NEW
Font size
WorksheetsPast paper Game
Total questions: 40
Worksheet time: 23mins
සිදුහත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් පසු කළ ප්‍රථම උදාන වාක්‍යය වන්නේ
“අග්ගෝ හමස්මි ලෝකස්ස - ජෙට්ඨෝ හමස්මි ලෝකස්ස“ යන්නයි
“ සබ්බපාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා“ යන්නයි
උත්තිට්ඨෙ නප්පමජ්ඡේය්‍ය - ධම්මං සුචරිතං චරෙ“ යන්නයි
“අනේකජාති සංසාරං - සන්ධාවිස්ස අනිබ්බිසං“ යන්නයි
“බමුණා, මම දෙවියෙක්, ගාන්ධර්වයෙක්, යක්ෂයෙක්, මනුෂ්‍යෙයක් නොවෙමි. මම බුද්ධ නම් වෙමි“. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ
හුහුංක බමුණාට ය.
ජාණුස්සෝණි බමුණාට ය.
ද්‍රෝණ බමුණාට ය.
සෝත්ථිය බමුණාට ය.
සිදුහත් බෝසතුන්ගේ ශාන්ත බව හා රූපශ්‍රීය දැක “ මෙවන් පුතෙකු ලද මවක් පියෙක් නිවුණෝ වෙතී“. යනාදී වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ.
කිසාගෝතමීය විසිනි.
භද්දකච්චානා විසිනි.
රූප නන්දා විසිනි
උප්පලවන්නා විසිනි
සුනීත, සෝපාක වැනි අයට පිහිට වීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති.
යථාවාදී තථාකාරී ගුණයයි.
පුරිස ධම්ම සාරථි ගුණයයි.
අසරණ සරණ ගුණයයි.
ගිලනුන්නට උවැටන් කිරීමේ ගුණයයි.
සියලු කෙලෙසුන්ගෙන් දුරු වූ හෙයින් ද, රහසින්වත් පව් නො කළ හෙයින් ද, සියලු පූජාවන් ලැබීමට සුදුසු වන හෙයින් ද බුදුන් වහන්සේ
අරහං නම් වන සේක
සුගතෝ නම් වන සේක
බුද්ධෝ නම් වන සේක
භගවා නම් වන සේක
බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණය ප්‍රකට වන්නක් ලෙස ‘නිබද්ධ චාරිකා‘ නම් කළ හැකි ය. නිබද්ධ චාරිකා යනු,
නිතර ගමන් බිමන්වල යෙදීමයි
විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරභයා වැඩම කිරීමයි.
රාජරාජ මහාමාත්‍යාදීන් හමුවීමයි.
දිවාරාත්‍රි දෙකෙහිම ධර්ම ප්‍රචාරයේ යෙදීමයි.
බුදුබව පතන බෝසත් උතුමන් විසින් පුරනු ලබන උතුම් පිළිවෙත් සමූහය හැඳින්වෙන්නේ
දස රාජ ධර්ම නමිනි
දස පින්කිරියාවත් නමිනි
දස පාරමිතා නමිනි
දස සක්විතිවත් නමිනි
‘ ආහාරෙ මත්තඤ්ඤුතා‘ හෙවත් පමණ දැන ආහාර අනුභවය පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් උපදෙස් ලබාගත් රාජ්‍යය පාලකයා වන්නේ
උදේනි රජතුමාය
බිමිබිසාර රජතුමාය
අජාසත් රජතුමාය
කොසොල් රජතුමාය
“ යමෙකු පව් කළොත් එයින් ඔහු ම කෙලෙසෙන්නේ ය. පව් නොකළොත් එයින් ඔහු ම පිරිසිදු වන්නේ ය.“ මෙම අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
“නතං කම්මං කතං සාධු - යං කත්වා අනූපතප්පති“
තංච කම්මං කතං සාධු - යං කත්වා නානුතප්පති
උට්ඨානවතෝ සතිමතෝ - සුචිකම්මස්ස නිසම්මකාරිනෝ
සිතීමට හා විමසීමට පූර්ණ නිදහස ලබාදුන් බුදුරජාණන් වනහ්සේ, යමක් ඇසූ පමණින්, පරම්පරාවෙන් ආ පමණින් ආදී වශයෙන් නොපිළිගත යුතු බව දේශනා කළහ. එම කරුණු ඇතුළත් සූත්‍ර දේශනාව වන්නේ,
කාලාම සූත්‍රයයි
වීමංසක සූත්‍රයයි.
ආරියපරියේසන සූත්‍රයයි.
මහාපරිනිබ්බාන සූත්‍රයයි
සිඟාලෝවාද සූත්‍රයෙහි දැක්වෙන පරිදි ධනය විනාශ වීමට හේතුවන කරුණු අතරට අයත් නොවන කරුණක් වන්නේ පහත කවරක් ද?
නුසුදුසු වේලාවන්හි මංමාවත්වල සැරිසැරීමයි.
නැටුම්, ගැයුම්, වැයුම් හි ලොල්බව
පවිටු මිතුරන් ඇසුරු කිරීම
අනලස්ව කාලය ගත කිරීම
‘චින්තාමය ප්‍රඥාව‘ යන්නෙන් හැඳින්වෙන්නේ,
පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීමයි
ගුරුවරයාට සවන්දීමෙන් නුවණ දියුණු කර ගැනීමයි.
භාවනාවෙන් නුවණ දියුණු කර ගැනීමයි.
සිතීමෙන් නුවණ දියුණු කර ගැනීමයි
සිල් රැකීමෙන් ලැබෙන ආනිසංස ගණයට ඇතුළත් නොවන කරුණක් වන්නේ
කීර්තිය පැතිරීමයි
ඕනෑම පිරිසක් වෙත නිර්භයව යා හැකි වීමයි
සිහි මුළාවී කලුරිය කිරීමයි
මරණින් මතු සුගතියෙහි උපත ලැබිමයි.
“භව පච්චයා ජාති“ යන්නේ පැහැදිලි කරන්නේ
සත්ත්වයා නැවත සසරට එකතුවීම නිසා සසර ඉපදීම සිදු වීමයි.
තණ්හාව නිසා නැවත භවයක ඉපදීමයි
ඉපදීම නිසා ජරා මරණාදියට පත්වීමයි.
භවය නිසා නිමක් නැති දුක් අත් විදීමයි.
“චතුරාර්යය සත්‍යය නොදැනීම හේතු කොට ගෙන කුසලාකුසල කර්ම රැස්කරයි“ යන්න ප්‍රකාශ වන්නේ,
“ අවිජ්ජා පච්චයා සංඛාරා“ මගිනි
“සංඛාර පච්චයා විඤ්ඤාණං“ මගිනි
“විඤ්ඤාණ පච්චයා නාම රූපං“ මඟිනි
“තණ්හා පච්චයා උපාදානං“ මඟිනි
තණ්හාව මුල්කොටගෙන සමාජයේ කලකෝලහාල ඇති වන බව සඳහන් සූත්‍ර දේශනාව කුමක් ද?
සති පට්ඨාන සූත්‍රය
වසල සූත්‍රය
මහා නිදාන සූත්‍රය
සිඟාලෝවාද සූත්‍රය
ආහාරයේ පමණ දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව භද්දාලි සූත්‍රයෙහි දැක් වේ. එහි සඳහන් යහපත් ප්‍රතිඵලයක් නොවන්නේ පහත කවරක් ද?
රෝගාබාධ අඩුවීම
නිදුක් බව ලැබීම
කාය බල ලැබීම
බුද්ධිමත් බව වැඩිවීම
ලාභෝ අලාභෝ අයසෝ යසෝච යන ගාථාවෙන් දැක්වෙන්නේ
හේතුඵල ධර්ම පිළිබඳවයි
සමානාත්මථා ධර්ම පිළිබඳවයි
ලෝකාධිපති ධර්ම පිළිබඳවයි
අටලෝ දහම පිළිබඳවයි
පරපණ නැසීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනය යන අකුසල් තුනෙන් වැළකීම අරි අට මගෙහි,
සම්මා දිටිඨියයි
සම්මා සංකප්පයයි
සම්මා කම්මන්තයයි
සම්මා ආජීවයයි
උත්සහයෙන්, වීර්යයයෙන්, දෑතේ ශක්තියෙන් දහඩිය වගුරවා, ධාර්මිකව උපයන ධනය සතර ආකාරයකින් පාරිභෝජනය කළ යුතු බව පහදමින් බුදුරජාණන් වහන්සේ විසින් අනේපිඬු සිටුතුමාට දේශනා කළ සූත්‍ර ධර්මය
ව්‍යාග්ඝපජ්ජ නම් වේ
පත්තකම්ම නම් වේ
අනණ නම් වේ
සිඟාලෝවාද නම් වේ.
දිඝජානූ කෝළිය පුත්‍රයාට දේශනා කළ මෙලොව දියුණුවට ඉවහල් වන කරුණු අතර අය වැය ගැන සැලකිලිමත්ව ධනය පරිහරණය කිරීම
උට්ඨාන සම්පදා නම් වේ.
ආරක්ඛ සම්පදා නම් වේ.
කළ්‍යාණ මිත්තතා නම් වේ.
සමජීවිකතා නම් වේ.
පාලකයෙකු විසින් රටවැසියාගේ යහපත සඳහා තම කාලය, ශ්‍රමය, ධනය, සුව පහසුව කැප කරන්නේ නම්, එය දස රාජ ධර්මවල හඳුන්වන්නේ,
දානය ලෙසිනි
සීලය ලෙසිනි
පරිත්‍යාගය ලෙසිනි
සෘජුබව ලෙසිනි
තිදොරින් සිදු කරන දස අකුසල කර්ම අතර මනෝ කම්ම ගණයට අයත් නොවන කරුණක් වන්නේ පහත කවරක් ද?
අදත්තාදානය
අභිධ්‍යාව
ව්‍යාපාදය
මිත්‍යාදෘෂ්ටිය
දිට්ඨධම්මවේදනීය කර්ම නමින් හැඳින්වෙන්නේ,
මෙලොවදීම විපාක දෙන කර්මයි.
දෙවන භාවයේ දී විපාක දෙන කර්මයි
කවර හෝ භවයක දී විපාක දෙන කර්මයි.
විපාක නොදී අහෝසී වී යන කර්මයි.
විපාක දෙන ආකාරය අනුව යමෙකු ජීවිත පුරුද්දක් ලෙස නිතර නිතර කර්ම හා කලින් කරන ලදුව නිතර සිහිකරන කුසලාකුසල චේතනා
ගරුක කර්ම නම් වේ.
ආසන්න කර්ම නම් වේ.
ආචිණ්ණ කර්ම නම් වේ.
කටත්තා කර්ම නම් වේ.
බුදුරජාණන් වහන්සේ අනුදත් සිරිත් විරිත් සමූහයක් සේඛියා නමින් හැඳින්වේ. එම සේඛියාවල සඳහන් වන පරිදි ආහාර ගැනීමේ දී නොකළ යුතු දෙයක් වන්නේ පහත කවරක් ද?
ආහාර ළං කිරීමට කලින් මුඛය විවෘත නොකිරීම
සුරු සුරු හඬ නගමින් ආහාර නොගැනීම
අත ලෙවකමින් ආහාර නොගැනීම
ඉඳුල් අතින් පැන් බඳුන ගැනීම
බුදුරජාණන් වහන්සේ තොද්‍යෙය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ පරිදි ද්වේශයකින් තොරව කටයුතු කරන තැනැත්තා
දිර්ඝායුෂ ඇතිව උපදීයි
නිරෝගීව උපදීයි
රූමත්ව උපදියි
යසස් ඇතිව උපදියි
බුද්ධාදී ත්‍රිවිධ රත්නයෙහි ගුණ අවබෝධ කොටගෙන ඇතිවන ප්‍රසාදය හෙවත් පැහැදීම බුදුදහමේ හැඳින්වෙන්නේ
අමූලික ශ්‍රද්ධා නමිනි
ආකාරවතී ශ්‍රද්ධා නමිනි
ආගමික භක්තිය නමිනි
බුද්ධාලම්බනය නමිනි.
“අනවජ්ජානී කම්මානී“ යන්නෙන් අවධාරණය වන්නේ මින් කවරක් ද?
නිවැරදි රැකියා
පහත් රැකියා
අකුසල කර්ම
කුසල කර්ම
පුද්ගලයාගේ දියුණුවට හා පරිහානියට ඉවහල් වන කරුණු පැහැදිලි කරමින් දේශනා කළ සූත්‍රධර්ම දෙක මොනවාද?
මහා මංගල සූත්‍රය හා පරාභව සූත්‍රය
ධම්මික සූත්‍රය හා අනණ සූත්‍රය
වසල සූත්‍රය හා පරාභව සූත්‍රය
සිඟාලෝවාද සූත්‍රය හා කරණීයමෙත්ත සූත්‍රය
දෙවියෙකු විසින් පුද්ගලයාගේ පිරිහීමට හේතුවන කරුණු කවරේදැයි විමසනු ලැබූ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ කරුණුවලට අයත් නොවන කරුණක් වන්නේ,
ධර්මයට අකමැති වීමයි.
නුවණැත්තන් ඇසුරු කිරීමයි
මහලු වියට පත් දෙමව්පියන්ට නොසැළකීමයි
මහණ බමුණන් බොරුවෙන් රැවටීමයි
මහනුවර යුගය වන විට පරිහාණියට පත්ව තිබු සම්බුද්ධ ශාසනය නැවත නගා සිටුවීම සඳහා කටයුතු කළ යතිවරයාණන් වහන්සේ
වැලිවිට අසරණ සරණ සරණංකර සඟරාජ හිමි
වාරියපොළ ශ්‍රී සමුංගල හිමි
මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
කෝට්ටේ යුගයේ විසූ වීදාගම මෛත්‍රිය නාහිමිපාණන් වහන්සේ විසින් ලියූ සැදැහැ ගුණ වඩන අගනා කාව්‍ය ග්‍රන්ථය
ලෝවැඩ සඟරාවයි
බුදුගුණ අලංකාරයයි
කාව්‍යෙශේඛරයයි.
යසෝදරාවතයි
බුදුදහම ස්ථාපිත වීමත් සමඟ ලංකාවේ ඉදිකළ මුල් ම ස්තූපය වන්නේ,
ගිරිහඩු සෑය
මහියංගන චෛත්‍ය
ථූපාරාම චෛත්‍යය
කැළණිය චෛත්‍ය
දෙවැනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල ගණයට අයත් නොවන කරුණක් වන්නේ,
වජ්ජිපුත්තක භික්ෂූන් සම්මත කරගත් දස වස්තුව ප්‍රතික්ෂේප වීමය.
දස වස්තුව පිළිගත් දුර්මතධාරී වජ්ජිපුත්තක භික්ෂූන් සසුනින් ඉවත් කිරීමය.
නිර්මල ධර්මය හා විනය ගරුකළ භික්ෂූ පරපුර ථේරවාදී වශයෙන් සංවිධානය වීමය.
ධර්ම විනය සුරක්ෂිත කිරීම සඳහා භාණක පරපුරක් භික්ෂූන් අතර බිහි වීම ය.
මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකිකයන් ලැබූ දායාද ගණයට අයත් නොවන කරුණක් වන්නේ,
භික්ෂූ සමාජය ආරම්භ වීමයි
අක්ෂරමාලාවක් ලැබීමයි
ශ්‍රී මහා බෝධින් වහන්සේ ලැබීමයි.
ශ්‍රී දළදා වහන්සේ ලැබීමයි.
ඔත් පිළිම වැඩ හිදින ඉපැරණි පූජනීය ස්ථාන දෙකකට නිදසුන් ලෙස දැක්විය හැක්කේ,
තන්තිරිමලේ හා පොළොන්නරුවේ ගල්විහාරය.
අවුකන හා තන්තිරිමලේ ය.
තිවංක පිළිම ගෙය හා මාළිගාවිලය
පොළොන්නරුවේ ගල්විහාරය හා බුදුරුවගලය
දණහිස් නවා පතුල් උඩ අතට සිටින සේ වම් පතුල දකුණු කලවා මත ද දකුණු පතුල වම් කලවා මත ද තබාගෙන සිටින බුද්ධ ප්‍රතිමා ඉරියව්ව හඳුන්වනු ලබන්නේ
බුද්ධාසන නමිනි
පද්මාසන නමිනි
භද්‍රසන නමිනි
වීරාසන නමිනි
තම නිවසට පැමිණෙන ආගන්තුකයින්ට සැලකීම දහමේ හැඳින්වෙන්නේ
අතිථි බලි
ඥාති බලී
පුබ්බේත බලී
දේවතා බලී
දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරවන අවස්ථාවේ ශ්‍රී ලංකාවේ පාලකයා වුයේ,
මහසෙන් රජතුමාය
කිත්සිරිමෙවන් රජතුමාය
පළමුවන විජයබාහු රජතුමාය
පළමුවන පරාක්‍රමබාහු රජතුමාය
