wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 04)

Total questions: 25

Worksheet time: 27mins

Name
Class
Date
1.

පහත දැක්වෙන දත්ත කාණ්ඩයෙහි මධ්‍යන්‍යය ගණනය කරන්න.

a)

   

3.925

b)

3.435

c)

3.509

d)

3.909

2.

පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය/න් තෝරන්න.

A-යම් ලාක්ෂණිකයක් සඳහා එක් සංඛ්‍යාත්මක අගයකට වඩා වැඩි අගය ප්‍රමාණයක් ගත නොහැකි නම් එය විචල්‍යයක් වේ.

B- යම් ලාක්ෂණිකයකට එක්  සංඛ්‍යාත්මක අගයක් පමණක් ගත හැකි නම් එය නියතයක් වේ.

C- ලාක්ෂණිකයක් හෝ ලාක්ෂණිකයක් සම්බන්ධයෙන් ලබා ගන්නා මිනුම් තොරතුරු (Information) ලෙස හඳුන්වයි.

D- සංඛ්‍යා අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන්නේ ප්‍රමාණාත්මක දත්ත පමණි.

a)

                               

A පමණක් සත්‍ය වේ.

                           

b)

C  පමණක් සත්‍ය වේ

c)

A හා D සත්‍ය වේ.

d)

B හා D සත්‍ය වේ.

3.

කේන්ද්‍රීය ප්‍රවණතා මිනුමක් ලෙස මධ්‍යන්‍යයේ සුවිශේෂී ලක්ෂණයක් නොවන්නේ,

a)

දත්ත සියල්ලම නියෝජනය වීම.

         

b)

  වීජීය රාශියක් ලෙස තවදුරටත් පරිහරණය කළ හැකි වීම.

c)

  හැමවිටම නොපවතින අනන්‍ය මිනුමක් වීම.

d)

නියැදියෙන් නියැදියට එතරම් වෙනස් නොවන සාපේක්ෂ වශයෙන් විශ්වාස්‍ය කේන්ද්‍රික ප්‍රවණතා මිනුමක් වීම.

4.

සිසුන් 50දෙනෙකුගේ ඇගයීම් ලකුණු පහත අසමූහිත සංඛ්‍යාත ව්‍යාප්තිය මගින් ඉදිරිපත් කර ඇත. මෙම දත්ත භාවිතයෙන් ගණනය කරන ලද 50වන ප්‍රතිශතකය වන්නේ,

a)

4

b)

5

c)

6

d)

7

5.

කිසියම් ප්‍රදේශයක පුද්ගලයන්ගෙන් 50%ක් කිසියම් සංවර්ධන යෝජනාවකට පක්ෂපාතී බව දක්වයි. මෙම ප්‍රදේශයෙන් තෝරාගත් පුද්ගලයන් 100ක් සසම්භාවී නියැදියක යටත් පිරිසෙන් 55දෙනෙකු යෝජනාවට පක්ෂපාතී වීමේ ආසන්න සම්භාවිතාව කුමක්ද?

a)

0.1587

            

b)

0.1841

c)

0.3159

d)

0.3413

6.

නිවාස 21කින් යුත් වීදියක එක් එක් නිවසෙහි පදිංචි නිවැසියන් සංඛ්‍යාව පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් ලබා ගත් දත්ත පහත පරිදිය.

2, 3, 4, 3, 3, 3, 3, 3, 4, 4, 8, 7, 8, 8, 5, 4, 7, 6, 6, 7, 7

මෙහි හරි මැද පිහිටි නිවසෙහි සිටින නිවැසියන් ගණන කොපමණද?

a)

4

            

b)

5

c)

4.5

d)

  6

7.

පහත දැක්වෙන සිල්ලර වෙළෙන්දෙක් දින 9කදී අලෙවි කළ පොල් ගෙඩි ගණනට අදාළ දත්ත පදනම් කරගෙන 7වන දශමකය ගණනය කරන්න.

28, 25, 20, 34, 30, 19, 26, 30, 20

a)

25

     

b)

26

c)

28

d)

  30

8.

B1, B2, B3, B4 යන පිරිමි ළමුන් 4 දෙනෙක්ද, G1, G2, G3 යන ගැහැණු ළමුන් 3දෙනෙක්ද සිටින කණ්ඩායමකින් ළමුන් දෙදෙනෙකු තෝරාගන්නේ නම්,

දෙදෙනාම පිරිමි ළමුන් වීමේ සම්භාවිතාව කොපමණද?

a)

37\frac{3}{7}  

b)

521\frac{5}{21}  

c)

27\frac{2}{7}  

d)

421\frac{4}{21}   

9.

“ප්‍රවර්ග විචල්‍යයන්ට අදාළ උපලාක්ෂණික මත වර්ගීකරණය මෙන්ම සංසන්දනය කළ හැකි පරිදි අර්ථවත්ව පවරනු ලබන කේතාංක ............................ ලෙස හඳුන්වයි.” හිස්තැනට අදාළ පිළිතුර වන්නේ,

a)

                               

නාමික පරිමාණ

                                     

b)

තරා පරිමාණ

c)

ප්‍රාන්තර පරිමාණ

d)

අනුපාත පරිමාණ

10.

  පූර්ණ වශයෙන් චිපිට වක්‍රීම ව්‍යාප්තියක් සඳහා ........................... නියතයට සුදුසු පිළිතුර වන්නේ,

a)

k=0.5k=0.5   ට ආසන්න වේ.

b)

kk   ශූන්‍යයට ආසන්න වේ.

c)

k=0.263k=0.263  ලෙස සැලකේ.

d)

k=0.5k=0.5  ලෙස සැලකේ.

11.

එක්තරා ව්‍යාප්තියක පියර්සන්ගේ කුටිකතා සංගුණකය 0.5ක් ද විචලතා සංගුණකය 40% ක්ද මාතය 80 ක්ද වේ. ඒ අනුව ව්‍යාප්තියේ මධ්‍යන්‍යය වන්නේ,

a)

   40

b)

  100

c)

160

d)

200

12.

සමාගමක නිෂ්පාදන කළමනාකරුවන් 5දෙනෙකු සහ අලෙවි කළමනාකරුවන් 3දෙනෙකු සේවය කරති. මොවුන්ගෙන් ඕනෑම කළමනාකරුවන් 3දෙනෙක් අධ්‍යක්ෂකවරු ලෙස පත් කළ යුතුව ඇත. එම අධ්‍යක්ෂක මණ්ඩලයට නිෂ්පාදන කළමනාකරුවන් 2දෙනෙකු පත්වීමේ සම්භාවිතාව සොයන්න.

a)

3056\frac{30}{56}  

b)

2036\frac{20}{36}  

c)

3064\frac{30}{64}  

d)

2064\frac{20}{64}  

13.

එක්තරා ජාතික පාසලක 2014, 2015, 2016 යන වර්ෂයන්හි උසස්පෙළ පන්තියට ඇතුළත් වූ සිංහල, ඉංග්‍රීසි හා දෙමළ සිසුන් සංඛ්‍යාවට අදාළ දත්ත දී ඇත්නම්, එම දත්ත නිරූපණය කිරීමට වඩාත් යෝග්‍ය ප්‍රස්තාර සටහන වන්නේ,

a)

    අපගමන තීරු සටහන

              

b)

  වෘත්ත ප්‍රස්තාර

c)

බහුගුණ තීරු සටහන

d)

සිතිලිය සටහන

14.

මීටර් 100ක් දිග පාලමකින් ගමන් කළ වාහන 4ක වේගය පැයට කිලෝමීටර්වලින් (kmph1)\left(kmph^{-1}\right)   පහත පරිදිය.

30, 60, 20, 50

සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් (kmph1)\left(kmph^{-1}\right)   කොපමණදැයි හරාත්මක මධ්‍යන්‍යය භාවිතයෙන් සොයන්න.

a)

33.33

     

b)

34.33

c)

35.33

d)

  36.33

15.

ධන කුටිකතාවයකින් යුක්ත ව්‍යාප්තියක,

a)

    මාතයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල වේ.

b)

  මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වන අතර මධ්‍යස්ථයට වඩා මාතය විශාල වේ.

c)

මාතයට වඩා මධ්‍යන්‍යය විශාල වන අතර මධ්‍යන්‍යයට වඩා මධ්‍යස්ථය විශාල වේ.

d)

මධ්‍යන්‍යයට වඩා මාතය විශාල වන අතර මාතයට වඩා මධ්‍යස්ථය විශාල වේ.

16.

සෑම වසරකම ‘ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය’ සමරන්නේ කවදා ද?

a)

සැප්තැම්බර් 15

b)

සැප්තැම්බර් 16

c)

සැප්තැම්බර් 18

d)

සැප්තැම්බර් 19

17.

  මෑතකදී න්‍යෂ්ටික හැකියාව ඇති සර්මාට් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (Sarmat Intercontinental Ballistic Missile) සාර්ථකව අත්හදා බැලූ රට කුමක්ද?

a)

රුසියාව

 

b)

චීනය

c)

යුක්රේනය

d)

ජපානය

18.

   2022 ජනවාරි 10 වැනිදා පළමු වරට සතෙකුගේ හදවතක් රෝගි මිනිසෙකුට බද්ධ කරන ලදී. ඒ කුමන සතෙකුගේ හදවතක්ද?

a)

වඳුරෙකුගේ

b)

ඌරෙකුගේ

c)

චිම්පන්සිකෙුගේ

d)

මුවෙකුගේ

19.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය කවදාද?

a)

මාර්තු 09

b)

මැයි 14

c)

ජූනි 7

d)

ඔක්තෝබර් 3

20.

ලොව ප්‍රථම වරට කොරෝනා වෛරසයට එරෙහිව DNA  එන්නතක් නිෂ්පාදනය කළ රට වන්නේ?

    

a)

ජපානය

b)

ඉන්දියාව

c)

 

ඊශ්‍රායලය

d)

  චීනය

21.

මගේ මව මගේ පියා තරම් උස නැත. මම මගේ පියා තරම් උස නැති මුත් මගේ මවට වඩා තරමක් උස ය. මගේ මල්ලි මම තරම් නැති මුත් මගේ නැගණියට වඩා උසය. නැගෙණිය ඇගේ සොයුරන් තරම් උස නැති මුත් මවට වඩා තරමක් උස ය. පවුලේ මිටිම පුද්ගලයා කවුරුන්ද?

       

a)

මව

b)

  පියා

c)

නැගණිය

d)

සොහොයුරා

22.

තුසිතගේ වයස සමිතගේ වයස මෙන් දෙගුණයක් වන අතර අමිතගේ වයසින් අඩකි. තිළිණගේ වයස සමිතගේ වයසින් භාගයක් වන අතර රමිතගේ වයස මෙන් දෙගුණයකි. වයසින් වැඩි වූ පුද්ගලයා කවුරුන්ද?

    

a)

                                අමිත

                             

b)

තුසිත

c)

   තිළිණ

d)

   රමිත

23.

නිවසක් ඉදි කළ පෙදරේරුවන් තිදෙනෙක් එම නිවස ඉදි කිරීමට පැමිණි දින ගණනෙහි අනුපාතය 1:2:5  වේ. තිදෙනා වැඩ කළ මුළු දින ගණන 128ක් නම්, අඩුම දින ගණනක් පැමිණි පුද්ගලයා වැඩ කළ දින ගණන සොයන්න.

 

a)

18

   

b)

   15

c)

16

d)

26

24.

   කමලාගේ 27 වන උපන් දිනය යෙදී තිබූ 2011 අගෝස්තු 4 වන බ්‍රහස්පතින්දා දින  මහලු නිවාසයට දානය දෙනු ලැබුවේ හත්වන වරටය.  සෑම වසරකම උපන්දිනය වෙනුවෙන් දානයක් දෙනු ලබයි නම් 2015 වසරේ දානය දෙනු ලබන දවස කුමක්ද?

a)

ඉරිදා

b)

අඟහරුවාදා

c)

සඳුදා

d)

බදාදා

25.

හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,

a)

  60

    

b)

30

c)

  25

d)

  50