WorksheetsUnit 2 - Introduction to Computer
Total questions: 15
Worksheet time: 15mins
Name
Class
Date
1.
පහත උපාංග අතරින් ප්‍රතිදාන උපාංග පමණක් දැක්වෙන පිළිතුර වන්නේ,
a)
මයික්‍රෆෝනය, යතුරු පුවරුව, මූසිකය, තීරු කේත කියවනය
b)
ප්‍රක්ෂේපණ යන්ත්‍රය, සුපරීක්ෂකය, මුද්‍රණ යන්ත්‍රය, මූසිකය
c)
සැණෙලි ධාවකය, සංදර්ශකය, මුද්‍රණ යන්ත්‍රය, ප්‍රක්ෂේපණ යන්ත්‍රය
d)
සංර්දර්ශකය, ප්‍රක්ෂේපණ යන්ත්‍රය, මුද්‍රණ යන්ත්‍රය, ඉස් බනුව
2.
පහත දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය අතරින් වේගවත් ම දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය වන්නේ,
a)
විශ්ව ශ්‍රේණිගත බස් (USB) රැහැන්
b)
සමක්ෂක රැහැන්
c)
ඇඹරූ කම්බි යුගල රැහැන්
d)
ප්‍රකාශ තන්තු
3.
පහත සඳහන් කවර කාණ්ඩයක් ආදාන උපක්‍රමවලින් පමණක් සමන්විත වන්නේ ද?
a)
තීරු කේත කියවනය (Barcode Reader), කැතෝඩ කිරණ නළය සහිත තිරය (CRT Monitor), මෙහෙයුම් යටිය (Joystick)
b)
තීරු කේත කියවනය, ලකුණු කරණය (Plotter), වෙබ් කැමරාව
c)
යතුරු පුවරුව, මූසිකය, සුපිරික්සකය (Scanner)
d)
බහු - මාධ්‍ය ප්‍රක්ෂේපකය (Multimedia Projector), මුද්‍රකය (Printer), සුපිරික්සකය
4.
ජාලකරණ උපාංග සම්බන්ධයෙන් පහත දී ඇති ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,
a)
වෙනස් පරිගණක ජාල දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කිරීමට ස්විචය යොදා ගනියි.
b)
පරිගණක දෙකක් හෝ වැඩි ගණනක් එකට සම්බන්ධ කිරීමට නාභිය යොදා ගනියි.
c)
පරිගණකයක් ජාලය හා සම්බන්ධ වන්නේ ජාලකරණ අතුරු මුහුණත් කාඩ් පත හරහා වේ.
d)
පරිගණක ජාලයක් අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කර ගැනීමට ගිනි පවුර යොදා ගනියි.
5.
දත්ත ස්ථිර වශයෙන් ආචයනය (store) කිරීම සඳහා පහත සඳහන් දෑ අතුරෙන් කවරක් භාවිත කළ නොහැකි වන්නේද?
a)
දෘඪ ඩිස්කය
b)
සසම්භාවි ප්‍රවේශ මතකය (RAM).
c)
චුම්භක පටිය (Magnetic tape)
d)
සැණෙලි මතකය (USB Flash Drive)
6.
පරිගණක පද්ධතියක දී ඇති ආචයන (storage) සංරචක ඒවායේ ආචයන ධාරිතාවට අනුව අවරෝහණ පිළිවෙළට පහත සඳහන් කුමන පිළිතුර මගින් නිවැරදිව පෙන්වනු ලබන්නේ ද?
a)
දෘඪ ඩිස්කය, නිහිත මතකය (Cache memory), ප්‍රධාන මතකය
b)
දෘඪ ඩිස්කය, ප්‍රධාන මතකය, නිහිත මතකය
c)
ප්‍රධාන මතකය, නිහිත මතකය, දෘඪ ඩිස්කය
d)
ප්‍රධාන මතකය, දෘඪ ඩිස්කය, නිහිත මතකය
7.
........................ ආකාරයේ ජාල ස්ථලකයකදී, එහි වූ සෑම ජාල සංරචකයක්ම නාභියක් (hub) හෝ ස්විචයක් වැනි මධ්‍ය මංසලකට (node) භෞතිකව සම්බන්ධව පවතී.
a)
බසයක (bus)
b)
දැලක (mesh)
c)
මුදුවක (ring)
d)
තාරුකාවක (star)
8.
ආදාන හා ප්‍රතිදාන හැකියාවන් දෙකම පවතින්නේ පහත සඳහන් කවර උපක්‍රමයකද?
a)
මෙහෙයුම් යටිය (joystick)
b)
ප්‍රකාශ අනුලක්ෂ කියවනය (OCR)
c)
ස්පර්ශ තිරය
d)
වෙබ් කැමරාව (webcam)
9.
පහත දක්වා ඇති උපාංග අතුරෙන් දැක්වීමේ උපාංගයක් නොවන්නේ කුමක්ද?
a)
ආලෝක පෑන (Light Pen)
b)
ස්පශක සංවේදී තිරය (Touch Screen)
c)
මෙහෙයුම් යටිය (Joysticks)
d)
සංදර්ශකය (Monitor)
10.
සම්ප්‍රේෂණ මාධ්‍ය සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදි වන්නේද?
A - මීටර 50ක තරම් දුරකට දත්ත සම්ප්‍රේෂණයට ඇඹරි කම්බි යුගල සුදුසුය.
B - වයි-ෆයි සහ බ්ලුටූත් ගුවන් විදුලි තරංග මත ක්‍රියා කරයි.
C - නවීන දුරකතන ජාලවලට සමාක්ෂක කේබල භාවිත කරයි.
a)
A පමණි
b)
A හා B පමණි
c)
B හා C පමණි
d)
A, B හා C යන සියල්ලම
11.
වළාකුළු පරිගණක භාවිතයේ වාසියක් නොවන්නේ පහත සඳහන් කවරක් ද?
a)
මෘදුකාංග සඳහා වියදම අඩු වීම.
b)
නොකඩවා පවතින අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය වීම.
c)
නඩත්තු ගැටළු අවම වීම.
d)
මෘදුකාංග ක්ෂණිකව යාවත්කාලීන වීම.
12.
පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකයේ (CPU), ඝටිකා වේගය (Clock Speed) මනිනු ලබන ඒකකය කුමක්ද?
a)
Mbps
b)
IPs
c)
GB
d)
GHz
13.
පහත දී ඇති කෙවෙනි සලකන්න.
A - Audio Port (ශබ්ද උපාංග කෙවෙනි)
B - HDMI Port
C - USB Port (විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනි)
ආදාන මෙන්ම ප්‍රතිදාන උපාංග සම්බන්ධ කළ හැකි කෙවෙනි ඇතුළත් පිළිතුර තෝරන්න.
a)
A හා B පමණි.
b)
B හා C පමණි.
c)
A හා C පමණි.
d)
A, B හා C යන සියල්ලම
14.
තරු ආකාරයේ ජාල ස්ථල විද්‍යාවක (Star Network Topology) වාසියක් නොවන්නේ මින් කුමක්ද?
a)
පුළුල් කිරීමට වැඩි අවස්ථාවක් ලබා දීම.
b)
වෙනත් ආකාර වලට වඩා ජනප්‍රිය වීම.
c)
ජාල කළමනාකරණය පහසු වීම.
d)
වැඩි කේබල ප්‍රමාණයක් අවශ්‍ය වීම.
15.
නෂ්‍ය මතකයට අයත් උපාංග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න.
a)
වාරක මතකය, දෘඪ තැටිය, සසම්භාවී ප්‍රවේශ මතකය
b)
සංයුක්ත තැටිය, නම්‍ය තැටිය, මතක රෙජිස්තර
c)
පඨන මාත්‍ර මතකය, ද්විතීයික මතකය, ප්‍රාථමික මතකය
d)
වාරක මතකය, සසම්භාවී ප්‍රවේශ මතකය, මතක රෙජිස්තර
100 %
