wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 5 Online Test

Total questions: 10

Worksheet time: 20mins

Name
Class
Date
1.

පෝළිමක වම් පසින් සිසුන් 7 දෙනෙක්ද දකුණු පසින් සිසුන් 4 දෙනෙක්ද සිටගෙන සිටී. ගුරුතුමිය පැමිණ හරි මැදින් සිට ගත්තාය . දැන් ගුරුතුමිය සිටින්නේ ,

a)

මගේ දකුණු අත පැත්තේ සිට තුන් වැනියාටය

b)

මගේ වම් අත පැත්තේ සිට පළමු වැනියාටය

c)

මගේ වම් අත පැත්තේ සිට දෙවැනියාටය

2.

මල්ලී අපේ පාසලේ පළමු පන්තියට ඇතුළත් වන විට , මම පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවෙමි. නංගී පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත් වන විට මල්ලී තුන් වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවේය.මගේ දැන් වයස අවුරුදු 20 ක් නම්, නංගිගේ දැන් වයස කීයද ?

a)

13

b)

14

c)

12

3.

සාලිය මහතාට සිටින ලමයින් අතුරින් 4 දෙනෙක් රැකියා වල නිරත වෙති . 3 දෙනක් ඉගෙන ගනිති. දෙදෙනෙක් රැකියාවල යෙදෙමින් ඉගෙන ගනිති. සාලිය මහතාගේ දරුවන් සියල්ලම රැකියාවල නිරත වීම හෝ ඉගෙන ගැනීම සිදු කරන්නේ නම් , සාලිය මහතාට සිටින ළමයින් ගණන කීයද ?

a)

5

b)

7

c)

9

4.

මරදාන , කඩවත , කලවාන යන වචන 2109,2735,6489 යන ඉලක්කම් යොදා ගෙන ලියා තිබුණි . කලවාන යන වචනය ලිවීමට යොදාගෙන තිබෙන ඉලක්කම් මොනවාද ?

a)

2109

b)

2735

c)

6489

5.

අද දින වැස්සොත් උණුසුම් ගතිය අඩුවේ. අද වැස්සේ නැත. එම නිසා,

a)

උණුසුම් ගතිය වැඩිවේ.

b)

උණුසුම් ගතිය අඩුවේ .

c)

උණුසුම් ගතිය වෙනසක් නොවේ .

6.

වැලි මිරිකා ජලය ලබා ගත හැක.

a)

මෙය සැම විටම සත්‍ය වේ

b)

මෙය බොහෝ විට සත්‍ය නොවේ

c)

මෙය කිසි විටකත් සත්‍ය නොවේ

7.

එංගලන්තයේ වේලාව ශ්‍රී ලංකාවේ වෙලාවට වඩා පැය 5 අඩුය. නිතරම පැයක් ප්‍රමාද වී වෙලාව පෙන්නුම් කරන ශ්‍රී ලංකාවේ පිහිටි ඔරලෝසුවක වෙලාව ප.ව.3.15 වන විට එංගලන්තයේ වෙලාව කීයද ?

a)

පෙ.ව.9.15

b)

පෙ.ව.10.15

c)

පෙ.ව.11.15

8.

එක්තරා වර්ෂයක අගෝස්තු 11 වන දින බදාදා දවසකි. එම වර්ෂයේම සැප්තැම්බර් 11 වන දා කවදාද ?

a)

සිකුරාදා

b)

සෙනසුරාදා

c)

ඉරිදා

9.

මහේන් ළග ඇති මුදල මෙන් සිව් ගුණයක් සුවන් ළග ඇත. මහේන් සහ සුවන් ළග ඇති මුදල් වල එකතුව මිලානි ළග ඇති මුදලට සමානය. ඔවුන් සියළු දෙනා සතු මුදල රුපියල් 60 ක් නම් , මහේන් ළග ඇති මුදල කීයද ?

a)

රුපියල් 6

b)

රුපියල් 24

c)

රුපියල් 30

10.

එක්තරා පව්ලක සහෝදරියන් තිදෙනෙක් සිටිති. එම සැම සහෝදරියකටම සහෝදරයන් දෙදෙනෙක් සිටිති. පව්ලේ සිටින මුළු සහෝදර සහෝදරියන් ගණන කීයද ?

a)

5

b)

6

c)

9