NEW
Font size
Worksheetsපස
Total questions: 11
Worksheet time: 22mins
සාමාන්‍යයෙන්, ක්ෂාරීය පසකට වැඩ ලවණ පසක,
අඩු EC අගයක් ඇත
ඉහල pH අගයක් ඇත
ඉහල ESP අගයක් ඇත
අඩු ESPසහ අඩු pH අගයක් ඇත
අඩු ESP සහ ඉහල pH අගයක් ඇත
රළු වයනය සහිත පස්වල, A- පාංශු ක්ෂුද්‍ර ජීවි ක්‍රියාකාරිත්වය අඩුය.
B- ජලය රදවා ගැනීමේ ධාරිතාව අඩු ය.
C- කැටායන හුවමාරු ධාරිතාව අඩු ය.
මින් නිවැරදි වනුයේ,
A පමණි
B පමණි
C පමණි
A හා B පමණි
B හා C පමණි
ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වඩාත් බහුල ව දක්නට ලැබෙන පස් කාණ්ඩය වන්නේ,
ලැටරයිට් පස
දියළු පස
දියසිළු පස
රතු කහ පොඩ්සෝලික් පස
රතු දුඹුරු පස
ජෛවපද්ධති සදහා පසෙහි කලිල වැදගත් වනුයේ ඒවා,
වායු හුවමාරුව සඳහා මාර්ග සැපයීම සහ ශාකයේ ශ්වසනයට ආධාර වන නිසාය.
පාංශු සංගතිය වැඩි කිරීම සහ පාංශු හායනය අවම කරන නිසාය.
ජල පරිවහනයට ඉඩ සැලසීම සහ දුර්වල ජලවහන තත්ත්ව වලක්වන නිසාය.
භාෂ්මික අයන අධිශෝසනය කර රදවාගෙන නිදහස් කිරීම මගින් ශාකවලට පෝෂණය ලබා දෙන නිසාය.
ඒවායේ ධන ආරෝපණ මගින් ආම්ලික සංයෝග ආකර්ශනය කර ගැනීම හා පසෙහි pH ස්වාරක්ෂණය කරන නිසාය.
ජල සම්පාදනයෙන් පසුව එක්තරා පසක මතුපිටින් ඉතා ඉක්මනින් ජලය අතුරුදන් වන බව නිරීක්ෂණය කරන ලදි. මෙයට හේතුව වනුයේ පසෙහි වැඩි,
රොන් මඩ ප්‍රමාණයක් අඩංගු වීමය.
මැටි ප්‍රමාණයක් අඩංගු වීමය.
වැලි ප්‍රමාණයක් අඩංගු වීමය.
දෘශ්‍ය ඝනත්වයක් තිබීමය
සත්‍ය ඝනත්වයක් තිබීමය
පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීමෙන්,
අපධාවය වැඩිවේ.
පාංශු pH අගය වැඩි වේ.
සුසංහනය වැඩි වේ.
දෘශ්‍ය ඝනත්වය වැඩිවේ.
ශාක පෝෂක සුලබතාව වැඩිවේ.
ලවනිකරණය ප්‍රමුඛව දක්නට ලැබෙනුයේ,
ශුෂ්ක ප්‍රදේශයක ඛාදනයට ලක්වූ පසකය.
තෙත් ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසකය.
තෙත් ප්‍රදේශයක මනා ජල වහනයක් සහිත පසකය.
ශුෂ්ක ප්‍රදේශයක දුර්වල ජල වහනයක් සහිත පසකය.
ශුෂ්ක ප්‍රදේශයක මනා ජල වහනයක් සහිත පසකය.
A-පසකට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම නිසා පසෙහි ව්‍යුහය වෙනස් වේ.
B- පසක් සුසංහනය වීම නිසා පසේ වයනය වෙනස් වේ.
C- පසක් සුසංහනය වීම නිසා පසේ දෘශ්‍ය ඝනත්වය වැඩිවේ.
මින් සත්‍ය වන්නේ,
Aපමණි
Bපමණි
Cපමණි
Aහා Bපමණි
Aහා Cපමණි
පසක සවිවරතාව,
පසේ දෘශ්‍ය ඝනත්වය වැඩි වීමත් සමග වැඩි වේ.
පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වීමත් සමග වැඩි වේ.
පසේ අංශුවල රළු බව වැඩි වීමත් සමග වැඩි වේ.
පස උදුනේ වියලු පසු, ස්කන්ධයට සාපේක්ෂව එහි ඇති මුළු නිදහස් අවකාශ පරිමාව වේ.
පසේ මුළු ඝන ද්‍රව්‍යවල පරිමාවට පමණක් සාපේක්ෂව ඇති මුළු නිදහස් අවකාශ පරිමාව වේ.
පසකට කාබනික ද්‍රව්‍ය දීමෙන් එහි,
සත්‍ය ඝනත්වය වැඩිවේ.
ජලය රදවා ගැනීමේ ධාරිතාව අඩුවේ.
වයනය දියුණු වේ
සවිවරතාව අඩු වේ.
දෘශ්‍ය ඝනත්වය අඩුවේ.
පසක මැටි ප්‍රමාණය වැඩි වීම සමග
කැටායන හුවමාරු ධාරිතාව අඩු වේ
ජලය රදවා ගැනීමේ ධාරිතාව අඩු වේ.
ඛාදනය අඩු වේ
සවිවරතව අඩු වේ
දෘශ්‍ය ඝනත්වය අඩුවේ
