wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Phronesis Mind_Inter School 2022-(2)

Total questions: 25

Worksheet time: 34mins

Name
Class
Date
1.

A - අතිච්ඡේදන සහිත පන්ති ප්‍රාන්තර ඇතුළත් සමුහිත සංඛ්‍යාත ව්‍යප්තියක පන්ති මායිම පන්ති සීමාවට සමාන වේ.

B - ධන සහ ඍණ  අගයන් ගන්නා විචල්‍යය ඉදිරිපත් කිරීමට සරල තීරු සටහන් යෝග්‍ය නොවේ.

C - ව්‍යප්තියක අගය එකතුවීමේ සීඝ්‍රතාව පිළිබඳ අදහසක් සංඛ්‍යාත බහු අස්‍රය මගින් ලබාගත හැකිය.

 

ඉහත ප්‍රකාශ අතරින් අසත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,

a)

  A සහ B පමණි.

b)

B සහ C පමණි.

c)

A සහ C පමණි.

d)

B පමණි.

2.

   ''..…………. පන්ති සහිත සමුහිත දත්ත සඳහා වඩාත් සුදුසු කේන්ද්‍රික ප්‍රවණතා මිනුම මධ්‍යස්ථය වේ". හිස්තැන සඳහා සුදුසු පිළිතුර වන්නේ,

a)

සමාන

b)

අසමාන

c)

ආවෘත

d)

විවෘත 

3.

එකකට පසුව එකක් යන ආකාරයට ඒකක ගැනීමේදී තෝරාගැනීමේ සම්භාවිතාව වෙනස් වන්නේ,

a)

ප්‍රතිස්ථාපනය රහිත නියැදීමක දී ය.

b)

ප්‍රතිස්ථාපනය සහිත නියැදීමක දී ය.

c)

  ඉහත අවස්ථා දෙකෙහි දීම.

d)

ඉහත අවස්ථා දෙකෙහි දීම නොවේ.

4.

මිනිසෙක් තව අවුරුදු 10 ක් ජීවත්වීමේ සම්භාවිතාව 1/51/5 වන අතර, ඔහුගේ බිරිඳ තව අවුරුදු 10ක් ජීවත්වීමේ සම්භාවිතාව 1/41/4 වේ. තව අවුරුදු 10කින් බිරිඳ පමණක් ජීවතුන් අතර සිටීමේ සම්භාවිතාව කුමක් ද?

a)

0.05

b)

   0.2

c)

0.4

d)

0.6

5.

කල්පිත පරීක්ෂාවක් පිලිබඳව පහත දැක්වෙන ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශය කුමක් ද?

a)

μμ යනු නොදන්නා විචලතාව σ2σ^2 සහිත ප්‍රමත ව්‍යාප්තියක මධ්‍යන්‍යය නම්            H0:μ=μ0H_0:μ=μ_0 යනු සරල කල්පිතයක් වේ.

b)

p අගය වෙසෙසියා මට්ටමට වඩා අඩුනම් අභිශුන්‍ය කල්පිතය ප්‍රතික්ෂේප කරනු ලැබේ.

c)

10% වෙසෙසිය මට්ටමක් සහිත පරීක්ෂාවක් 5% වෙසෙසියා මට්ටමක් සහිත පරීක්ෂාවකට වඩා හොඳ පරීක්ෂාවක් වේ.

d)

පිළිගැනුම් පෙදෙසෙහි තරම පරීක්ෂාවෙහි  බලය යනුවෙන් ද හැඳින්වේ.

6.

විකල්ප ව්‍යාපාර අවස්ථා අතුරෙන් ආයෝජකයෙකුට ආයෝජනයට සුදුසු ව්‍යාපාර අවස්ථාව තෝරාගත හැකි වන්නේ කුමන මිනුම් උපයෝගී කරගෙන ද?

a)

සාපේක්ෂ පිහිටීමේ මිනුම්

b)

කේන්ද්‍රික ප්‍රවණතා මිනුම්

c)

සාපේක්ෂ අපකිරණ මිනුම්

d)

ඉහත කිසිවක් නොවේ

7.

කාණ්ඩය තුළ අඩු විචලනයක් ඇති විට සහ වෙනස් වෙනස් කාණ්ඩයන් අතර වැඩි විචලනයක් ඇති විට යොදාගත යුතු නියැදුම් ක්‍රමය වන්නේ,

a)

කොටස් නියැදීම

b)

ස්තෘත නියැදීම

c)

පොකුරු නියැදීම

d)

ක්‍රමවත් නියැදීම

8.

X සහ Y හි එක් එක්  අගයන්ගෙන් C නම් වූ නියතයක් අඩු කළ විට ප්‍රතිපායන සංගුණකය

a)

C වලින් අඩු වේ.

b)

මුල් ප්‍රතිපයාන සංගුණකයෙන්  1/C1/C ක ප්‍රමාණයක් වේ.

c)

C වලින් වැඩි වේ.

d)

වෙනස් නොවේ.

9.

පරායත්ත විචල්‍යයෙහි විචලනයෙන් 81% ක් ප්‍රතිපායන රේඛාවෙන් පැහැදිලි කරන්නේ නම් සහසම්බන්ධතා සංගුණකයෙහි අගය වන්නේ,

a)

±0.81\pm0.81

b)

±0.41\pm0.41

c)

±0.9\pm0.9

d)

±0.65\pm0.65

10.

චල මධ්‍යක පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශවලින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ ඇතුළත් පිළිතුර තෝරන්න.

A - මුල් දත්තවල නොපවතින චලන, චල මධ්‍යකවලින් ජනනය විය හැකිය.

B - චල මධ්‍යක කෙරෙහි අන්ත අගයයන්ගේ දැඩි බලපෑමක් පැවතිය හැකිය.

C- උපනති චලන ඉවත් කිරීම සඳහා චල මධ්‍යක භාවිත කරනු ලැබේ.

a)

A පමණි.

b)

A  සහ B පමණි.

c)

A සහ C පමණි.

d)

B සහ C පමණි.

11.

කිසියම් ආයතනය දෛනික සාමාන්‍ය විකුණුම් ප්‍රමාණය 31.4 සහ මධ්‍යස්ථ විකුණුම් ප්‍රමාණය 28 කි. එම ආයතනයේ දෛනික විකුණුම්වල මාතය ගණනය කළ විට 22.9 ක් ලැබුණි. මෙම ආයතනයේ දෛනික විකුණුම් ප්‍රමාණයට අදාල ව්‍යාප්තියේ කුටිකතාව සම්බන්ධව නිවැරදි ප්‍රකාශය වන්නේ,

a)

ව්‍යාප්තිය  ධන කුටිකව ව්‍යාප්ත වී ඇත.

b)

ව්‍යාප්තිය ඍණ කුටිකව ව්‍යාප්ත වී ඇත.

c)

ව්‍යාප්තිය සමමිතිකව ව්‍යාප්ත වී ඇත.

d)

කුටිකතාව සම්බන්ධව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තොරතුරු නොමැත.

12.

පහත දැක්වෙන ප්‍රකාශ අතරින් සත්‍ය ප්‍රකාශය/ප්‍රකාශ වන්නේ,

 

A- සසම්භාවී පරීක්ෂණ මගින් ලැබිය හැකි ප්‍රතිඵලය පරීක්ෂණය සිදුකිරීමට ප්‍රථම නිශ්චිතවම කිව නොහැකිය.

B- නිර්ණායන පරීක්ෂණ සඳහා සම්භාවිතාව පදනම් වේ.

C- සසම්භාවී පරීක්ෂණ සඳහා ලැබෙන්නේ එකම ප්‍රතිඵලයකි.

a)

A සහ C පමණි. 

b)

C  සහ B පමණි.

c)

C පමණි.

d)

A පමණි.

13.

A සහ B  යනු P(A)=0.25 සහ P(B)=0.4වන පරිදි වූ ස්වායත්ත සිද්දි  දෙකක් වේ. මෙහි  P(AB)\ P\left(A'\cap B'\right) සඳහා ලැබෙන සම්භාවිතා අගය වන්නේ,

a)

0.15

b)

0.3

c)

0.45

d)

0.6

14.

ද්විපද ව්‍යාප්තිය සඳහා ගැලපෙන ආකෘතියක් සපයන්නේ පහත දැක්වෙන කුමන විචල්‍යය ද?

a)

දෙන ලද ගමක පවුල්වල ගැහැණු ළමයින් සංඛ්‍යාව

b)

පළමු සිරස ලැබෙන තුරු කාසියක් උඩ විසිකිරීමේ දී අවශ්‍ය උඩ විසිකිරීම් සංඛ්‍යාව

c)

විශාල නගරයක වර්ෂයකදී සියදිවි හානිකර ගැනීම නිසා සිදුවන මරණ සංඛ්‍යාව

d)

දාදු කැට තුනක් සමගාමිව උඩ දැමීමේ දී ලැබෙන හයේ අගයයන්  සංඛ්‍යාව

15.

කල්පිතයක් පරීක්ෂා කිරීම  සඳහා පර්යේෂකයකු පරීක්ෂණයක් කරන්නේ යයි සිතන්න. ඔහු නියැදි තරම දෙගුණ කරන්නේ නම්, පහත දැක්වෙන කුමන දෑ වැඩි වේ ද? 

A - පරීක්ෂාවෙහි වෙසෙසියා මට්ටම

B -පරීක්ෂාවෙහි බලය

C - දෙවන ප්‍රරූප දෝෂය වීමේ සම්භාවිතාව

a)

A පමණි.

b)

B පමණි.

c)

C පමණි.

d)

A සහ C පමණි.

16.

යම් වර්ෂයක මැයි 2 දා බදාදා දිනයකි. එම වර්ෂයේ එම මාසයේම අවසාන බදාදා දිනය කුමක් ?

a)

30 වනදා

b)

29 වනදා

c)

31 වනදා

d)

28 වනදා

17.

මෙම රූපයේ ත්‍රිකෝණ කීයක් තිබේ ද?

a)

16

b)

12

c)

14

d)

10

18.

පාසලේ සීනුව සෑම මිනිත්තු 35කට වරක් නාද වේ. සීනුව දැන් වේලාවට විනාඩි 10 ට පෙර නාද වූ අතර ඊළගට සීනුව නාද වන්නේ පෙ.ව 10 ට නම් දැන් වේලාව කීයද?

a)

පෙ.ව. 9.55

b)

පෙ.ව. 9.40

c)

පෙ.ව. 9.50

d)

පෙ.ව. 9.45

19.

මෙම රූපයේ  සමචතුරස්‍ර කීයක් තිබේ ද?

a)

6

b)

9

c)

11

d)

10

20.

පහත දැක්වෙන සංඛ්‍යා රටාවේ හිස්තැන සඳහා සුදුසු අගය වන්නේ,

13, 31, 26, ......, 57, 75

a)

44

b)

62

c)

46

d)

48

21.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ආරම්භ කරන ලද්දේ කුමන වර්ෂයේ ද?

a)

  1930

b)

1934

c)

1938

d)

1950

22.

" Ring of Fire" පිහිටා ඇත්තේ කුමන සාගරයේ ?

a)

අත්ලාන්තික් සාගරයේ

b)

ආර්ක්ටික් සාගරයේ

c)

පැසිෆික් සාගරයේ

d)

ඉන්දියන් සාගරයේ 

23.

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම චන්ද්‍රයා වන්නේ,

a)

Titan

b)

Callisto

c)

Ganymede

d)

Triton

24.

ජර්මානු අධිරාජ්‍යයේ නිර්මාතෘ සහ පළමු චාන්සලර් වූ මොහු හඳුනාගන්න.

a)

ඔටෝ-වොන් බිස්මාර්ක්

b)

දෙවන විලියම් අධිරාජ්‍යයා

c)

  විලී බ්‍රෑන්ඩ්ට්

d)

ජෝර්ජ් ෆ්‍රෙඩ්රිච්

25.

  නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ යානයක් නැවත භාවිතා කළ පළමු මෙහෙයුම වන්නේ,

a)

Shuttle-Mir Programme

b)

Space Shuttle Programme

c)

Apollo-Soyuz

d)

Commercial crew Programme