wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ජීව විද්‍යාව 06.01

Total questions: 15

Worksheet time: 27mins

Name
Class
Date
1.

පහත සඳහන් වගන්ති අතරෙන් ජෛවී පද්ධති තුළ ඇති ජලය පිළිබඳ වැරදි වගන්තිය කුමක්ද?

a)

සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ජලීය මාධ්‍යයක් තුළ සිදුවේ

b)

ජලය ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරයි

c)

ජලය බොහෝ ජෛව රසායනික ද්‍රව්‍ය වලට හොඳ ද්‍රාවකයකි

d)

ජලයේ ඉහළ වාෂ්පීකරණයේ ගුප්ත තාපය ජීවී පද්ධතීන් සඳහා වැදගත් වේ

e)

ජලයෙහි ඉහළ විශිෂ්ට තාපය උෂ්ණත්ව වෙනස් වීම් අවම කරයි

2.

පහත සඳහන් මූලද්‍රව්‍ය අතරින් ක්ලෝරොෆිල් සංස්ලේෂණය සඳහා අවශ්‍ය වන්නේ මොනවාද

a)

සල්ෆර් නයිට්‍රජන් සහ අයන්

b)

කැල්සියම් මැග්නිසියම් සහ අයන්

c)

සර්ප නයිට්‍රජන් සහ මැග්නීසියම්

d)

ක්ලෝරින් නයිට්‍රජන් මැග්නීසියම් සහ අයන්

e)

මැග්නීසියම් නයිට්‍රජන් සහ අයන්

3.

පහත සඳහන් ඒවා අතරින් glucose ඒකක වලින් පමණක් සෑදී නොමැත්තේ කුමක්ද ?

a)

සෙලියුලෝස්

b)

මෝල්ටෝස්

c)

පිෂ්ඨය

d)

සුක්‍රෝස්

e)

ග්ලයිකෝජන්

4.

ප්‍රෝටීන සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය වන්නේ

a)

ප්‍රාථම්ක ව්‍යුහයක පෙප්ටයිඩ බන්ධන පමණක් පවතී

b)

ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ අතර ඇති වන අන්තර් ක්‍රියා නිසා ද්විතීක ව්‍යුහය ඇතිවේ

c)

ඇල්බියුමීන් තෘතීක ව්‍යුහය දරන ප්‍රෝටීනයක ට නිදසුනකි

d)

චතුර්ථ ව්‍යුහය තැනීමට තෘතීක ප්‍රෝටීන තිබීම අත්‍යවශ්‍ය නොවේ

e)

වැන්ඩවාල් අන්තර් ක්‍රියා තෘතීක ව්‍යුහය ස්ථායීව පවත්වා ගැනීමට දායක වේ

5.

නයිට්‍රජනීය භෂ්ම 10000 කින් සමන්විත ඩී එන් ඒ අණුවක එම භෂ්ම වලින් 20% ඇඩිනින් නම් එහි ඇති සයිටොසීන් භස්ම සංඛ්‍යාව

a)

2000

b)

3000

c)

4000

d)

6000

e)

8000

6.

තරගකාරී නිශේධක එන්සයිමයක ක්‍රියාව නතර කරන්නේ

a)

එන්සයිමයක හැඩය වෙනස් කිරීමෙනි

b)

උපස්තරය සමඟ සම්බන්ධ වීමෙනි

c)

එන්සයිමයෙ සක්‍රීය ස්ථානය අවහිර කිරීමෙනි

d)

ප්‍රතික්‍රියාවේ ඵල සමඟ සමඟ සම්බන්ධ වීමෙනි

e)

එන්සයිමයෙ පෙප්ටයිඩ බන්ධන විනාශ කිරීමෙනි

7.

පහත දැක්වෙන ඒවා අතරින් කවරක් ශ්වසනය හා ප්‍රභාසංස්ලේෂණ යන දෙකෙහිම අතරමැදි සංයෝගයක් ලෙස ඉන්ද්‍රිකා තුළ නිපදවේ ද

a)

මැලේට්

b)

3-PGA

c)

ඇසිටයිල් කෝ -A

d)

ලැක්ටේට්

e)

G3P

8.

වෛරස පිලිබද නිවැරදි ප්‍රකාශයක් වන්නේ පහත සඳහන් කවරක් ද

a)

වෛරස සියල්ලම පරපෝෂිත වේ

b)

වෛරස පැවතිය හැක්කේ සජීවී සෛල තුළ පමණි

c)

සෑම වෛරසයක ම RNA ඇත

d)

වෛරස නිර්වායු ශ්වසනය සිදුකරයි

e)

වෛරස් වල බාහිර ස්ථරය සෑදී ඇත්තේ පොලිසැකරයිඩ වලිනි

9.

උරගයින්ගේ පහත සඳහන් ලක්ෂණ අතරින් කවරක් භෞමික ජීවිතයක් සඳහා වූ අනුවර්තනයක් ලෙස සැලකිය නො හැකි ද

a)

රුධිර වර්ණකය ලෙස හිමොක්ලොබින් තිබීම

b)

කවචයකින් ආවරණය වූ බිත්තරය

c)

පිරිමි සතුන්ගේ ශිෂ්ණයක් තිබීම

d)

ප්‍රධාන බහිස්ශ්‍රාවී ඵලය යුරික් අම්ලය වීම

e)

පන් පංචාංගුලික ගාත්‍රා තිබීම

10.

නෙමටෝඩා සතෙක් ඇනලීඩා සතෙකුගෙන් පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැක්කේ

a)

සිලින්ඩරාකාර හැඩය නිසාය

b)

කන්ඩ රහිත දේහය නිසාය

c)

චුශකර නොතිබීම නිසා

d)

බාහිර ජලක්ලෝම නොතිබීම නිසා

e)

උපාංග නොතිබීම නිසා

11.

Aspergillus ,Mucor, Agaricus, හා Saccharomycies සම්බන්ධව පහත කවරක් සත්‍ය වේද

a)

සියල්ලම සවාර දිලීර සූත්‍රිකා දරයි

b)

ලිංගික ප්‍රජනනයේ දී සියල්ලම අන්තක් බීජාණු සාදයි

c)

මෘතෝපජීවි ජීවීන් වේ

d)

ලිංගික ප්‍රජනනයේදී Agaricus පමණක් බීජාණු කර නිපදවයි

e)

Mucor ප්‍රජනනයේදී හැමවිටම ප්‍රවේණිකව සර්ව සම බීජානු නිපදවයි

12.

පහත දී ඇති සෛල සම්බන්ධව නොගැළපෙන්නේ කවරෙක්ද

a)

කුඹ සෛල මගින් හෙපරීන් ස්‍රාවය

b)

මේද සෛල මගින් මේදය ගබඩා කිරීම

c)

කොන්ඩ්‍රො සයිට මගින් අස්ථි පූරකය ස්‍රාව කිරීම

d)

රතු රුධිරාණු මගින් ඔක්සිජන් පරිවහනය

e)

ග්ලියා සෛල මගින් නියුරෝන ප්‍රතිපූරණය කිරීම

13.

Neprolepis,pinus,Hibiscus (වද) යන ශාක තුනටම පොදු ලක්ෂණ වන්නේ

a)

සනාල පටක දැරීම

b)

ප්‍රෝටීන් සංස්ලේෂණය ආරම්භක ඇමයිනෝ අම්ලය ෆෝමයිල් මෙතියොනීන් වීම

c)

බීජාණු මාතෘ සෛල ඌනනය ට ලක්වීම

d)

සියල්ලේම බහුසෛලික ජන්මානු ධානි තිබීම

e)

විෂම බීජාණුකතාව දැක්වීම

14.

නුමුහුම් පෙළ කෙටි කළු රෝම දරන ගිනි හාවන්, නුමුහුම් පෙළ දිගු සුදු රෝම දරන ගිනි හාවන් සමග සමඟ දෙමුහුම් කළ විට ලැබුණු F1 පරම්පරාවේ සියලුම හාවන් කෙටි කළු ලෝම සහිත විය. මෙම දෙමුහුන් F2 පරම්පරාවේ ජනිතයන් 33 දෙනකු සිටියේ නම් මෙන්ඩල්ගේ නියම වලට අනුව ඔවුන්ගෙන් කී දෙනෙක් කෙටි කළු රෝම දරන හාවන් වේද?

a)

19

b)

12

c)

9

d)

6

e)

2

15.

මිනිසාගේ ඇස් වල වර්ණය මෙන්ඩලීය ලක්ෂණයකි. දුඹුරු ඇස් නිල් ඇස් වලට ප්‍රමුඛ වේ.නිල් ඇස් සහිත පියෙකු ඇති දුඹුරු ඇස් සහිත කාන්තාවක් , නිල් ඇස් සහිත පුරුෂයකු පුරුෂයකු සමඟ විවාහ නම් ඔවුන්ගේ ප්‍රථම දරුවා නිල් ඇස් සහිත වීමට ඇති සම්භාවිතාව කුමක්ද

a)

0%

b)

25%

c)

50%

d)

75%

e)

100%