wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quiz 5

Total questions: 40

Worksheet time: 40mins

Name
Class
Date
1.

තාර්කික ද්වාර භාවිත වන්නේ ප්‍රධාන වශයෙන් කුමන පද්ධතිවලද?

a)

ඇනලොග් පරිපථ (Analog Circuits)

b)

සංඛ්‍යාංක පරිපථ (Digital Circuits)

c)

ප්‍රත්‍යාවර්ත ධාරා (AC) පරිපථ

d)

ජල සම්පාදන පද්ධති

2.

තාර්කික ද්වාරයක ආදාන සහ ප්‍රතිදාන සඳහා යොදා ගන්නා මූලික ද්වීමය අගයන් මොනවාද?

a)

TRUE/FALSE

b)

5V/0V

c)

1/0

d)

ඉහත සියල්ල

3.

AND, OR, NOT ලෙස හඳුන්වන්නේ කුමක්ද?

a)

බූලීය වීජ ගණිතයේ මූලික විචල්‍යයන්

b)

පරිගණකයක අංක ගණිතමය කටයුතු

c)

මූලික තාර්කික ද්වාර

d)

ද්වීමය සංඛ්‍යා ක්‍රමයේ මූලික සංකේත

4.

AND ද්වාරයක ප්‍රතිදානය 1ක් (HIGH) වීමට, ආදාන (Inputs) කොපමණ සංඛ්‍යාවක් 1ක් විය යුතුද?  

a)

 ඕනෑම ආදානයක් 1 විය යුතුය

b)

එක් ආදානයක් පමණක් 1 විය යුතුය

c)

සියලු ආදාන 1 විය යුතුය

d)

කිසිදු ආදානයක් 1 විය යුතු නැත

5.

මෙම දත්ත වගුවට අනුව, මෙය කුමන තාර්කික ද්වාරයක සත්‍යතා වගුවද?

a)

OR ද්වාරය

b)

NOT ද්වාරය

c)

AND ද්වාරය

d)

XOR ද්වාරය

6.

AND ද්වාරය නිරූපණය කරන බූලීය ප්‍රකාශනය (Boolean Expression) කුමක්ද?

a)

A + B

b)

A bar

c)

A . B

d)

A B

7.

OR ද්වාරයක ප්‍රතිදානය 0ක් (LOW) වීමට නම්, ආදාන කොපමණ සංඛ්‍යාවක් 0ක් විය යුතුද?

a)

එක් ආදානයක් පමණක් 0 විය යුතුය.

b)

සියලු ආදාන 0 විය යුතුය.

c)

එක් ආදානයක් පමණක් 1 විය යුතුය.

d)

ඕනෑම ආදානයක් 0 විය යුතුය

8.

ආදාන A=1 සහ B=0 වන විට OR ද්වාරයක ප්‍රතිදානය (Output) කුමක්ද?

a)

1

b)

0

c)

0 හෝ 1

d)

නිර්වචනය කළ නොහැක.

9.

OR ද්වාරය නිරූපණය කරන සංකේතය (Symbol) කුමක්ද?

a)

b)

c)

d)

10.

OR ද්වාරයක බූලීය ප්‍රකාශනය කුමක්ද?

a)

A . B

b)

A + B

c)

A bar

d)

A  ⊕ B

11.

NOT ද්වාරයක ඇති ආදාන සංඛ්‍යාව සහ ප්‍රතිදාන සංඛ්‍යාව පිළිවෙලින් කොපමණද?

a)

ආදාන 2, ප්‍රතිදාන 1.

b)

ආදාන 1, ප්‍රතිදාන 1.

c)

ආදාන 1, ප්‍රතිදාන 2.

d)

ආදාන 2, ප්‍රතිදාන 2.

12.

NOT ද්වාරයක ආදානය (Input) 0 නම්, එහි ප්‍රතිදානය (Output) කුමක්ද?

a)

1

b)

0

c)

ආදානයට සමාන වේ

d)

5V

13.

මෙම පරිපථයේ අවසාන ප්‍රතිදානය කුමක්ද?

a)

0

b)

1

c)

A

d)

A bar

14.

මෙම සංයුක්ත පරිපථයේ නිවැරදි ප්‍රතිදානය කුමක්ද?

a)

1

b)

0

c)

A

d)

A bar

15.

A=0 සහ B=1 ආදාන ලෙස ලැබෙන විට අවසාන ප්‍රතිදානය කුමක්ද?

a)

0

b)

1

c)

2

d)

නිර්වචනය කළ නොහැක.

16.

A=1 සහ B=0 ආදාන ලෙස ලැබෙන විට අවසාන ප්‍රතිදානය කුමක්ද?

a)

0

b)

1

c)

2

d)

නිර්වචනය කළ නොහැක

17.

මෙහි අවසාන ප්‍රතිදානය කුමක්ද?

a)

0

b)

1

c)

2

d)

A bar

18.

රූපයෙ හි දැක්වෙන පරිපථය (OR ද්වාරයක ප්‍රතිදානය NOT ද්වාරයකට යාම) නිරූපණය කරන මූලික තාර්කික ද්වාරය (Single Gate) කුමක්ද?

a)

NAND ද්වාරය

b)

NOR ද්වාරය

c)

XOR ද්වාරය

d)

NOT ද්වාරය

19.

රූපයෙ හි දැක්වෙන පරිපථයේ අවසාන ප්‍රතිදානය (Q) සඳහා නිවැරදි බූලීය ප්‍රකාශනය කුමක්ද?

a)

Q = A . (B+B)

b)

Q = (A+B) + B

c)

Q = (A+B) . B

d)

Q = A . B + B

20.

රූපයෙ හි දැක්වෙන සංකලිත පරිපථයේ අවසාන ප්‍රතිදානය (Q) සඳහා නිවැරදි බූලීය ප්‍රකාශනය කුමක්ද?

a)

b)

c)

d)

21.

අන්තර්ජාලයේ තොරතුරු සෙවීමට ප්‍රධාන වශයෙන් භාවිත කරන මාධ්‍යය කුමක්ද?

a)

වෙබ් සේවාදායක (Web Servers)

b)

ඊමේල් (Email)

c)

සෙවුම් යන්ත්‍ර (Search Engines)

d)

ෆයර්වෝල් (Firewall)

22.

සෙවුම් යන්ත්‍රයකට ඇතුළු කරන මූලික වචන හෝ වාක්‍ය ඛණ්ඩ හඳුන්වන්නේ කුමන නමකින්ද?

a)

Bookmark

b)

Key Word

c)

Hyperlink

d)

History

23.

පහත සඳහන් ඒවා අතරින් සෙවුම් යන්ත්‍රයක් (Search Engine) නොවන මෘදුකාංගය කුමක්ද?

a)

Google

b)

Yahoo

c)

Notepad

d)

Bing

24.

ඔබ අන්තර්ජාලයේ සැරිසැරූ වෙබ් පිටු වල වාර්තාව ගබඩා වන ස්ථානය කුමක්ද?

a)

Bookmark/ Favorite

b)

History

c)

Server

d)

Hyperlink

25.

නිතර සැරිසරන වෙබ් පිටුවක් ඉතා ඉක්මනින් නැවත පිවිසීම සඳහා පහසුම ක්‍රමය කුමක්ද?

a)

History වෙතින් නැවත සොයා ගැනීම.

b)

Bookmark/Favourite ලෙස සටහන් කිරීම.

c)

Key Word භාවිතයෙන් නැවත සෙවීම.

d)

නව Tab එකක් විවෘත කිරීම

26.

වෙබ් බ්‍රව්සරයක (Web Browser) ඉදිරියට (Forward) හෝ පසුපසට (Backward) යාම සඳහා භාවිත කරන බොත්තම් වලින් සිදුවන ක්‍රියාව නිවැරදිව නිරූපණය කරන්නේ කුමන විකල්පයෙන්ද?

a)

පෙර දුටු පිටුව වෙත යාම, නැවතත් වත්මන් පිටුව වෙත ඒම.

b)

වත්මන් පිටුවට පෙර දුටු පිටුව වෙත යාම, ඉන්පසු වත්මන් පිටුවට ඒම.

c)

මුලින්ම දුටු පිටුවට යාම, අවසානයට දුටු පිටුවට ඒම.

d)

Tab එකක් වැසීම, Tab එකක් විවෘත කිරීම.

27.

වෙබ් පිටු දෙකක් හෝ එකම පිටුවක කොටස් දෙකක් සම්බන්ධ කිරීමට යොදා ගන්නා සබැඳිය කුමක්ද?

a)

Key Word

b)

History

c)

Hyperlink

d)

Bookmark

28.

පරිගණක මූසිකයේ කර්සරය (Cursor) Hyperlink එකක් මත තැබූ විට, එහි ස්වරූපය වෙනස් වන්නේ කෙසේද?

a)

කර්සරය අතුරුදහන් වේ.

b)

ඊතලයකින් අතක (Hand) හැඩයට වෙනස් වේ.

c)

'I' හැඩයේ කර්සරය දිගු වේ.

d)

කර්සරය කුඩා කවයක් බවට පත් වේ.

29.

වෙබ් බ්‍රව්සරයක එකවර වෙබ් පිටු කිහිපයක් විවෘත කර තබා ගැනීමට භාවිත කරන විශේෂාංගය කුමක්ද?

a)

History

b)

Hyperlinks

c)

Tabs

d)

Favorites.

30.

වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී අනුගමනය කළ යුතු පියවරවල නිවැරදි අනුපිළිවෙල කුමක්ද?

a)

සැලසුම් හා සංවර්ධන, අවශ්‍යතාව හඳුනා ගැනීම, සංචලනය (Navigation), විමසුම් මාධ්‍යය.

b)

අවශ්‍යතාව හඳුනා ගැනීම, සැලසුම් හා සංවර්ධන, සංචලනය (Navigation), විමසුම් මාධ්‍යය.

c)

සංචලනය (Navigation), අවශ්‍යතාව හඳුනා ගැනීම, සැලසුම් හා සංවර්ධන, විමසුම් මාධ්‍යය.

d)

විමසුම් මාධ්‍යය, අවශ්‍යතාව හඳුනා ගැනීම, සැලසුම් හා සංවර්ධන, සංචලනය (Navigation).

31.

වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා මූලිකවම භාවිත කරන සංකේත (Tags) සහ මූලද්‍රව්‍ය (Elements) අන්තර්ගත වන මූලික කේත භාෂාව (Mark-up Language) කුමක්ද?

a)

CSS

b)

HTML

c)

PHP

d)

MySQL

32.

වෙබ් පිටුවක් නිර්මාණය කිරීමේදී, පිටුවේ නම වෙබ් බ්‍රව්සරයේ උඩ තීරුවේ (Tab) පෙන්වීමට භාවිත කරන HTML Tag යුගලය කුමක්ද?

a)

<head>...</head>

b)

<body>...</body>

c)

<title>...</title>

d)

<html>...</html>

33.

වෙබ් පිටුවක ප්‍රදර්ශනය වන කොටස අන්තර්ගත කරන්නේ කුමන HTML Tag යුගලය තුළද?

a)

<head>...</head>

b)

<body>...</body>

c)

<title>...</title>

d)

<img>...</img>

34.

අංක සහිත ලැයිස්තුවක (1., 2., 3., ...) එක් එක් අයිතමය (Item) නිරූපණය කිරීමට භාවිත කරන Tag යුගලය

සහ

වෙබ් පිටුවක ප්‍රධාන ශීර්ෂයක් (Heading) හෝ මාතෘකාවක් දැක්වීම සඳහා භාවිත කරන Tag යුගලය කුමක්ද?

a)

<li>...</li>

<h>...</h>

b)

<ol>...</ol>

<p>...</p>

c)

<ul>...</ul>

<i>...</i>

d)

<ul> සහ <li>

<b>...</b>

35.

වෙබ් පිටුවක රූපයක් (Image) ඇතුළත් කිරීම සඳහා යොදා ගන්නා නිවැරදි Tag එක කුමක්ද?

a)

<a href="...">...</a>

b)

<img src="...">

c)

<br>

d)

<p>...</p>

36.

වෙබ් පිටුවක පෙළ ඡේදයක් (Paragraph) ඇතුළත් කිරීමට යොදා ගන්නා Tag එක කුමක්ද?

a)

<h>...</h>

b)

<li>...</li>

c)

<br>

d)

<p>...</p>

37.

අංක නොමැතිව තිත් හෝ සංකේත (Bullets) භාවිතයෙන් ලැයිස්තුවක් (Unordered List) නිර්මාණය කිරීමට යොදා ගන්නා Tag යුගලය කුමක්ද?

a)

<ol>...</ol>

b)

<ul>...</ul>

c)

<li>...</li>

d)

<p>...</p>

38.

වෙබ් පිටුවක අංක සහිත ලැයිස්තුවක් (Ordered List) නිර්මාණය කිරීමට යොදා ගන්නා Tag යුගලය කුමක්ද?

a)

<li>...</li>

b)

<ul>...</ul>

c)

<ol>...</ol>

d)

<br>

39.

<a href="page2.html">...</a> යන Tag එක මගින් නිරූපණය වන්නේ කුමක්ද?

a)

වෙබ් පිටුවක මාතෘකාව

b)

වෙබ් පිටුවක රූපයක්

c)

වෙබ් පිටු අතර සම්බන්ධ වන අධිසම්බන්ධකයක් (Hyperlink)

d)

වෙබ් පිටුවක ඡේදයක්

40.

<b>...</b> සහ <i>...</i> යන Tags මගින් පෙළට ලබා දෙන හැඩතල පිළිවෙලින් කුමක්ද?

a)

ඇල කිරීම, තද කිරීම

b)

තද කිරීම, යටින් ඉරි ඇඳීම

c)

තද කිරීම, ඇල කිරීම

d)

යටින් ඉරි ඇඳීම , ඇල කිරීම