NEW
Font size
Worksheetsස්වභාවික විපත්
Total questions: 10
Worksheet time: 2mins
01. පරිසර පද්ධතිය සකස් වී ඇති සංරචකයක් නොවන්නේ,
අජෛවී සංරචක
ජෛවී සංරචක
සමාජ පරිසරය
පාංශු පැතිකඩ
02. ශිලා ගෝලයට සිදු වී ඇති හානි නිසා ඇති වන බලපෑමක් වන්නේ,
භූගත ජල මට්ටම වැඩි වීම
ජල මූලාශ්‍රය විනාශ නොවීම
පස සරු වීම
වන වැස්ම විනාශ වී යාම
03. වායුගෝලයේ ඉතා විරලව පවත්නා වායුවක් වන්නේ,
නයිට්‍රජන්
ඔක්සිජන්
ආගන්
කාබන්ඩයොක්සයිඩ්
04. ස්වභාවික සංසිද්ධි ඇසුරින් භෞතික පරිසරයට සිදුවන හානියක් නොවන්නේ,
නායයාම්
ගිනිකඳු පිපිරීම්
ලැව්ගිනි
අම්ල වැසි ඇති වීම
05. මෙම රූපයෙන් දැක්වෙන ස්වභාවික පරිසරයට ඇතුළත් සංසිද්ධිය වන්නේ,
කාබන් චක්‍රය
ජල චක්‍රය
ඛනිජ චක්‍රය
ආහාර ජාල
06. වන හායනය නිසා ඇති වී තිබෙන අහිතකර ප්‍රතිඵලයක් නොවන්නේ,
ජල සංචිත වියළී යාම
පාංශු ඛාදනය අවම වීම
ගෝලීය උණුසුම වැඩි වීම
භූගත ජල මට්ටම පහළ යාම
07. මිනිසා මූලික වීමෙන් සිදු වන පාරිසරික ගැටලුවක් වන්නේ,
ගිනිකඳු පිපිීම
ජල දූෂණය
භූමි කම්පා
දූවිලි කුණාටු
08. පෘථිවියේ පිටත පවතින දෘඩ පාෂාණ ආවරණය ....................... නමින් හැඳින්වේ.
ජල ගෝලය
ශිලා ගෝලය
ජෛව ගෝලය
වායු ගෝලය
09. සමාජ පරිසරයට බලපෑම් කරන හේතුවක් නොවන්නේ,
පවුල් සංස්ථා බිඳවැටීම
ගෝලීයකරණය
තාක්ෂණික නවීකරණය
කාන්තාරකරණය
10. දේශගුණික වෙනස්වීම නිසා ඇති වන අහිතකර ප්‍රතිඵලයක් නොවන්නේ,
කෘෂි අස්වනු අඩු වීම
සාගර ජල මට්ටම ඉහළ යාම
රෝග ව්‍යාප්තිය අඩු වීම
මෝසම් ක්‍රියාවලියට බලපෑම
