NEW
Font size
Worksheets10 ශ්‍රේණිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණය
Total questions: 10
Worksheet time: 20mins
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඔබගේ අධ්‍යාපනයට උදවු වන ආකාරයක් නොවන්නේ,
පුස්තකාලයට ගොස් පොත් රාක්කයකින් තෝරාගත් පොත් කියවීම.
ඕනෑම තැනක දී ඕනෑම වෙලාවක දී අධ්‍යාපනය ලැබීමේ පහසුව.
සැමට ම මාර්ගගත දුරස්ථ අධ්‍යාපනය ඔස්සේ උසස් අධ්‍යාපනයට ලඟාවීමේ අවස්ථාව සලසා දීම.
ගුරුවරයාට ඉගැන්වුම් ආධාරකයක් වීම.
පන්ති කාමරයේ දී පරිගණකය සහ අන්තර්ජාල පහසුකම් විවිධාකාරයෙන් අධ්‍යාපනය සඳහා යොදා ගන්නා අවස්ථාවක් නොවන්නේ,
පරිගණක සමර්පන (presentation) භාවිතය.
පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන.
පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීම.
අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම.
පහසු වෙලාවක පහසු ස්ථානයක සිට අධ්‍යාපනය ලැබීමට උදව් වන අවස්ථාවක් නොවන්නේ,
www.schoolnet.lk
www.doenets.gov.lk
www.nenasala.lk
www.vidumanpetha.com
ගුරුවරයාට පාසලේ දී ඉගැන්වීම් ආධාරකයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා අවස්ථාවක් නොවන්නේ,
විස්තර කර දීමට අපහසු පාඩම් සඳහා රූප සටහන්, සජීවීකරණ සහ වීඩියෝ දර්ශන පෙන්වීම.
ඉලෙක්ට්‍රොනික් සමර්පන යොදා ගනිමින් විෂයට ආකර්ෂණයක් ඇති කිරීම.
අන්තර්ජාලය මගින් විෂයන්ට අදාළ තොරුතුරු ලබා ගැනීම.
පරිගණක ක්‍රීඩා කරන අයුරු පෙන්වීම.
ගුරුවරයාට පාසලේ දී ඉගැන්වීම් ආධාරකයක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදා ගන්නා අවස්ථාවක් වන්නේ,
පරිගණකය යොදා ගනිමින් පාඩම් සටහන් සකස් කිරීම.
සඟරා, ලිපි, ලේඛන සකස් කිරීම සහ මුද්‍රණය කිරීම.
සීඩී රොම් මාධ්‍යයෙන් තොරතුරු අධ්‍යයනය.
අංකිත පුස්තකාල සම්බන්ධතාව.
දුරස්ථ අධ්‍යානයේ ගති ලක්ෂණයක් නොවන්නේ,
නම්‍යශීලී කාල රාමුවක් තුළ පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව.
මාර්ගගත පැවරුම් සහ ප්‍රශ්නාවලි.
උපදේශන සේවා පහසුකම් ලබා ගැනීමට ඇති හැකියාව.
සීඩී රොම් මාධ්‍ය යෙන් තොරුතුරු අධ්‍යයනය.
ඉගෙනුම් කළමනාකරණ පද්ධතියකින් ශිෂ්‍යයාට ඇති වාසියක් නොවන්නේ,
පහසු ස්ථානයක පහසුවෙලාවක ඉගෙනුම් ඒකක හා සම්බන්ධ වීමේ හැකියාව.
පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීම.
පාසල් පැවරුම් නිවසේදී නිම කර එසැනින් උඩුගත (upload) කිරීමේ හැකියාව.
විඩියෝ දර්ශන මගින් විෂය සමාගාමී ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීමේ හැකියාව.
ඉගෙනුම් කළමනාකරණ පද්ධතියකින් පාසල් කළමනාකාරිත්වයට ඇති වාසියක් නොවන්නේ,
වීඩියෝ දර්ශන මගින් විෂය සමගාමී ක්‍රියාකාරකම් හා සම්බන්ධ විමේ හැකියාව.
පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීම.
ශිෂ්‍ය, ගුරු තොරතුරු කළමනාකරණය සහ යාවත්කාලීන කිරීමේ හැකියාව.
ඉ-තැපෑල මගින් දෙමවුපියන්, පාසල් සංවර්ධන සමිතිය සහ පාසල් ප්‍රජාවට අවශ්‍ය තොරතුරු යැවීම.
. Web Based Training හා Web Based Learning තුළින් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට ඔබට ඇති වාසියක් නොවන්නේ,
ගමනා ගමන අපහසුව අවම වීම.
කාලය ඉතිරි වීම.
විශාල මුදලක් වැය වීම.
විඩාව අවම වීම.
ඉගෙනුම් කළමනාකරණ පද්ධති මගින් ගුරුවරුන්ට ලබා දෙන සේවාවක් නොවන්නේ,
ප්‍රශ්නෝත්තර
පැවරුම්
ඇගයීම්
පරිපාලනය
