NEW
Font size
WorksheetsInter School Quiz (Sinhala Medium) Paper 03
Total questions: 25
Worksheet time: 14mins
ප්‍රවර්ගයන් වෙන් කර හඳුනා ගැනීම සඳහා පමණක් අභිමත පරිදි කේත යොදා භාවිතා කරන දත්ත කුමන නමකින් හැඳින්වේද?
නාමික දත්ත
ක්‍රමාංකිත දත්ත
ප්‍රාන්තර දත්ත
අනුපාත දත්ත
අධ්‍යයනයට අදාළ සියලුම ඒකකයන් එකිනෙක ඇගයීම සංඛ්‍යානය තුළදී කුමන නමකින් හැඳින්වේද?
සංගහනය
සංගණනය
නියැදීම
නියැදි සමීක්ෂණය
මහාචාර්ය නන්දසේන රත්නපාල විසින් ශ්‍රී ලංකාවේ යාචකයන් සම්බන්ධයෙන් සිදුකළ සමීක්ෂණය අයත් වන්නේ;
සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමයට ය.
සෘජු නිරීක්ෂණයක්‍රමයට ය.
නාභිගත කණ්ඩායම් සාකච්ඡාක්‍රමයට ය.
දුරකථන සාකච්ඡාක්‍රමයට ය.
නියැදුම් රාමුවක් සතු ගුණාංගයක් නොවන්නේ මින් කුමක්ද?
පූර්ණ බව
නිවැරදි බව
යාවත්කාලීන බව
ඒකක පුනරාවර්තව යෙදීම
නිරීක්ෂණ 12කින් යුක්ත දත්ත ශ්‍රේණියක් සඳහා දත්තයන්ගේ ඓක්‍යය 180ක් වූ අතර ගණනය කළ විචලන සංගුණකය 30.1%ක් විය. දත්ත ශ්‍රේණියේ සම්මත අපගමනය වන්නේ කීයද?
3.415
4.515
4.847
3.568
සමුච්චිත සංඛ්‍යාතයන් සහ පංති මායිම් යොදා ගනිමින් නිර්මාණය කරනු ලබන ප්‍රස්තාර සටහන කුමන නමකින් හැඳින්වේද?
සංඛ්‍යාත බහු අස්‍රය
ඔගිවිය
සරල තීරු ප්‍රස්තාර
ජාල රේඛය
අන්වේක්ෂකයා විසින් සම්මුඛ සාකච්ඡාවකදී රැස් කළයුතු කරුණු ඇතුළත් ලේඛනය කුමන නමකින් හැඳින්වේද?
උපලේඛනය
ප්‍රශ්ණාවලිය
ඇගයීම් පොත
ක්ෂේත්‍ර ලේඛනය
20, 17, 24, 28, 32, 14 යන නිරීක්ෂණ සමූහයේ දෙවන චතුර්ථකය වනුයේ කීයද?
24
20
22
26
කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් වන මාතය භාවිතා කරනු ලබන අවස්ථාවක් නොවන්නේ මින් කුමක්ද?
ප්‍රමාණාත්මක දත්ත පවතින විට
ගුණාත්මක දත්ත පවතින විට
විවෘත පංති සහිත සංඛ්‍යාත ව්‍යාප්ති ඇති විට
වීජීය රාශියක් ලෙස භාවිතා කළයුතු අවස්ථා වලදී
ද්විපද ව්‍යාප්තියක මධ්‍යන්‍යය හා විචලතාව පිළිවෙලින් 6 හා 1/5 වන්නේ නම් n හා q සඳහා අගයන් වන්නේ,
6 හා 2/4
8 හා 1/4
8 හා 3/4
4 හා 2/4
වෙළෙඳ ආයතනයක් විසින් අළෙවිකරනු ලබන භාණ්ඩවල සාමාන්‍ය මිල, මිල පුවරුවකින් ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලබයි. මෙහිදී භාණ්ඩ වල සාපේක්ෂ වැදගත්කම ද සැලකිල්ලට ගනීනම් මිල සාමාන්‍ය සෙවීමට වඩාත් යෝග්‍යතම මිනුම කුමක්ද?
ගුණෝත්තර මධ්‍යන්‍ය
භරිත මධ්‍යන්‍ය
සමාන්තර මධ්‍යන්‍ය
මධ්‍යන්‍ය අපගමනය
ඉහත වෙන් රූපසටහනේ පාට කළ ප්‍රදේශය මගින් ඉදිරිපත් කරනු ලබන කුලක සම්බන්ධතාවය වන්නේ;
(A'∩B')
(A∪B')
(A'∩B)
(A'∪B')
ප්‍රතිපායන රේඛාවක් අනුසීහනය කිරීම සඳහා භාවිතා කරනු ලබන අනුපකාර ක්‍රමය භාවිතයේ අවාසියක් නොවන්නේ;
විශ්වාසී බව අඩු වීම.
නිවැරදි ගණිතමය පදනමක් නොමැති වීම.
හොඳම රේඛාව හඳුනා ගැනිම අපහසු වේ.
ඉක්මනින් තීරණ ලබාගත හැකි වීම.
සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යය 50.1 ක් ද මාතය 47.5 ක්ද සම්මත අපගමනය 19 ක්ද වනවිට කුටිකතා සංගුණකය වන්නේ;
0.15
0.19
0.14
0.17
3, 5, 3, 4, 7, 4, 5, 7, 3, 8 යන නිරීක්ෂණ සමූහයේ මාතය වනුයේ?
3 සහ 4
3
5
4 සහ 7
මෑතකදී කොරියානු රාජ්‍යයන් දෙක අතර පිහිටුවා තිබූ දෙරටේ සම්බන්ධතා කාර්යාලය උතුරු කොරියානු පාලනය විසින් පුපුරුවා හරිනු ලැබිණි. එම කාර්යාලය පිහිටුවා තිබුණේ කුමන ස්ථානයකද?
හෙයිසන් (Heysian)
මැන්පො (Manpo)
සොල් (Saul)
කෙසොන්ග් (Keasong)
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය පිළිබඳව නිෂ්පාදනය කළ නවතම හොලිවුඩ් චිත්‍රපටය සඳහා ප්‍රධාන චරිතයට තෝරාගත් ඇමෙරිකානු නිළියගේ නම කුමක්ද?
මාරි කැතරිනා (Mary Katharina)
ඇන්ජලීනා ජොලී (Angelina Jolly)
ක්‍රිස්ටියන් ස්ටුවර්ට් (Kristen Stewart)
ඇනි ෆාවුල් (Anne Faual)
අයර්ලන්තයේ අගනුවර කුමක්ද?
ඔටාවා
ඩබ්ලින්
නූක්
බර්න්
කොරෝනා ආසාදනය වී මිය ගිය ඇමේසන් වැසි වනාන්තරය ආරක්ෂා කර ගැනීමට කැප වූ සුප්‍රකට ආදිවාසී නායකයාගේ නම කුමක්ද?
පොප් ජෝර්ජි (Pop George)
මවුන්ට් බැටන් සාමි (Mount Batten)
පවුලින්හෝ පියකාන් (Paulinho Paiakan)
පොල් සාහෝ (Paul Saho)
ශ්‍රී ලංකාවේ දෙවැනි එල්.එන්.ජී (L.N.G) බලාගාරය ඉදිකිරීමට සැලසුම් කර තිබෙන්නේ කුමන ප්‍රදේශයකද ?
නොරොච්චෝලි
කෙරවලපිටිය
මන්නාරම
වවුනියාව
හිස්තැනට සුදුසු සංඛ්‍යාව වන්නේ,
36
48
56
64
පාසලේ පළමුවන ශ්‍රේණියේ ළමුන් අතර බෙදා දීමට තිබූ පොත් පාර්සලයකින් පොත් 5 බැගින් ළමයි අතර බෙදුවිට පොත් 33ක් ඉතිරිවිය. පොත් 6 බැගින් ළමයි අතර බෙදුවිට 12ක් මදිවිය. ළමුන් අතර බෙදා දීමට තිබූ මුලු පොත් ගණන කොපමණද?
65
50
45
75
ආසන 8ක් සහිත වට මේසයක රටවල් 8ක රාජ්‍ය නායකයින්ට අසුන් පනවා ඇත. මෙලෙස එකිනෙකට වෙනස්ව ආසන පැනවිය හැකි ආකාර ගණන කීයද?
40120
38200
40320
38450
එක්තරා සමාගමක රෙදි සෝදන යන්ත්‍රයක් රු.40000 කට මිල නියම කර තිබුණි. එහි මිල 30% කින් අඩු කර නැවත 15% කින් වැඩි කළේ නම් නව මිල කීයද?
රු.31200
රු.32200
රු.34200
රු.33200
පවුලේ සාමාජිකයන් 5දෙනෙකුගේ සාමාන්‍ය වයස 28කි. අත්තම්මාගේ වයසද එක් කළවිට සාමාන්‍යය 10කින් ඉහල යයි. අත්තම්මාගේ වයස කීයද?
අවුරුදු 88
අවුරුදු 90
අවුරුදු 85
අවුරුදු 95
