NEW
Font size
WorksheetsHybrid Exam 2 - SM
Total questions: 25
Worksheet time: 37mins
ණයගැතියෙකු වූ ෂෙහාන් 5%ක මුදල් වට්ටමක් සමඟ රු.10,000ක ශේෂයක් පියවන ලදී. මෙම ගනුදෙනුව සඳහා වූ ද්විත්ව සටහන වන්නේ,
ණයගැති ගිණුම හර 10,000
මුදල් ගිණුම බැර 9,500
දුන් වට්ටම් බැර 500
දුන් වට්ටම් හර 500
මුදල් ගිණුම හර 9,500
ෂෙහාන්ගේ ගිණුම බැර 10,000
මුදල් ගිණුම හර 10,000
ෂෙහාන්ගේ ගිණුම බැර 10,000
මුදල් ගිණුම හර 10,000
දුන් වට්ටම් බැර 500
ණයගැති ගිණුම බැර 9,500
සහරාගේ ව්‍යාපාරයට 10%ක මුදල් වට්ටමක් යටතේ රු.20,000ක ණයගැති ශේෂයක් වෙනුවෙන් චෙක්පතක් ලැබුනු අතර මිට අදාල වූ ද්විත්ව සටහන වන්නේ,
බැංකු ගිණුම හර 18,000
දුන් වට්ටම් හර 2000
ණයගැති ගිණුම බැර 20,000
බැංකු ගිණුම හර 20,000
දුන් වට්ටම් හර 2,000
ණයගැති ගිණුම බැර 18,000
ණයගැති ගිණුම හර 20,000
දුන් වට්ටම් බැර 2,000
මුදල් ගිණුම බැර 18,000
දුන් වට්ටම් හර 2,000
මුදල් ගිණුම හර 18,000
ණයගැති ගිණුම බැර 20,000
සානකගේ ව්‍යාපාරය ණයහිමියන්ට මුදලින් රු.7,200ක් ගෙවූ අතර ලද වට්ටම රු.800කි. මිට අදාල වන ද්විත්ව සටහන වන්නේ
ණයහිමි ගිණුම හර 7,200
ලද වට්ටම් හර 800
මුදල් ගිණුම බැර 8,000
මුදල් ගිණුම හර 8,000
ලද වට්ටම් හර 800
ණයහිමි ගිණුම බැර 7,200
ණයහිමි ගිණුම හර 8,000
ලද වට්ටම් බැර 800
මුදල් ගිණුම බැර 7,200
ලද වට්ටම් හර 800
මුදල් ගිණුම හර 7,200
ණයහිමි ගිණුම බැර 8,000
SMAK ව්‍යාපාරයේ ණයහිමියකු වූ අකිත් හට රු.8,500ක් චෙක්පතක් මගින් ගෙවූ අතර ලද වට්ටම රු.500කි. මෙම ගනුදෙනුව සඳහා වූ ද්විත්ව සටහන වන්නේ,
ණයහිමි ගිණුම හර 9,000
ලද වට්ටම් බැර 500
බැංකු ගිණුම බැර 8,500
මුදල් ගිණුම හර 9,000
ලද වට්ටම් බැර 500
ණයහිමි ගිණුම බැර 8,500
ණයහිමි ගිණුම හර 9,000
ලද වට්ටම් බැර 500
මුදල් ගිණුම බැර 8,500
ලද වට්ටම් හර 500
මුදල් ගිණුම හර 8,500
ණයහිමි ගිණුම බැර 8,000
A තීරුව හා B තීරුව ගැලපීම මගින් ලැබෙන නිවැරදි පිළිතුර වන්නේ,
B,D,A,C
C,D,B,A
C,A,D,B
D,C,B,A
පහත ගනුදෙනු මුදල් පොතක පිලිවෙලින් සටහන් කළ යුතු ආකාරය දැක්වෙන පිළිතුර තෝරන්න.
1-හර, 2-බැර, 3-හර, 4-හර, 5-බැර, 6-බැර, 7-වාර්තා නොකරයි, 8-බැර, 9-හර, 10-හර
1-හර, 2-බැර, 3-බැර, 4-හර, 5-හර, 6-බැර, 7-හර, 8-බැර, 9-හර, 10-වාර්තා නොකරයි
1-වාර්තා නොකරයි, 2-බැර, 3-හර, 4-හර, 5-හර, 6-බැර, 7-වාර්තා නොකරයි, 8-බැර, 9-හර, 10-බැර
1-හර, 2-බැර, 3-හර, 4-හර, 5-හර, 6-බැර, 7-වාර්තා නොකරයි, 8-බැර, 9-හර, 10-වාර්තා නොකරයි
2023.01.31 දිනට දුලාන්ජනගේ ව්‍යාපාරයේ පැවති සුළු මුදල් ශේෂය රු.750යි. එදින සුළු මුදල් ප්‍රතිපූර්ණය සඳහා ප්‍රධාන මුදල් භාරකරු විසින් රු.1,250ක් ලබාදෙන ලදී. ඒ අනුව පිළිවෙලින්, ජනවාරි මාසය සඳහා සුළු මුදල් වියදම හා ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය කීයද?
රු. 2,000 හා රු. 1,250
රු. 1,250 හා රු. 2,000
රු. 750 හා රු. 1,250
රු. 500 හා රු. 1.250
2024.01.01 දින සුළු මුදල් භාරකරු සතුව පැවති ශේෂය රු.1,200යි. ජනවාරි මාසය සඳහා සම්පූර්ණ සුළු මුදල් වියදම රු.3,800කි. 2024.01.31 දිනට ශේෂය රු.400ක් වුයේ නම්, 2024.01.01 දින සිදුකරන ලද සුළු මුදල් ප්‍රතිපූර්ණයෙහි වටිනාකම කීයද?
රු.400
රු.3,800
4,200
රු. 3,000
පහත සඳහන් ප්‍රකාශයන්හි සත්‍ය, අසත්‍ය බව නිවැරදිව පිලිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
i. මුදල් පොත ලෙජර් ගිණුමක් හා මූලික සටහන් පොතක් යන දෙකෙහිම කාර්යභාරය ඉටු කරයි.
ii. මුදල් වට්ටම් නිෂ්පාදිතයක් මිලදී ගන්නා අවස්ථාවේදීත්, වෙළඳ වට්ටම් ඊට අදාළ ණය පියවීමේදීත් ලබාදෙනු ලබයි.
iii. මුදල් හා ණය ගනුදෙනු යන දෙකම මුදල් පොතෙහි සටහන් කරනු ලබයි.
iv. වෙළඳ වට්ටම් ගිණුම් වාර්තා වල ඇතුලත් කරයි.
v. ගිනුමක ශේෂය දැනගැනීම සඳහා එම ගිණුම ශේෂ කළ යුතුය.
i-සත්‍ය, ii-සත්‍ය, iii-අසත්‍ය, iv-අසත්‍ය, v-අසත්‍ය
i-සත්‍ය, ii-අසත්‍ය, iii-සත්‍ය, iv-අසත්‍ය, v-අසත්‍ය
i-සත්‍ය, ii-අසත්‍ය, iii-අසත්‍ය, iv-අසත්‍ය, v-සත්‍ය
i-සත්‍ය, ii-සත්‍ය, iii-අසත්‍ය, iv-සත්‍ය, v-සත්‍ය
2024.02.29 දිනට ලාලනිගේ ව්‍යාපාරයේ සුළු මුදල් භාරකරු සතුව පැවති ශේෂය රු.800කි. පෙබරවාරි මසට අදාළ සුළු මුදල් පොතෙහි විශ්ලේෂණ තීරු වල ශේෂයන් පහත දැක්වේ.
§ ගමන් වියදම් - රු.1,200
§ ලිපිද්‍රව්‍ය වියදම් - රු.2,600
§ සංග්‍රහ වියදම් - රු.1,400
§ ධනසූරියට ගෙවීම - රු.4,000
2024 පෙබරවාරි මස ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය හා 2024.02.29 දිනට ලෙජර් ගිණුම් තීරුවෙහි සම්පූර්ණ වටිනාකම පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
රු.10,000 හා රු.4,000
රු.9,200 හා රු.9,200
රු.9,200 හා රු.4,000
රු.10,000 හා රු.9,200
බැංකුවෙහි පවතින, ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂය බැංකුව විසින් සලකන්නේ,
වත්කම් ගිණුමක් ලෙස
වියදම් ගිණුමක් ලෙස
ආදායම් ගිණුමක් ලෙස
වගකීම් ගිණුමක් ලෙස
ව්‍යාපාරයකට තම බැංකු ගිණුමේ බැර ශේෂය,
වත්කමකි
වගකීමකි
වියදමකි
හිමිකමකි
විකුණුම් සඳහා ලද රු.20,000ක චෙක්පත එම අවස්ථාවේදීම බැංකු ගිණුමෙහි තැන්පත් කිරීමට අදාළ ද්විත්ව සටහන වන්නේ,
මුදල් ගිණුම හර රු.20,000
විකුණුම් ගිණුම බැර රු.20,000
බැංකු ගිණුම හර රු.20,000
මුදල් ගිණුම බැර රු.20,000
බැංකු ගිණුම හර රු.20,000
විකුණුම් ගිණුම බැර රු.20,000
බැංකු ගිණුම හර රු.20,000
ණයගැති ගිණුම බැර රු.20,000
බැංකු ගිණුමෙහි රු.15,000ක ශේෂයක් පවතින අවස්ථාවක ව්‍යාපාරය රු.23,000 වටිනා චෙක්පතක් නිකුත් කළ අතර බැංකුව විසින් එය පියවන ලදී. ඒ අනුව, මෙම ගනුදෙනුවට පසු බැංකු ගිණුමේ ශේෂය පිළිබඳ නිවැරදි ප්‍රකාශය කුමක්ද?
රු.38,000ක වාසිදායක ශේෂයක්
රු.38,000ක බැංකු අයිරාවක්
රු.8,000ක වාසිදායක ශේෂයක්
රු.8,000ක බැංකු අයිරාවක්
2023 මැයි 31 දිනට සඳුන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුම් ශේෂය රු.17,000ක් විය. පහත සඳහන් හේතු නිසාවෙන් බැංකු ප්‍රකාශනයෙහි ශේෂය ඉහත ශේෂය සමග සමාන නොවීය.
A - තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත රු.7,000
B - බැංකුවට සෘජුව ලද රු.5,000ක ලාභාංශ ආදායම්
C - ස්ථාවර නියෝග මත ගෙවන ලද රු.4,500ක රක්ෂණ වාරිකය
i. ඉහත හේතු අතරින් බැංකු ප්‍රකාශනයෙහි ශේෂය වැඩිවීමට බලපෑ හේතුව/හේතු කුමක්ද?
ii. 2023.05.31 දිනට සංශෝධිත බැංකු ශේෂය?
ඉහත සඳහන් දෑ පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
(i) A පමණයි, (ii) රු.17,500
(i) A හා C, (ii) රු.17,000
(i) B පමණයි, (ii) රු.17,500
(i) B හා C, (ii) රු.17,000
සමීරගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අවසන් ශේෂය බැංකු ප්‍රකාශනයෙහි අවසන් ශේෂයට වඩා අඩු විය. ඊට හේතුව වන්නේ,
සෘජු ප්‍රේෂණ
බැංකු ගාස්තු
ස්ථාවර නියෝග මත ගෙවීම්
තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්
2023 අගෝස්තු මසට අදාළව බැංකුව විසින් එවන ලද ඩිලාන්ගේ ව්‍යාපාරයේ බැංකු ප්‍රකාශනය හා ව්‍යාපාරයේ බැංකු ගිණුම සංසන්දනය කිරීමේදී පහත ගනුදෙනු හෙළිදරව් විය.
i. බැංකු ගාස්තු රු.1,000
ii. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත් රු.12,000
iii. තැන්පත් කිරීමෙන් පසු නිෂ්කාශනය වූ චෙක්පත් රු.5,000
iv. සෘජු ණයගැති ප්‍රේෂණ රු.13,000
v. තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත් රු.4,000
vi. ස්ථාවර නියෝග මත ගෙවන ලද රු.8,000ක බැංකු ණය වාරිකය
අමතර තොරතුරු :
ඩිලාන්ගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමෙහි රු.25,000 බැර ශේෂයක් පවතී.
2023.08.31 දිනට බැංකු ප්‍රකාශනයෙහි ශේෂය කීයද?
රු.21,000 හර
රු.13,000 හර
රු.13,000 බැර
රු.21,000 බැර
2023.03.31 දිනට සත්සරගේ ව්‍යාපාරයේ බැංකු ගිණුම් ශේෂය රු.12,500ක් විය. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු.9,000ක් විය. එම වෙනස සඳහා එක් ගනුදෙනුවක් පමණක් බලපා ඇති අතර එය තෝරන්න.
සෘජු ණයගැති ප්‍රේෂණ රු.3,500.
රු.3,500ක් වූ ලාභාංශ ආදායම සෘජුවම බැංකු ගිණුම වෙත යවා ඇත.
ණයහිමියෙකුට රු.3,500ක චෙක්පතක් නිකුත් කළ නමුත් ඔහු තවම එය ගෙවීමට ඉදිරිපත් කර නොමැත.
ස්ථාවර නියෝග මත ගෙවන ලද විදුලි වියදම රු.3,500.
බැංකු ප්‍රකාශනය ලැබීමෙන් පසු බැංකු ගිණුම් ශේෂය සංශෝධනය කිරීමේදී, ව්‍යාපාරයේ බැංකු ගිණුමෙහි හර තීරුවට සටහන් කරන ගනුදෙනුව කුමක්ද?
ස්ථාවර නියෝග මත ගෙවන ලද විදුලි වියදම රු.2,500
රු.1,500ක චෙක්පොත් ගාස්තුව
සෘජු ණයගැති ප්‍රේෂණ රු.5,000
රු.2,000ක බැංකු සේවා ගාස්තුව
2019.09.01 දිනට දීපාල්ගේ ව්‍යාපාරයේ සුළු මුදල් භාරකරු සතුව පැවති ශේෂය රු.250කි. එදිනම අග්‍රිමය ප්‍රතිපූර්ණය වශයෙන් රු.4,750ක් ලැබිණි. සැප්තැම්බර් මාසය සඳහා වූ සම්පූර්ණ සුළු මුදල් වියදම රු.4,200කි.
2019.09.30 දිනට අත ඉතිරි මුදල හා 2019.10.01 දින සිදුකළ අග්‍රිමය ප්‍රතිපූර්ණයෙහි වටිනාකම පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න.
රු.250, රු.4,750
රු.250, රු.4,200
රු.800, රු.4,200
රු.800, රු.4,750
ව්‍යාපාරයක බැංකු ගිණුමෙහිත්, බැංකු ප්‍රකාශනයෙහිත් ශේෂයන් අසමාන වීමට බලනොපාන කරුණක් වන්නේ,
තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්පත්
බැංකු ගිණුමෙහි සටහන් නොකළ බැංකු ගාස්තු
බැංකුව ගෙවීම් සිදුකළ විදුලි වියදම් වෙනුවෙන් නිකුත් කළ චෙක්පත
ණයගැතියෙකු සෘජුවම බැංකුවෙහි තැන්පත් කළ චෙක්පත
2020.12.01 දිනට බැංකු ප්‍රකාශනයෙහි වාසිදායක ශේෂය රු.20,000ක් වේ. පහත දැක්වෙන්නේ මාසය සඳහා බැංකුව විසින් සටහන් කරන ලද ගනුදෙනු වේ.
12/05 - රු. 5,000ක චෙක්පතක් තැන්පත් කිරීම.
12/09 - ස්ථාවර නියෝග ගෙවීම් රු. 8,000
12/15 - නිකුත් කළ චෙක් සඳහා කළ ගෙවීම් රු. 12,000
12/25 - ණයගැති ප්‍රේෂණ රු. 10,000
2020.12.31 දිනට බැංකු ප්‍රකාශනයෙහි ශේෂය වන්නේ,
රු.13,000
රු.15,000
රු.22,000
රු.25,000
2016.03.31 දිනට ව්‍යාපාරයේ බැංකු ගිණුම් ශේෂය රු.15,600ක් වූ අතර එදිනට බැංකු ප්‍රකාශනයෙහි ශේෂය රු.15,100ක් විය. වෙනසට හේතු වූ ගනුදෙනුව වන්නේ,
ස්ථාවර නියෝග මත ගෙවන ලද රු.500ක රක්ෂණ වාරිකය
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් කර නොමැති චෙක්පත් රු.500
සෘජු ප්‍රේෂණ රු.500
රු.500ක් වූ ලාභාංශ ආදායම සෘජුවම බැංකු ගිණුමට ලැබී ඇත
හොඳහිත ව්‍යාපාරය එකක් රු.200ක් වූ ටොෆී පැකට් 10ක් 10%ක වෙළඳ වට්ටමක් සහිතව ණයට විකුණන ලදී. මෙම ගනුදෙනුව නිසා,
ලද වට්ටම් වැඩිවීම රු.200
විකුණුම් ආදායම් වැඩිවීම රු.2,000
ණයගැති වටිනාකම වැඩිවීම රු.2,000
ණයගැති වටිනාකම වැඩිවීම රු.1,800
අමරගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රු.2,000කි. 2016.01.31 දින සුළු මුදල් භාරකරු අත ඉතිරි මුදල වූයේ රු.100ක්ය. 2016.02.01 දින සිට ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමය රු.3,000ක් දක්වා වැඩි කිරීමට තීරණය කරන ලදී. 2016.02.01 දින සිදුකළ අග්‍රිමය ප්‍රතිපූර්ණය සටහන් කිරීමේ නිවැරදි ද්විත්ව සටහන කුමක්ද?
මුදල් පොත හර රු.1,900
සුළු මුදල් පොත බැර රු.1,900
සුළු මුදල් පොත හර රු.2,900
මුදල් පොත බැර රු.2,900
සුළු මුදල් පොත හර රු.1,900
මුදල් පොත බැර රු.1,900
මුදල් පොත හර රු.2,900
සුළු මුදල් පොත බැර රු.2,900
