NEW
Font size
WorksheetsInformation Communication Technology
Total questions: 10
Worksheet time: 5mins
තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ පරිශීලකයකු නොවන්නේ
මෘදුකාංග ඉන්ජිනේරු
වෙබ් අඩවි සංවර්ධක
ක්‍රමලේඛක
මුදල් අයකැමි
පද්ධති විශ්ලේෂකගේ කාර්ය භාරය වනුයේ
පරිගණක ජාල පරිපාලනය සහ නඩත්තු කිරීම
තොරතුරු පද්ධති සැලසුම් කිරීම
මෘදුකාංග නිර්මාණය කිරීම
වෙබ් අඩවි සංවර්ධනය
නිශ්චිත ස්ථානයක තැබිය හැකි පරිගණකයක් ලෙස වර්ග කළ නොහැක්කේ
සේවාදායි පරිගණකය
වැඩහල් පරිගණකය
සුහුරු පරිගණකය
මේස පරිගණකය
ජංගම භාවිතා කළ හැකි පරිගණක පමණක් ඇතුළත් පිළිතුර වනුයේ
උකුළු පරිගණකය, මේස පරිගණකය, වැඩහල් පරිගණකය
උකුළු පරිගණකය, සුහුරු දුරකතනය, සේවාදායි පරිගණක
ටැබ්ලට් පරිගණක, උකුළු පරිගණකය, සුහුරු දුරකතනය
වැඩහල් පරිගණකය, ටැබ්ලට් පරිගණක, උකුළු පරිගණකය
පරිගණක පර්යන්ත උපාංග ලෙස හඳුන්වනුයේ
පරිගණකයේ ස්ථාපිත මෘදුකාංග
දත්ත ආදානය ,දත්ත සැකසීම , දත්ත ආචයනය හා තොරතුරු ප්‍රතිදානය සඳහා යොදා ගන්නා සියලු භෞතික උපාංග
පරිගණකයට සම්බන්ධිත මව්පුවරුව
දත්ත ආචයනය සඳහා යොදා ගන්නා උපාංග
පරිගනකයක පිරිවිතර ලෙසින් හඳුන්වනුයේ
පරිගණක පද්ධතියක ගුණාත්මක බව සහ ප්‍රමාණාත්මක බව ඉදිරිපත් වන ලක්ෂණ
පරිගණක පද්ධතියේ මිල
පරිගණකයට සම්බන්ධ කළ හැකි උපාංග සංඛ්‍යාවක්
පරිගණකයේ ඇතුළත්ව ඇති මෘදුකාංග සංඛ්‍යාව
මධ්‍ය සැකසුම් ඒකකයේ පිරිවිතර වඩාත් හොඳින් ඉදිරිපත් වන්නේ
සකසනයේ වර්ගය , වේගය හා මිල
සකසනයේ මිල
සකසනයේ භෞතික ප්‍රමාණය
සකසනය තුඩු සහිත ද රහිතද යන්න
පරිගණකයේ ප්‍රධානතම ප්‍රතිදාන උපාංගය සංදර්ශකයයි.සංදර්ශනයක් මිලදී ගැනීමේදී සලකා බලනු ලබන පිරිවිතර වනුයේ
සන්දර්ශකයේ බාහිර පෙනුම
වැයවන විදුලි බල ප්‍රමාණය
සන්දර්ශකයේ තාක්ෂණය, ප්‍රමාණය සහ මිල
සංදර්ශකය නිපදවන ලද වර්ශය
සංදර්ශක නිපදවීමට භාවිතා වන තාක්ෂණික ක්‍රමවේදයක් නොවන්නේ
ද්‍රව ස්ඵටික තාක්ෂණය
නැනෝ තාක්ෂණය
කැතෝඩ කිරණ නල තාක්ෂණය
ආලෝක විමෝචන ඩයෝඩය තාක්ෂණය
ප්‍රධාන මතකය ලෙස හදුන්වනුයේ
දත්ත හා උපදෙස් තාවකාලිකව රඳවා ගනු ලබන මතකයයි
පරිගණකයේ ස්ථිර මතකයයි
පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මතකයයි
වාරක මතකයයි
