Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2025 O/L Unit 08 Presentation

Total questions: 7

Worksheet time: 14mins

Name
Class
Date
1.

කදා දැකුම් දසුනේ (slide show view) පවත්නා සමර්පනයක ඊළඟ කදාවට යාමට {Enter යතුර, Esc යතුර, Space යතුර} යන කුලකයේ ඇති යතුරු අතුරෙන් කුමන යතුරු භාවිත කළ හැකි ද?

2018

a)

Enter යතුර සහ Space යතුර පමණි

b)

Space යතුර සහ Esc යතුර පමණි

c)

Enter යතුර සහ Esc යතුර පමණි

d)

Enter යතුර, Space යතුර සහ Esc යතුර යන සියල්ලම

2.

ඔබ සංස්කරණය කරමින් පවතින ඉලෙක්ට්‍රොනික සමර්පනයට ඔබට හිස් කදාවක් ඇතුළත් කිරීමට අවශ්‍යව ඇත. මෙම කාර්යය කරගැනීම සඳහා පහත සඳහන් කුමන යතුරු සංයෝජනය භාවිත කළ යුතු වන්නේ ද?

a)

Ctrl+M

b)

Ctrl+N

c)

Shift+B

d)

Shift+V

3.

. ඉලෙක්ට්‍රොනික සමර්පන මෘදුකාංගයක කුමන ගුණාංගයක් (feature) භාවිත කරමින්, එහි කදාවක සන්ධාර සැකසුම (content arrangement) පහත පෙන්වා ඇති සැකසුම 1 අවස්ථාවේ සිට සැකසුම 2 අවස්ථාවට මාරු කරගතහැකිද?

a)

කදා පිරිසැලසුම (slide layout)

b)

කදා දසුන (slide show)

c)

කදා තෝරනය (slide sorter)

d)

කදා දැක්ම (slide view)

4.

ඉලෙක්ට්‍රොනික සමර්පනයක ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා පහත සඳහන් කුමක් යෝග්‍ය වේද?

A - කදාවක පවතින පාඨ පේළි ගණන 6 සිට 9 අතර සංඛ්‍යාවකට සීමා කිරීම

B - එකම කදාව තුළ පින්තූර සහ ප්‍රස්තාර විශාල වශයෙන් භාවිත නොකිරීම

C - සෑම කදාවකම රතු වර්ණය වැඩි වශයෙන් යොදා ගැනීම

2019

a)

A හා B පමණි

b)

A හා C පමණි

c)

B හා C පමණි

d)

A, B හා C සියල්ලම

5.

විවිධ වූ ප්‍රක්ෂේපණ යන්ත්‍ර සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් කවර වගන්තිද?

A - උඩිස් ප්‍රක්ෂේපණ යන්ත්‍ර වල (overhead projector) යොදාගනු ලබන විනිවිදක (transparent sheets) සැමවිටම කල් ඇතිව සකසාගත යුතුව පවතී.

B - කදා ප්‍රක්ෂේපණ යන්ත්‍රයක භාවිත කරන කදා තුළ ප්‍රතිබිම්බ (රූප) ඇතුළත් කළ හැකිය.

C - පරිගණකයක් භාවිත කර සකසාගත් ඉලෙක්ට්‍රොනික සමර්පනයක් (presentation), බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් තුළින් සංදර්ශනය කළ හැකි වේ.

2020

a)

A හා B පමණි

b)

A හා C පමණි

c)

B හා C පමණි

d)

A, B හා C සියල්ලම

6.

සමර්පන මෘදුකාංග සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්ති නිවැරදි වන්නේ ද?

A - දෙන ලද කදාවක තනි වස්තුවකට (single object) පමණක් සජිවන ආචරණ (animation effects) යෙදිය හැකිය.

B - සමර්පන කදාවකට ශ්‍රව්‍ය පටිගත කිරීම් (audio recordings) ඇතුළත් කළ හැකි ය.

C - එක් කදාවක් තුළ පාඨ පේළි (text lines) දහයකට අඩුවෙන් භාවිත කිරීම නිර්දේශ කෙරේ.

2020

a)

A හා B පමණි

b)

A හා C පමණි

c)

B හා C පමණි

d)

A, B හා C සියල්ලම

7.

කදා දසුනෙහි (slide show) පවතින විද්‍යුත් සමර්පණයක ඊළඟ කදාවට යාම සඳහා පහත සඳහන් කවර ක්‍රියාවන් භාවිත කළ හැකි වන්නේද?

A - මූසිකයේ “වම්” බොත්තම ක්ලික් කිරීම.

B - යතුරු පුවරුවේ " පාලන (Ctrl)" යතුර තද කිරීම.

C - යතුරු පවුරුවේ “ දකුණු ඊතල ” යතුර තද කිරීම.

2021

a)

A සහ B පමණි

b)

A සහ C පමණි

c)

B සහ C පමණි

d)

A, B සහ C සියල්ලම

Similar Resources on Wayground