wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 5 2022 Online ConTest Season 01

Total questions: 50

Worksheet time: 11mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකාවේ කොරල් පර බහුලව පිහිටා ඇති මුහුදු තීරයකි.

a)

යාපනය

b)

හික්කඩුව

c)

නිලාවැලි

d)

මීගමුව

2.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට ඔලිම්පික් පදක්කමක් හිමි කර දුන්නේ

a)

ජූලියන් බෝලින්

b)

සුසන්තිකා ජයසිංහ

c)

ඩන්කන් වයිට්

d)

දමයන්ති දර්ශා

3.

ලිපියක් ඉතාමත් සුරක්ෂිත වත්, වගකීමෙන් යුතුවත් යැවීමට කළ යුත්තේ

a)

වටිනාකමින් වැඩි මුද්දර ගැසීම

b)

ලියාපදිංචි කිරීම

c)

තැපැල් හලට අතින් ගෙනවිත් භාරදීම.

d)

විවෘත තැපෑලෙන් යැවීම

4.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූයේ

a)

1815

b)

1948

c)

1972

d)

2005

5.

මල පිපීමට පෙර ඵලය නෙලා ගත යුතු ශාකයකි.

a)

කරද මුංගු

b)

කරාබු නැටි

c)

සාදික්කා

d)

වසාවාසි

6.

මැලියම් ලබා ගැනීමට වඩාත්ම සුදුසු ශාකයකි.

a)

කොස්

b)

දිවුල්

c)

කජු

d)

දෙල්

7.

මාර්ග වර්ණ සංඥා පුවරුවක වැඩිම වාර ගණනක් දැල්වෙන බල්බය වන්නේ

a)

කොළ

b)

කහ

c)

රතු

d)

මෙහි පිළිතුර නොමැත.

8.

නිවුඩු සහල් ආහාරයට ගැනීමෙන් ලැබෙන විටමින් වර්ගය වන්නේ

a)

විටමින් A

b)

විටමින් B

c)

විටමින් C

d)

විටමින් D

9.

නැති වූ ආභරණයක් සම්බන්ධ ජන ක්‍රීඩාව කුමක්ද?

a)

මේවර කෙලිය

b)

ඔලිඳ කෙළිය

c)

හවරි හොරා සෙවීම

d)

සැඟවුණු මල සෙවීම

10.

ජාතික කොඩියේ හජ්ජි උත්සවය සමරන ආගමිකයන් නිරූපණය කරන්නේ?

a)

රතු වර්ණයෙන්

b)

කොළ වර්ණයෙන්

c)

කහ වර්ණයෙන්

d)

දුඹුරු වර්ණයෙන්

11.

මෝටර් රථයක් එකම ස්ථානයකින් පටන් ගෙන එකිනෙකාට විරුද්ධ දිශාවට මීටර් 100 බැගින් ගමන් කරයි. ඉන්පසු එක රථයක් දකුණු අත පැත්තටත්, අනෙක් රථය වම් අත පැත්තටත් හැරී මීටර් 200 බැගින් තමන් කරයි. දැන් රථ 2 අතර ඇති කෙටිම දුර කොපමණද?

a)

මීටර් 600 යි

b)

මීටර් තුන්සීයයි

c)

මීටර් දෙසීයයි

d)

මීටර් 100 යි

12.

මෙම විස්තරය අනුව පාට පෙට්ටියක මිල සොයන්න.

a)

රුපියල් එකසිය පනහයි

b)

රුපියල් 140 යි

c)

රුපියල් 180 යි

d)

රුපියල් එකසිය විස්සයි

13.

මහා මාර්ගයක් පියවර 3 කින් ඉදිකිරීමට සැලසුම් කරන ලදී. එහි පළමුවන හා දෙවන පියවරවල් ඉදිකිරීමට ගතවූ කාලයෙන් භාගයක් තුන්වන පියවර ඉදිකිරීම සඳහා ගතවේ. එම මහා මාර්ගයේ ඉදිකිරීම් කටයුතු 2000 වර්ෂයේ මුලදී ආරම්භ කොට පළමු හා දෙවන පියවර වල ඉදිකිරීම් 2005 වසර අවසානයේ නිම කරන ලදී. සැලසුමට අනුව මහා මාර්ගය සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් වන්නේ කිනම් වර්ෂයේද?

a)

2004

b)

2006

c)

2005

d)

2008

14.

මෙම රූපයෙන් දැක්වෙන ඝනකයේ මුහුණත් වල ABCDE හා F ලෙස අක්ෂර යොදා ඇත. එහි B අක්ෂරයට විරුද්ධ මුහුණතේ ඇති අකුර වන්නේ කුමක්ද?

a)

A

b)

B

c)

E

d)

D

15.

මා ලග ඇති පැන්සල් වලින් 6 ක් හැර ඉතිරි ඒවා රතු පාටය. 6 ක් හැර ඉතිරි ඒවා කහ පාටය. 6 ක් හැර ඉතිරි ඒවා නිල් පාටය. 6 ක් හැර ඉතිරි ඒවා දම්පාටය. මා ළඟ ඇති පන්සල් ගණන කීයද?

a)

30

b)

36

c)

24

d)

12

16.

තසිරු රජීව් ට වඩා උස නමුත්, ලිතුම් තරම් උස නැත. දිනාල් රජීව් තරම් උස නොවීය. මේ තොරතුරු අනුව මෙම මිතුරන් හතර දෙනාගේ උසේ ආරෝහණ පිලිවෙලට ලියා දක්වන්න.

a)

දිනාල්, තසිරු, ලිතුම්, රජීව්

b)

දිනාල්, රජීව්, ලිතුම්, තසිරැ

c)

දිනාල්, රජීව්, තසිරු, ලිතුම්

d)

දිනාල්, තසිරු, රජීව්, ලිතුම්

17.

තාත්තා නිවසේ සිට 50m ක් උතුරු දිශාවට ගොස් එතැනින් ඔහුගේ දකුනු පැත්තට හැරී 25m ක් ගමන් කර නැවතත් ඔහුගේ දකුණු අත පැත්තට හැරී 75m ක් ගමන් කර නතර විය. දැන් ඔහු සිටින්නේ නිවසට කුමන දිශාවෙන්ද?

a)

දකුණු දිශාවෙන්

b)

ගිනිකොණ දිශාවෙන්

c)

බස්නාහිර දිශාවෙන්

d)

නැගෙනහිර දිශාවෙන්

18.

අම්මා දින දෙකක් වැඩ කළ පසු එක් දිනයක් ද, තාත්තා දින තුනක් වැඩ කළ පසු එක් දිනයක් ද නිවාඩු ලබයි. දෙදෙනාම ජනවාරි 28 දින නිවාඩු ලැබුවේ නම් නැවත එකවර නිවාඩු ලබන්නේ කවදාද?

a)

ජනවාරි 30

b)

පෙබරවාරි 8

c)

පෙබරවාරි 7

d)

පෙබරවාරි 9

19.

2017 වර්ෂයේ මාර්තු, අප්‍රේල්, මැයි යන මාස වල ඇති දින ගණනේ එකතුව කීයද?

a)

දින හැටයි

b)

දින අනු දෙකයි

c)

දින 90 යි

d)

දින 65 යි

20.

මෝටර් රථ දෙකක් එකම ස්ථානයකින් ගමන් අරඹයි. එක් මෝටර් රථයක් බටහිර දිශාවට 75m ක් ගමන් කර දකුණු අත පැත්තට හැරී මීටර් 50 ක් ගමන් කර නතර විය. අනෙක් මෝටර් රථය නැගෙනහිර දිශාවට මීටර් 25 ක් ගමන් කර වම් අත පැත්තට හැරී මීටර් 50 ක් ගමන් කර නැවැත්විය. දැන් මෝටර් රථ දෙක අතර දුර කොපමණද?

a)

මීටර් දෙසීයයි

b)

මීටර් 75 යි

c)

මීටර් 150යි

d)

මීටර් 100

21.

හොඳ හොඳ ළමයින් අපි වාගේ.....// යන ගීතය ගායනා කරන්නේ

a)

සුජාතා අත්තනායක මහත්මිය

b)

ඉන්ද්‍රානි විජයබණ්ඩාර මහත්මිය

c)

නන්දා මාලනී මහත්මිය

d)

මාලනී බුලත්සිංහල මහත්මිය

22.

එස් මහින්ද හිමිගේ චරිතයෙන් ගත හැකි ආදර්ශයකි.

a)

එඩිතර බව හා මරණයට නොබියව මුහුණදීම.

b)

බෞද්ධ සංස්කෘතිය රැක ගැනීම හා බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම.

c)

ගව මස් කෑමට විරුද්ධව කටයුතු කිරීම.

d)

දේශානුරාගය හා ජාතික හැඟීම

23.

උපදේශාත්මක කාව්‍යයක් නොවේ.

a)

සිරිත් මල් දම

b)

ලෝ වැඩ සඟරාව

c)

ගුත්තිල කාව්‍ය

d)

සුභාෂිතය

24.

2001 වසරේදී පිලිපීනයේ දී රාමන් මැග්සේසේ සම්මානයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකික සංගීතඥයෙකි.

a)

රෝහණ වීරසිංහ මහතා

b)

පණ්ඩිත් අමරදේව මහතා

c)

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා

d)

චාමර වීරසිංහ මහතා

25.

එක් දින ක්‍රිකට් තරගවලදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කළ ‍ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ලොව ප්‍රසිද්ධ වූ ක්‍රීඩකයෙකි.

a)

කුමාර සංගක්කාර

b)

මහේල ජයවර්ධන

c)

අර්ජුන රණතුංග

d)

සනත් ජයසූරිය

26.

කොකෝවා වගාකරන දිස්ත්‍රික්ක දෙකකි.

a)

මාතලේ හා මහනුවර

b)

කුරුණෑගල හා අනුරාධපුරය

c)

පොලොන්නරුව හා හම්බන්තොට

d)

අම්පාර හා මඩකලපුව

27.

ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළේ.

a)

අනුරාධපුර මහමෙව්නා උයනේ දී

b)

අනුරාධපුර රන්මසු උයනේ දී

c)

පොළොන්නරුව ගල් විහාරයේ දී

d)

මාතලේ අළු විහාරයේ දී

28.

පත්‍ර්‍ර්‍ර ලපටි කාලයේදී රතු පැහැයෙන් නැති ශාක පත්‍රයකි.

a)

දෙහි

b)

අරලිය

c)

හල්මිල්ල

d)

දමින්න

29.

ශ්‍රී ලංකාවට ආවේණික සංචාරක පක්ෂීන් දෙදෙනෙකි.

a)

සිවුරු හොරා, අවිච්චියා

b)

සුදු රෙදි හොරා, කහ කුරුල්ලා

c)

ඔලෙයියා, වවුලා

d)

මැටි කොහා, උකුස්සා

30.

මහවිලච්චිය වැව, මානාකැටිය වැව, නොච්චිපොතාන වැව ආදී වැව් ඉදි කරන ලද්දේ

a)

වලගම්බා රජතුමා

b)

වසභ රජතුමා

c)

දේවානම්පියතිස්ස රජතුමා

d)

දුටුගැමුණු රජතුමා

31.

80M දිග මිනුම් පටියක් පලුදු වීමක් නිසා මැදින් මීටර් දෙකක කොටසක් කපා ඉවත් කර ඉතිරි කැබලි 2 සෙන්ටිමීටර් 25 බැගින් එක මත එක තබා මසන ලදි. දැන් මිනුම් පටියේ දිග කොපමනද?

a)

77M 80cm

b)

මීටර් 75 යි 20cm

c)

මීටර් 78 සෙන්ටිමීටර 74

d)

77M සෙන්ටිමීටර 75යි

32.

ප්‍රශ්න පත්‍රයක පළමු ප්‍රශ්න 5 සඳහා ලකුණු ලැබෙන්නේ පහත සඳහන් පරිදිය. පළමු ප්‍රශ්නයට ලකුණු 1 ක්ද, දෙවන ප්‍රශ්නය සඳහා ලකුණු 5 ක් ද, තුන්වන ප්‍රශ්නය සඳහා ලකුණු 3 ක් ද, හතරවන ප්‍රශ්නය සඳහා ලකුණු 4 ක් ද, පස්වන ප්‍රශ්නය සඳහා ලකුණු 2 ක් ද වන පරිදිය. එසේනම් ළමයෙකු ලකුණු 10 ක් ලබාගෙන තිබුනේ ප්‍රශ්න 2ක් වරද්දා ගෙන නම් එම ප්‍රශ්න අංක 2 කුමක්ද?

a)

අංක 3 හා 4

b)

අංක 3 හා 5

c)

අංක 4 හා 6

d)

අංක 3 හා 6

33.

මෙහි දක්වා ඇති ආකාරයට විනෝද් නතාෂා ඇමතිය යුත්තේ?

a)

ආච්චි

b)

නැන්දා

c)

ලොකු අම්මා

d)

අම්මා

34.

ගොවිපොලක සිටින තාරාවන් හා එළුවන් ගේ පාද ගණන 52 කි. තාරාවන් ගණනට වඩා එළුවන් 4ක් සිටීනම් එහි සිටින එළුවන් ගණන කොපමණද?

a)

10

b)

9

c)

11

d)

12

35.

සිකුරාදා දින හතරකින් යුත් ජනවාරි මාසයක එම දිනවල එකතුවට තැබිය හැකි වැඩිම අගය කීයද?

a)

29

b)

60

c)

58

d)

56

36.

එක ළඟ සංඛ්‍යා 3 ක එකතුව 258 කි. එහි මැද සංඛ්‍යාව කුමක්ද?

a)

86

b)

85

c)

87

d)

88

37.

ගසක උඩ අත්තේ මෙන් පස්ගුණයක් කුරුල්ලෝ යට අත්තේ සිටී. යට අත්තේ කුරුල්ලන් 8 ක් උඩ අත්තට පියඹා ආ විට අත් දෙකේම කුරුල්ලන් සමාන වෙයි. එවිට යට අත්තේ සිටින කුරුල්ලන් ගණන වන්නේ

a)

14

b)

13

c)

15

d)

12

38.

2019 october 1 අඟහරුවාදා නම් july 2 කවදාද?

a)

සඳුදා

b)

අඟහරුවාදා

c)

බදාදා

d)

සිකුරාදා

39.

2013 දෙසැම්බර් 31 අඟහරුවාදා දිනයක් නම් එදින සිට 2014.05.10 දක්වා ඇති බදාදා දින ගණන කීයද?

a)

18

b)

20

c)

19

d)

21

40.

පැන්සලක මිල පෑනක මිලෙන් අඩකි. පොතක මිල පැන්සලක මිල මෙන් තෙගුණයකි. එම ද්‍රව්‍ය තුනේම මිල රුපියල් 70 ක් නම් එක් එක් ද්‍රව්‍යයේ මිල ගණන වෙන වෙනම සොයන්න

a)

පැන්සල රුපියල් 16 යි. පෑනක් රුපියල් 32 යි. පොතක් රුපියල් 48 යි.

b)

පැන්සල රුපියල් 17 යි. පෑනක් රුපියල් 33 යි. පොතක් රුපියල් 47 යි.

c)

පැන්සල රුපියල් 15 යි. පෑනක් රුපියල් 31 යි. පොතක් රුපියල් 47 යි.

d)

පැන්සල රුපියල් 14 යි. පෑනක් රුපියල් 30 යි. පොතක් රුපියල් 46 යි.

41.

දුල්කිත් ගණිත ගැටළු හතරක් සාදන විට සේමිත ගණිත ගැටළු දහයක් සාදයි. සඳරූ ගණිත ගැටළු අටක් සාදන විට සේමිත ගණිත ගැටළු හයක් සාදයි. දුල්කිත් ගණිත ගැටළු 16 ක් සාදන විට සඳරු ගණිත ගැටළු කීයක් සාදයි ද?

a)

64

b)

25

c)

42

d)

58

42.

බෞද්ධයන් විසින් ජලය යොදාගෙන කරනු ලබන චාරිත්‍රයක් නොවේ

a)

සිංහල අලුත් අවුරුද්දට ස්නානය කිරීම

b)

සුබ කටයුත්තකට යන විට ජලය පිරුණු කළයක් ගෙන ඉදිරියට ඒම

c)

ළිඳ හා ගනුදෙනු කිරීම

d)

මසකට වරක් ළිඳ ඉසීම

43.

ගෙවත්තේ වගා කර ඇති වැල් වර්ගයකි.

a)

මුගුණුවැන්න

b)

බණ්ඩක්කා

c)

කරවිල

d)

කංකුං

44.

ශ්‍රී ලංකාවේ ඉදිකල පළමු අධිවේගී මාර්ගයේ දිග වන්නේ

a)

කිලෝමීටර් 175 යි

b)

කිලෝමිටර් 150යි

c)

කිලෝමීටර් 136

d)

කිලෝමීටර් 126

45.

උප්පැන්න සහ මරණ සහතිකයක් ලියාපදිංචි කිරීමට යා යුත්තේ

a)

තැපැල් කාර්යාල වෙත

b)

ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට

c)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට

d)

ප්‍රාදේශීය සභාවට

46.

මෙත් මල් පිබිදේවා.... යන ගීතය ගායනා කරනු ලබන්නේ

a)

මොරිස් දහනායක මහත්මිය

b)

සුජාතා අත්තනායක මහත්මිය

c)

නන්දා මාලනී මහත්මිය

d)

නිරෝෂා විරාජිනී මහත්මිය

47.

සිතියම් වල ගංගා ලකුණු කර ඇති වර්ණය වන්නේ

a)

කහ

b)

කොළ

c)

කළු

d)

නිල්

48.

වඩදිය ඇති වන්නේ

a)

පෘථිවියට ඈතින් චන්ද්‍රයා සිටින විටයි

b)

පෘථිවියට ආසන්නව චන්ද්‍රයා සිටින විටයි

c)

පෘථිවියට සමාන්තරව චන්ද්‍රයා සිටින විටයි

d)

හිරුට ආසන්නයේ චන්ද්‍රයා සිටින විටයි

49.

අදටත් දැකිය හැකියි උසම වැව් බැම්ම ලෙස සලකන්නේ

a)

මින්නේරිය වැව් බැම්ම

b)

අභය වැව්බැම්ම

c)

තිසා වැව් බැම්ම

d)

කන්තලේ වැව් බැම්ම

50.

රටා පැදුරු කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ

a)

දුම්බර ප්‍රදේශය

b)

යාපනය ප්‍රදේශය

c)

අම්පාර ප්‍රදේශය

d)

මඩකලපුව ප්‍රදේශය