Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Unit 1 - Information and Communication Technology

Total questions: 25

Worksheet time: 25mins

Name
Class
Date
1.
"තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට” ඇතුළත් වන්නේ කුමක්ද?
a)
මාර්ගගත ඉගෙනීම.
b)
අධ්‍යාපන මෘදුකාංග භාවිතයෙන් ඉගෙනීම.
c)
වෙබ් පාදක ඉගෙනීම.
d)
ඉහත සියල්ල ම.
2.
පහත ප්‍රකාශ අතරින් පරිගණකය අර්ථ දැක්වීම සඳහා සුදුසුම ප්‍රකාශය තෝරන්න.
a)
පරිගණකය යනු, තොරතුරු සැකසීමේ උපාංගයකි.
b)
පරිගණකය යනු, ප්‍රමාණාත්මක දත්ත පමණක් සැකසීමේ, ගබඩා කිරීමේ හා ඉක්මනින් නැවත ලබා ගැනීමේ හැකියාව සහිත උපකරණයකි.
c)
පරිගණකය යනු, ප්‍රමාණාත්මක තොරතුරු ඉතා ඉක්මනින් සැකසීමේ හා ගබඩා කිරීමේ උපකරණයකි.
d)
පරිගණකය යනු, ප්‍රමාණාත්මක මෙන් ම ගුණාත්මක තොරතුරු ඉක්මනින් සැකසීමේ, ගබඩා කිරීමේ හා නැවත ලබා දීමේ උපකරණයකි.
3.
පහත ප්‍රකාශ අතරින් තොරතුරු තාක්ෂණය පිළිබඳ "නිසි" අර්ථ දැක්වීම කුමක්ද?
a)
තොරතුරු තාක්ෂණය යනු තොරතුරු සකස් කිරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීමයි.
b)
තොරතුරු තාක්ෂණය යනු ප්‍රයෝජනවත් තොරතුරු සැකසීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීමයි.
c)
තොරතුරු තාක්ෂණය යනු විවිධ වර්ගයේ තොරතුරු බෙදා හැරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීම යි.
d)
තොරතුරු තාක්ෂණය යනු විවිධ වර්ගයේ තොරතුරු ප්‍රයෝජනවත් ලෙස සැකසීම, ගබඩා කිරීම, නැවත ලබා ගැනීම හා බෙදාහැරීම සඳහා දෘඩාංග හා මෘදුකාංග භාවිත කිරීමයි.
4.
පහත ප්‍රකාශ අතරින් සාවද්‍ය වන්නේ කුමක් ද?
a)
පරිගණකය සතු ව තිබෙන්නේ සංඛ්‍යාංක සංඥා (digital signal) සැකසීමේ හැකියාව පමණි.
b)
දත්ත සැකසීම සඳහා ඊට සුදුසු මෘදුකාංග අවශ්‍ය කෙර්.
c)
පරිගණකයක සතු ව සංඛ්‍යාංක සංඥා (digital signal) මෙන්ම ප්‍රතිසම සංඥා (analog signals) ද සැකසීමේ හැකියාව තිබේ.
d)
පරිගණකය සතු ව ප්‍රමාණාත්මක (quantitative) හා ගුණාත්මක (qualitative) දත්ත සැකසීමේ හැකියාව පමණි.
5.
පරිගණකය සතු ලක්ෂණයක් නොවන්නේ කුමක්ද?
a)
පරිගණකයට ස්වායත්ත ව සිතීමේ හැකියාවක් නැත.
b)
පරිගණකය යනු විද්‍යුත් යන්ත්‍රයකි.
c)
පරිගණකය විසින් යම් කාර්යයක් දෝෂ රහිත ව ක්‍රියාවට නංවයි.
d)
පරිගණකය සතු ව ඕනෑ ම කාලයක් දත්ත රඳවා ගෙන සිටීමේ හැකියාව තිබේ.
6.
පරිගණකයේ දෘඪ තැටි අකර්මන්‍යවීම්වලින් දත්ත හා තොරතුරු ආරක්ෂා කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි හොඳ පුරුද්දක් වන්නේ පහත සඳහන් කවරක්ද?
a)
ගිණි පවුරක් (firewall) ස්ථාපනය කිරීම
b)
ප්‍රතිවෛරස් මෘදුකාංගයක් ස්ථාපනය කිරීම
c)
කාලීනව උපස්ථ (backups) ලබා ගැනීම
d)
ප්‍රබල මුරපදයක් භාවිත කිරීම
7.
පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද?
a)
අනුකලිත පරිපථ (IC) හඳුන්වා දෙනු ලැබුයේ පළමු වන පරම්පරාවේ පරිගණකවල ය.
b)
රික්තක නළ (vacuum tubes) හඳුන්වා දෙනු ලැබුයේ දෙවන පරම්පරාවේ පරිගණකවල ය.
c)
ට්‍රාන්සිස්ටර් හඳුන්වා දෙනු ලැබුයේ තුන්වන පරම්පරාවේ පරිගණකවලය.
d)
අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ (VLSI) හඳුන්වා දෙනු ලැබුයේ සිව්වන පරම්පරාවේ පරිගණකවල ය.
8.
පහත සඳහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2C (රජයෙන් පුරවැසියන්ට) සේවා හා බැඳී පවතීද? A - අ.පො.ස (සා.පෙ) විභාග ප්‍රතිඵල මාර්ගගතව බැලීම B - මාර්ගගතව ආහාර වර්ග ඇනවුම් කිරීම C - වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම
a)
A පමණි
b)
A හා C පමණි
c)
B හා C පමණි
d)
A, B හා C සියල්ල ම
9.
දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් කවරක්ද?
a)
මුදල් ආපසු ගැනීමෙන් පසු, බැංකු කරණ මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුමේ ශේෂය ගණනය කිරීම.
b)
ගොනුවක් (file) USB ධාවකයෙන් පරිගණකයේ දෘඪ තැටියට කොපි කිරීම.
c)
පෞද්ගලික පරිගණකයකට (PC) ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් ස්ථාපනය (install) කිරීම.
d)
සුපිරික්සකයක් (scanner) භාවිතයෙන් ලිපියක් සුපිරික්සීම.
10.
කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ශ්‍රි ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට (http://www.gov.lk) ප්‍රවේශ වේ. කමලසිරි, ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරින් ලබාගත්තේ පහත සඳහන් කුමන සේවාවද?
a)
G2B
b)
G2C
c)
G2E
d)
G2G
11.
e-රාජ්‍ය සේවාවක් සඳහා උදාහරණයක් නොවන්නේ පහත කවරක්ද?
a)
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියෙන් අ.පො.ස.(සා. පෙළ) ප්‍රතිඵල ලබා ගැනීම.
b)
මාර්ගගත (online) සාප්පුවකින් අයිතම මිලදී ගැනීම.
c)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ජාතික හැදුනුම්පත් අයදුම්පත්‍රය බාගැනීම (downloading) ජල බිල්පත් මාර්ගගතව ගෙවීම
d)
ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ වෙබ් අඩවිය හරහා
12.
මධ්‍යම සැකසුම් ඒකකයෙහි රික්තකනල ට්‍රාන්සිස්ටර් මගින් ද, ඉන් අනතුරුව ට්‍රාන්සිස්ටර් අනුකලිත පරිපථ මගින් ද ප්‍රතිස්ථාපන වීමේ ප්‍රතිඵලය වූයේ කුමක් ද?
a)
සැකසුම් බලය සහ විදුලිබල පාරිභෝජනය යන දෙක ම ඉහළ යාම
b)
සැකසුම් බලය ඉහළ යාම සහ විදුලිබල පාරිභෝජනය පහළ බැසීම
c)
සැකසුම් බලය පහළ බැසීම සහ විදුලිබල පාරිභෝජනය ඉහළ යාම
d)
සැකසුම් බලය සහ විදුලිබල පාරිභෝජනය යන දෙක ම පහළ බැසීම
13.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධයෙන් සත්‍ය වන්නේ කුමන ප්‍රකාශය/ ප්‍රකාශ ද? A - පරිගණක ජාල හා ඒවා මත පදනම් වූ යෙදුම් නිර්මාණය කිරීම සඳහා වූ ප්‍රධාන මෙවලම් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ලෙස හඳුන්වයි. B - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය තොරතුරු සහ දැනුම ව්‍යාප්ත කිරීමට දායක වන අතර, එහි අන්තර්ගතය ඒවායේ භෞතික ස්ථානයෙන් වෙන් කර තැබීමට කටයුතු කරයි. C - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිෂ්පාදන බොහෝමයක තිබෙන සංඛ්‍යාංක (digital) හා අථත්‍ය (virtual) ස්වභාවය හේතුවෙන් ඒවායේ පිරිවැය ඉහළ යාමට
a)
A හා B පමණි
b)
A හා C පමණි
c)
B හා C පමණි
d)
A, B හා C සියල්ල ම
14.
පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තිද? A - පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත. B - දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරාවල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත. C - චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් (GUI) සහිත මෙහෙයුම් පද්ධති හතර වැනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත.
a)
A හා B පමණි
b)
A හා C පමණි
c)
B හා C පමණි
d)
A, B හා C සියල්ල ම
15.
පුද්ගලයකු තම බැංකු ATM කාඩ්පත ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයකට ඇතුල් කොට තම පුද්ගලික හැඳුනුම් අංකය (pin code) යන්ත්‍රයට ලබා දෙයි. අනතුරුව ඔහු ලබාගත යුතු මුදලේ අගය යන්ත්‍රය වෙත ලබා දේ. ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පිරික්සීමෙන් අනතුරුව ATM යන්ත්‍රය මගින් මුදල් ලබා දීම, ශේෂය යාවත්කාලීන කිරීම හා නව ශේෂය දැක්වීම සිදු කරයි. ඉහත සංසිද්ධියට අදාළව ආදානයක්, ක්‍රියාවලියක් හා ප්‍රතිදානයක් පිළිවෙළින් දක්වා ඇත්තේ පහත කවරක ද?
a)
ලබාගත යුතු මුදල, නව ශේෂය, මුදල්
b)
ලබාගත යුතු මුදල, ශේෂය යාවත්කාලීන කිරීම, නව ශේෂය
c)
නව ශේෂය, පුද්ගල හැඳුනුම් අංකය, ලබාගත යුතු මුදල
d)
ශේෂය යාවත්කාලීන කිරීම, පුද්ගල හැදුනුම් අංකය, නව ශේෂය
16.
පරිගණක තාක්ෂණයේ පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිණාමයේදී පහත සඳහන් කුමක් සිදුවීද? A - පරිගණකවල සැකසුම් හැකියාව (processing power) වැඩි වීම. B - මධ්‍ය සැකසුම් ඒකකය (CPU) තුළ වර්ග සෙන්ටිමීටරයක ඇති ට්‍රාන්සිස්ටර් සංඛ්‍යාව වැඩි වීම C - පරිගණකවල ආචයන ධාරිතාව (storage capacity) වැඩි වීම
a)
A හා B පමණි
b)
A හා C පමණි
c)
B හා C පමණි
d)
A, B හා C සියල්ල ම
17.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලයක් නොවන්නේ,

a)

ඇබ්බැහිවීම

b)

හුදෙකලා බව

c)

බුද්ධිමය දේපළ සොරා නොගැනීම

d)

ස්ථුලතාව

18.
තොරතුරු පද්ධතියක ප්‍රධාන කාර්ය තුන වන්නේ,
a)
ආදානය, සැකසීම සහ ප්‍රතිදානයයි.
b)
කේතනය, සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමයි.
c)
සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂාවයි.
d)
තෝරා ගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි
19.

චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් සහිත මෙහෙයුම් පද්ධති භාවිත වුයේ කුමන පරම්පරාවේද?

a)

පළමු පරම්පරාවේ

b)

දෙවන පරම්පරාවේ

c)

තුන්වන පරම්පරාවේ

d)

හතරවන පරම්පරාවේ

20.
පහත සඳහන් ඊ - රාජ්‍ය සේවාවන් සලකන්න. 1. වාහන බලපත්‍ර අලුත් කිරීම 2. නීති පද්ධති පිළිබඳ තොරතුරු සැපයීම 3. බිල්පත් ගෙවීම් සේවා ඉහත සේවාවන් ශ්‍රී ලංකා රජය විසින් සපයනු ලබන්නේ.
a)
පුරවැසියන්ට
b)
වෙනත් රාජ්‍යවලට
c)
ව්‍යාපාරවලට
d)
සේවකයන්ට
21.
පහත සඳහන් වගන්ති සලකන්න. A - අංකිත පුස්තකාල සම්බන්ධතාව ලබාදීම. B - උපදේශන සේවා පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව C - මාර්ගගත පැවරුම් හා ප්‍රශ්නාවලි ලබාදීම මාර්ගස්ථ දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්‍ෂණ වන්නේ.
a)
A හා B පමණි
b)
A හා C පමණි
c)
B හා C පමණි
d)
A, B හා C සියල්ල ම
22.

මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක බිහි වුයේ,

a)

පළමු පරම්පරාවේ

b)

දෙවන පරම්පරාවේ

c)

තුන්වන පරම්පරාවේ

d)

හතරවන පරම්පරාවේ

23.

ගුණාත්මක තොරතුරක ලක්ෂණයක් නොවන්නේ,

a)

අදාළ බව

b)

නිරවද්‍යතාව

c)

කාලින බව

d)

පිරිවැය වැඩිවීම

24.

පස්වෙනි පරම්පරාවේ පරිගණක හඳුන්වන තවත් නමක් වන්නේ කුමක්ද?

a)

VLSI - ඇති විශාල ප්‍රමාණයේ අනුකලණ

b)

දැනුම් තොරතුරු සැකසුම් පද්ධතිය

c)

ඉහත සියල්ලම

d)

මේ කිසිවක් නොවේ

25.

පරිගණකයක් සමන්විත වන්නේ පහත සඳහා කවර උපාංගවලින්ද?

a)

මව් පුවරුව

b)

දෘඩ තැටි ධාවකය

c)

මාධ්‍ය සැකසුම් ඒකකය

d)

ඉහත සියල්ලම