
Network විභාග ප්‍රශ්න 2021-2023
Authored by Prasad Karunarathna
Education
12th Grade
Used 2+ times

AI Actions
Add similar questions
Adjust reading levels
Convert to real-world scenario
Translate activity
More...
Content View
Student View
20 questions
Show all answers
1.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
අන්තර්ජාලයේදී, සත්කාරකයක් (host) එහි IP යොමුවෙන් (address) හඳුනා ගැනේ. IPv4 හිදී සත්කාරක හඳුනා ගැනීමට සෑම IP යොමුවක්ම බිටු ....A.... කින් සමන්විත වේ. IPv6 ලෙස හඳුන්වන නව සංස්කරණයේදී IP යොමුවක් බිටු .....B.... කින් සමන්විත වේ.
A - 32 සහ B - 48
A - 32 සහ B - 128
A - 48 සහ B - 32
A - 48 සහ B - 128
A - 128 සහ B - 32
2.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
වසම් නාම පද්ධතිය (DNS) සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශ නිවැරදිද?
A - එය වෙබ් ලිපින IP යොමු වලට සහ IP යොමු වෙබ් ලිපිනවලට අනුරූපණය (map) කරයි.
B -HTTP, DNS මගින් සපයන සේවා භාවිත කරයි.
C - DNS වසම් නාම ධූරාවලියක් පවත්වා ගනියි.
A පමණි
A සහ B පමණි
A සහ C පමණි
B සහ C පමණි
A, B සහ C යන සියල්ලම
3.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
IP යොමු (addresses) සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශ නිවැරදි වේද?
A - C පන්තියේ ජාලවල පළමු අෂ්ටක අගය 192 සිට 223 තෙක් වේ.
B - IPv4 මගින් උපාංග මිලියන 4ක් දක්වා IP යොමු පැවරීම කළ හැක.
C - 192.168.0.0 - 192.168.255.255 යනු පෞද්ගලික IP යොමු පරාසයකි.
A පමණි
B පමණි
A සහ B පමණි
A සහ C පමණි
C පමණි
4.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
අසමමිතික යතුරු කේතනය යොදා ගුප්ත කේතනය (encrypt) කළ පණිවිඩයක් අමරට පමණක් කියවීම සඳහා යැවීමට සුරේෂ්ට අවශ්‍ය නම්,
සුරේෂ් තම පොදු යතුර යොදා පණිවුඩය ගුප්ත කේතනය කළ යුතුය.
සුරේෂ් තම පෞද්ගලික යතුර යොදා පණිවුඩය ගුප්ත කේතනය කළ යුතුය.
සුරේෂ්, අමරගේ පොදු යතුර යොදා පණිවුඩය ගුප්ත කේතනය කළ යුතුය.
සුරේෂ්, අමරගේ පෞද්ගලික යතුර යොදා පණිවුඩය ගුප්ත කේතනය කළ යුතුය.
සුරේෂ්, අමරගේ පොදු සහ පෞද්ගලික යන යතුරු දෙකම යොදා පණිවුඩය ගුප්ත කේතනය කළ යුතුය.
5.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
ගිනි පවුරක් (firewall) සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදිද?
A - එයට අභ්‍යන්තර ජාලයකින් පිටතට යන දත්ත ප්‍රවාහයන් නිරීක්ෂණය සහ පෙරීම (filter) සිදු කළ හැකි ය.
B - එය ජාලයක් අනවසර ප්‍රවේශයන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කරයි.
C - එය දෘඪාංගයක්, මෘදුකාංගයක් හෝ ඒ දෙකම හෝ විය හැකි ය.
A පමණි
B සහ C පමණි
A සහ B පමණි
A සහ C පමණි
A, B සහ C සියල්ලම
6.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
MAC සහ IPv4 ලිපියොමු සම්බන්ධයෙන් පහත සඳහන් කවරක් නිවැරදිද?
A - MAC ලිපියොමුවල දිග බිටු 32 ක් වන අතර ඒවා ජාල (network) ස්තරයේ භාවිත වේ.
B - MAC ලිපියොමුවල දිග බිටු 48 ක් වන අතර ඒවා දත්ත සබැඳි (datalink) ස්තරයේ භාවිත වේ.
C - IPv4 ලිපියොමුවල දිග බිටු 32 ක් වන අතර ඒවා ජාල (network) ස්තරයේ භාවිත වේ.
A පමණි
A සහ C පමණිය.
B පමණි
B සහ C පමණි
C පමණි
7.
MULTIPLE CHOICE QUESTION
2 mins • 5 pts
TCP/IP ආකෘතියේ ප්‍රවාහන ස්තරයේ (Transport Layer) නියමාවලි වන්නේ මොනවාද?
A - සම්ප්‍රේෂණ පාලන නියමාවලිය (TCP)
B - පරිශීලක දත්ත පණිවිඩ නියමාවලිය (UDP)
C - ගොනු හුවමාරු නියමාවලිය (FTP)
D - අන්තර්ජාල නියමාවලිය (IP)
A සහ B පමණ
B සහ D පමණි
A සහ C පමණි
B සහ C පමණි
A, B, C සහ D සියල්ලම
Access all questions and much more by creating a free account
Create resources
Host any resource
Get auto-graded reports

Continue with Google

Continue with Email

Continue with Microsoft
or continue with
%20(1).png)
Apple
Others
Already have an account?