wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

logic and scientific method

Total questions: 10

Worksheet time: 27mins

Name
Class
Date
1.

පහත සඳහන් ජීව විද්‍යාඥයින්ගෙන් පරිනාමවාදයට සෘජුව සම්බන්ධ නොවන විද්‍යාඥයා කවුද?

a)

චාල්ස් ඩාවින්

b)

එරස්මස් ඩාවින්

c)

ලමාක්

d)

තෝමස් හක්ස්ලි

e)

ලීනියස්

2.

සමාජ විද්‍යාවේ දී සෘජුවම යොදා නොගැනෙන නවීන තාක්ෂණයක් වන්නේ,

a)

DNA තාක්ෂණයයි

b)

පරිගණක තාක්ෂණයයි

c)

තොරතුරු තාක්ෂණයයි

d)

අවකාශ ගවේෂණ තාක්ෂණයයි

e)

විකිරණය හා සම්බන්ධ තාක්ෂණයයි

3.

සාම්ප්‍රදායිකව ස්වභාවික විද්‍යා සංකල්පය පටහැනි වන්නේ,

a)

භෞතික විද්‍යා විද්‍යා සංකල්පයට ය

b)

ජීව විද්‍යා සංකල්පයට ය

c)

ශුද්ධ විද්‍යා සංකල්පයට ය

d)

සමාජ විද්‍යා සංකල්පයට ය

e)

නක්ෂත්‍ර විද්‍යා සංකල්පයට ය

4.

බස් කෑවොත් බඩ පිරෙයි. බත් කෑවේ නැත. එහෙයින් බඩ පිරී නැත.මෙම තර්කය තුළ දක්නට ලැබෙන්නේ,

a)

අපරාංගාභාසයයි

b)

ද්විපද ආභාසයයි

c)

නිශේදිත පූර්වාංගාභාසයයි

d)

අව්‍යාප්ත මධ්‍යපද ආභාසයයි

e)

අයථා පක්ෂපද ආභාසයයි

5.

නිරීක්ෂණය සම්පරික්ෂණයෙන් වෙනස් වන්නේ එය ,

a)

උපකරණ භාවිතා නොකරන හෙයිනි

b)

උපන්‍යාසයක් හා සම්බන්ධ නොවන හෙයිනි

c)

සංඛ්‍යානමය ප්‍රතිඵල නොදෙන හෙයිනි

d)

පාලිත පරීක්ෂණයක් නොවන හෙයිනි

e)

නියායාත්මක වස්තූන් හා සම්බන්ධයක් එහි නොමැති හෙයිනි .

6.

උෂ්නත්වමාන හා වායු පීඩන මාන සඳහා සාමාන්‍යයෙන් යොදා ගනු ලැබූ ද්‍රව්‍යය වන්නේ

a)

වාතය ය

b)

ජලය ය

c)

තඹ ය

d)

රසදිය ය

e)

අංගාරිකම්ල ය

7.

අර්ථය අතින් අසමාන ප්‍රස්තුතය කුමක්ද ?

a)

හංසයා සුදු පාටය

b)

කිසියම් හංසයෙක් සිටීද ඌ සුදු පාටය

c)

සියලු හංසයින් සුදු පාටය

d)

හංසයින් එකක් නෑර සුදුපාටය

e)

නිරීක්ෂණය කරන ලද සියලු හංසයන් සුදු පාටය

8.

දෙඇගයුම් තර්ක ශාස්ත්‍රයෙහි විචල්‍ය හතක් සහිත තර්කයක සත්‍ය චක්‍රයෙහි භව්‍යතා ගණන

a)

32

b)

108

c)

128

d)

144

e)

256

9.

විද්‍යාත්මක ක්‍රමයේ අවශ්‍ය ලක්ෂණයක් වන්නේ ,

a)

උපකරණ භාවිතයයි

b)

පුළුල් සාමාන්‍ය කරණයයි

c)

ගණිතය භාවිතයයි

d)

ආනුභූතික පරීක්ෂණ යයි

e)

නව අනාවැකි ප්‍රකාශනයයි

10.

විද්‍යාත්මක විප්ලවය ඇතිවූයේ,

a)

චීනයෙහි ය

b)

ඇමරිකා එක්සත් ජනපදයෙහි ය

c)

එංගලන්තයෙහි ය

d)

යුරෝපයෙහි ය

e)

ප්‍රංශ විප්ලවය සමඟ ය