wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

5 TASK SHEET COL-3

Total questions: 30

Worksheet time: 15mins

Name
Class
Date
1.

ශාකයේ කඳ කෑලි කපා තම්බා පානය කරනු ලබන්නේ

a)

කොහොඹ

b)

සාදික්කා

c)

කොතල හිඹුටු

2.

තෙලෙන් බැද ගන්නා කැවිලි වර්ගයක් නොවන්නේ

a)

අලූවා

b)

ආස්මි

c)

අතිරස

3.

රාත්‍රීකාලයේ ගමන් බිමන් යාමේදී ඇඳීමට වඩාත් සුදුසු වර්ණය වන්නේ

a)

සුදු

b)

කළු

c)

රතු

4.

මැසීමේදී ඇඟිල්ලේ ආරක්ෂාවට පළඳින උපකරණය වන්නේ

a)

මයිනහම

b)

සකපෝරුව

c)

දිදාලය

5.

බල්ලෙකු සපා කෑ විට පළමුව කළ යුත්තේ

a)

මුරුංගා ‌පොතු තුවාලයට තැබීම

b)

පිරිසිදු ජලයෙන් සබන් ගා සේදීම

c)

තුවාලයෙන් විස ඉරීම

6.

නිවසේ සිදුවිය නොහැකි අනතුරකි

a)

නොසැලකිලිමත් ව ඛෙහෙත් ද්‍රව්‍ය පානය කිරීම

b)

ගෑස් කාන්දුවීම නිසා ගිනි ඇවිලීම

c)

දියේ ගිලීම

7.

දියේ ගිලූණු අවස්ථාවකදී ක්ෂණිකව කළ යුතු දෙයක් වන්නේ

a)

උදව් ඉල්ලා කෑ ගැසීම

b)

අනතුරු සිදු වූ බවට කිසිවකුටත් නොකීම

c)

බේරා ගැනීමට දියට පැනීම

8.

අකුණු සහිත අවස්ථාවක එළිමහනේ ගමන් බිමන් යාම

a)

අනාරක්ෂිත අවස්ථාව

b)

අනාරක්ෂිත ස්ථානයකි

c)

ආරකෂිඅවස්ථාවකි

9.

රාජකාරි අවස්ථාවේ දී අනිවාර්යෙන් තම නිල ඇඳුම හැද සිටින වෘත්තිකයෙක් ව්

a)

වෛද්‍යවරයා

b)

ලියුම් ඛෙදන්නා

c)

හෙදිය

10.

ස්වභාවික අනතුරු පමණක් අඩංගු පිළිතුර වන්නේ

a)

ගංවතුර, නාය යෑම, විදුලි සැර වැදීම

b)

නායයෑම , ලැව්ගිනි, රිය අනතුරු

c)

ගංවතුර, භූමිකම්පා, සුනාමි

11.

අධික පැණි රස හා පිෂ්ඨය සහිත ආහාර ගැනීමෙන් වැළෙඳන රෝගයකි

a)

අම්ල පිත්ත රෝගය

b)

අධි රුධිර පීඩනය

c)

දියවැඩියාව

12.

අකුණු වැදීමට බොහෝ විට ඉඩ ඇති ස්ථානයකි.

a)

මෝටර් රථයක ගමන් කිරීම

b)

ඇඳ මත නිදා සිටීම

c)

විවෘත ස්ථානයක ක්‍රීඩා කිරීම

13.

භූමිකම්පා අවස්ථාක් වඩාත් ආරක්ෂිතම ස්ථානය වන්නේ

a)

උස ගොඩනැගිල්ලකට යාම

b)

විවෘත ස්ථානයකට යාම

c)

ගසක් යට සිටීම

14.

ප්‍රථමාධාර පෙට්ටියක නොමැති ද්‍රව්‍යයකි.

a)

වෙළුම් පටි

b)

වෙද නලාව

c)

කතුර

15.

හදිසි රෝගියෙක් රෝහලට රැගෙන යාම සඳහා ගිලන් රථයක් ගෙන්වා ගැනීමට ඇමතිය යුතු අංකය වන්නේ

a)

1919

b)

1929

c)

1990

16.

නාගරික ප්‍රදේශවල ජලය ලබා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් ම භාවිත වන ක්‍රමය වන්නේනේ

a)

ගංගා මගින්

b)

නළ මගින්

c)

ළිං මගින්

17.

පිරිසිදු ජලයේ ඇති ලක්ෂණ පමණක් අඩංගු පිළිතුර තෝරන්න.

a)

රසයක් ඇත , පාටක් නැත , ගඳක් හෝ සුවඳක් ඇත

b)

රසයක් නැත , පාටක් ඇත , ගඳක් හෝ සුවඳක් නැත

c)

රසයක් නැත , පාටක් නැත , ගඳක් හෝ සුවඳක් නැත

18.

රත් කළ ලෝහ හැන්දක් මතට ජලය බින්දුවක් දැමූ විට,

a)

කිසිවක් සිදු නොවේ

b)

වාෂ්ප වේ

c)

ප්‍රමාණය වැඩිවේ

19.

ජල වාෂ්ප නැවත සිසිල් කළ විට කුමක් සිදුවේ ද?

a)

නැවත ජලය බවට පත්වේ

b)

අයිස් බවට පත්වේ

c)

කිසිවක් සිදු නොවේ

20.

ජල වාෂ්පයෙන් තම්බා ගන්නා ආහාර වර්ගයක් වන්නේ මින් කුමක් ද?

a)

මඤ්ඤොක්කා

b)

කඩල

c)

පිට්ටු

21.

අයිස් කැටයක් දිය නොවී වැඩි කාලයක් තබා ගැනීමට කළ හැකි දෙයකි,

a)

ටින් එකක දමා වසා තැබීම

b)

මතුපිට ලී කුඩු අතුරා වසා තැබීම

c)

ගෝනියකින් වසා තැබීම

22.

නිකරුනේ ජලය නාස්ති වන අවස්ථාවක් වන්නේ,

a)

කරාමයට අත තබා ජලය පානය කිරීම

b)

කරාමයෙන් කෝප්පයකට ජලය පුරවා පානය කිරීම

c)

මළුතැන් ගෙයින් ඉවතලන ජලය ගෙවත්තට යෙදීම

23.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් බැහැර කරන අප ජලය නිසා,

a)

ජලය දූෂණය වේ

b)

පිරිසිදු ජලය ලැබේ

c)

ජල උල්පත් සිඳී යයි

24.

අපිරිසිදු ජලය පරිහරණය නිසා මිනිසාට වැළෙඳන රෝගයක් නොවන්නේ,

a)

හෙපටයිටීස්

b)

සෙංගමාලය

c)

ජල භීතිකාව

25.

ස්පොන් කැබැල්ලකට ජලය හොඳින් පොඟවා ගෙන ගොස් බෝතලයකට පිරවීමේ ක්‍රියාකාරකම,

a)

ජලය හා බැඳුණු චාරිත්‍රයකි

b)

ජලය යොදාගෙන කරන ක්‍රීඩාවකි

c)

ජලය අපතේ යවන ක්‍රීඩාවකි

26.

කෘෂිකාර්මික කටයුතුවල දී යොදා ගන්නා පළිබෝධ නාශක ජලයට මිශ්‍ර වීමෙන්,

a)

ජලජ ජීවීන් මිය යාම සිදුවේ

b)

ජලය පිරිසිදුවීම සිදුවේ

c)

ජලජ ශාකවලට හිතකර වේ

27.

නොමිලයේ ජලය ලබාගත හැකි ක්‍රමයක් වන්නේ මින් කුමක් ද?

a)

නළ මගින් ජලය ලබා ගැනීම

b)

බෝතල් කළ ජලය ලබා ගැනීම

c)

ගංගා,ඇළ දොළ මගින් ජලය ලබාගැනීම

28.

ජංගම දුරකථන භාවිත කරමින් පාරේ ගමන් කිරීම,

a)

ආරක්ෂිත ක්‍රමයකි

b)

අනතුරු සිදුවිය හැකි අවස්ථාවකි

c)

පදිකයින් පිළිපැදිය යුතු ක්‍රමයකි

29.

පදිකයින් පාර හරහා මාරු විය යුත්තේ,

a)

පාර හරහා දිව යාමෙනි

b)

තමාට ඕනෑ ම තැනකිනි

c)

කහ හෝ සුදු ඉරි ඇති ස්ථාන මතිනි

30.

පාරේ වාහන ගමන් කරන්නේ

a)

මැදින්

b)

වමෙන්

c)

දකුණෙන්