wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Inter School Quiz (Sinhala Medium) Paper 01

Total questions: 25

Worksheet time: 14mins

Name
Class
Date
1.

කිසියම් වස්තුවක් පුද්ගලයෙක් හෝ වෙනත් භෞතික තත්වයක් හා බැදුණු විශේෂිත ගුණාංගයක් සංඛ්‍යානය තුළදී කුමන නමකින් හැදින්වේද?

a)

උපලාක්ෂණිකය

b)

ප්‍රවර්ගය

c)

විචල්‍ය

d)

ලාක්ෂණිකය

2.

අනුයාත පූර්ණ සංඛ්‍යා දෙකක් අතර අතරමැදි අගයන් නොමැති දත්ත කුමන නමකින් හැදින්වේද?

a)

විවික්ත දත්ත

b)

සන්තතික දත්ත

c)

ස්වායත්ත දත්ත

d)

පරායත්ත දත්ත

3.

ප්‍රාථමික දත්තවල අවාසියක් නොවන්නේ මින් කුමක්ද?

a)

දත්ත රැස් කිරීමේ පිරිවැය අධික වීම.

b)

දත්ත යාවත්කාලීන වීම.

c)

දත්ත රැස් කිරීමට විශාල කාලයක් ගත වීම.

d)

දත්ත රැස් කිරීමේදි විවිධ දුෂ්කරතාවලට මුහුණ දීම.

4.

3, 6 හා 12 යන නියැදි නිරීක්ෂණයන්ගේ හරාත්මක මධ්‍යන්‍යය වන්නේ;

a)

4.14

b)

5.14

c)

6.14

d)

7.14

5.

50-59 යන පංති ප්‍රාන්තරයෙහි තාත්වික මායිම (සැබෑ මායිම) වනුයේ කුමක්ද?

a)

50-59

b)

50.5-59.5

c)

49-60

d)

49.5-59.5

6.

P(A)=0.4, P(B)=0.3 සහ P(A∩B) =0.1 වන්නේ නම් P(A'∪B')  කීයද?

a)

0.2

b)

0.9

c)

0.7

d)

0.1

7.

ශූන්‍යයක් පවතින නමුත් එය සත්‍ය ශූන්‍යක් නොවන සාපේක්ෂ පිළිවෙල මෙන්ම සමාන පරතර පවතින ගණිත කර්ම කළ හැකි දත්ත කුමන නමකින් හැඳින්වේද?

a)

ප්‍රාන්තර දත්ත

b)

නාමික දත්ත

c)

අනුපාත දත්ත

d)

තරා දත්ත

8.

දත්ත ඉදිරිපත් කිරිමේදී බහුලව යොදා ගන්නා උපක්‍රමයක් වන වගු නිර්මාණයේදී සැලකිය යුතු කරුණක් නොවන්නේ මින් කුමක්ද?

a)

වගු අංකයක් යෙදිම.

b)

අදාළ මාතෘකාව යෙදීම.

c)

දත්ත ලබා ගත් මූලාශ්‍රය ඉදිරිපත් කිරීම.

d)

සැමවිටම පේළි සහ තීරු සමානව යෙදිම.

9.

5,11,12,7,15,12,7 යන නිරීක්ෂණ සමූහයේ පළමු චතුර්ථකය වන්නේ;

a)

7

b)

5

c)

12

d)

15

10.

කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් වන මධ්‍යස්ථය භාවිතයේ අවාසියක් නොවන්නේ මින් කුමක්ද?

a)

අන්ත්‍ය අගයන් අතහැරීම.

b)

නියැදි උච්ඡාවචනයන් ඉහළ මිනුමක් වීම.

c)

කුටික ව්‍යාප්තීන් සඳහා භාවිතා කිරීම.

d)

දත්ත පටිපාටිය අනිවාර්යයෙන්ම පිළියෙළ කළ යුතු වීම.

11.

උසස් පෙළ සිසුන් පස්දෙනකු දෛනිකව නිදාගත් පැය ගණන පිළිවෙළින් 5,6,7,8,9 වේ. එම අගයන් මධ්‍යන්‍යයෙන් අපගමනය කළ විට පිළිවෙළින් -2,1,0,1,2 ලෙස ලැබුණි නම් නිදා ගනු ලැබූ පැය ගණනේ විචලතාව සොයන්න

a)

1

b)

3

c)

2

d)

4

12.

පරිමිත සංගහනයකින් තෝරා ගන්නා නියැදියේ තරම සංගහනයේ තරමට දක්වන අනුපාතය හඳුන්වන නාමය කුමක්ද?

a)

චතුර්ථක භාගය

b)

නියැදි තරම

c)

කුටිකතාවය

d)

නියැදුම් භාගය

13.

නිරීක්ෂණ සමූහයක අර්ධ අන්තර් චතුර්ථක පරාසය ........................... ලෙස හැඳින්වේ.

a)

චතුර්ථක භාගය

b)

චතුර්ථක අපගමනය

c)

චතුර්ථක පරාසය

d)

අන්තර් චතුර්ථක පරාසය

14.

සාවද්‍ය ප්‍රකාශය තෝරන්න.

a)

සරල සිද්ධියක සම්භාවිතාව සැමවිටම 0 ත් 1 ත් අතර අගයක් ගනී.

b)

සම්භාවිතාව ඇසුරෙන් සිද්ධියක් සිදුවීමේ ප්‍රබලතාවය සහ දුබලතාවය ප්‍රකාශ කළ හැකිය.

c)

සරල සිද්ධියක සම්භාවිතාව සැමවිටම 1ට වඩා වැඩි අගයක් ගනී.

d)

සරල සිද්ධියක සම්භාවිතාව කිසිවිටෙකත් සෘණ අගයක් නොගනී.

15.

නැහැසුම් 25 කින් යුක්ත ද්විපද ව්‍යාප්තියක මධ්‍යන්‍යය 7.50 ක් වන්නේ නම් එම ව්‍යාප්තියේ විචලතාව වන්නේ,

a)

4.74

b)

3.89

c)

5.25

d)

6.92

16.

නාසා ආයතනයේ වත්මන් පරිපාලක කවුද?

a)

ජිමී කාටර් (Jimmy Cater)

b)

ඒබ්‍රහම් සාලෝ (Abraham Salo)

c)

ජිම් බ්‍රඩ්න්ස්ටයින් (Jim Bridenstine)

d)

ලැරී ටේලර් (Larry Tailor)

17.

ලෝක සංක්‍රමණික කුරුළු දිනය යෙදෙන්නේ කවදාද?

a)

මාර්තු 10

b)

ජුලි 15

c)

මැයි 09

d)

ජනවාරි 12

18.

ජුවාන් ඔර්ලන්ඩෝ (Juan Orlando) කවර රටක ජනාධිපතිවරයාද?

a)

වතිකානු රාජ්‍යය

b)

හොන්ඩුරාස් රාජ්‍යය

c)

සැම්බියාව

d)

මැඩගස්කරය

19.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙද්‍රස් ඇඩ්හැනොම් (Tedros Adhanom) කුමන ජාතිකයෙක්ද?

a)

උගන්ඩා ජාතිකයෙකි

b)

සූඩානු ජාතිකයෙකි

c)

ඉතියෝපියානු ජාතිකයෙකි

d)

දකුණු අප්‍රිකානු ජාතිකයෙකි

20.

පෝලියෝ, පිටගැස්ම, රුබෙල්ලා, සරම්ප, ඇතුළු රෝග රැසකට අදාළ ප්‍රතිශක්තීකරණ එන්නත් නිපදවා ගෝලීයව අළෙවිකරන ඉන්දියාවේ පිහිටි ප්‍රමුඛතම ජෛව තාක්ෂණ සමාගම කුමක්ද?

a)

සේරම් ආයතනය

b)

බිහාර් ආයතනය

c)

ජෙරම් ආයතනය

d)

හර්යානා ආයතනය

21.

හිස්තැනට සුදුසු සංඛ්‍යාව වන්නේ,

a)

6

b)

10

c)

20

d)

25

22.

මිනිසෙකුගේ බර 60kg සහ ඔහුගේ බරින්1/3කි. ඔහුගේ මුලු බර කීයද?

a)

80 kg

b)

100 kg

c)

70 kg

d)

90 kg

23.

නිමල් පේළියක මුල සිට 9 වෙනියාද අග සිට 11 වෙනියාද වේ. නිමල් සිටි පේළියේ සමස්ත ළමුන් ගණන කීයද?

a)

18

b)

20

c)

19

d)

21

24.

එක්තරා සංඛ්‍යාවකින් 3/2න් 9ක් අඩු කර ලැබු පිළිතුර 5න් ගුණකර ඉන්පසු 3න් බෙදා 7ක් එකතු කල පසු පිළිතුර 67 වුයේ නම් මුල් සංඛ්‍යාව කීයද?

a)

32

b)

25

c)

30

d)

28

25.

එක්තරා ව්‍යාපාරික සමුළුවකට පුද්ගලයින් 65ක් සහභාගීවුහ. සමුළුව අවසානයේ ඔවුන් අතට අතදී විසිර ගියේ නම්, එවැනි අතට අතදී සුභ පැතූ අවස්ථා කීයක් වේද?

a)

2080

b)

2450

c)

2160

d)

1980