wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

අතථ්‍ය මතකය ගැටළු 1

Total questions: 15

Worksheet time: 16mins

Name
Class
Date
1.

එක්තරා පරිගණකයක පිටුවක ධාරිතාවය 4KB නම් එම පරිගණකයේ රාමුවක ධාරිතාවය කොපමණද?

a)

4KB

b)

2KB

c)

1Byte

d)

1024Byte

e)

පිළිතුරක් නැත

2.

අතථ්‍ය මතක පිටුවක හෝ භෞතික මතක රාමුවක දත්ත වෙන් වෙන්ව ගබඩා කිරීම සඳහා ලිපින සහිත ඒකක වෙන් කර ඇත. ඒවා කිනම් නමකින් හඳුන්වයිද?

a)

ක්‍රියායන පාලන කාණ්ඩය(PCB)

b)

නිහිත මතකය (Cache)

c)

නෙරුව(Offset)

d)

ඝටිකාව (Clock)

e)

පිළිතුරක් නැත

3.

අතථ්‍ය මතක යොමුවක නෙරුව දැක්වීම සඳහා බිටු 8ක් භාවිත වේ නම් පිටුවක ඇති නෙරු ගණන කොපමණද?

a)

3

b)

64

c)

8

d)

256

e)

128

4.

අතථ්‍ය මතක යොමුවක පිටු අංකය දැක්වීම සඳහා බිටු10ක් වේ නම් එහි ඇති පිටු ගණන කොපමණද?

a)

1024

b)

512

c)

10

d)

256

e)

128

5.

පරිගණකයක අතථ්‍ය මතකයේ පිටුවක ඇති නෙරු ගණන 210 ක් නම් එම පරිගණකයේ භෞතික මතක රාමුවක ඇති නෙරු ගණන කොපමණද ?

a)

1024

b)

512

c)

9

d)

1000

e)

128

6.

පහත දී ඇත්තේ පරිගණකයක ප්‍රධාන මතකයේ භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු භෞතික ලිපින ප්‍රමානය කොපමණද?

ලිපිනය - 1011 0101 1101 0111

a)

16

b)

4096

c)

28

d)

65536

e)

1024

7.

පහත දී ඇත්තේ බයිට යොමුගත භෞතික මතකයක වන භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු භෞතික ලිපින ප්‍රමානය කොපමණද?

ලිපිනය - 1011 0101 1101 0111 1011

a)

220

b)

65536 Byte

c)

220 Byte

d)

20 Byte

e)

65536

8.

පහත දී ඇත්තේ බයිට යොමුගත භෞතික මතකයක වන භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු භෞතික ලිපින ප්‍රමානය කොපමණද?

ලිපිනය - 1011 0101 1101 0111 1011

a)

220 KByte

b)

65536 Byte

c)

210 KByte

d)

20 Byte

e)

65536 KByte

9.

පහත දී ඇත්තේ බයිට යොමුගත භෞතික මතකයක වන භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු රාමු ප්‍රමානය 1024ක් නම් එක් රාමුවක නෙරු කොපමණ වේද ?

ලිපිනය - 1011 0101 1101 0111 1011

a)

220

b)

4096

c)

210

d)

20

e)

6553‍6

10.

පහත දී ඇත්තේ බයිට යොමුගත භෞතික මතකයක වන භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු රාමු ප්‍රමානය 4096ක් නම් එක් පිටුවක නෙරු කොපමණ වේද ?

ලිපිනය - 1011 0101 1101 0111 1011

a)

220

b)

4096

c)

210

d)

256

e)

ගණනය කල නොහැක

11.

පහත දී ඇත්තේ බයිට යොමුගත භෞතික මතකයක වන භෞතික ලිපිනයකි. එම පරිගණකයේ පවතින මුළු රාමු ප්‍රමානය 4096ක් නම් එක් පිටුවක ධාරිතාවය කොපමණ වේද ?

ලිපිනය - 1011 0101 1101 0111 1011

a)

220 Byte

b)

4096 Byte

c)

210 Byte

d)

256 Byte

e)

256

12.

භෞතික මතක රාමුවක්, ක්‍රියායනයක් සඳහා භාවිතයට අවශ්‍ය වී ඇතැයිද එම රාමුවේ දැනට වන්නේ අවසන් නොකරන ලද ක්‍රියායනයක් යැයිද නම් එම රාමුව ඉවත් කරනුයේ

a)

භෞතික මතකයේ වෙනත් රාමුවකටය

b)

අවසන් කල තත්වයටය

c)

අතථ්‍ය මතක රාමුවකටය

d)

අතථ්‍ය මතක පිටුවකටය

e)

නිහිත මතකයටය

13.

අතථ්‍ය මතක කළමනාකරණයේදී භෞතික මතක රාමු සහ අතථ්‍ය මතක පිටු අතර අනුරූපනය පවත්වා ගෙනයනු ලබන දත්ත ව්‍යූහය වන්නේ

a)

රාමු වගුව

b)

මංහසුරු වගුව

c)

පිටු වගුව

d)

නෙරුව

e)

භෞතික ලිපින වගුව

14.

අතථ්‍ය මතක කළමනාකරණයේදී ලැබී ඇති වාසි සියල්ල තෝරන්න

a)

ප්‍රධාන මතක ධාරිතාවයට වඩා වැඩි ධාරිතාවයක් සහිත වැඩසටහන් ධාවනය කිරීමට හැකි වීම

b)

ක්‍රියායන මාරුවෙන් මාරුවට ක්‍රියාත්මක කලහැකි වීම

c)

වැඩසටහනකින් කොටසක් පමණක් ප්‍රධාන මතකයට ගෙන ධාවනය කල හැකි වීම

d)

ප්‍රධාන මතකයක් නොමැතිව වුවද වැඩසටහන් ධාවනය කල හැකි වීම

e)

එකවර වැඩසටහන් ගණනාවක් ප්‍රධාන මතකයට ගෙන ධාවනය කල හැකි වීම

15.

අතථ්‍ය මතකයක් සහිත පරිගණකයක වැඩසටහනක් ක්‍රියාත්මක කල අවස්ථාවක එහි ක්‍රියායන කිහිපයක් ප්‍රධාන මතකයට පිටපත් කලේය. එම වැඩසටහනේ ඉතිරි ක්‍රියායන පිටපත් කරන ලද ස්ථානයක් විය හැක්කේ

a)

නිහිත මතකයට (Cache)

b)

අතථ්‍ය මතකයට (Virtual Memory)

c)

රාමුවට (Frame)

d)

නෙරුවකට (Offset)

e)

සසම්භාවී ප්‍රවේශ මතකයට (RAM)