wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Phronesis Mind_Inter School Quiz Competition 2021 (Paper 05)

Total questions: 25

Worksheet time: 27mins

Name
Class
Date
1.

මීටර් 100ක් දිග පාලමකින් ගමන් කළ වාහන 4ක වේගය පැයට කිලෝමීටර්වලින් (kmph1)\left(kmph^{-1}\right)  පහත පරිදිය.

30, 60, 20, 50

සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් (kmph1)\left(kmph^{-1}\right)   කොපමණදැයි හරාත්මක මධ්‍යන්‍යය භාවිතයෙන් සොයන්න.

a)

33.33

b)

34.33

c)

35.33

d)

36.33

2.

සමාගමක නිෂ්පාදන කළමනාකරුවන් 5දෙනෙකු සහ අලෙවි කළමනාකරුවන් 3දෙනෙකු සේවය කරති. මොවුන්ගෙන් ඕනෑම කළමනාකරුවන් 3දෙනෙක් අධ්‍යක්ෂකවරු ලෙස පත් කළ යුතුව ඇත. එම අධ්‍යක්ෂක මණ්ඩලයට නිෂ්පාදන කළමනාකරුවන් 2දෙනෙකු පත්වීමේ සම්භාවිතාව සොයන්න.

a)

3056\frac{30}{56}  

b)

2036\frac{20}{36}  

c)

3064\frac{30}{64}  

d)

2064\frac{20}{64}  

3.

“ප්‍රවර්ග විචල්‍යයන්ට අදාළ උපලාක්ෂණික මත වර්ගීකරණය මෙන්ම සංසන්දනය කළ හැකි පරිදි අර්ථවත්ව පවරනු ලබන කේතාංක ............................ ලෙස හඳුන්වයි.” හිස්තැනට අදාළ පිළිතුර වන්නේ,

a)

නාමික පරිමාණ

b)

තරා පරිමාණ

c)

ප්‍රාන්තර පරිමාණ

d)

අනුපාත පරිමාණ

4.

පහත සඳහන් කුටිකතාවය හා සම්බන්ධ ප්‍රකාශවලින් අසත්‍ය ප්‍රකාශය වන්නේ,

 

a)

දත්ත සමමිතිකව ව්‍යාප්ත නොවන අවස්ථා කුටික ව්‍යාප්ති ලෙස හඳුන්වයි.

b)

දකුණට දික්වූ වල්ගයක් සහිත වීම එය දකුණට කුටික හෙවත් ධන කුටික ව්‍යාප්තියක් ලෙස දක්වයි.

c)

ධන කුටික ව්‍යාප්තියක මාතය, මධ්‍යස්ථයට වඩා විශාල අගයක් ගන්නා අතර මධ්‍යස්ථයට වඩා මධ්‍යන්‍යය විශාල අගයක් ගනියි.

d)

  ධන කුටික ව්‍යාප්තියක අගයන්ගෙන් වැඩි ප්‍රමාණයක් මධ්‍යන්‍ය අගයට වඩා අඩු අගයක් වේ.

5.

එක්තරා ව්‍යාප්තියක පියර්සන්ගේ කුටිකතා සංගුණකය 0.5ක් ද විචලතා සංගුණකය 40% ක්ද මාතය 80 ක්ද වේ. ඒ අනුව ව්‍යාප්තියේ මධ්‍යන්‍යය වන්නේ,

a)

40

     

b)

100

c)

160

d)

200

6.

පහත දැක්වෙන දත්ත කාණ්ඩයෙහි මධ්‍යන්‍යය ගණනය කරන්න.

a)

3.925

     

b)

3.435

c)

   3.509

d)

  3.909

7.

  කේන්ද්‍රික ප්‍රවණතාවය යනු,

a)

විවෘත පන්ති සහිත ව්‍යාප්තියක මිනුම ගණනය කිරීමයි.

        

b)

 

ගුණාත්මක දත්තයන්හි සාමාන්‍ය දැක්වීමයි.

c)

ප්‍රරුපීය මිනුම් ලබා ගැනීමයි.

d)

යම් ලක්ෂයක් වටා නැඹුරු වීමේ ගුණයයි.

8.

B1, B2, B3, B4 යන පිරිමි ළමුන් 4 දෙනෙක්ද, G1, G2, G3 යන ගැහැණු ළමුන් 3දෙනෙක්ද සිටින කණ්ඩායමකින් ළමුන් දෙදෙනෙකු තෝරාගන්නේ නම්, අඩු වශයෙන් එක් පිරිමි ළමයෙක්වත් තෝරා ගැනීමේ සම්භාවිතාව කොපමණද?

a)

37\frac{3}{7}  

b)

47\frac{4}{7}  

c)

57\frac{5}{7}  

d)

67\frac{6}{7}  

9.

දත්ත වැලෙහි වාසි කිහිපයක් වන්නේ

A - අවම අගය, උපරිම අගය පැහැදිලිව හඳුනාගත හැකි වීම.

B - මාතය, මධ්‍යස්ථය හා මධ්‍යන්‍යය යන මිනුම් පහසුවෙන් ලබා ගත හැකි වීම.

C - දත්තවල අනන්‍යතාවයන් ආරක්ෂා කිරීම.

a)

  A හාB සත්‍ය වේ.

     

b)

A හා C සත්‍ය වේ.

c)

B හා C සත්‍ය වේ.

d)

A, B, C යන සියල්ලම සත්‍ය වේ.

10.

පහත ප්‍රකාශවලින් සත්‍ය වන්නේ,

 

A - පයි සටහනක් යනු ප්‍රතිශතක සංරචක තීරු සටහනක තනි තීරුවකින් නිරූපණය කළ හැකි දත්ත වෘත්තමය වශයෙන් ප්‍රකාශ කිරීමකි.

B - ආදායම් සංඛ්‍යාත ව්‍යාප්තියක ස්වරූපයෙන් දී ඇති විට ලෝරන්ස් වක්‍රයක් ගොඩනැගිය නොහැකිය.

C- ගිණි සංගුණකය බිංදුව නම් ජනගහනයේ සිටින සෑම කෙනෙකුටම සමාන ආදායම් ප්‍රමාණයක් ලැබෙන බව එමගින් පෙන්නුම් කරයි.

a)

A පමණි.

b)

C පමණි.

c)

A හා B පමණි.

d)

A හා C පමණි.

11.

ප්‍රතිපායනය සහ සහසම්බන්ධතාව සම්බන්ධයෙන් පහත දැක්වෙන ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය කුමක්ද?

a)

  X සහ Y විචල්‍ය දෙකෙන්ම නියතයක් අඩු කරන්නේ නම් X සහ Y අතර සහසම්බන්ධතා සංගුණකය  ද ඒ අනුව වෙනස් වේ.

b)

                               

  X  සහ Y අතර සහසම්බන්ධතා සංගුණකය බිංදුව නම් X සහ Y අතර සහසම්බන්ධතාවක් නොපවතින බව අපට නිගමනය කළ හැකිය.

c)

                             

සහසම්බන්ධතා සංගුණකය යනු X සහ Y අතර රේඛීය සම්බන්ධතාවයේ මිනුමක් පමණි.

d)

X මත Y හි ප්‍රතිපායන සංගුණකය b1b_1    නම් සහ Y මත X  හි ප්‍රතිපායන සංගුණකය b2b_2    නම්  X සහ Y අතර සහසම්බන්ධතා  සංගුණකය b1b2b_1b_2   වේ.

12.

පහත දැක්වෙන සිල්ලර වෙළෙන්දෙක් දින 9කදී අලෙවි කළ පොල් ගෙඩි ගණනට අදාළ දත්ත පදනම් කරගෙන 7වන දශමකය ගණනය කරන්න.

28, 25, 20, 34, 30, 19, 26, 30, 20

a)

25

      

b)

    26

c)

28

d)

   30

13.

 පූර්ණ වශයෙන් චිපිට වක්‍රීම ව්‍යාප්තියක් සඳහා ........................... නියතයට සුදුසු පිළිතුර වන්නේ,

a)

k=0.5k=0.5   ට

ආසන්නවේ.

     

b)

kk  ශූන්‍යයට ආසන්න වේ.

c)

k=0.263k=0.263   ලෙස සැලකේ.

d)

k=0.5k=0.5  ලෙස සැලකේ.

14.

 “කිසියම් විචල්‍යයකට අදාළ සුවිශේෂී තත්වයක් එහි පොදු තත්වය සමග සංසන්දනාත්මකව නිරූපණය කිරීම සඳහා එකම ඛණ්ඩාංක තලයක අඳිනු ලබන සටහනක....................................... වේ.” හිස්තැනට ගැලපෙන පිළිතුර වන්නේ,

a)

       

පැතිකඩ සටහනක්

 

b)

සිතිලිය සටහනක්

c)

බහු ගුණ තීරු සටහනක්

d)

සංරචක තීරු සටහනක්

15.

පහත ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය/න් තෝරන්න.

A-යම් ලාක්ෂණිකයක් සඳහා එක් සංඛ්‍යාත්මක අගයකට වඩා වැඩි අගය ප්‍රමාණයක් ගත නොහැකි නම් එය විචල්‍යයක් වේ.

B- යම් ලාක්ෂණිකයකට එක්  සංඛ්‍යාත්මක අගයක් පමණක් ගත හැකි නම් එය නියතයක් වේ.

C- ලාක්ෂණිකයක් හෝ ලාක්ෂණිකයක් සම්බන්ධයෙන් ලබා ගන්නා මිනුම් තොරතුරු (Information) ලෙස හඳුන්වයි.

D- සංඛ්‍යා අධ්‍යයනය සඳහා යොදා ගනු ලබන්නේ ප්‍රමාණාත්මක දත්ත පමණි.

a)

      

A පමණක් සත්‍ය වේ.

         

b)

C  පමණක් සත්‍ය වේ.

c)

 A හා D සත්‍ය වේ.

d)

B හා D සත්‍ය වේ.

16.

ලෝක ආහාර සුරක්ෂිතතා දිනය කවදා ද?

a)

මාර්තු 09

b)

මැයි 14

c)

ජූනි 7

d)

ඔක්තෝබර් 3

17.

2022 FIFA ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිත රට කුමක්ද?

a)

කටාරය

b)

ඉරානය 

c)

පැනමා

d)

පැරිස් නුවර

18.

සෑම වසරකදීම ලෝක ආර්ථික සමුළුව (World Economic Forum) පවත්වනු ලබන්නේ කුමන නගරයකද?

a)

බාසෙල්

b)

ඩාවෝස්

c)

ලන්ඩන්

d)

වොෂින්ටන්

19.

ඉන්දියාවේ මුම්බායිහිදී පැවැත්වීමට නියමිතව තිබූ 2020 IPL තරඟාවලිය  COVID - 19 වසංගතය හේතුවෙන් පැවැත්වූයේ කුමන රටකද?

a)

එක්සත් අරාබි එමිර් රාජ්‍යය

b)

එංගලන්තය

c)

ඉන්දියාව

d)

කුවෙට්

20.

අම්ල වැසි නිර්මාණය වීමට හේතුවන වායූන් මොනවාද?

a)

සල්ෆර් ඔක්සයිඩ් හා නයිට්රජන් පෙරොක්සයිඩ්

b)

සල්ෆර් ඩයොක්සයිඩ් හා හයිඩ්රජන් ඔක්සයිඩ්

c)

සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්රජන් ඔක්සයිඩ්

d)

සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්රජන් පෙරොක්සයිඩ්

21.

කසුනිගේ වයසට අවුරුදු 11ක් එකතු කළ ඇය මධුරිට වඩා අවුරුදු 5ක් බාලය. මධුරිගේ වයස අවුරුදු 38ක් නම් කසුනිගේ වයස සොයන්න.

a)

   22

                  

b)

32

c)

24

d)

20

22.

සමන්, සමීර, සඳුන් හා ශාන්ත යන මිතුරන්ගේ වයස් වල සාමාන්‍ය අගය අවුරුදු 25 ක් විය. ඔවුන්ගේ වයසට සඳුනිගේ වයස එක් කළේ නම් ඔවුන්ගේ වයසේ සාමාන්‍ය අවුරුදු 27 ක් වනු ඇත. සඳුනිගේ වයස කීයද?

a)

  45

b)

25

c)

35

d)

30

23.

පාසලක සිටි පිරිමි හා ගැහැණු ගුරුවරුන්ගේ අනුපාතය 5:3 ක් විය. පිරිමි ගුරුවරුන්ගෙන්  35\frac{3}{5}    ක් හා ගැහැණු ගුරුවරුන්ගෙන් 26\frac{2}{6}   ක් උපාධිධාරීන් විය. සෙසු ගුරුවරුන් විද්‍යාපීඨ පුහුණුලාභීන් විය. පාසලේ විද්‍යාපීඨ ගුරුවරුන් හා උපාධිධාරී ගුරුවරුන් අතර අනුපාතය සොයන්න.

a)

2:2

b)

1:1

c)

  2:3

d)

   3:2

24.

A නගරයේ සිට B නගරයට ගමන් කිරීමට මාර්ග තුනක් ද, B නගරයේ සිට C නගරයට ගමන් කිරීමට මාර්ග 4ක් ද, C නගරයේ සිට D නගරයට ගමන් කිරීමට මාර්ග 5ක් ද විය. A නගරයේ සිටින X නැමති පුද්ගලයාට D නගරයට ගමන් කිරීමට විකල්ප මාර්ග කීයක් භාවිතා කළ හැකිද?

a)

  50

b)

40

c)

20

d)

  60

25.

හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,

a)

   25

b)

30

c)

  52

d)

55