NEW
Font size
Worksheets2025 O/L ICT Unit 01 Test
Total questions: 10
Worksheet time: 15mins
පුද්ගලයකු තම බැංකු ATM කාඩ්පත ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයකට ඇතුල් කොට තම පුද්ගලික හැඳුනුම් අංකය (pin code) යන්ත්‍රයට ලබා දෙයි. අනතුරුව ඔහු ලබාගත යුතු මුදලේ අගය යන්ත්‍රය වෙත ලබා දේ. ඔහුගේ ගිණුමේ පවතින ශේෂය පිරික්සීමෙන් අනතුරුව ATM යන්ත්‍රය මගින් මුදල් ලබා දීම, ශේෂය යාවත්කාලීන කිරීම හා නව ශේෂය දැක්වීම සිදු කරයි.
ඉහත සංසිද්ධියට අදාළව ' ආදානයක්', 'ක්‍රියාවලියක්', හා 'ප්‍රතිදානයක් ' පිළිවෙළින් දක්වා ඇත්තේ පහත කවරකද?
ලබාගත යුතු මුදල, නව ශේෂය, මුදල්
ලබාගත යුතු මුදල, ශේෂය යාවත් කාලීන කිරීම, නව ශේෂය
නව ශේෂය, පුද්ගල හැඳුනුම් අංකය, ලබාගත යුතු මුදල
ශේෂය යාවත්කාලීන කිරීම, පුද්ගල හැදුනුම් අංකය, නව ශේෂය
පරිගණක තාක්ෂණයේ පළමු පරම්පරාවේ සිට නූතන පරම්පරාව දක්වා පරිණාමයේදී පහත සඳහන් කුමක් සිදුවීද?
A - පරිගණකවල සැකසුම් හැකියාව (processing power) වැඩි වීම
B - මධ්‍ය සැකසුම් ඒකකය (CPU) තුළ වර්ග සෙන්ටිමීටරයක ඇති ට්‍රාන් සිස්ටර් සංඛ්‍යාව වැඩි වීම
C - පරිගණකවල ආචයන ධාරිතාව (storage capacity) වැඩි වීම
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B හා C සියල්ල ම
පරිගණක පරම්පරා සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වන්නේද?
අනුකලිත පරිපථ (IC) හඳුන්වාදෙනු ලැබුයේ පළමුවන පරම්පරාවේ පරිගණකවල ය.
රික්තක නළ (vacuum tubes) හඳුන්වාදෙනු ලැබුයේ දෙවන පරම්පරාවේ පරිගණකවල ය.
ට්‍රාන්සිස්ටර් හඳුන්වා දෙනු ලැබුයේ තුන්වන පරම්පරාවේ පරිගණකවල ය.
අති විශාල පරිමාණයේ අනුකලිත පරිපථ (VLSI) හඳුන්වා දෙනු ලැබුයේ සිව්වන පරම්පරාවේ පරිගණකවල ය
පහත සඳහන් දෑ අතුරෙන් කුමක් ශ්‍රී ලංකාවේ G2C (රජයෙන් පුරවැසියන්ට) සේවා හා බැඳී පවතී ද?
A - අ.පො.ස. (සා.පෙ.) විභාග ප්‍රතිඵල මාර්ගගතව බැලීම
B - මාර්ගගතව ආහාර වර්ග ඇනවුම් කිරීම
C - වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව අලුත් කිරීම
A පමණි
A හා C පමණි
B හා C පමණි
A, B හා C සියල්ලම
දත්ත සැකසුම සඳහා උදාහරණයක් වන්නේ පහත සඳහන් කවරක් ද?
මුදල් ආපසු ගැනීමෙන් පසු, බැංකුකරණ මෘදුකාංගයක් භාවිතයෙන් ගිණුමේ ශේෂය ගණනය කිරීම
ගොනුවක් (file) USB ධාවකයෙන් පරිගණකයේ දෘඪ තැටියට කොපි කිරීම
පෞද්ගලික පරිගණකයකට (PC) ශ්‍රව්‍ය සංස්කරණ මෘදුකාංගයක් ස්ථාපනය (install) කිරීම
සුපිරික්සකයක් (scanner) භාවිතයෙන් ලිපියක් සුපිරික්සීම
තොරතුරු පද්ධතියක ප්‍රධාන කාරය තුන වන්නේ
ආදානය, සැකසීම සහ ප්‍රතිදානයයි.
කේතනය, සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීමයි
සැලසුම, සංවර්ධනය සහ පරීක්ෂාවයි
තෝරා ගැනීම, පිටපත් කිරීම සහ ඇලවීමයි.
පරිගණක පරම්පරා සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්ති ද?
A - පළමු පරම්පරාවේ පරිගණකවල ට්‍රාන්සිස්ටර හඳුන්වා දී ඇත.
B - දෙවැනි සහ තුන්වෙනි පරිගණක පරම්පරා වල උසස් මට්ටමේ ක්‍රමලේඛ භාෂා භාවිත කර ඇත.
C - චිත්‍රක පරිශීලක අතුරු මුහුණත් (GUI) සහිත මෙහෙයුම් පද්ධති හතර වැනි පරම්පරාවේ පරිගණකවල භාවිත කර ඇත.
A හා B පමණි
A හා C පමණි
B හා C පමණි
A, B හා C සියල්ලම
කමලසිරි රජයේ වෙබ් නාමාවලිය සම්බන්ධ තොරතුරු ලබාගැනීමට ශ්‍රී ලංකා රජයේ නිල අන්තර්ජාල බිහිදොරට (http://www.gov.lk) ප්‍රවේශ වේ. කමලසිරි, ශ්‍රී ලංකා රජයේ අන්තර්ජාල බිහිදොරින් ලබා ගත්තේ පහත සඳහන් කුමන සේවාවද?
G2B
G2C
G2E
G2G
ශ්‍රී ලංකා රජයේ නිල වෙබ් ද්වාරය (http://www.gov.lk) වෙත ක්‍රිෂ්ණා පිවිසෙන්නේ මාර්ගගත ක්‍රමයට ඇයගේ වාහන ආදායම් බලපත්‍රය නැවත අලුත් කරගැනීමට ය. ඇය විසින් ලබාගන්නා ලද්දේ පහත සඳහන් කුමන සේවාවක්ද?
G2B
G2C
G2E
G2G
ඇමරිකාවේ සහ ජපානයේ සිටින නිලධාරීන් හා සමග පැවැත්වෙන වීඩියෝ සම්මන්ත්‍රණයකට (video conference) සම්බන්ධ වීමට ලංකාවේ සිටින නිලධාරියකුට අත්‍යවශ්‍ය නොවන්නේ පහත කුමක්ද?
කැමරාවක්, මයික්‍රොෆෝනයක් හා ස්පීකරයක් සහිත පරිගණකයක් හෝ ඊට සමාන උපකරණයක්
අන්තර්ජාල සම්බන්ධතාවක්
අදාළ වීඩියෝ සම්මන්ත්‍රණ මෘදුකාංගය
USB ධාවකයක්
