NEW
Font size
WorksheetsInter School Quiz Competition (Final Round) Paper 1- Sinhala
Total questions: 25
Worksheet time: 19mins
6, 8, 10, 12, 14, 16 යන ඉලක්කම් 6න් වරකට ඉලක්කම් 4ක් පමණක් යොදාගෙන සකස් කළ හැකි සංඛ්‍යා ගණන වන්නේ;
120
320
360
450
A සහ B නැමැති විදුලි බුබුළු වර්ග දෙකක ආයු කාලයෙහි මධ්‍යන්‍යයන් පිළිවෙළින් පැය 1500 සහ පැය 1900 වන අතර සම්මත අපගමනයන් පිළිවෙළින් පැය 275 සහ පැය 300 ක් වේ. වැඩි සාපේක්ෂ විචලනයක් ඇති විදුලි බුබුල කුමක්ද?
A විදුලි බුබුල
B විදුලි බුබුල
A සහ B විදුලි බුබුළු දෙකම
කිව නොහැක
12, 13, 14, 15, 16, 16, 16, 16, 16, 17, 17, 18, 19, 20, 23, 26, 28, 28 යන නිරීක්ෂණ සමුහයේ තෙවන චතුර්ථකය 20.75 ක් සහ චතුර්ථක අපගමනය 2.5ක් වන්නේ නම් පළමු චතුර්ථකය වන්නේ කීයද?
14.75
15.50
16.25
15.75
X නම් සසම්භාවී විචල්‍යයකට අදාළ සම්භාවිතා ව්‍යාප්තිය ඉහත දැක්වේ. එම ව්‍යාප්තියේ අපේක්ෂිත අගය වන්නේ;
0.27
0.59
0.63
0.50
තරා සහසම්බන්ධතාවය භාවිතා කිරීමේ වාසියක් නොවන්නේ මින් කුමක්ද?
උපකල්පන අවශ්‍ය නොවීම.
ගුණාත්මක විචල්‍ය සඳහා යොදා ගත හැකි වීම.
පහසුවෙන් ගණනය කළ හැකි වීම.
ගණනය කිරීම් ප්‍රමාණය වැඩි මිනුමක් වීම.
සමාන්තර මධ්‍යන්‍යය, ගුණෝත්තර මධ්‍යන්‍යය සහ හරාත්මක මධ්‍යන්‍යය අතර පවතින සම්බන්ධතාවය නිවැරදිව නිරූපණය කරනු ලබන්නේ,
x≥G≥H
x≥G≤H
G≥x≥H
x≥G≥H
ගමනකින් 1/3 ක් පැයට කි.මී 20 ක වේගයෙන්ද, ඊළඟ 1/3 ක දුර පැයට කි.මී 15 ක වේගයෙන්ද, ඉතිරිය පැයට කි.මී 60 ක වේගයෙන්ද ගමන් කරන රථයක සාමාන්‍ය වේගය වන්නේ;
පැයට කි.මී 22.5
පැයට කි.මී 22
පැයට කි.මී 23.5
පැයට කි.මී 2
ශිෂ්‍යයන් 10දෙනෙකු පරීක්ෂණයක් සඳහා පාඩම් කළ පැය ගණන (X) සහ පරීක්ෂණයෙන් ලැබූ ලකුණු (Y) අනුව ඇස්තමේන්තු කරන ලද ප්‍රතිපායන රේඛාව Y=2.28+0.91Xවේ. පැය 30ක් පාඩම් කළ සිසුවෙකුගේ පරීක්ෂණ ලකුණු වන්නේ;
28.56
29.45
26.74
29.58
පොකුරු නියැදීමේදී ප්‍රාථමික නියැදුම් ඒකකය යම් භූගෝලීය ප්‍රදේශයක් වන විට එවැනි ඒකකවලින් නියැදියක් තෝරා ගැනීම හඳුන්වන විශේෂිත නාමය කුමක්ද?
දෙපිය පොකුරු නියැදීම
බහුපිය පොකුරු නියැදීම
අන්තර් පොකුරු නියැදීම
සරි නියැදීම
සාවද්‍ය ප්‍රකාශය වන්නේ,
සමාන්තර මධ්‍යන්‍යය වීජීය ගුණ පවතින කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් වේ.
චතුර්ථක අපගමනය, නිරීක්ෂණ අනුපාත සහ ප්‍රතිශත වශයෙන් පවතින විට භාවිතා කරනු ලබන කේන්ද්‍රික ප්‍රවණතා මිනුමකි.
නිරීක්ෂණයන්ගේ සාපේක්ෂ වැදගත්කම සැලකිල්ලට ගනිමින් භරිත මධ්‍යන්‍යය ගණනය කරනු ලැබේ.
නිරීක්ෂණ සමූහයක් යම් පටිපාටියකට පිළියෙළ කළ විට සමාන කොටස් 10කට වෙන් කරන ස්ථානයන්හි පිහිටන අගයන් දශමක වේ.
නිරීක්ෂණ 15කින් යුක්ත දත්ත ශ්‍රේණියක් සඳහා දත්තයන්ගේ ඓක්‍යය 465ක් වූ අතර ගණනය කළ විචලන සංගුණකය 25.2%ක් විය. දත්ත ශ්‍රේණියේ සම්මත අපගමනය වන්නේ කීයද?
9.14
8.02
7.81
7.62
සංඛ්‍යාත ව්‍යාප්තියක මධ්‍යන්‍යය 45.2 ක් ද, මාතය 34.6 ක්ද, සම්මත අපගමනය 17 ක්ද වන විට කුටිකතා සංගුණකය වන්නේ;
0.144
0.676
0.503
0.624
එක්තරා කර්මාන්තශාලාවක ශ්‍රේණීන් 4ක සේවක සංඛ්‍යාව පිළිවෙළින් 5, 20, 35 සහ 55 වේ. එම ශ්‍රේණීන් හතරේ සේවකයින් සඳහා ලැබෙන වැටුප්වල සාමාන්‍ය පිළිවෙළින් රුපියල් 80 000ක්, 65 000ක්, 55 000ක් සහ 35 000ක් වේ. ඒ අනුව, කර්මාන්තශාලාවේ සාමාන්‍ය සේවක වැටුප වන්නේ;
රුපියල් 48 260.87
රුපියල් 47 470.72
රුපියල් 48 287.98
රුපියල් 46 180.15
නිරවද්‍ය ප්‍රකාශය වන්නේ,
(A∩B) = { }වේ නම් A සහ B සංයුක්ත කුලක වේ.
යම් කුලකයකට අයත් නොවන සාමාජීකයන්ගෙන් සැදුම් ලත් කුලකය අභිශූන්‍ය කුලකය වේ.
කුලක දෙකක අවයව සමාන නම් එම කුලක තුල්‍ය කුලක වේ.
A සහ B යනු ඕනෑම කුලක දෙකක් නම්, (A∩B)' = (A'∪B') වේ.
එක්තරා රක්ෂණ සමාගමක සේවක පිරිසක් සතියකදී අළෙවි කරනු ලැබූ ජීවිත රක්ෂණ ප්‍රමාණයන් සහ ඔවුන් ලද දිරි දීමනා (රුපියල් දහස්) වලට අදාළ ඇස්තමේන්තු කරන ලද ප්‍රතිපායන රේඛාව Y = -0.213+0.38X වේ. මෙම ප්‍රතිපායන සමීකරණයේ බෑවුම් සංගුණකය මගින් අදහස් කරන්නේ,
සතියකදී අළෙවි කරන ජීවිත රක්ෂණ ප්‍රමාණය ශූන්‍ය වූ විට ඔවුන් ලබන දිරි දීමනාව රුපියල් දහස් -0.206 වේ.
අළෙවි කරන ජීවිත රක්ෂණ ප්‍රමාණය කුමක් වුවත් ඔවුන් ලද දිරි දීමනා රුපියල් දහස් 0.38 වන බව,
සේවකයෙක් සතියකදී අළෙවි කරනු ලැබූ ජීවිත රක්ෂණ ප්‍රමාණය එක් ඒකකයකින් වැඩි වන විට ඔවුන් ලබන දිරි දීමනාව රුපියල් දහස් 0.38 කින් වැඩි වේ.
සතියකදී අළෙවි කරන ජීවිත රක්ෂණ ප්‍රමාණය ශූන්‍ය වූ විට ඔවුන් ලබන දිරි දීමනාව රුපියල් දහස් 0.167 වන බව,
ජාත්‍යන්තර යෝග දිනය කවදාද?
ජූනි 15
අගෝස්තු 24
ජූනි 21
ජූලි 20
ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමතය හිමිවූ කොරෝනා මර්දන ඖෂධ නිෂ්පාදිතයේ නම කුමක්ද?
මොඩර්නා (Moderna)
ස්පුට්නික්V (Sputnik V)
ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා (Oxford Astrazeneca)
ෆයිස බයෝන්ටෙක් (Pfizer BioNTech)
2020 ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජය ලබාගත් ජෝ බයිඩන් (Joe Biden) එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් (Democratic Party) තේරිපත්වූ කීවෙනි ජනාධිපතිවරයාද?
21
46
22
45
මෙම රූපසටහනෙන් දැක්වෙන ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තුළ ඉදිකෙරෙමින් පවතින සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නම කුමක්ද?
කෙරී හොටෙල් (Kerry Hotel)
රිට්ස් කාල්ටන් (Ritz-Carlton)
ග්‍රෑන්ඩ් හයට් (Grand Hyatt)
අල්තයිර් (Altair)
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ප්‍රදේශවල පිරිසිදු පානීය ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමේ සමාජ සත්කාරය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණැතිව නිශ්පාදනය කරන ලද චිත්‍රපටය කුමක්ද?
ඉස්කෝලේ
හෝ ගානා පොකුණ
අකුර
විෂම භාග
හිස්තැනට සුදුසු අගය සොයන්න
8
10
12
6
මගේ අම්මා ඔබේ අම්මාගේ නැන්දම්මා නම්, මම ඔබේ කවුද?
අම්මා
මාමා
පියා
සීයා
සමපාද ත්‍රිකෝණාකාර ලෑල්ලක රුපියලේ කාසි 55 ක් සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ අතුරා ඇත. ලෑල්ලේ එක් දාරයක ඇති කාසි ගණන කීයද?
10
13
11
15
මාළු ආහාර පැකට්ටුවක ඇති ආහාර මාළු පැටවුන් 18 කට දින 54 කට ප්‍රමාණවත් වේ. එම මාළු ආහාර පැකට්ටුව මාළු පැටවුන් 12කට දින කීයකට ප්‍රමාණවත්වේද?
71
63
81
95
A, E, I, O, U යන අකුරු භාවිතයෙන් එකිනෙකට වෙනස් පිළියෙල කිරීම් කොපමණ සංඛ්‍යාවක් සිදු කළ හැකිද?
150
140
120
160
