

ලෝහ ද්‍රව්‍යයකට පැවතිය හැකි ලක්‍ෂණයක් වන්නේ,

a)

දුර්වල තාප සන්නායක වීම.

b)

ලෝහක දිස්නය නොතිබීම

c)

භංගුර බව

d)

විද්‍යුත් සන්නායක වීම

17.

පහත මුලද්‍රව්‍ය අතරින් ඝන ලෝහ පමණක් අඩංගු පිලිතුර කුමක්ද ?

a)

කැල්සියම්, කොපර්, සින්ක් , අයන්

b)

සින්ක් , ඊයම් , අයඩින්, ඇලුමිනියම්

c)

සින්ක් , අයන්, රසදිය, කාබන්

d)

කාබන්, සල්ෆර්, මැග්නීසියම්, සෝඩියම්

18.

යම් ද්‍රව්‍යයක ‘තාපාංකය’ පිළිබඳ නිවැරදි වගන්තිය කුමක්ද?

a)

කදු මුදුනකදී සංශුද්ධ ජලයේ තාපාංකය 100 C ට වඩා වැඩිය

b)

වායුගෝලීය පීඩනය වැඩිවන විට තාපාංකය අඩු වේ

c)

තාපාංකයේ දී ද්‍රව්‍යයක් වායුවක් බවට පත් වේ

d)

තාපාංකයේ දී ඝනයක් ද්‍රවයක් බවට පත් වේ

19.

ධ්වනිය සම්බන්ධව අසත්‍ය වගන්තිය තෝරන්න.

a)

ධ්වනය නිපදවන්නේ වස්තුවල කම්පනය හේතුවෙනි

b)

ධ්වනිය උපදවන වස්තු ධ්වනි ප්‍රභව නම්වේ

c)

ධ්වනිය ස්වභාවික මෙන්ම කෘතිමව ද ඇති වේ.

d)

තබ්ලාවක පටලය ඇදී ඇතිවිට උපදවන හඩේ සංඛ්‍යාතය අඩු ය

20.

රූපයේ දැක්වෙන්නේ මේසයකට තදින් කලම්ප කර ඇති කියත් පටි දෙකකි. A හා B අවස්ථා දෙක

පිළ ිබඳව ඇති පහත ප්‍රකාශ අතරින් වැරදි ප්‍රකාශය තෝරන්න ,

a)

A අවස්ථාවේ දී කියත් පටියේ කම්පනය පෙනෙන නම ුත් හඬ නොඇසේ

b)

B අවස්ථාවේ දී කියත් පටියේ කම්පනය පෙනෙන අතර හඬ ඇසේ

c)

A අවස්ථාවේ දී ඇතිවන කම්පනය 20්‍Hz වඩා අඩු ය.

d)

B අවස්ථාවේ ඇතිවන කම්පනයේ සංඛ්‍යාතය 20Hz ට අඩු ය.

21.

මුල් වරට ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කල පුද්ගලයා වන්නේ

a)

ඇන්ටන් වෑන් ලීවන් හුක්

b)

ක්ලෝඩියස් ටොලමි

c)

ගැලීලියෝ ගැලීලි

d)

රොබට් හුක්

22.

සංගීතයේ ස්වර හත නිපදවා  ඇත්තේ කුමක් පදනම් කරගෙනද ?

a)

පිඩනය

b)

ඝනත්වය

c)

පරිමාව

d)

සංඛ්‍යාතය

23.

පොල් වතුරෙන් බිංදුවක් කදාවක් මත තබා ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කල විට දැකිය හැකි ජීවීන් කාණ්ඩය වන්නේ,

a)

දිලීර

b)

බැක්ටීරියා

c)

වෛරස

d)

කිසිවක් බලගත නොහැක