NEW
Font size
Worksheets2025 O/L Unit 6 Word Processing Test
Total questions: 14
Worksheet time: 28mins
වදන් සැකසූ ලේඛනයක ඇති හිස් වගුවකට පහත කුමන දෑ කළ හැකිද?
A - වගුවේ කෝෂ වර්ණ ගැන්වීම
B - වගුවේ යාබද කෝෂ ඒකාබද්ධ (සංයුක්ත) කිරීම
C - වගුවට කෝෂ ඇතුළත් කිරීම
(2018 O/L)
A හා B
A හා C
B හා C
A, B හා C සියල්ල ම
වදන් සැකසූ ලේඛණයක වූ දෙන ලද වදනක් සෙවීම සඳහා භාවිත කළ හැකි වන්නේ පහත පෙන්වා ඇති කුමන මෙවලම ද?
(2018 O/L)
වදන් සකසන මෘදුකාංගයක ඇති තැපැල් මුසුව (mail merge) පහසුකම භාවිත කර ආරාධිතයින් ලැයිස්තුවකට ආරාධනාපත් මුද්‍රණය කිරීම සඳහා වන පහත පියවර සලකා බලන්න.
A - ආරාධනා ලිපිය P ලෙස තැනීම
B - ආරාධිතයින්ගේ ලැයිස්තුව ලිපිනයන් සමග තනාගෙන Q ලෙස සුරැකීම
C - තැපැල් මුසු පහසුකම භාවිත කර Q අනුව අදාළ තොරතුරු P ට ඇතුළත් කරමින් ආරාධනා පත් මුද්‍රණය කරගැනීම
ඉහත වගන්තිවල ඇති හිස් තැන් පිරවීම සඳහා P හා Q ලේබල වලට ගැළපෙන පද යුගලය පිළිවෙළින් සඳහන් වන්නේ කවරකද?
(2018 O/L)
දත්ත මූලය (data source), ප්‍රධාන ලේඛනය (master document)
ප්‍රධාන ලේඛනය, දත්ත මූලය
ප්‍රධාන ලේඛනය, ශබ්ද නිධිය (thesaurus)
ශබ්ද නිධිය, ප්‍රධාන ලේඛනය
වදන් සකසන මෘදුකාංගයක් භාවිත කරමින් ලේඛනයක් සංස්කරණය කරමින් සිටින අතරතුර දී, එම ලේඛනයේ තෝරාගත් කොටසක් වෙනත් ලේඛනයකට පිටපත් කිරීමට ඔබ අදහස් කරයි. මෙම කාර්යය සඳහා පහත සඳහන් කුමන යතුරු සංයෝජනය ඔබ භාවිත කළ යුතු වන්නේ ද?
(2019 O/L)
Ctrl + C අනතුරුව Ctrl + V
Ctrl + N අනතුරුව Ctrl + V
Ctrl + P අනතුරුව Ctrl + V
Ctrl + V අනතුරුව Ctrl + C
මයික්‍රොසොෆ්ට් වර්ඩ් සහ ලිබ්රේ ඔෆිස් රයිටර් භාවිත කර සැකසූ නිසි පරිදි හැඩ සව් ගන්වන ලද (formatted) ලේඛන එකතුවක් සමන් සතුව පවතී. සෝදුපත් කියවීම සඳහා ඔහුට මෙම ලේඛන කිසිදු හැඩ සව් ගැන්වීමක් නොමැතිව සුරැකීමට අවශ්‍යව ඇත. මෙම කාර්යය සඳහා වඩාත් යෝග්‍යතම ගොනු දිගු ප්‍රරූපය (file extension type) කුමක්ද?
(2020 O/L)
.odt
.txt
.docx
වදන් සෙවීම සහ ප්‍රතිස්ථාපනය (Find and Replace) සඳහා මයික්‍රෝසොෆ්ට් වර්ඩ් (Microsoft Word) සහ ලිබ්රේ ඔෆීස් රයිටර් (Libre Office Writer) හි භාවිත කරනු ලබන කෙටි මං යතුරු (shortcut key) සංයෝජනය කුමක්ද?
2021 O/L
Ctrl+A
Ctrl+C
Ctrl+H
Ctrl+X
වදන් සැකසුම් යෙදුමක, ඔබගේ අවසන් ක්‍රියාව/ක්‍රියාවන් ලොප් (undo) කිරීමට ගන්නා කෙටිමං යතුරු සංයෝජනය කුමක්ද?
Ctrl+H
Ctrl+N
Ctrl+Y
Ctrl+Z
තෝරාගත් පාඨයක් වෙනස් ලැයිස්තු වර්ග දෙකකට හැරවීමට පහත කවර අයිකන යුගලය භාවිත කළ හැකි ද?
.වදන් සැකසුම් මෘදුකාංගයක් සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද?
A - ලේඛනයක ඇති වගුවක (table) ඕනෑම කෝෂ (cells) දෙකක් සංයුක්ත (merge) කළ හැකි ය.
B - ලේඛනයක වචනයක් තෝරා ගැනීමට (select), මූසිකය එකවිට දෙවරක් එම වචනය මත ක්ලික් කළ හැකිය.
C - සුරකින ලද ගොනුවක් වෙනත් නමක් යොදා සුරැකීමට "File → Save as' තෝරා ගැනීම භාවිත කළ හැකිය.
A සහ B පමණි
A සහ C පමණි
B සහ C පමණි
A, B සහ C සියල්ලම
වදන් සැකසුම් මෘදුකාංගයක සම්පුර්ණ ලේඛනයම තෝරා ගත හැක්කේ පහත කවර කෙටිමං යතුරු සංයෝජනයෙන්ද?
Ctrl+A
Ctrl+C
Ctrl+N
Ctrl+X
වදන් සැකසුම් මෘදුකාංගයක සම්පුර්ණ ලේඛනයම තෝරාගත හැක්කේ පහත කවර කෙටිමං යතුරු (shortcut key) සංයෝජනයෙන්ද?
(2024 O/L)
Ctrl + A
Ctrl + B
Ctrl + C
Ctrl + V
පාඨයක වම් සහ දකුණු පැති එකිනෙකට සමාන්තරව එකෙල්ල කිරීමට වදන් සැකසුම් මෘදුකාංගයක පහත කවර අයිකනය භාවිත කළ හැකි ද?
වදන් සැකසුම් මෘදුකාංගයක් සම්බන්ධයෙන් පහත කවර වගන්ති නිවැරදි වේ ද?
A - ලේඛනයට වගු (tables) සහ චිත්‍රක (images) එකතු කිරීමට එය පරිශීලකයාට ඉඩ දෙයි.
B - හැඩසව් පින්තාරු (format painter) මෙවලම, අකුරු හැඩය වැනි හැඩසව් පිටපත් කර වෙනත් පාඨවලට ඒවා යෙදවීමට පරිශීලකයාට ඉඩ දෙයි.
C - තිරස් (landscape) සහ සිරස් (portrait) යනු සැපයෙන පිටු දිශානති (orientation) දෙවර්ගය වේ.
A සහ B පමණි
A සහ C පමණි
B සහ C පමණි
A, B සහ C සියල්ලම
අනුලක්ෂණයක් යටි ලකුණක් (subscript) ලෙස හැඩසව් ගැන්වීමට වදන් සැකසුම් මෘදුකාංගයක පහත කවර අයිකනය භාවිත කළ හැකි ද?
(2024 O/L)
