wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Night Class Quiz

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

ආර්ථික ඇණවුම් ප්‍රමාණය කරන ඇණවුම් කරන විට වාර්ෂික ඇණවුම් පිරිවැයෙන් සහ වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැයෙන් සෑදුණු නිවැරදි පිළිතුර තෝරන්න. වාර්ෂික තොග අවශ්‍යතාවය ඒකක 12,000 කි. එක් ඇණවුමක පිරිවැය රු. 4,800 කි. ආර්ථික ඇණවුම් ප්‍රමාණය අනුව තොග පවත්වාගෙන යෑමේ පිරිවැය රු. 120 කි.

a)

ආර්ථික ඇණවුම් ප්‍රමාණය 1200,
වාර්ෂික ඇණවුම් පිරිවැය (රු.) 4800,
වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය (රු.) 4800

b)

ආර්ථික ඇණවුම් ප්‍රමාණය 1200,
වාර්ෂික ඇණවුම් පිරිවැය (රු.) 2400,
වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය (රු.) 2400

c)

ආර්ථික ඇණවුම් ප්‍රමාණය 600,
වාර්ෂික ඇණවුම් පිරිවැය (රු.) 2400,
වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය (රු.) 2400

d)

ආර්ථික ඇණවුම් ප්‍රමාණය 600,
වාර්ෂික ඇණවුම් පිරිවැය (රු.) 4800,
වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය (රු.) 4800

e)

ආර්ථික ඇණවුම් ප්‍රමාණය 300,
වාර්ෂික ඇණවුම් පිරිවැය (රු.) 2400, වාර්ෂික තොග පවත්වාගෙන යෑමේ පිරිවැය (රු.) 2400

2.

සමාගමේ ක්ෂණික වත්කම් අනුපාතය සහ තොග රැඳවුම් කාලය:

a)

ක්ෂණික වත්කම් අනුපාතය 0.80
තොග රැඳවුම් කාලය (දින) 60

b)

ක්ෂණික වත්කම් අනුපාතය 0.80
තොග රැඳවුම් කාලය (දින) 65

c)

ක්ෂණික වත්කම් අනුපාතය 1.13
තොග රැඳවුම් කාලය (දින) 60

d)

ක්ෂණික වත්කම් අනුපාතය 1.13
තොග රැඳවුම් කාලය (දින) 65

e)

ක්ෂණික වත්කම් අනුපාතය 1.25
තොග රැඳවුම් කාලය (දින) 60

3.

කළමනාකරණ ගිණුම්කරණ වාර්තා සම්බන්ධයෙන් පහත ප්‍රකාශන කීයෙන් කුමක් නිවැරදි වේ ද?

A - ආයතනයේ අභ්‍යන්තර ඇගැයීම් පරිශීලනයන් සඳහා කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කරනු ලබයි.
B - කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කිරීමේදී ගිණුම්කරණ ප්‍රමිතීන් අනුගමනය කිරීම අනිවාර්ය නොවේ.
C - කළමනාකරුවන්ට අවශ්‍යතාවක් ඇති වූ ඕනෑම අවස්ථාවකදී කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කරනු ලබයි.
D - පුරෝකථනය කරන ලද තොරතුරු පමණක් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා තුළින් සපයනු ලබයි.

a)

B හා C පමණි.

b)

A, B හා C පමණි.

c)

A, C හා D පමණි.

d)

B, C හා D පමණි.

e)

A, B, C හා D යන සියල්ලම ය.

4.

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය:

a)

රු. 200

b)

රු. 240

c)

රු. 270

d)

රු. 298

e)

රු. 338

5.

නිෂ්පාදන පොදුකාර පිරිවැය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

A - පොදුවේ දරන ලද නිෂ්පාදන පොදුකාර පිරිවැය, පිරිවැය මධ්‍යස්ථානවලට විභජනය කෙරේ.
B - මුළු පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය අතර වෙනස මුළු පොදුකාර පිරිවැය වේ.
C - යන්ත්‍ර පැය හෝ ශ්‍රම පැය මත පදනම්ව පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය අනුපාතය ගණනය කරනු ලබයි.

a)

A පමණි.

b)

B පමණි.

c)

A හා B පමණි.

d)

A සහ C පමණි.

e)

A, B හා C යන සියල්ලම ය.

6.

නිෂ්පාදනයක් විසින් දරන ලද පහත කුමන පිරිවැය ඇසික්ම සුළු පිරිවැය ලෙස සලකනු ලැබේ ද?

A - නිෂ්පාදනය කරන ලද ඒකක ගණන මත සේවකයන්ට ගෙවූ වේතන
B - නිෂ්පාදන කළමනාකරුට ගෙවූ මාසික වැටුප
C - අමුද්‍රව්‍ය ගෙනැවිත් ගබඩා කිරීම සඳහා දරූ ප්‍රවාහන පිරිවැය
D - කර්මාන්ත ශාලාවේ නවීන යන්ත්‍රයක් මත ක්ෂය කිරීම

a)

A හා B පමණි.

b)

A හා C පමණි.

c)

B හා C පමණි.

d)

A, B හා D පමණි.

e)

A, C හා D පමණි.

7.

පහත තොරතුරු වර්ෂයක් තුළ දී නිෂ්පාදන සමාගමක් විසින් භාවිත කළ 'A' නැමැති අමුද්‍රව්‍යයට අදාළ වේ.
අවම උපරිම

පරිභෝජනය (ඒකක) 2 000 5 000

පොරොත්තු කාලය (මාස) 4 6

උපරිම තොග මට්ටම ඒකක 42 000 කි.

මෙම අමුද්‍රව්‍යයේ යළි ඇණවුම් මට්ටම සහ යළි ඇණවුම් ප්‍රමාණය:

a)

යළි ඇණවුම් මට්ටම (ඒකක) 17 500
යළි ඇණවුම් ප්‍රමාණය (ඒකක)32 500

b)

යළි ඇණවුම් මට්ටම (ඒකක) 20 000

යළි ඇණවුම් ප්‍රමාණය (ඒකක) 30 000

c)

යළි ඇණවුම් මට්ටම (ඒකක) 20 000

යළි ඇණවුම් ප්‍රමාණය (ඒකක) 39 500

d)

යළි ඇණවුම් මට්ටම (ඒකක) 30 000

යළි ඇණවුම් ප්‍රමාණය (ඒකක) 20 000

e)

යළි ඇණවුම් මට්ටම (ඒකක) 30 000

යළි ඇණවුම් ප්‍රමාණය (ඒකක) 29 500

8.

සමාගමක කම්කරු සේවකයන් සඳහා ඒකකයකට රු. 10 ක් බැගින් වේතන ගෙවනු ලබයි. වැඩ කරන පැය ගණන 8 ක් වූ දිනකට දී ඇති සාමාන්‍ය 30 ක් තුළ දී භාණ්ඩ ඒකක 4 ක් නිෂ්පාදනය කිරීම අපේක්ෂා කෙරේ. දිනක දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා නිෂ්පාදවන ඒකකයකට, ඒකකයකට රු. 15 ක් බැගින් ගෙවනු ලැබේ.

අධ්‍යයන දිනයක දී අමල්, බිමල් සහ කමල් යන සේවකයන් තිදෙනා භාණ්ඩ ඒකක 160 ක්, 200 ක් සහ 150 ක් පිළිවෙළින් නිෂ්පාදවූයේ නම් ඔවුන්ගේ මුළු වේතන:

a)

අමල් (රු.) 1600

බිමල් (රු.) 2200

කමල් (රු.) 1350

b)

අමල් (රු.) 1600

බිමල් (රු.) 2200

කමල් (රු.) 1500

c)

අමල් (රු.) 1600

බිමල් (රු.) 2200

කමල් (රු.) 1600

d)

අමල් (රු.) 1600

බිමල් (රු.) 3000

කමල් (රු.) 1500

e)

අමල් (රු.) 1600

බිමල් (රු.) 3000

කමල් (රු.) 1600

9.

2015.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ සෘජු වේතන සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය තුළ අන්තර්ග්‍රහණ වැටුප් අගයන් කොපමණ ද?

a)

සෘජු වේතන (රු. ’000) 5 300

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ අන්තර්ග්‍රහණ වැටුප් (රු. ’000) 2 700

b)

සෘජු වේතන (රු. ’000) 5 500

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ අන්තර්ග්‍රහණ වැටුප් (රු. ’000) 2 800

c)

සෘජු වේතන (රු. ’000) 5 700

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ අන්තර්ග්‍රහණ වැටුප් (රු. ’000) 2 900

d)

සෘජු වේතන (රු. ’000) 6 220

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ අන්තර්ග්‍රහණ වැටුප් (රු. ’000) 3 160

e)

සෘජු වේතන (රු. ’000) 6 420

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ අන්තර්ග්‍රහණ වැටුප් (රු. ’000) 3 260

10.

සමාගමක ණයගැති පිරිවැටුප් අනුපාතයක් තුළින් පෙන්නුම් කෙරෙන්නේ කුමක් ද?

a)

එහි ණයගැතියන් ඉක්මනින් ගෙවීම් කරන බව ය.

b)

එහි ණයගැතියන් ඉක්මනින් ගෙවීම් නොකරන බව ය.

c)

එහි විකුණුම්වලින් වැඩි ප්‍රමාණයක් ණය පදනම මත සිදු කරන බව ය.

d)

එහි ණය එකතු කර ගැනීමේ කාලය වැඩි බව ය

e)

එහි විකුණුම් වැඩි වන බව ය.

11.

භාණ්ඩයක මුළු පිරිවැය සමාන වනුයේ,

a)

සෘජු පිරිවැය සහ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැයේ එකතුවට ය.

b)

සෘජු පිරිවැය සහ විචල්‍ය පොදු කාර්ය පිරිවැයේ එකතුවට ය.

c)

ප්‍රාථමික පිරිවැය සහ විචල්‍ය පොදු කාර්ය පිරිවැයේ එකතුවට ය.

d)

ප්‍රාථමික පිරිවැය සහ කාලපරිච්ඡේද පිරිවැයේ එකතුවට ය.

e)

ප්‍රාථමික පිරිවැය, විචල්‍ය පොදු කාර්ය පිරිවැය සහ ස්ථාවර පොදු කාර්ය පිරිවැයේ එකතුවට ය.

12.

ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ) සංකල්පයට අදාළ ව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

A - කරන ලද ඇණවුම් සංඛ්‍යාව සමඟ සෘජුව ම මුළු ඇණවුම් කිරීමේ පිරිවැය වෙනස් වේ.

B - සාමාන්‍ය තොග මට්ටම සමඟ තොග රඳවා ගැනීමේ මුළු පිරිවැය සෘජුව ම වෙනස් වේ.

C - ඇණවුම් ප්‍රමාණය වැඩි වන විට, එහි මුළු රඳවාගැනීමේ පිරිවැය අඩු වන අතර මුළු ඇණවුම් කිරීමේ පිරිවැය වැඩි වේ.

a)

A පමණි.

b)

B පමණි.

c)

A හා B පමණි.

d)

A හා C පමණි.

e)

B හා C පමණි.

13.

නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය, සෘජු ශ්‍රම පිරිවැයෙන් 80% ක් ලෙසට අන්තර්ග්‍රහණය කිරීම සමාගමේ ප්‍රතිපත්තිය වේ.

මුළු නිෂ්පාදන පිරිවැයේ අඩංගු සෘජු ශ්‍රම පිරිවැය කොපමණ ද?

a)

රු. 72 000

b)

රු. 120 000

c)

රු. 200 000

d)

රු. 360 000

e)

රු. 480 000

14.

2015 මාර්තු මාසය සඳහා නිෂ්පාදන පිරිවැය සහ කාලපරිච්ඡේද පිරිවැය:

a)

නිෂ්පාදන පිරිවැය (රු. '000) 2500

කාලපරිච්ඡේද පිරිවැය (රු. '000) 2000

b)

නිෂ්පාදන පිරිවැය (රු. '000) 2800

කාලපරිච්ඡේද පිරිවැය (රු. '000) 1700

c)

නිෂ්පාදන පිරිවැය (රු. '000) 3300

කාලපරිච්ඡේද පිරිවැය (රු. '000) 1200

d)

නිෂ්පාදන පිරිවැය (රු. '000) 3700

කාලපරිච්ඡේද පිරිවැය (රු. '000) 800

e)

නිෂ්පාදන පිරිවැය (රු. '000) 4000

කාලපරිච්ඡේද පිරිවැය (රු. '000) 500

15.

නිෂ්පාදන ව්‍යාපාරයක් විසින් භාවිත කරන අමුද්‍රව්‍ය වර්ගයක වාර්ෂික පරිභෝජනය ඒකක 3 000 ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ ඇණවුම් කිරීමේ පිරිවැය රු. 300 ක් වන අතර, එහි ඒකකයක වාර්ෂික රඳවාගැනීමේ පිරිවැය රු. 5 ක් වේ.

මෙම අමුද්‍රව්‍යයේ ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ):

a)

ඒකක 100

b)

ඒකක 173

c)

ඒකක 424

d)

ඒකක 600

e)

ඒකක 1342

16.

2022 අප්‍රේල් මාසයේ සමාගමේ මුළු වැටුප් වියදම (EPF සහ ETF වියදම ද ඇතුළත්ව):

a)

රු. 813 000

b)

රු. 913 000

c)

රු. 1 035 000

d)

රු. 1 135 000

e)

රු. 1 150 000

17.

27. නිෂ්පාදන ව්‍යාපාරයක් විසින් භාවිත කෙරෙන අමුද්‍රව්‍යයක යළි ඇණවුම් මට්ටම සහ යළි ඇණවුම් ප්‍රමාණය පිළිවෙළින් කිලෝග්‍රෑම් 2 000 ක් සහ කිලෝග්‍රෑම් 5 000 ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ සාමාන්‍ය පරිභෝජනය කිලෝග්‍රෑම් 200 ක් වේ. මෙම අමුද්‍රව්‍යයේ අවම සහ උපරිම පොරොත්තු කාලය පිළිවෙළින් සති 3 ක් සහ සති 5 ක් වේ.

මෙම අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම:

a)

කිලෝග්‍රෑම් 5 000

b)

කිලෝග්‍රෑම් 5 800

c)

කිලෝග්‍රෑම් 6 100

d)

කිලෝග්‍රෑම් 6 400

e)

කිලෝග්‍රෑම් 7 000

18.

පිරිවැය ඒකකයක් සඳහා පොදුකාර පිරිවැය ගණනයෙහි අනුගමනය කරන පියවර පහත දී ඇත. මෙම පියවරයන්හි නිවැරදි අනුපිළිවෙල කුමක් ද?

A - පොදුකාර පිරිවැය ප්‍රතිපාදනය කිරීම

B - පොදුකාර පිරිවැය එක්රැස් කිරීම

C - පොදුකාර පිරිවැය අන්තර්ග්‍රහණය කිරීම

D - පොදුකාර පිරිවැය විභජනය කිරීම

a)

A, B, C, D

b)

A, B, D, C

c)

B, A, C, D

d)

B, A, D, C

e)

C, D, A, B

19.

සිසිල් බීම සමාගමේ 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගණනය කළ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය 20% කි. කෙසේ වෙත ද 2019.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේ දී පහත ගනුදෙනු සැලකිල්ලට ගෙන නොමැත.

A - ගොඩනැගිල්ල ප්‍රතම වරට ප්‍රත්‍යාගණනය කිරීම තුළින් ඇති වූ රු. 500 000 ක අතිරික්තය

B - රු. 800 000 ක සංචිත ප්‍රාග්ධනිත කිරීම

C - රු. 200 000 ක ආපසු යැවුම්

ඉහත සඳහන් කුමන ගනුදෙනුව/ගනුදෙනු නිසා සමාගමක හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතයේ වැඩි වීමක් සිදුවන්නේ ද?

a)

A පමණි.

b)

B පමණි.

c)

C පමණි.

d)

A හා B පමණි.

e)

B හා C පමණි.

20.

භාණ්ඩ ඒකකයක් සඳහා නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය:

a)

ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.) 20

ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය (රු.) 270

b)

ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.) 25

ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය (රු.) 310

c)

ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.) 40

ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය (රු.) 290

d)

ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.) 60

ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය (රු.) 310

e)

ඒකකයක නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය (රු.) 60

ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය (රු.) 350