NEW
Font size
WorksheetsICT Grade 10 Test 07
Total questions: 25
Worksheet time: 38mins
* එකම වෙළඳ නාමය සහිත පහත පරිගණක හතරක් එකම මලකට සාප්පු හතරක ඇත. ඒ සෑම එකකම 1 TB දෘඪ ඩිස්කයක් සහ එක් VGA කෙවෙනියක් ඇති අතර ඒ එකිනෙකෙහි විදුලි පරිභෝජනය ද සමාන වේ.
ඒවායින් මිලදී ගැනීමට වඩාත්ම සුදුසු කුමක්ද?
සකසනය: 2.9 GHz, නිහිත (cache) මතකය: 6MB, RAM: 4GB, USB කෙවෙනි 4 යි
සකසනය: 3.1 GHz, නිහිත මතකය: 6MB, RAM: 4GB, USB කෙවෙනි 4 යි
සකසනය: 3.6 GHz, නිහිත මතකය: 12MB, RAM: 8GB, USB කෙවෙනි 8 යි
සකසනය: 3.6 GHz, නිහිත මතකය: 16MB, RAM: 8GB, USB කෙවෙනි 8 යි
* මුද්‍රිත ලේඛන වලින් ඉංග්‍රීසි පාඨ (text) උකහා ගැනීමට පහත කවර උපාංගයක් භාවිත කළ හැකි ද?
තීරු කේත කියවනය (bar code reader)
චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය (MICR)
ප්‍රකාශ අක්ෂර සංජානන (OCR) උපාංගය
ප්‍රකාශ සලකුණු සංජානන (OMR) උපාංගය
* පරිගණක ක්‍රමලේඛවල උපදෙස් (instructions) ක්‍රියාත්මක (execute) කරන්නේ පහත කවරක්ද?
නිහිත මතකය
දෘඪ ඩිස්කය
සසම්භාවී ප්‍රවේශ මතකය (RAM)
මධ්‍ය සැකසුම් ඒකකය (CPU)
* යෝපිත පද්ධතියක විශේෂාංග සහ එම පද්ධතිය කෙසේ දිස් වේ දැයි යන්න පිළිබඳ පරිශීලකයන්ට යම් අදහසක් ගැනීමට පහත කවරක් වඩාත්ම ඉවහල් වේද?
පද්ධතිය ගොඩනගන කණ්ඩායම සමග සම්මුඛ සාකච්ඡා
පද්ධතිය ගොඩනගන කණ්ඩායමෙන් ලැබෙන ප්‍රශ්නාවලි (questionnaires)
පද්ධතිය ගොඩනගන කණ්ඩායමට ලබා දුන් වාර්තා / ලිපි ගොනු සාම්පල
පද්ධතිය ගොඩනගන කණ්ඩායම විසින් පෙන්වන පද්ධති මූලාදර්ශ (prototypes)
මධ්‍ය සැකසුම් ඒකකය (CPU) තුල අඩංගු උපාංග (Devices) වනුයේ
පාලන ඒකකය (CU)
සසම්භාවීය ප්‍රවේශ මතකය (RAM)
අංකගණිතමය සහ තාර්කික ඒකකය (ALU)
අංකගණිතමය සහ තාර්කික ඒකකය (ALU) and පාලන ඒකකය (CU)
නවීන පුද්ගල පරිගණකයක මධ්‍ය සැකසුම් ඒකකයේ (CPU) හෝරා ශීඝ්‍රතාවය (Clock Speed) මනින මිනුම වන්නේ
Hz
GHz
MHz
KHz
1 MHz සඳහා ඇති Hz ගනන වන්නේ
1000000 Hz
2000 Hz
106 Hz
1000000 Hz and 106 Hz
පුද්ගල පරිගණකය (Personal Computer) අයත් වන්නේ පහත කුමන පරිගණක වර්ගයටද
Super Computer (සුපිරි පරිගණකය)
Micro Computer (ක්ෂුද්‍ර පරිගණකය)
Main Frame Computer (මහා පරිගණකය)
Mini Computer (මධ්‍ය පරිගණකය)
PDA යන අක් - නමෙන් (කෙටිනම) හැදින්වෙන්නේ
Portable Digital Assistance
Palmtop Digital Assistance
Personal Digital Assistance
Private Digital Assistance
පරිගණක ඉතිහාසය අනුව පහත දැක්වෙන යන්ත්‍ර නිර්මාණය වීම අවරෝහණ පිළිවෙලින් දක්වා ඇත්තේ
Abacus, Adding Machine, Step Reckoner, Analytical Engine
Abacus, Analytical Engine, Step Reckoner, Adding Machine
Analytical Engine, Step Reckoner, Adding Machine, Abacus
Adding Machine, Analytical Engine, Step Reckoner, Abacus
පරිගණකයේ ලක්ෂණයක් නොවන්නේ
බහුකාර්ය බව
උස
වේගවත් බව
නිරවද්‍යතාවය
දත්ත සම්බන්ධව සිදුකල නොහැක්කේ,
එක්රැස්කිරීම
ගබඩා කිරීම
තීරන ගැනීම
සැකසීම
පහත දැක්වෙන ඒවායින් දත්ත (Data) ලෙස දැක්විය හැක්කේ
කාලගුණ වාර්තාවක්
ලේබල් නොකරන ලද ප්‍රස්ථාරයක්
සුපිරි වෙලද සැලක මිල දර්ශනය
ශිෂ්‍ය ප්‍රගති වාර්තාව
වෛද්‍ය වරයෙකු විසින් පැය 05 ක් පුරා උණ රෝගියෙකුගේ උෂ්ණත්වය අධීක්‍ෂණය කරනුයේ
(A) පැයකට වරක් රෝගියාගේ නලලට අතතබා බැලීමෙන්ය
(B) පැයකට වරක් උණ තත්වය කෙසේ දැයි රෝගියාගෙන් විමසීමෙනි
(C) පැයකට වරක් උෂ්ණත්ව මානයකින් කියවනු ලබන පාඨාංක භාවිතයෙන් ප්‍රස්ථාරයක් ඇදීමෙන්ය වෛද්‍ය වරයාට රෝගියාගේ උණ තත්වය පිළිබඳ තොරතුරක් ලබාගත හැක්කේ ඉහත සඳහන් කවරකින් ද
A
B
C
A,B,C
තොරතුරක වටිනාකම වැඩිකිරීමට භාවිත කල නොහැක්කේ
කලානුරූපී කිරීම
නිරවද්‍යතාවය වැඩිකිරීම
සැකසුම් කාලය අවම කිරීම
පැහැහැදිලි බව වැඩි කිරීම
ගුණාත්මක දත්තයකට (Qualitative Data) උදාහරණයක් වන්නේ
නිමල්ගේ සම සුදු පැහැතිවීම
පන්තියේ සිටින සිසුන් ගනන
ටැංකියේ ඇති ජල ප්‍රමාණය ml වලින්
වැලි ගොඩක ඇති වැලි කැට ගනන
තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ආධාරයෙන් සිදුකල නොහැකි ක්‍රියාව වන්නේ
තොරතුරු බලාපොරොත්තුව සිටින පිරිසකට තොරතුරු බෙදාහැරීම
කුඹුරක ගොයම්පැල සිටුවීම
කාළගුණ විද්‍යාවට අදාල දත්ත රැස්කර ඒවා සැකසීම
බැංකු ගනුදෙනු සිදුකිරීම
ප්‍රවාහන ක්ෂේත්‍රයේ ICT භාවිතවන අවස්ථාවක් වන්නේ
ATM
ECG
GPS
CAL
ICT Tool (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උපාංග) එකක් සඳහා උදාහරණයක් නොවන්නේ
Credit Card Reader (ණයපත් කියවනය)
Microsoft Power Point
Tractor (ට්‍රැක්ටරය)
Barcode Reader (තීරු කේත කියවනය)
පරිගණකයේ පරිණාමය සමඟ අඩු නොවූයේ
සැකසුම් කාලය
විශාලත්වය
පිරිවැය
වේගය
බ්ලෙස් පැස්කල් (Blaise Pascal) නිර්මාණය කල පරිගණකය සම්බන්ධ උපකරණය වන්නේ
ABC Computer
Step Reckoner
Difference Engine
Adding Machine
IBM යන අක් - නමෙන් (කෙටිනම) හැදින් වෙන්නේ
International Business Market
International Business Machine
International Business Method
International Business Memory
ලොව පළමු සංඛ්‍යාංක (Digital) පරිගණකය වනුයේ
ENIAC
UNIVAC
ABC Computer
MARK 1
පෞද්ගලික ඩිපිටල් සහකරු (Personal Digital Assistance) (PDA) සඳහා උදාහරණයක් වනුයේ
Palmtop computer (අත්ලමත පරිගණකය)
Mini computer (මධ්‍ය පරිගණකය)
Main Frame computer
Super computer
ඇනලිටිකල් යන්ත්‍රය (Analytical Engine) නිපදවනු ලැබුවේ
බ්ලෙස් පැස්කල්
චාල්ස් බැබේප්
ගොට්ෆීඩ් විල්හෙල්ම්
හර්මන් හොලෙරිත්
