Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

බුද්ධ ධර්මය පුණරීක්ෂණ පරීක්ෂණය

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

බුදු දහමේ උගන්වන අාකාරයට භාවනාව ප්‍රධාන කොටස් කීයද?

a)

2යි

b)

3යි

c)

4යි

d)

40යි

2.

සමත භාවනාව හදුන්වන තවත් නමක් වන්නේ

a)

බුද්ධානූස්සතී භාවනාව

b)

මරනානුස්සතී භාවනාව

c)

මෙෙත්‍රී භාවනාව

d)

චිත්ත භාවනාව

3.

නීවරණ යන්නෙන් අදහස් කරන්නේ

a)

සිත සතුටු කරන ධර්මයන්ය

b)

නිවන් මග අවුරන ක්ලේෂධර්මයන්ය

c)

සිත සමාධි කරන ධර්මයන්ය

d)

නිවන් මග පාදන ධර්මයන්ය

4.

භාවනාවට කමටහන් ලබාගත යුත්තේ භාවනා අාචාර්යෙකුගෙනි . හෙතෙම කමටහන් දෙන්නේ චරිත ලක්ෂණ සැලකිල්ලට ගෙනය . චරිත කීයකට පුද්ගලයෝ වර්ග කෙරේද?

a)

8කි

b)

6කි

c)

12නි

d)

3කි

5.

"විචිකිච්චාව" යනු

a)

භීතිය හෙවත් බයයි

b)

සැකය හෙවත් විමතියයි

c)

තෘෂ්ණාවයි

d)

පිළිකුලයි

6.

බුදු රදුන්ගේ දේශනාවට අනූව නැගෙනහිර දිශාව වෙන්වූයේ කවුරුන් උදෙසාද?

a)

ගුරුවරුන් උදෙසා

b)

මවුපියන් උදෙසා

c)

මිතුරන් උදෙසා

d)

පැවිද්දන් උදෙසා

7.

"පුබ්බාචරිය"යනුවෙන් ප්‍රකාශ වන්නේ කවුරුන් ගැනද?

a)

ගුරුවරුන් ගැනය

b)

පැවැදි උතුමන් ගැනය

c)

දෙමාපියන් ගැනය

d)

අඹුදරුවන් ගැනය

8.

මහින්දාගමනයෙන් පසු මෙරට ඉදි වූ ප්‍රථම ස්ථූපය වන්නේ

a)

ගිරිහඩු සෑයයි

b)

ථූපාරාමයයි

c)

රුවන් මැලි සෑයයි

d)

ජේතවනාරාමයයි

9.

සීලය යනු

a)

කය වචන සංවරයයි

b)

සිත හා වචනය සංවරයයි

c)

කයත් සිතත් සංවරයයි

d)

සිත කය වචනය සංවරයයි

10.

"චේතනාහම් භික්කවේ කම්මං වදාමි" මෙහි අදහස වන්නේ

a)

මහණෙනි මම චෙතනාව කර්මයැයි කියමි

b)

දහණෙනි, සියල්ල කර්මය නම් වේ

c)

මහණෙනි, සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි

d)

මහණෙනි, සියලු චේතනාවෝ ඉපිද මැරෙති

11.

පුද්ගලයාගේ ඊලග භවෙය්හි උප්පත්තිය කෙරෙහි බලපානුයේ

a)

අාචින්න කර්මයයි

b)

අාසන්න කර්මය

c)

ජනක කර්මයයි

d)

උපත්ථම්භ කර්මයයි

12.

"දිට්ඨ ධම්ම වේදනීය" කර්මය යනු

a)

මෙලොවදී විපාක දෙන කර්මයයි

b)

පරලොවේදී විපාක දෙන කර්මයයි

c)

දෙලොවදීම විපාක දෙන කර්මයයි

d)

අවසාන භවයේදී විපාක දෙන කර්මයයි

13.

"නිරෝගිකම උතුම්ම ලාභයයි" මේ අදහසට සමීප පාලි පාඨය වන්නේ

a)

අාරෝග්‍යා පරමාලාභා

b)

සන්තුට්ඨි පරමං දනං

c)

අාරෝග මිච්ඡේ පරමං ලාභේ

d)

රෝගේන නිධි ගච්ඡති

14.

" අැවැත්ති නොහඩව් ,නොවැලපෙව්, අපි ඒ මහා ශ්‍රමණයාගෙන් මැනවින් මිදුනෝ වෙමු" මේ අදහස පල කළ භික්ෂුව වන්නේ

a)

සුභාහු භික්ෂුව

b)

සුභද්‍ර භික්ෂුව

c)

උදායි භික්ෂුව

d)

කිම්බිල භික්ෂුව

15.

ප්‍රථම සංගායනාවේ දී උපාලි හිමියන්ට පැවරුනේ කවර ධර්ම කෙිටසක් අාරම්භ කිරීමටද?

a)

අංගුත්තර නිකාය

b)

මජ්ක්ඛිම නිකාය

c)

විනය පිටකය

d)

සූත්‍ර පිටකය

16.

සම්බුද්ධ පරිනිර්වානය සිදුවී වසර කීයකට පසු දෙවන ධර්ම සංගායනාවක අවශ්‍ය තාවය අැතිවීද?

a)

වසර 50 කට පසු

b)

වසර 70 කට පසු

c)

වසර 300 කට පසු

d)

වසර 100 කට පසු

17.

තෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට කටයුතු කලේ කවර ස්ථානයකදීද

a)

විෂාලා මහ නුවර වාලුකාරාමයේදී

b)

පැළලුප් නුවර අශෝකාරාමයේදී

c)

රජගහනුවර වේළුවනාරාමයේදී

d)

සැවැත්නුවර ජේතවනාරාමයේදී

18.

ප්‍රථම ධර්ම සංගායනාවට රහතන් වහන්සේලා කී නමක් සහබාගී වූයේද?

a)

600 නමකි

b)

500 නමකි

c)

800නමකි

d)

1000 නමකි

19.

ශ්‍රී ලාංකික බොහෝ විහාරාරාමවලට අැතුළු වන පිය ගැටපෙළ පාමුල අඩසදක අාකාරයෙන් දිස්වනුයේ

a)

මුර ගලයි

b)

කොරවක් ගලයි

c)

මකර තොරනයි

d)

සදකඩ පහනයි

20.

අාර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග 8 ත්‍රිශිඛක්ෂාවට බෙදා වෙන් කිරීමේදී පිළිවෙලින්

a)

දාන,සීල,භාවනා වේ

b)

සීල,සමාධි ,ප්‍රඥා වේ

c)

සිත ,කය ,වචනය වේ

d)

කාම ,රූප , අරූප

21.

දුටු ගැමුණු රජු විසින් ඉදිකරන ලද මහල් සතකින් යුත් ගොඩනැගිල්ල වන්නේ

a)

රත්න ප්‍රාසාදයයි

b)

රත්නමාලී චේතියයි

c)

ලෝවා මහා ප්‍රාසාදයයි

d)

නිෂ්ශංක ලතා මණ්ඩපයයි

22.

පැරණි දාගැබ් වල සතර දිශාවට මුහුණ ලා දාගැබෙහි බදට සම්බන්ධ කොට කලාත්මකව නිර්මාණය කර අැති අංගයකි

a)

මකර තොරන

b)

සදකඩ පහන

c)

වටදාගය

d)

වාහල්කඩ

23.

සිදුහත් බෝසතානෝ බුද්ධත්වයෙන් පසු පළමු දානය පිළිගන්වනු ලැබුවේ

a)

සුජාතා සිටු දේවිය විසිනි

b)

තපස්සු භල්ලුක වෙළදුන් විසිනි

c)

චුන්දකර්මාර පුත්ත විසිනි

d)

අානන්ද කුමරු විසිනි

24.

කුසල චේතනා යනුවෙන් හදුන්වන්න්

a)

සීල ,සමාධි, ප්‍රඥා

b)

දාන , සීල , භාවනා

c)

අලෝභ, අදෝස ,අමෝහ

d)

අනිත්‍ය , අනාත්ම , දුක්ඛ

25.

අභිධර්ම පිටකයට අයත් "කඨාවත්ථූප්පකරනය" සම්පාදනය වූයේ

a)

තුන්වන සංගායනාවේදීය

b)

දෙවන සංගායනාවේදීය

c)

හතරවන සංගායනාවේදීය

d)

පළමු සංගායනාවේදීය

Similar Resources on Wayground