wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

12/13 ව්‍යාකරණ

Total questions: 10

Worksheet time: 3mins

Name
Class
Date
1.

භාෂාවක පවතින ප්‍රධාන කොටස් තුනෙන් කුඩාම කොටස වන්නේ

a)

වාක්‍ය

b)

පද

c)

අක්ෂර

d)

ඡේද

2.

නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත පද වන්නේ

a)

නිෂ්පල , විශ්ලේෂණය, සංඝායානාව, මහාචාර්ය

b)

නිෂ්ඵල, විශ්ලේෂණය, සංගායනාව, මහාචාර්ය

c)

නිශ්ඵල , විෂ්ලේෂණය,සංගායානාව, මහාචාර්ය

3.

"සීගිරිය, දඹුල්ල, යාපහුව, දඹදෙණිය " යන පද අකාරාදියට සැකසූ පසු,

a)

දඹදෙණිය, දඹුල්ල, යාපහුව, සීගිරිය

b)

දඹුල්ල, දඹදෙණිය යාපහුව, සීගිරිය

c)

යාපහුව, දඹුල්ල, දඹදෙණිය, සීගිරිය

4.

"නීති + අනුකූල" යන පදය සන්ධි කළ පසු

a)

නීත්‍යනුකූල

b)

නිත්‍යානුකූල

c)

නීතීයානුකුල

5.

ශබ්දෝච්චාරණය විසන්ධි කළ පසු

a)

ශබ්ද + ඕච්චාරණය

b)

ශබ්ද + උච්චාරණය

c)

ශබ්ද + ඔච්චාරණය

6.

වැන්දඹුවක් සහ වෙද්දු යන පද වල ප්‍රකෘති වන්නේ

a)

වැන්දඹු සහ වෙද

b)

වැන්දඹු සහ වෙද්

c)

වැදඹු සහ වෙදු

7.

"ලියුම් කියුම්" කවර සමාස වර්ගයකට අයත්ද ?

a)

විශේෂණ සමාසයට

b)

අව්‍ය සමාසයට

c)

දකාරාර්ථ සමාසයට

8.

"ඉරුණු කබාය,බස්නා දියපාර " යන ක්‍රියා රූප හැදින්වෙන්නේ,

a)

වර්තමාන කෘදන්ත, භාව කාරක කෘදන්ත

b)

කර්ම කාරක අතීත කෘදන්ත, වර්තමාන කෘදන්ත

c)

වර්තමාන කෘදන්ත,අතීත කෘදන්ත

9.

මිශ්‍ර ක්‍රියා පද යුගලය වන්නේ

a)

සිතමින්, සිතුවොත්

b)

සිතමින්, සිත සිතා

c)

සිතමින්, සිතා

10.

මෑණියෝ, ඇමරිකානුවෝ යන පද වල තද්දිත ප්‍රත්‍ය වන්නේ

a)

ඕ සහ වෝ

b)

ඕ සහ අනු

c)

අණි සහ නු